නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින රෝගයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකිය. එනම් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම හා ඉන්සියුලින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් දියවැඩියාව ඇති වනු ලැබේ. දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අපගේ වැරදි ආහාර රටාව හා වැරදි ජීවන රටාවයි. මේ නිසා අප භාවිතා කරන ආහාර රටාවත් ගත කරන ජීවන රටාවත් නිවැරදි ආකාරයට සකස් කර ගත යුතුය. දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ද ප්‍රතිකාර පවතී. දියවැඩියා රෝගී තත්ත්වය ඇතිවීමට පෙර රෝග ලක්ෂණ හඳුනාගත හැකි නම් ඒ සඳහා ඉක්මනින් ප්‍රතිකාර ලබාගත හැකිවේ.
දියවැඩියා රෝගය ඇති බවට පෙර පහළ වන රෝග ලක්ෂණ

- මහන්සිය
- අධික කුස ගින්න සහ පිපාසය
- නිතර මුත්‍රා පිට කිරීමට සිදුවීම
- ශරීරයේ බර අඩු වීම.
- සමේ කැසීම් ඇතිවීම
- තුවාල සුවපත් වීමට කල් ගත වීම ආදී රෝග ලක්ෂණ හඳුනා ගත හැකිය.
පෙර සඳහන් කළ පරිදි දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද පවතී. ඒ අතුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර බොහෝ දෙනෙකු භාවිතා කරනු ලබයි. එනම්
- කෝවක්කා
- කොතල හිඹුටු පානය
- කොස් කොළ පානය
- අඹ කොළ පානය
- රණවරා පානය
- කතුරුමුරුංගා
- නීරමුල්ලිය
- කරවිල
- තෙඹු කොළ
මේ ආදී ඖෂධ භාවිතා කිරීම මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය. නමුදු මෙම ඖෂධ බාවිතා කරන්නේ නම් ඊට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එමෙන්ම එක් ඖෂධයක් පමණක් භාවිතයට ගැනීම මෙන්ම කෘතිම ඖෂධ භාවිතා නොකිරීම හා ඖෂධ ලබාගන්නා අතරතුර හා එම ඖෂධ ලබා ගැනීමට පෙර රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කර බැලීමත් සිදු කළ යුතුය. නොමැති නම් රුධිර ගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසීමෙන් රෝගී විය හැකිය.
කොතල හිඹුටු දියවැඩියා රෝගීන්ට ම වෙන්වූ කොතළහිඹුටු කෂාය කර පානය කිරීම මගින් දියවැඩියාව ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් පෙර සදහන් කළ පරිදි දියවැඩියාව නිට්ටාවටම සුව කරගැනිමට කොතල හිඹුටු කෂාය පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත් බව වෛද්‍යවරු සඳහන් කර තිබේ. මේ නිසා කෘතිම ඖෂධ පාන මෙන්ම වෙනත් ඖෂධ සමග කොතළහිඹුටු කෂාය භාවිතා නොකර කොතල හිඹුටු පමණක් කෂාය කර පානය කිරීම දියවැඩියා රෝගීන්ට වඩාත් යෝග්‍යවේ.

කොස් කොළ පානය ඈත අතීතයේ සිටම මිනිසුන් කොස් කොළ තම්බා පානය කර තිබේ. එනම් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එසේ කොස් කොළ තම්බා පානය කිරීම මගින් දියවැඩියාව හෙවත් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම වළක්වාගත හැකි බවයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට අමු කොස් කොළ කිහිපයක් ගෙන කැබලිවලට කපා තම්බා එම වතුර පානය කිරීම වඩාත් සුදුසුවේ.
අඹ කොළ පානය.වර්තමානය කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ අඹ කොළ රෝග රැසක් සඳහා භාවිතා කළ හැකි ඖෂධයක් බවයි. එනම් විශේෂයෙන්ම දියවැඩියා රෝගය පාලනය කර ගැනීමටද අඹ කොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි වේ. එනම් අඹ කොළ මදපවනේ වියලෙන්ට තබා කුඩු කර තේ පානයක් ලෙස හෝ අමු කොළ තම්බා පෙරා පානය කිරීම මගින් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කරගත හැකිය.
රණවරා රෝග රැසක් නිවාරණය කිරීම සඳහා ආයුර්වේදය තුල භාවිතා කරන රණවරා දියවැඩියාව පාලනය කිරීම සඳහා ද යොදා ගත හැකිය. එනම් රණවරා කොළ කැඳ පානයක් ලෙස සකස් කර හෝ රණවරා මල් තම්බා පානය කිරීම දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු වේ.
කතුරුමුරුංගා දියවැඩියාව පාලනය කර ගැනීමට ඖෂධයක් ලෙස කතුරුමුරුංගා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කතුරුමුරුංගා පලා මැල්ලුමක් , සම්බෝලයක් ලෙස සකස්කර හෝ කතුරුමුරුංගා කොළ කැඳ පානයක් ලෙස සකසා භාවිතා කිරීම යෝග්‍ය වේ.

නීරමුල්ලිය.හෙළ වෙදකම තුළ රෝග නිවාරණය කිරීමට නීරමුල්ලිය වැඩි වශයෙන් භාවිතා කරයි. එනම් මේ සඳහා නීරමුල්ලිය කොළ කැඳ සකස් කර පානය කිරීම මගින් දියවැඩියාව හෙවත් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කරගත හැකිය.
කරවිල රෝග රැසකට ගුණ දෙන එළවළුවක් ලෙස කරවිල හැදින්විය හැකිය. එනම් දියවැඩියා රෝගීන්ටද කරවිල ව්‍යංජනයක් හෝ කරවිල යුෂ සකස් කර පානය කිරීම ගුණදායක වේ. එනම් ඉන් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කරගත හැකිය.
තෙඹු ඈත අතීතයේ සිටම තෙඹු ශාකය බහුලව යොදාගනු ලැබුවේ දියවැඩියාව පාලනය කිරීම සඳහාය. එනම් මේ සඳහා තෙබු කොළ සම්බෝලය හෝ කලවම් පලා මැල්ලුම ආහාරයට එකතු කර ගැනීම යෝග්‍ය වේ. නමුත් නිතර නිතර දිනපතා තෙඹු කොළ ආහාරයට ගැනීම සුදුසු නොවේ. එනම් ඉන් රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. මේ නිසා වෛද්‍ය උපදෙස් මත සතියකට එක් වරක් තෙබු කොළ ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.
- වෙරළු පානය
- දෙළුම් යුෂ පානය
- කස කසා ඇට පානය
ආදී ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් මත පානය කිරීම මගින් දියවැඩියාව නිට්ටාවට ම සුව කර ගත හැකිය.