මුළුතැන්ගෙට නැතුවම බැරි කුළුබඩුවක් තමයි කහ කියන්නේ. ආහාර පිසීමේදී වර්ණය පිණිස සහ විශබීජ නසන්නට අපි කුළු බඩුවක් වශයෙන් භාවිතා කරනවා. නමුත් කහ සතුව ඇති ප්‍රබල ඖෂධීය ගුණ සමුදාය පිළිබඳව අපි එතරම් තැකීමක් නොකරන නිසා ආහාර පිසීමට, බෙහෙතකට හෝ රූපලාවන්‍ය කාර්යකට වගේ දෙයකට හැරුණාම කහ භාවිතයට ගන්නේ ඉතාම අඩුවෙන්. ඒ නිසාම කහ මගින් සකස් කරගත හැකි කහ කිරි පානය පිළිබඳව වගේම කහ භාවිතයෙන් අපේ සිරුරට ලබාගන්නට හැකි සෞඛ්‍යමය වාසි පිළිබඳව දැන කියා ගනිමු.
කහ, අත් කහ යන නමින් ව්‍යවහාරයේ භාවිතා කරන කහවල උද්භිද විද්‍යාත්මක නාමය curcuma longa වෙයි.වසර දහස් ගණනක සිට දේශීය වෙදකමේ වගේම ආයුර්වේදය තුළත් වටිනා ඖෂධයක් ලෙස කහ භාවිතා වුණා.ඉතින් කහ සතුව ඇත්තේ ඉතා ඉහළ ඖෂධීය ගුණයන්. කහ සතුව ඇති කර්කියුමින් යන සංඝටකය ප්‍රබල ප්‍රති ප්‍රදාහ ගුණාංග සහිතයි. ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක්.බැක්ටීරියා හා දිලීර නාශක ගුණයෙන් යුක්ත කහ මගින් රෝග රාශියක්ම සමනය කරගන්නට පුළුවන්. ඉතින් කහ කියන්නේ ඉතා ඵලදායි පෝෂණ අතිරේකයක්.
කහ සතු ඖෂධීය ගුණයන්

- ශරීරයේ ඉදිමුම් සහිත වේදනාවන් සමනය කරයි. මේ සඳහා කහ කුඩු වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ආලේප කළ යුතුයි.
- ආහාර රුචිය වඩවයි.
- දැවිල්ල හා සන්ධි වේදනාවන් සමඟ සටන් කරයි. විශේෂයෙන්ම ආතරයිටීස් වගේම ඒ හා සමාන රෝගවලින් පෙළෙන අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා.
- අස්ථි ශක්තිමත් කරයි.
- කෘමිනාශක ගුණයක් ඇති නිසා පණු රෝග සමනය කරයි.
- අක්මාවේ විෂ ඉවත් කර රුධිරය පිරිසිදු කරයි.
- කහ කිරි රුධිර සංසරණය වැඩි කරයි.
- වසා ගැටිති සහ රුධිර නාලවල ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි.
- ආමාශයේ හා බඩවැල් ආශ්‍රිතව ඇතිවන දැවිල්ල හා තුවාල සුව කරයි.
- ආහාර ජීර්ණ ගැටළු මගහරවා ආහාර ජීර්න පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
- අජීර්ණයට ගුණදායකයි.
- මුත්‍ර ආසාදන වළක්වයි.
- කහවල ආහාරමය තන්තු අඩංගු නිසා අනවශ්‍ය මේදය දහනය කර ශරීර බර අඩු කරයි.
- කහ කිරි පානය සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වෙයි.
- පාචනයට ගුණදායකයි.
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

- ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
- කහ සතු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා රෝග ආසාදන අඩු කරයි .
- පිළිකා සෛල ඇතුළු හානිකර සෛලවලට එරෙහිව සටන් කරයි. කහ සතු මේ විස්මිත ගුණය නිසාවෙන් පිළිකාව ආරම්භක අවධියේ පවතී නම් දිනපතා කහ කිරි පානය කිරීමෙන්ම ඒ පිළිකා සෛල තවදුරටත් වර්ධනය වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා.
- ඔසප් කාලයේදී ඇතිවන වේදනාවන් සමනය කරයි. ඔසප් චක්‍රය සම්බන්ධයෙන් පවතින ගැටළු මගහරවා එය සමනය කරයි.ප්‍රජනක සෞඛ්‍ය වැඩි දියුණු කරයි.
- පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
- පුරස්ථි ග්‍රන්ථියේ දැවිල්ල ආශ්‍රිත ගැටළු සමනයට උපකාරී වෙයි.
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
- ශරීරයේ අභ්‍යන්තරයේ සහ බාහිරව ඇති විෂ සහ බැක්ටීරියා දිලීර නසන්නට උපකාරී වෙයි.
- දියවැඩියාව පාලනය කරයි.
- මානසික පීඩනය සමනය කරයි.
- මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.මතකය වර්ධනය කරයි.මොළයේ සෛල ආරක්ෂා කරයි.
- තුවාල පටකවල නව පටක වැඩී තුවාල ඉක්මනින් සුව කරයි. තුවාල සේදීමට ගංසූරිය කොළ පොතු, අමු කහ එකට දමා තැම්බූ ජලය භාවිතා කරනු ලබනවා.
- දද කුෂ්ඨ ඇතිවිට අමු කහ කොටා ගැල්වීම හෝ තම්බා ඒ වතුරෙන් සේදීමෙන් විෂබීජ නැසී ඉක්මන් සුවය ලැබෙයි.
- ඇදුම රෝගීන්ට කහ මී පැණි සමඟ මිශ්‍රකර ගැනීම යහපත්.
- කැස්ස හා උගුරේ අමාරුවට ගුණදායකයි.
- පෙනහළුවල ඇති තදබදය හා අපහසුතා මග හරියි.
- අකලට සම වයසට යාම පාලනය කරයි.
- කහ සමේ ගැල්වීමෙන් මැරුණු සම ඉවත් කර සම පැහැපත් කරයි.

කහ කිරි සාදන ආකාරය මේ සඳහා කිරි කෝප්පයක් සූදානම් කරගෙන ඒ කිරිවලට කහ කුඩු තේ හැන්දක් එකතු කරන්න. සීනි ඔබට රුචි පරිදි එකතු කර ගන්න. මේ සඳහා පෙති ආකාරයෙන් කපා ගත් වියළි පලතුරු ද එකතු කළ හැකියි. මේ සඳහා ඉඟුරු සහ කුරුඳු ස්වල්පයක් එකතු කිරීමෙන් පෝෂණ ගුණය ඉහළ නංවා ගන්නට පුළුවන්.
- මේ කහ කිරි සකස් කර ශීතකරණයේ තබාගත හැකි වුණත් එය පානය කිරීමට පෙර හොඳින් රත්කර පානය කරන්නට වගබලා ගත යුතුයි.
- සුව නින්දක් සඳහා නින්දට යාමට පැයකට පෙර උණුසුම් කහ කිරි කෝප්පයක් පානය කරන්න.
සැලකිය යුතුයි.කහ පිත වර්ධනය කරන බැවින් අමිල පිත්ත රෝගීන් සහ පිත්තාශයේ ගල් ඇති රෝගීන් කහ භාවිතය සීමා කළ යුතුයි.සැබෑවටම කහ මුළුතැන්ගෙයි පමණක් භාවිතා කළ යුතු නොවන ඖෂධීය ගුණයන් රාශියක් අන්තර්ගත කුළු බඩුවක්. ඒ නිසා සෑමවිටම ආහාරවලට එකතු කරගැනීමේදීත් ඖෂධ සැකසීමේදීත් ස්වාභාවික කහ භාවිතා කිරීම වැදගත්. නමුත් කිසිවිටෙක මෙය ඖෂධ සඳහා ආදේශයක් වශයෙන් භාවිතා නොකරන්න.