ශරීර උෂ්ණත්වය හොඳින් යාමනය කරන්නට වගේම අපේ ශරීරයේ අවයවවලට අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත්ව ලබා දෙන්නටත් අපේ ශරීරය නිරන්තරව සජලව තියාගන්නට අවශ්‍ය වෙනවා . නමුත් උෂ්ණාධික පරිසර තත්ත්වයන්, අපි ලබා ගන්නා විවිධ ආහාර පාන ආදී හේතු නිසාවෙන් අපේ ශරීරයේ උෂ්ණාධික බව ඉහළ යන්නට පුළුවන්. අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ දාහය වැඩි වුණාම විවිධ ලෙඩ රෝග ඇතිවෙන බව. විශේෂයෙන්ම සම අධික ලෙස වියළීයාම හෝ වෙනත් ආසාදන, ගර්භාෂයේ උෂ්ණත්වය වැඩිවීම නිසා දරුඵල අහිමි වීම ගැටළු ඒ අතරින් මූලික වෙනවා .
අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මූලිකවම අපේ අක්මාවට, හෘදයට මොළයට වගේම වකුගඩුවලටත් ඉතාම අහිතකර ලෙස බලපෑම් ඇති වෙනවා.ඒ නිසා අපේ ශරීරයේ ඇති වියළි බව නැති කර මේ අවයවවලට හිතකර ලෙස බලපෑම් කරන්නට සමත් අපූරු පානයක් තමයි පිපිඤ්ඤා වතුර.
ලාංකීය අපිට එතරම් නුහුරු නුපුරුදු වුණත් අපේ ශරීරයේ විෂ හරණය කරගන්නට අවශ්‍ය කරන ඩිටොක්ස් පානයක් විදිහටත් මෙය සැලකෙනවා. ඉන්දියාවේ කීර පානි ලෙස හඳුන්වන මේ පිපිඤ්ඤා වතුර පානය ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් තරග අතරවාරයේ දී පවා අධික පිපාසය කුසගින්න නැති කර ගන්නටත් පානය කරනවා. ඉතින් ඒ නිසා අපි අද කතා කරමු මේ පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් අපේ ශරීරයට ලබා ගන්නට හැකි ප්‍රතිලාභ මොනවාදද කියන කාරණාව පිළිබඳ.

කැලරි අඩු පානයක් නිසා ශරීරයට ඉතාම හිතකරයි.දවස පුරාවට ඔබ ලබාගන්නා නොයෙකුත් ශක්තිජනක පානයන් පැණිබීම ආදියේ අධික ලෙස කැලරි අඩංගු වෙනවා. ඒ නිසා එය ශරීර බර ඉහළ නැංවීමට සහ විවිධ බෝ නොවන රෝග තත්ත්වයන් ඇති කරන්නටත් මූලික හේතුවක් වෙනවා. නමුත් සාමාන්‍ය ප්‍රමාණයක පිපිඤ්ඤා ගෙඩියකම අඩංගු වෙන්නේ කැලරි 45 ක් වගේ කුඩා ප්‍රමාණයක්. මේ නිසා පිපිඤ්ඤා පෙති කිහිපයක් ජලයට එකතු කර සාදා ගන්නා පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ශරීරයට හිතකර ප්‍රබෝධමත් බවක් අපහසුවක් නැතිවම ලබා ගන්න පුළුවන්.
සම පැහැපත් කර නිරෝගී කරනවා.පිපිඤ්ඤාවල අඩංගු සිලිකාවලට අමතරව අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක අපේ සම දීප්තිමත් සහ නිරෝගිව තියා ගන්නට උපකාරී වෙනවා. ඒ වගේම සමේ ඇති කුරුලෑ ලප කැලැල් ශීතල ජලයෙන් පොඟවා ගත් පිපිඤ්ඤා ඇතිල්ලීමෙන් ඒ ආසාදන තත්ත්වයන් වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම පිපිඤ්ඤා වතුරෙන් දිනපතා මුහුණ සේදීම මඟින් ඔබේ මුහුණේ ලප කැළැල් දුරු වෙලා ආසාදන නැති කර සමට දීප්තිමත් බවක් එකතු කරනවා.
මාංශ පේශී නීරෝගීව පවත්වා ගන්නට උදව් කරනවා.පිපිඤ්ඤාවල අඩංගු වෙන සිලිකා මගින් අපේ ශරීරයේ ඇති සම්බන්ධක පටක නිරෝගී කරනු ලබනවා. දිනපතා පිපිඤ්ඤා වතුර පානයට ගත්තොත් වඩාත් හොඳින් මාංශ පටක නිරෝගී බවට පත්වෙනවා. මෙමගින් මාංශ පේශීවලට අවශ්‍ය ඛනිජ ඉතාමත් පහසුවෙන් ලබාගන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔබ ව්‍යායාම් කරන අතරේදී මෙය පානයට ගත්තොත් එයින් ශරීරයට වඩාත් හොඳ ප්‍රතිලාභ ලබාගන්නත් පුළුවන්. මොකද එයින් පිපාසයත් බඩගින්නත් දුරු වෙනවා. අමතර ශක්තියකුත් දේහයට ලැබෙනවා.
ශරීරයේ විෂ ඉවත් කරනවා.ශරීරයේ සියලුම පද්ධතිවල ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ලෝකය පුරාම ප්‍රචලිත වෙච්ච ඩිටොක්ස් පානයක් ලෙස මේ පිපිඤ්ඤා පානය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසා දෛනිකව ශරීරය තුළ එකතු වෙන විෂ නිසි පරිදි ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පිපිඤ්ඤා සතු වෙනවා. ඒ නිසා දිනපතාම පිපිඤ්ඤා වතුර පානය කළොත් ඔබේ ශරීරයේ ඇති අහිතකර විෂ රසායන ඉතා පහසුවෙන් ඉවත්කර කරගන්නට හැකියාව ලැබෙනවා.
දේහයට අමතර ශක්තියක් ලබාදෙනවා.සීනි, කැෆෙන් අන්තර්ගත කැලරි බහුල ශක්තිජනක බීම පානයට ලබා ගන්නවාට වඩාත් ශරීරයට හිතකර පානයක් විදිහට පිපිඤ්ඤා වතුර හඳුන්වා දෙන්නට පුළුවන්. කෘතිම පාන වර්ග භාවිතයෙන් ලැබෙන තාවකාලික ප්‍රබෝධමත් බව වෙනුවට ස්වභාවිකව ශරීරයට අමතර ශක්තියක් ලබා ගන්නට මේ පිපිඤ්ඤා වතුර උදව් වෙනවා. මෙමගින් ශරීරයේ විෂහරණය කරන නිසා නිතර ඇතිවන තෙහෙට්ටුව නැතිවෙලා සැහැල්ලුවක් ලබා දෙනවා.
ශරීරය සජලව පවත්වා ගැනීමට උදව් වෙනවා. පිපිඤ්ඤා ගෙඩියක 96 % ක ප්‍රමාණයක් අඩංගු වෙන්නේ ජලය. ඒ නිසා අපේ ශරීරයේ දාහය නැති කරලා ශරීරයේ සජලව තියාගන්නට පිපිඤ්ඤා වතුර ඉතාම යෝග්‍යයයි. උෂ්ණාධික දිනවලදී ශරීරයෙන් බැහැර වන ජලය ප්‍රමාණය නැවත ලබා ගනිමින් ශරීරය සජලව තියාගන්නට මේ පිපිඤ්ඤා වතුර ඉතාම සුදුසුයි. නිවැරදි උෂ්ණත්වයක් ශරීරයේ පවත්වා ගැනීමටත්, හෘද වාහිනී පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහාත් ශරීරය සජලව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
විටමින් සහ ඛනිජ ලවණ ලබා දෙනවා.අපේ ශරීරයට ඕන කරන ජල අවශ්‍යතාවයත් සපුරා ගනිමින් ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ නොඅඩුව ලබා ගන්න ඉතාම හොඳ පානයක් තමයි පිපිඤ්ඤා වතුර කියලා කියන්නේ. සාමාන්‍ය ජලය පානය කිරීමෙන් ශරීරය සජලව තියා ගන්නට හැකියාව ලැබුණත් එයින් අපේ ශරීරයට විටමින් ඛනිජ ලවන ආදී පෝෂක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ පානය කරන සාමාන්‍ය පිරිසිදු ජලයට පිපිඤ්ඤා පෙති එකතු කර සාදාගත හැකි පිපිඤ්ඤා වතුර පානය කළොත් මේ ප්‍රතිලාභ කිහිපයම ඔබට ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන්.
- අධි රුධිර පීඩනය පාලනය කරනවා.
- ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා ගන්නට උපකාරී වෙනවා.
- මුත්‍රා පිටවීම හොඳින් සිදු කරනවා.
- මළ පිටවීමේ අපහසුතා දුරු කරනවා.
- සම පැහැපත් වෙනවා.
- ඇස් දීප්තිමත් වෙනවා.
- ශරීරයට සැහැල්ලුවක් ලබා දෙනවා.
- පිළිකා ඇතිවීමේ අවධානම සැලකිය යුතු මට්ටමකින් අඩු කරනවා.
පිපිඤ්ඤා වතුර සාදාගන්නා ආකාරය

- පිරිසිදු පානීය ජලය වීදුරු 7-8
- මේ ජලය දැමිය හැකි නිසා තරමක් විශාල වීදුරු ජග් එකක්
- සිහින්ව පෙති වශයෙන් කපාගත් කොළ පිපිඤ්ඤා (ගර්කින් ) හෝ සාමාන්‍ය පිපිඤ්ඤා ගෙඩියක්. මේවායේ මදය සහිතව කපාගන්න.
- දෙහි පෙති කිහිපයක්
සෝදා පිරිසිදුව කපාගත් පිපිඤ්ඤා පෙති සහ දෙහි පෙති වතුර එකට එකතු කරන්න. දෙහි එකතු කරද්දී ඔබ අමිල පිත්ත රෝගීන් පෙළෙන අයෙක් නම් ඔබට අපහසුවක් ගෙන දෙන්නට හැකි නිසා දෙහි එකතු නොකරන්නටත් පුළුවන්.
දවස පුරාම මේ වතුර පානය ඔබට ගන්නට පුළුවන්. සවස් කාලය වෙද්දී අලුත් පිපිඤ්ඤා වතුර එකක් සකසා ගන්න පුළුවන්. මේ පානය දිනපතාම ගන්නට පුරුදු වුණොත් මෙයින් හොඳම ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. මේ සඳහා වස විසෙන් තොර පිපිඤ්ඤා සොයා ගන්නට හැකි නම් ඉතාම වැදගත් බවත් මතක තබා ගන්න.