ව්‍යංජනයට, බැදුමට , සම්බෝලයට අච්චාරුවට ලුණු මිරිසට ආදී සෑම ආහාරයකම රස ගන්වන්නට ලාංකේය අපිට නැතිවම බැරි දෙයක් තමයි රතු ළූණු .ආහාර රුචිය වඩවන්නට ආහාර රසවත් කරන්නට සමත් රතු ළූණු ලෝකයේ තියෙන රසයෙන් වගේම ගුණයෙන් ඉතාම ඉහළ ඖෂධයක්. ඒත් රට ළූණු භාවිතයට වැඩි වශයෙන් පෙළබීමත් රතු ළූණු ආහාරයට එකතු කිරීමේ දී වන දෝෂ නිසාත් අපේ ශරීරයට එයින් ලබාගත හැකි ඉතා ඉහළ පෝෂණ ගුණයන් නොලැබී යනවා.තවත් අය මේ රතු ළූණුවල ගන්ධය නිසා ආහාරයට ගැනීමට මැලිකමක් දක්වනවා.නමුත් සැබැවින්ම රතු ළූණු සතු ඇතැම් විශේෂ ගුණ වෙනත් කිසිම ආහාරයකින් අපට ලබා ගන්නට බැහැ .
ෆෝලික් ඇසිඩ්,පොටෑසියම් සහ සල්ෆර් සංයෝගයක් රතු ළූණුවල අඩංගු වෙනවා.ගෙන්දගම් අඩංගු රසායනික ගුණය නිසාම මේ රතු ළූණු අධික සැර ගතියකින් සමන්විතයි.ඒ හැරුණාම විටමින් A විටමින් B, විටමින් C, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ,මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වගේම සෙලීනියම්, මැංගනීස් ආදී අති දුර්ලභ අංශු මූලද්‍රව්‍යයත් මේ රතු ළූණුවල අඩංගු වෙනවා.
පිසීමේදී රතු ළූණුවල අඩංගු සල්ෆර් සහ ෆ්ලේමනොයිඩ් ආදී පෝෂක විනාශ වී යන්නට ඉඩ තියෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම හෝ අඩුවෙන් පිස ආහාරයට එකතු කර ගැනීමෙන් රතු ළූණුවල අඩංගු පෝෂක අඩුවක් නැතිවම අපිට ලබා ගන්නට ඉඩකඩ ලැබෙනවා. ඉතින් රතු ළූණු ආහාරයක් වගේම විවිධ ලෙඩවලට මහඟු ඔසුවක් විදියටත් භාවිතා කරන්නට පුළුවන්. අපි අද කතා කරමු මේ රතු ළූණු ගැන .
රතු ළූණු සතු ගුණ
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම
- පිළිකා ඇතිවීම අවම කිරීමේ හැකියාව
- හදවත ආරක්ෂා කිරීමේ හැකියාව
- අසාත්මිකතාවයන් පාලනය කිරීමේ හැකියාව
- පණු රෝග නැසීමේ හැකියාව
- ආහාර රුචිය වර්ධනය කිරීමේ හැකියාව
- ලිංගික අප්‍රාණිකත්වය පාලනය කිරීමේ හැකියාව
- මුඛ සෞඛ්‍ය රැක ගැනීමේ හැකියාව
- දරු ඵල පමාවීම හා වඳභාවය දුරු කිරීමේ හැකියාව
- අස්ථි හා සන්ධි ආරක්ෂා කිරීමේ හැකියාව
- ආමාශයික තුවාල සුව කිරීමේ හැකියාව
- රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව
- ස්වසන ආබාධවලින් ආරක්ෂාව සැලසීමේ හැකියාව
- ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව
- අකලට හිසකෙස් ගැලවී යාම පාලනය කිරීමේ හැකියාව
- ආහාර ජීර්ණය වේගවත් කර මල බද්ධය මගහැරවීමේ හැකියාව
- වකුගඩුවල බහිශ්‍රාවීය කටයුතු කාර්යක්ෂම කිරීමට හා මුත්‍ර දැවිල්ල සමනය කිරීමේ හැකියාව
- අක්මා රෝග වැළක්වීමේ හැකියාව
- ස්නායු ආරක්ෂා කිරීමේ හැකියාව
- ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියෙන් හා අග්න්‍යාශයෙන් හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කිරීමේ හැකියාව
- සම පැහැපත් කිරීමේ හැකියාව
- මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව
- වාත රෝග ඇතුළු ශරීරයේ වේදනා දුරු කිරීමේ හැකියාව
- සුව නින්දක් ලබාදීමේ හැකියාව
- කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව
පීනස , ඇදුම සහ කැස්ස සඳහා රතු ළූණු කෂාය
අවශ්‍ය ද්‍රව්‍ය

- රතු ළූණු
- ගොටුකොළ නැටි
- වළගසහල්
- ඉඟුරු පියලි
මේ සියල්ලෙන්ම කළං 3 බැගින් අරගන්න.ඒවා මුට්ටියකට දමා වතුර පත 8 ක් එකතු කර පත 1 ට සිඳ පත භාගය බැගින් උදේ සව්ස පානයට ගන්න.දින කිහිපයක් මෙය පානයට ගැනීමෙන් ගුණ ලබාගත හැකියි.
හිසේ කැක්කුමට
පොල්තෙල් ස්වල්පයක් සමඟ රතු ළූණු යුෂ කකාරා නිවාගෙන හිසේ ආලේප කරන්න. ක්ෂණයකින් හිස කැක්කුම සුවපත් කරගත හැකියි.
කෙට්ටු අයට මහත් වෙන්න කෙට්ටු අයගේ සිරුර පෘෂ්ටිමත් කර ගන්නට දිනපතාම රතු ළූණු යුෂ සමඟ සූකිරි මුසුකර පානයට ගන්න.
මතක ශක්තිය වර්ධනයට දිනපතා උදෑසන රතු ළූණු යුෂ කෝප්ප භාගයක් එළගිතෙල්මේස හැන්දක් දමා හිස්බඩ පානයට ගන්න. එයින් ස්නායු ශක්තිමත්වී මතකය වර්ධනය කරගන්නට පුළුවන්.
කුරුලෑ ලප කැළැල් සඳහා මී පැණි සමඟ රතු ළූණු එකතු කර සාදාගත් පේස්ට් එකක් භාවිතා කිරීමෙන් සමේ අඳුරු පැහැය වගේම ලප කැලැල් කුරුලෑ අඩු කර ගන්නට හැකියාව පවතිනවා.
වෛරස උණ රෝගවලදී රතු ළූණු කපා වතුර වීදුරුවකට දමා නිදා ගන්නා ඇද අසල තැබීමෙන් මේ රෝගය ඉතා ඉක්මනින් සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.එහිදී වාතයේ ඇති විෂබීජ රතු ළූණු විසින් උරා ගනු ලබනවා.

අකලට හිසකෙස් ගැලවී යාමට රතුළූණු යුෂ, මී පැණි සමඟ හෝ පොල් තෙල් සමඟ මිශ්‍රකර හිසේ ආලේප කර මසාජ් කර පැයකින් පමණ සෝදා හැරීම මේ සඳහා ඉතා සුදුසු සාර්ථකම පිළියමක්.
ලිංගික අප්‍රාණිකත්වය පාලනයට රතු ළූණු මී පැණි සමඟ කොටා ඒ යුෂ පානය කිරීම හෝ නැත්නම් රතු ළූණු හා මී පැණි එකට දිනකට දෙවරක් ආහාරයට එකතු කර ගැනීමෙන් මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්.
පණු රෝග නැසීමට රතු ළූණු කපා වතුර භාජනයකට දමා රැයක් තබා පසුදින උදෑසන මී පැණි ස්වල්පයක් එකතු කර පානය කිරීම පණු රෝග සඳහා ප්‍රත්‍යක්ෂ බෙහෙතක්.
රතු ළූණු භාවිතයෙන් මේ ඔසු සකසා භාවිතයට ගැනීමට වගේම හැකිතරම් රතු ලූණු එදිනෙදා ආහාරයට ගැනීමටත් උනන්දු වෙන්න.