කාන්තාවන් යනු තම සුන්දරත්වය පිළිබඳ බොහෝ සෙයින් සිතන පිරිසක් වේ. කාන්තාවන්ට සුන්දරත්වය ඉතා වටිනා දෙයකි. ඔවුන්ට තම සුන්දරත්වය පවත්වා ගැනීමේදී නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. සම පිළිබඳ ගැටලු , පාද ආශ්‍රිතව ඇතිවන ගැටලු , හිසකෙස් ආශ්‍රිතව ඇතිවන ගැටලු යනාදී වශයෙන් විවිධ ගැටලු ඇති වේ. මේවා අතුරින් කාන්තාවන් බෝහෝමයක් පීඩාවට ලක්වන පාද ආශ්‍රිතව ඇතිවන ගැටලුකාරී තත්වයක් ලෙස යටිපතුල් පැලීම හදුනා ගත හැකිය. වයස් භේදයකින් තොරව කාන්තාවන් මෙම ගැටලුවට මුහුණ දෙනු ලබයි. ඔවුන්ට මෙය කායිකව මෙන්ම මානසිකව ද පීඩා ගෙන දෙනු ලබයි. පාදවල ඇතිවන වියළි ස්වභාවය මේ සදහා බලපානු ලැබේ. පිරිමි පුද්ගලයන් තුළ ද මෙම තත්වය ඇති වේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම මෙම තත්වය ඇති වූ විට ඒ පිළිබඳ සැළකිලිමත් වී ප්‍රතිකාර ගැනීම කළ යුතුය. එසේ නොකළහොත් වඩාත් වේදනා ගෙන දෙන තත්වයක් දක්වා යටිපතුල් පැලීම සිදු වේ. පාද ආශ්‍රිතව ඇතිවන මෙම තත්වය සදහා නොයෙකුත් හේතූ බලපානු ලැබේ.
යටිපතුල් පැලීම සදහා බලපාන හේතූ

1. ශරීරයේ පවතින උෂ්ණාධිකබව.
2. එකම ඉරියව්වකින් දිගු වේලාවක් සිටීම.
3. විටමින් ,ඛනිජ ලවණ ,සින්ක් යනාදී වශයෙන් විවිධ පෝෂ්‍ය පදාර්ථයන්හි ඌනතාවයක් පැවතීම.
4. දෙපාවල පිරිසිදු බවක් නොමැතිවීම.
5. ශරීරයේ අධික බරක් පැවතීම.
6. දියවැඩියාව ,තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝග යනාදී විවිධ රෝගී තත්වයන් පැවතීම.
යටිපතුල් පැලීම වළක්වා ගැනීම සදහා අපට අනුගමනය කළ හැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් කිහිපයක්ම පවතී.
1. නිතරම දෙපාවල පිරිසිදු බව පවත්වා ගැනීම.
2. තද ඝනකම් සම ඉවත් කිරීම සදහා පියුමික් ස්ටෝන් යොදා ගැනීම. මේ සදහා පිහිතල හෝ රේසර් භාවිත නොකිරීම ද වඩා වැදගත් වේ.
3. සුදුසු ෆුට් ක්‍රැක් ක්‍රීම් එකක් තෝරාගෙන එය නියමාකාරයෙන් භාවිත කිරීම.
4. දෙපාවල තෙතමනය පවත්වා ගැනීම සදහා අවම වශයෙන් දිනකට දෙවතාවක් හෝ මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කිරීම අවශ්‍ය වේ.
යටිපතුල් පැලීම වළක්වන ස්වාභාවික සත්කාර
කහ සහ පොල්තෙල් සත්කාරය සම මත හටගන්නා බෝහෝමයක් රෝග සුවපත් කරන බහුලව භාවිත කරන විෂ බීජ නාශකයක් ලෙස කහ හදුනා ගත හැකිය. යටිපතුල් පැලීම සමනය කිරීම සදහා කහකුඩු ස්වල්පයකට පොල්තෙල් බිංදු කිහිපයක් එක් කර හොඳින් මිශ්‍ර කර ඝනකම් ආලේපයක් සකස් කරගෙන යටිපතුල් පැලී ඇති ස්ථානයන්හි හොඳින් ආලේප කර මිනිත්තු විස්සක් පමණ තබා සෝදා හරින්න. මෙය අපට යටිපතුල් පැලීම සදහා නිවසේදී අනුගමනය කළ හැකි ඉතා පහසු ස්වාභාවික සත්කාරයක් වේ.

ඉදුණු කෙසෙල් ගෙඩි සහ ලෙමන් යුෂ සත්කාරය අප බහුලව ආහාරයට ගනු ලබන කෙසෙල් ගෙඩි යටිපතුල් පැලීම සුවපත් කර ගැනීම සදහා ද භාවිත කළ හැකි පළතුරක් වේ. ඉදුණු කෙසෙල් ගෙඩි අවශ්‍ය ප්‍රමාණයට ගෙන එයට ලෙමන් යුෂ මිශ්‍ර කර හොඳින් පොඩිකර ආලේපයක් සකස් කර ගන්න. එම ආලේපය යටිපතුල්වල ආලේප කර මිනිත්තු දහයක් පමණ තබා පසු ව සෝදා හරින්න. මෙය වඩාත් ඉක්මනින් යටිපතුල් පැලීම සුවපත් කර ගැනීම සදහා භාවිත කළ හැකි සත්කාරයක් වේ.
කිරි සත්කාරය මෙය යටිපතුල් පැලීම සදහා භාවිත කළ හැකි ස්වාභාවික සත්කාරයක් වේ. මද උණුසුම් ජලයට කිරි කෝප්පයක් එක් කර එයට දෙපා දමා ගෙන මිනිත්තු විස්සක් පමණ සිටිය යුතුය. එමගින් වියළි දෙපාවල තෙතමනය රදවා ගනී. පසුව පොල්තෙල් ස්වල්පයක් ගෙන එයට සීනි මිශ්‍ර කර මිනිත්තු දහයක් පමණ දෙපා හොඳින් සම්බාහනය කළ යුතුය. පසුව මද උණුසුම් ජලයෙන් පාද සෝදා හැරිය යුතුය . එමගින් මැරුණ සෛල ඉවත් කරන අතර කිරිවල අන්තර්ගත ලැක්ටික් අම්ලය මගින් නව සෛල වර්ධනය වීම සදහා ද උපකාරී වේ.
රෝස වතුර සහ ග්ලිසරීන් සත්කාරය මෙහිදී රෝස වතුර සහ ග්ලිසරීන් සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන මිශ්‍ර කර රාත්‍රි නින්දට පෙර යටිපතුල්වල ආලේප කිරීම මගින් යටිපතුල් පැලීම සමනය කර ගැනීමට හැකියාව ලැබේ. රෝස වතුරවල අඩංගු විටමින් A ,B3, C,D,E විෂ බීජ විනාශ කර යටිපතුල් සුවපත් කරයි. ග්ලිසරීන් සම මෘදු කිරීම සදහා උපකාරී වේ. මේ අනූව රෝස වතුර සහ ග්ලිසරීන් යටිපතුල් පැලීම සුවපත් කරන වටිනා ඖෂධයක් වේ.
ඔලිව් තෙල් සත්කාරය ඔලිව් තෙල් සම සම්බන්ධ ගැටලු මෙන්ම හිසකෙස් සම්බන්ධ ගැටලු සදහා ද වටිනා ඖෂධයක් වේ. ඔලිව් තෙල්වල බෝහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ. එනිසා ඔලිව් තෙල් භාවිතයෙන් අපට යටිපතුල් පැලීම බොහෝ ද්‍රරට සමනය කර ගනිමින් එමගින් ඇති වන වේදනාවන් ද සමනය කර ගත හැකිය. මේ සදහා නිදා ගැනීමට පෙර ඔලිව් තෙල් දෙපා තුළ ගිල්වා හොඳින් සම්බාහනය කර මේස් පැළදීම සිදු කළ යුතුය. පුළුන්වලින් සකසන ලද මේස් පැළදීම මේ සදහා වඩාත් සුදුසු වේ.
රාබු සත්කාරය රාබු බෝහෝමයක් දෙනෙකු ප්‍රිය නොකරන ආහාරයක් වුවද වඩාත් ගුණදායක ආහාරයක් වේ. රාබු අල යටිපතුල් පැලීම සුවපත් කර ගැනීම සදහා ස්වාභාවික සත්කාරයක් ලෙස අපට භාවිත කළ හැකිය. රාබු අලයක් ගෙන හොඳින් පිරිසිදු කර පොතු ඉවත් කර කුඩා කැබලි වලට කපා හොඳින් තම්බාගන්න. පසුව එම තම්බා ගත් රාබු හොඳින් පොඩිකර දෙපතුල් මත තවරා පැයක පමණ කාලයක් තබන්න. පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. රාබු සත්කාරය මගින් අපට යටිපතුල් පැලීම වළක්වා සහනයක් ගෙන දෙනු ලබයි.
ලෙමන් සත්කාරය දිනපතා ඉතා පහසුවෙන් සිදු කළ හැකි ස්වාභාවික සත්කාරයක් ලෙස මෙය හදුනා ගත හැකිය. මේ සදහා ලෙමන් ගෙඩියක් ගෙන සමානව කොටස් දෙකකට කපා යුෂ මිරිකා හැර ලෙල්ල ගෙන විලුඹ මත තබා මේස් එකක් පැළදීම වඩාත් උචිත වේ. මෙම සත්කාරය දිනපතා සිදු කිරීමෙන් යටිපතුල් පැලීම වළක්වා ගත හැකිය.
මෙම ස්වාභාවික සත්කාරයන් මගින් අපට දෙපතුල් පැලීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
අප මූහුණේ සුන්දරත්වය පවත්වා ගැනීම පිළිබඳ යම්තාක් සිතන්නේද එමෙන් අපේ දෙපා වල සුන්දරත්වය පවත්වා ගැනීම පිළිබඳවද අවධානය යොමු කිරීම වටී. ලස්සන දෙපාදයන්හි හිමිකාරීයක් හිමිකාරයෙක් වීම ඔබේ සුන්දරත්වය තව තවත් ඔප්නැංවීමට හේතූ වේ.