හෘද රෝග දියවැඩියාව කොලෙස්ටරෝල් සුව කරන කොත්තමල්ලි

health tips

සූදුරු, මාදුරු වැනි කුළුබඩු අතර එක පෙළට ඇති තවත් එක් කුළුබඩුවක් ලෙස කොත්තමල්ලි හඳුනාගත හැකිය. එනම් කොත්තමල්ලි යනු ඈත අතීතයේ පටන් භාවිතා කළ ඖෂධීය කුළු බඩුවකි. එනම් කොත්තමල්ලිවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.කොත්තමල්ලි වල ඉතිහාසය  බුද්ධ වර්ශ 50 ක් පමණ ඈතට දිවයයි. එමෙන්ම ඊජිප්තුව හා මැදපෙරදිග රටවල් වල මුල් කාලීනව කොත්තමල්ලි භාවිතය පිළිබඳව සඳහන්වේ.

එනම් කොත්තමල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ බොහෝ රෝග සුව කර ගත හැකිය.ඊට හේතුව කොත්තමල්ලි වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි ඒ අතර. විටමින් ඒ ,බී,සී,තන්තු,   කැල්සියම්, යකඩ,මැග්නීසියම්, මැංගනීස් ලිනෝලෙයික් අම්ලය, පාමටික් අම්ලය හා ඔලෙයික් අම්ලය යන පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් කොත්තමල්ලිවල අඩංගුවේ.බොහෝ දෙනකු කොත්තමල්ලි කබලේ බැද කුඩුකර පානයක් ලෙස සකස් කර භාවිතා කරයි. එනම් ඉන් බොහෝමයක් ලෙඩ රෝග සුව කර ගත හැකිය. ඊට අමතරව කොත්තමල්ලි තුනපහ සකස් කිරීමේදීද යොදා ගනී. එනම් ආහාර පිසින විට තුනපහ භාවිතා කිරීම මගින් ද එම වාසි අත්කර ගත හැකිය.ඊට අමතරව ආයුර්වේදය තුළ කොත්තමල්ලි ශාකය හා ඇට කොළ ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී.

කොත්තමල්ලි වල ඖෂධීය ගුණ

මුඛය ආශ්‍රිත ඇති රෝගයන් සුවපත් කරයි-ශරීරයේ පවතින අධික උෂ්ණත්වය හෝ ගනු ලබන ආහාර හා වෙනත් රෝග මත මුඛය ආශ්‍රිත විවිධ රෝග සංකූලතා ඇති විය හැකිය. එනම් මුඛය තුළ තුවාල හට ගැනීම ,තොල් පැලීම ,කට ගඳ ගැසීම ආදී රෝග තත්ත්වයන් සුව කර ගැනීම සඳහා කොත්තමල්ලි යනු ගුණදායක ඖෂධයකි. එනම් එවැනි රෝග තත්ත්වයක් ඇති වූ විටක කොත්තමල්ලි කොළ කොටා එහි යුෂ ගෙන මුඛය සෝදා හැරීම මගින් එම රෝග සුවකර ගත හැකිය.

පිළිකා ඇතිවීම වලක්වයි.වයස් භේදයකින් තොරව බෝ නොවන රෝග අතර බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික රෝගයක් ලෙස පිළිකා රෝගය හඳුනාගත හැකිය. එනම් පිළිකා ඇතිවීමට ප්‍රබලව හේතුකාරක වනුයේ අප ගනු ලබන ආහාර රටාව හා ජීවන රටාවයි. එනම් කොත්තමල්ලි වල අඩංගු විටමින් ඒ,බී,සී වැනි ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව පාලනය කිරීම සඳහා කොත්තමල්ලි යනු ගුණදායක ඖෂධයකි. එනම් කොත්තමල්ලි කබලේ බැද කුඩුකර පානයක් ලෙස භාවිතා කිරීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කරගත හැකිය. එනම් කොත්තමල්ලි වල අඩංගු තන්තු මගින් සීනි ශරීරයට අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරයි. ඊට අමතරව කොත්තමල්ලි කොළ සලාදයක් ලෙස සකස් කර භාවිතා කිරීමද දියවැඩියා රෝගීන්ට ගුණදායකය. නමුදු දියවැඩියාව සඳහා වෙනත් ඖෂධ භාවිතා කරන්නේ නම් කොත්තමල්ලි භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. ඊට අමතරව රුධිරගත සීනි මට්ටම නිතර නිතර පරීක්ෂා කර බැලිය යුතුය. එසේ නොකර කොත්තමල්ලි භාවිතා කරන්නේ නම් රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය.

ශරීරගත කොලෙස්ට්‍රෝල්  පාලනය කරයි.බොහෝ දෙනෙකුට පවතින ශරීරගත අහිතකර කොලෙස්ට්‍රොල් පාලනය කිරිම සඳහා කොත්තමල්ලි යනු ගුණදායක ඖෂධයකි. එනම් කොත්තමල්ලි පානය භාවිතා කිරීම මගින් එහි අඩංගු පෝෂණීය ගුණය  ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර හිතකර කොලෙස්ටරෝල් වර්ධනය කිරීම සිදුකරයි.

රක්තහීනතාවය සමනය කරයි.රක්තහීනතාවය යනු රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඇතිවන රෝග තත්ත්වයකි. එනම් මෙම රෝගය ඇතිවීමට හේතු වන්නේ ශරීරයේ අඩංගු යකඩ ප්‍රමාණය අවම වීම හේතුකොටගෙනය. එනම් කොත්තමල්ලි යනු යකඩ බොහෝ ප්‍රමාණයක් අඩංගු ඖෂධයකි. මේ නිසා කොත්තමල්ලි පානයක් ලෙස සකස් කර නිතිපතා භාවිතා කරන්නේ නම් රක්ත හීනතාවය සමනය කරගත හැකිය.

හෘද රෝග ඇති වීම වළක්වනු ලබයි.බොහෝ දෙනෙකුට පවතින හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට ඖෂධයක් ලෙස කොත්තමල්ලි පානය භාවිතා කළ හැකිය. එනම් කොත්තමල්ලි වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර අධි රුධිර පීඩන තත්වයන් ඇතිවීම වළක්වා ක්‍රමවත්ව රුධිරය හෘදය ට සැපයීම සිදුකරයි. මේ නිසා හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමට කොත්තමල්ලි පානය භාවිතා කිරීම ගුණදායකය.

උදරය ආශ්‍රිත රෝග සමනය කරයි.හදිසි අවස්ථාවක හට ගැනෙන උදරය ආශ්‍රිත රෝග එනම් බඩපිපුම,ආහාර අරුචිය, ආහාර ජීරණය නොවීම වැනි ආමාශගත රෝග සමනය කිරීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස කොත්තමල්ලි හැඳින්විය හැකිය. මේ සඳහා කොත්තමල්ලි කොළ සලාදයක් ලෙස සකසා ආහාරයට ගැනීම හෝ කොත්තමල්ලි කබලේ බැද කුඩුකර උණුසුම් වතුර වීදුරුවකට දමා පානයක් ලෙස භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ.

  • මුත්‍ර රෝග සමනය කිරීමට
  • ඔසප් වේදනාවන් සමනය කිරීමට
  • රුධිර පීඩනය පාලනය කිරීමට
  • රක්තවාතයට
  • ඉදිමුම් වේදනාවන් සමනයට
  • අක්ෂි රෝගයන්ට.
  • ශරීරය සිසිල් කර ගැනීමට
  • ශරීරයේ විෂ ඉවත් කර ගැනීමට.
  • කැරකැවිල්ල හා සිහිමුර්ජා ගතියට
  • නිතර අමතක වීමට.
  • හෘද රෝග ඇතිවීම පාලනය කිරීමට
  • ආතරයිටිස් රෝගයට මේ ආදී බොහෝ රෝගයන්ට කොත්තමල්ලි පානය ,කොළ සලාදය සකස් කර භාවිතා කළ හැකිය.