අනෙකුත් රෝග මෙන්ම හිසරදය ද බොහෝ දෙනෙකුට පීඩා ගෙන දෙන රෝග තත්වයකි. එනම් පොදුවේ ගත් විට හිසරදය වයස් භේදයකින් තොරව ඇතිවනු ලැබේ. මෙය ස්වරූප කිහිපයකින් හඳුනාගත හැකි අතර එක් එක් ස්වරූපයන්ට අනුව හිසරදයෙහි වේදනාව හා රෝග ලක්ෂණද වෙනස් වේ. ඒ අනුව
සාමාන්‍ය හිසරදය සාමාන්‍ය හිසරදය සෑම දෙනාටම පාහේ ඇතිවන හිසරදයයි. මෙහිදී හිසෙහි බර ගතිය, හිස කැක්කුම , දෘෂ්ටිය වෙනස් වීම ,හිසේ තද බව, කරකැවිල්ල, හිසෙහි ඇතිවන හිරිය, ක්ලාන්තය, වමනය යනාදී රෝග ලක්ෂණ ඇතිවනු ලැබේ.
- පණුවන් නිසා හටගන්නා හිසරදය (ක්‍රිමිජ හිසරදය)
- පණුවන් නිසා ඇතිවූ හිසරදය හේතුවෙන් නාසයෙන් සැරව සහිත ලේ පිටවීම,
- හිස අභ්‍යන්තරයේ ලෙළදෙන්නාක් මෙන් දැනීම,
- හිසෙහි ඉදිකටු අනින්නාක් බඳු වේදනාවක් ඇතිවීම, හිසෙන් අධික රශ්නයක් දැනීම ආදී රෝග ලක්ෂණ හඳුනාගත හැකිය.
තුන්දොස් හෙවත් වා, පිත් හා සෙම් යන ත්‍රිදෝශ කිපීමෙන් හිසරදය ඇතිවේ. මෙය සන්නිපාත හිසරදය යන නමින්ද හඳුන්වන අතර මෙම හිසරදය ඇති වූ විට අධික තාපය, අධික උණුසුම් ගතිය, උණ, හිසෙහි බර ගතිය, හිස කරකැවිල්ල ,ඇස් ඉදිමීම, සහ හිසෙහි තද ගතිය, ශීතල,උගුර ආදියෙහි සෙම් ඇතිවීම ආදී රෝග ලක්ෂණ මෙම හිසරදය ඇතිවීමෙන් දැක ගත හැකිය.
ඉරුවාරදය ඉරුවාරදය බොහෝ දෙනෙකුට වේදනා ගෙන දෙන හිසරදයකි. එනම් හිරු උදා වීමත් සමග හෝ තුන්දොස් කිපීමෙන් මෙම හිසරදය ඇති වනු ලැබේ. මෙහිදී ඇස් බැමි දෙපස අධික ලෙස වේදනාවක් ඇති වන අතර මොවුන් ට අධික ශබ්දය හා ආලෝකය හිසරදය තවත් වැඩි කරයි. එනම් ඉරුවාරදය යනු කායික මානසික දෙඅංශයෙන්ම පීඩා ගෙන රෝගයකි.මීට අමතරව

- අනන්තවාත හිසරදය
- ස්නායු වේදනාවන් නිසා ඇතිවන හිසරදය
- යනුවෙන් ද තවත් ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.
- හිසරදය සමනය කිරීමට කළ හැකි ප්‍රතිකාර
හිසරදය ඇති වූ විටක පළමුව කළ යුත්තේ විවේකීව සිටීමයි. එමෙන්ම වෛද්‍ය වරයෙකු හමුවී හිසරදය ඇතිවූ විටක රොග ලක්ෂණ පිළිබඳව දැනුවත් කර ඊට ගැලපෙන ප්‍රතිකාර ලබා ගත යුතුය.එමෙන්ම හිසරදය ඇති වූ විට ඒ සඳහා ආයුර්වේදය තුල සිදුකළ ප්‍රතිකාරයන්ද බොහොමයක් පවතී.
ත්‍රිපලා ඖෂධය එනම් අරලු, බුලු, නෙල්ලි යන ත්‍රිපලා ඖෂධය සමඟ උක් මුල්, හා වියලි මිදි සමව ගෙන කෂාය සකසා පානය කිරීමට ලබා දීම මගින් හිසරදය සුව කර ගත හැකිය.
ගිතෙල් ඖෂධය එනම් මේ සඳහා ගිතෙල් හා උක් හකුරු ආහාරයට එක්කර ගැනීම හා ගිතෙල් හිසෙහි ගැල්වීම සුදුසු වේ.
සුවඳ කොට්ටං ඖෂධය මේ සඳහා සුවද කොට්ට්ං, එඬරු මුල් හා සමව ගෙන විනාකිරෙන් අඹරා හිසෙහි ආලේප කිරීම යෝග්‍යවේ.
සුවද කොට්ටං චූර්ණය හිසේ ආලේපනය සුදුසු වේ.සුවඳ කොට්ටන් සමඟ වියළි ඉඟුරු, ජඨාමාංශ, විනාකිරෙන් හෝ තල තෙලින් අනා හිසෙහි පැලැස්තර දැමීම යෝග්‍ය වේ.
සුදු හඳුන් සුදු හඳුන් යනු ඈත අතීතයේ සිටම හිසරදයට යොදා ගත් ඖෂධයකි. එනම් මේ සඳහා
සුදු හදුන් ,සුදු ලූණු තල තෙලින් අඹරා විනාකිරෙන් අනා පැලැස්තරයක් යෙදීම යෝග්‍ය වේ.
නෙල්ල නෙල්ලි මගින්ද හිසරදයට ඖෂධයක් සකස් කර ගත හැකිය. එනම් මේ සඳහා උණු වතුර වීදුරුවකට වියලි නෙල්ලි මිටක් දමා හුමාලය නොයන සේ වසා තබා රාත්‍රී නින්දට පෙර පානය කිරීම යෝග්‍යවේ.
ඉඟුරු ඉඟුරු වල අඩංගු වේදනා නාශක ගුණයන් හිසරදය සමනය කිරීමට ද උපකාරීවේ. එනම් මේ සඳහා ඉඟුරු මිශ්‍රකර තේ පානයක් සකස් කර භාවිතා කිරීම ගුණදායකය.
පොල් තෙල් හිසරදය ඇති වූ විට පොල් තෙල් වලට දෙහි යුෂ ස්වල්පයක් දමා හිස සම්බාහනය කිරීම මගින් හිසරදය සුව කර ගත හැකිය.

කරද ඇට ඖෂධය එනම් මේ සඳහා ඉගුරු, තිප්පිලි, ගම්මිරිස් හා කරද ඇට එළ ගව මුත්‍රා වලින් අඹරා නස්න කිරිමෙන් ක්‍රිමිජ හිසරදය සමනය වේ.
ඇමෝනියම් ක්ලෝරයිඩ් එනම් මේ සඳහා වායු නිරෝධක බෝතලයක් ගෙන එයට ඇමොනියම් ක්ලෝරයිඩ් ජලය ස්වල්පයක් දමා හොදින් සොලවා නස්න කිරීම මගින් හිසරදය සුව කර ගත හැකිය.
කලු තල එනම් මේ සඳහා කලු තල, වැල්මී, හාතවාරිය අල, සාරණ හා ඊතණ ආදිය ගෙන ඇල් දියෙන් අඹරා නළලේ ආලේප කිරීම මගින් හිසරදය සුවවේ.මීට අමතරව
- උණුසුම් ජලය පෙගවූ රෙදි කැබැල්ලකින් නලල හා හිස තැවීම, උණු වතුරින් ස්නානය කිරීම හෝ
- හුමාලය ආග්‍රාහණය කිරීම.
- ජලය පානය කිරීම.ආදීය සිදු කිරීමෙන් හිසරදය සුව කර ගත හැකිය.