ශරීරගත නොයෙක් රෝග සුව කිරීමට සූදුරු පානය ගුණදායක ඖෂධයක් බව බොහෝ දෙනෙකු නොදනී. එනම් සූදුරු යනු හුදෙක් කුළුබඩුවක් පමණක් ම නොවේ. ඈත අතීතයේ සිටම මෙය බොහෝ ජනී ජනයා ඖෂධයක් ලෙස ද භාවිතා කර තිබේ. එනම් සූදුරු පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ශරීරයේ නොයෙක් ව්‍යාධීන් සුව කරගත හැකිය. ඊට හේතුව සූදුරුරු වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. ඒ අතර විටමින් බී ,විටමින් ඒ ,විටමින් සී, යකඩ, පොටෑසියම්, සින්ක් ,මැග්නීසියම් …ඛනිජ ලවණ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සූදුරු වල අඩංගු වේ. මේ ආදී වූ ඖෂධීය ගුණයෙන් යුතු සූදුරු පානයක් ලෙස විවිධාකාරයෙන් සකස් කරගත හැකිය. එනම්
- සූදුරු තම්බා පානය කිරීම
- කබලේ බැද කුඩු කර පානය කිරීම යනාදී වශයෙන් ඔබට කැමති අයුරින් සූදුරු පානය සකස් කර භාවිතා කළ හැකිය.
- සූදුරු මිටක්
- දෙහි යුෂ ස්වල්පයක්
- උණුසුම් වතුර වීදුරුවක්
සෝදා පිරිසිදු කරගත් සූදුරු මදක් කබලේ බැද කොටාගන්න. ඉන් තේ හැඳි දෙකක් පමණ උණුසුම් වතුර වීදුරුවකට දමා මදක් තැම්බෙන තුරු වසා තබා එයට දෙහි යුෂ මිශ්‍ර කර හකුරු කැබැල්ලක් සමග පානය කරන්න. දෙහි වෙනුවට කොත්තමල්ලි ඉඟුරු වුවද භාවිතා කළ හැකිය. මෙසේ දිනකට එක් වතාවක් සූදුරු පානය භාවිතා කිරීම මගින් ශරීරගත නොයෙක් රෝග පීඩාවන් සුව කරගත හැකිය.
සුදුරු පානය ඖෂධීය භාවිතය.

රක්තහීනතාවයට ඔසුවක් වේ. රක්තහීනතාවය යනු රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඇතිවන රෝග තත්ත්වයකි එනම් මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ශරීරයෙහි යකඩ ඌනතාවයක් පැවතීමයි මෙම රෝගය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස සූදුරු පානය භාවිතා කළ හැකිය එනම් සූදුරු වල අඩංගු යකඩ මගින් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරනු ලැබේ.
පිළිකා ඇතිවීම මර්දනය කරයි.මාරාන්තික රෝග තත්ත්වයක් වන පිළිකා රෝගය අද වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයක් බවට පත්ව තිබේ. එනම් සූදුරු පානය සකසා භාවිතා කිරීම මගින් පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. එනම් විශේෂකොට බඩවැල් ආශ්‍රිතව ඇති වන පිළිකා මෙන්ම ස්නායු විකෘතිතා වැනි රෝග තත්ත්වයන් ඇති වීම වැළැක්වීමට සූදුරු පානයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය බෙහෙවින් ඉවහල් වේ.
දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.වර්තමානය වන විට නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස සූදුරු පානය භාවිතා කළ හැකිය. එනම් මෙමගින් සූදුරු වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලබයි.
අර්ශස් රෝගය සමනය කරයි.වර්තමානය වන විට අප ගත කරන ආහාර රටාව හා ජීවන රටාව හේතුවෙන් අර්ශස් රෝගය ඇති වනු ලැබේ. එනම් අර්ශස් රෝගය සමනය කිරීම සඳහා සහ අර්ශස් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඖෂධයක් ලෙස සූදුරු භාවිතා කළ හැකිය. එනම් සූදුරුවල අඩංගු තන්තු මගින් මලබද්ධය වැනි තත්ත්වයන් සමනය කර ආහාර හොඳින් ජීර්ණය කර අර්ශස් රෝග ඇති වීම වළක්වනු ලබයි. එනම් බොහෝ දෙනෙකු පවසන්නේ මෙය ස්වභාවික විරේචකයක් බවයි
ශරීරගත දැවිල්ල සමනය කරයි.උෂ්ණාධික ශරීරයක් පැවතීම,ආතරයිටීස් ගෑස්ට්‍රයිටීස් රෝගයන් පැවතීම, හා එම රොග නිසා ඇතිවන දැවිල්ල, අසාත්මිකතාවයන් නිසා ඇති වන ශරීරගත දැවිල්ල සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ගුණදායක පානයක් ලෙස සූදුරු පානය හැඳින්විය හැකිය. එනම් සූදුරු පානයක් ලෙස සකසා භාවිතා කිරීම මගින් ඉහත රෝග තත්ත්වයන් නිසා ඇතිවන ශරීර දැවිල්ල සමනය කරගත හැකිය.

හිසකෙස් වර්ධනය කරයි.බොහෝ කාන්තාවන් හිසකෙස් ගැලවී යාම, හිසකෙස් කැඩීයාම, හිසකෙස් වර්ධනය නොවීම, ආදී හිසකෙස් සම්බන්ධ ගැටලු සමනය කිරීම සඳහා ඖෂධීය පානයක් ලෙස සූදුරු පානය භාවිතා කළ හැකිය. එනම් එසේ සූදුරු පානය භාවිතා කිරීම මගින් එහි අඩංගු විටමින් හිසකෙස් කැඩී යාම, ගැලවී යාම වලකා හිසකෙස් වර්ධනය කිරීම සිදුකරනු ලැබේ.
සම ආශ්‍රිතව ඇතිවන රෝග සුව කරයි. බොහෝ දෙනෙකු පීඩා විඳින චර්ම රෝග හෙවත් සම ආශ්‍රිතව ඇති වන දද, කුෂ්ඨ ,දිලීර ආසාදනයන් සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම සූදුරු භාවිතා කර තිබේ. එනම් සූදුරු පානයක් ලෙස දිනපතා භාවිතා කිරීම මගින් සම ආශ්‍රිත ව ඇති වූ රෝග තත්ත්වයන් මෙන්ම සම රැලිවැටීම අවපැහැ ගැන්වීම් සමනය කරගෙන සම පැහැපත් කර ගත හැකිය. එනම් සූදුරු වල අඩංගු විටමින් සී විටමින් ඒ මේ සඳහා වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීර්ණය නොවීම සමනය කිරීම සඳහා දිනකට එක් වතාවක් සූදුරු පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් සුදුරු පානය භාවිතා කිරීම මගින් එහි අඩංගු තන්තු ආහාර ජීර්ණය පහසු කරයි. එමෙන්ම සූදුරු මගින් ආහාර ජීර්ණයට උපකාරී වන ඛේට ග්‍රන්ථි හා අමාශයික ශ්‍රාවයන් උත්තේජනය කර ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
- කොලෙස්ටරෝල් පාලනය කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
- ආහාර රුචිය වර්ධනය කර ගැනීමට
- මව්වරුන්ගේ කිරි එරීම වර්ධනය කිරීම
- අස්ථි ශක්තිමත් කර ගැනීමට
- හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට සූදුරු පානය භාවිතා කිරීම යෝග්‍ය වේ.