සුදුවෙන්න කැමති අයට ඉක්මණින් සුදුවෙන්න මී කිරි සත්කාරය භාවිතා කරන විදිය

health tips

ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් පසු බොහෝ දෙනෙක් ආහාරයට ගන්නට ප්‍රිය කරන ලාංකීය ජනතාව අතර වඩාත් ජනප්‍රිය අතුරුපසක් තමයි මී කිරි කියලා කියන්නේ . රසයෙන් ඉතා ප්‍රණීත  මී කිරි ආසියාවට පමණක් සීමාවුණු නිෂ්පාදනයක් විදිහටයි සැලකෙන්නේ. මී කිරිවල පවතින ගුණාත්මකභාවය නිසාම ලොකු කුඩා අපි ඉතාමත් ආසාවෙන් ආහාරයට එකතු කරගන්නවා. නමුත් මෙය  පමණ ඉක්මවා ගැනීමෙන් ශරීරයට අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි නිසාවෙන් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙමින් මී කිරි ආහාරයට ගැනීම කළ යුතුයි. මී කිරි ආහාරයට ගැනීමෙන් පමණක් නෙවෙයි බොහෝ කාන්තාවන් විවිධ රූපලාවණ්‍ය කටයුතු සඳහාත්  මේවා භාවිතා කරනවා. ඉතින් අපි අද කතා කරමු මී කිරි සතු  විස්මිත ගුණ මොනවද කියලා .

ලාංකීය බොහෝ දෙනෙක් මේ එළකිරි වලට වඩා මී කිරි  ආහාරයට ගන්නට කැමතියි. මොකද එළකිරිවලට වඩා ඇතැම් පෝෂක සංඝටක වැඩි වශයෙන් මී කිරිවල අන්තර්ගත වෙන නිසා. මී  කිරිවල වැඩිපුර මේදය ප්‍රෝටීන් සහ විටමින් බී බහුලවම අඩංගු වෙනවා. ඒ වගේම එළකිරිවලට වඩා දෙගුණයක් පමණ වැඩි ප්‍රමාණයකින් කැල්සියම් ද අන්තර්ගත වෙනවා.

 එළකිරි ගුණයෙන් ශීත වුණත් මීකිරි ගුණයෙන් ඌෂ්ණයි . එළකිරි  ශරීරය පුෂ්ටිමත් කරන්නට බෙහෙවින් උදව් වුණත් මී කිරි තෙල් පදාර්ථ බහුල ආහාරයක් නිසා කය  වෙහෙසා වැඩ කරන අයට ඉතාම ගුණදායක ආහාරයක්.  ඉතින් මේ මී කිරි බොහෝ දෙනෙක් ආහාරයට ගන්නේ කිතුල් පැණි හෝ සීනි එකතු කිරීමෙන්.

 මුදවපු කිරි ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
  • අස්ථි සහ දත් ශක්තිමත් කරනවා. 
  • ආතරයිටිස් ඔස්ටියෝපොරෝසිස් ආදී රෝගවලින් ආරක්ෂාව සැලසෙනවා.
  • හිස්සොරි ආදී දිලීර ආසාදනයන් දුරුකර ගන්නට උදව් වෙනවා.
  • මානසික අවපීඩනය දුරු කරනවා.
  • කාන්සාව නැති කරනවා.
  • ශරීර බර අඩු කරන්නට දායක වෙනවා.
  • අධි රුධිර පීඩනයට ගුණදායකයි.  
  • සම එල්ලා වැටීම් දුරු කරනවා.
  • දෑස් බොර පාට වීමට ගුණදායකයි.
  • බඩ පිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව ආදි තත්ත්වයන් ඇති කරගන්නට උදව් වෙනවා.
  •  කලන්තය සහ ශරීරයේ අප්‍රාණික බව දුරු කරනවා.
  • මලපහ පිටකිරීමේ දී රුධිරය පිටවීමේ තත්ත්වයට ගුණදායකයි.
  • මළ බද්ධයට ගුණදායකයි. 
  • ආහාර ජීර්ණය වැඩිදියුණු කරනවා. මේ නිසා වෙනත් ආහාරවලින් ලැබෙන පෝෂය පදාර්ථ අවශෝෂණය කරගැනීමට පහසුවක් ඇතිවෙනවා.
  • hpylori ආසාදනය ඇතුළු  ආසාදන සුව කිරීමට උදව් වෙනවා.
  • ආහාර අරුචිය නැති කරනවා.
  • කුසගින්න ඇතිවීම පාලනය කරනවා.
  • ශරීර ශක්තිය වර්ධනය කරනවා.
  • ශරීරය කෙට්ටු වීම වළක්වනවා. 
  • බඩේ දැවිල්ල නැති කරනවා. අම්ලපිත්ත රෝගීන්ට ගුණදායකයි.

මී කිරි ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් උණ සැරව, ගෙඩි ආදිය ඇතිවෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි කරකැවිල්ලහෝ  කුෂ්ඨ රෝග ආදී ආබාධ පවා ඇති කරනවා.

මී කිරි භාවිතා කළ හැකි වෙනත් ආකාර 

හිස කෙස් වර්ධනය සඳහා මුරුංගා කොළ යුෂ, මී කිරි සහ  බිත්තර ආදිය එකතු කර සාදාගත හැකි හෙයා මාස්ක් එක හිසකෙස් අකලට ගැලවී යාම වළක්වාලමින් හිසකෙස්වල වර්ධන වේගය වැඩිකර ඔබට ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙනවා. 

හිස්සොරි සදහා මී කිරි ස්වල්පයක් ගෙන හිස් කබලේ හොඳින් ආලේප කර විනාඩි විස්සක පමණ කාලයක් තිබෙන්නට හැර සෝදා හැරීමෙන්හිස්සොරි  සුව කර ගන්නට පුළුවන්. මේ සත්කාරය සතියකට දෙතුන් වරක් සිදු කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

සම පැහැපත් කර ගැනීම සඳහා මුං ඇට පිටි මී කිරි සමඟ එකට මිශ්‍රකර පේස්ට් එකක් සාදා ගෙන හොඳින් පිරිසුදු කර ගත් මුහුණේ  ආලේප කර  විනාඩි 15 ක් තිබෙන්නට හැර ජලයෙන් සෝදාහරින්න. මේ සත්කාරය සතියකට දින 3 ක් පමණ සිදු කිරීමෙන්  සම පැහැපත් කර ගන්නට ඔබට හැකියාව ලැබේවි.

මී කිරි වෙළඳපොලෙන් ඔබ මිලදී ගන්නා විට එහි සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොකද බොහෝ කිරි නිෂ්පාදකයන් විසින් රබර් මිදවීමට ගන්නා ඇසිටික්  ඇසිඩ් ප්ලාස්ටර්, පරිස් ෆෝම්ලින් ආදිය නිෂ්පාදන සඳහා භාවිතා කිරීම නිසා. මෙවැනි ද්‍රව්‍යයන් මී  කිරිවලට එකතු කිරීම නිසා ඒවා බොහෝ කාලයක් කල්තියා ගන්නට හැකියාව ලැබෙනවා.

 මේවායෙන් අපේ ශරීරයට ඇතිවන බලපෑම කෙටිකාලීනව දකින්නට නොමැති නොලැබුණත් දිගු කාලීනව විවිධ අහිතකර බලපෑම් අපේ සෞඛ්‍යයට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මී කිරි හොඳ විස්වාසදායි ස්ථානයකින් මිලට ගැනීමට කටයුතු කරන්න. 

 මී  කිරි හට්ටියේ යොදය ඉවත් කර හැන්දකින් ඈත් කළ විට ටික වේලාවකින් එතැනට වතුර එකතු වීමක් සිදුවිය යුතුයි. එය නියම කිරි හඳුනා ගන්නට උදව් වෙන ලක්ෂණයක්.

ඉතින් මී කිරිවල ඉහළ මේදය ප්‍රමාණයක් අඩංගු වන නිසා මී කිරි අධිකව ගැනීම ශරීරය තරබාරු කරන්නටත් හේතු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මී කිරි පමණ දැනගෙන ආහාරයට ගත යුතු ප්‍රණීත අතුරුපසක් බව ඔබ අනිවාර්යෙන්ම මතක තබා ගන්න.