හැදිලා තියෙන මුත්‍රා ගල් පවා සුව කර හැකි ස්වභාවික සත්කාර 6 ක්

health tips

මුත්‍රා ගල් නිසා පීඩා විදින ඔබ දන්නවා ඇති ඒ පීඩාව වේදනාව කොයිතරම් ද කියලා. මේ රෝග තත්ත්වය කාන්තාවන්ට වඩා පුරුෂ පාර්ශවය අතර බහුලවම දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 -50 අතර පුද්ගලයන් අතර මේ මුත්‍ර  ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. බොහෝ ලෙඩ රෝග අපේ යම් යම් වැරදි පුරුදු නිසා ඇතිවෙන බව ඔබ දන්නවා. ඉතින් මේ මුත්‍ර ගල් කියන්නෙත් සැබැවින්ම අපේ නොසැලකිලිමත්කම නිසාම බොහෝවිට ඇතිවන තත්ත්වයක්. ඔන්න අපි අද මුත්‍ර  ගල් නිසා විදවන ඔබට සහනයක් ලැබෙන කරුණු රැසක් ගැනයි කතා කරන්නට සූදානම් වෙන්නේ.

දේහයයේ අපද්‍රව්‍ය පෙරා ඉවත් කරන කාර්ය වකුගඩු මගින් සිදු වෙද්දි ඒවා  බැහැරට යවනු ලබන්නේ මුත්‍රා  වශයෙන්. අපේ වැරදි පුරුදු නිසා මුත්‍රා  සාන්ද්‍ර වීම මත වකුගඩුවේ සිට මුත්‍රා  මර්ගයේ කුඩා කැටිති ඇතිවීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ කැටිති මුත්‍රා  සමඟ ගසාගෙන ගියත් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි වීම සිදු වෙනවා.මේ කැටති කාලයක් සමඟ ක්‍රමයෙන් එකතු වී විශාල වී ගල් ඇතිවී මුත්‍ර  මාර්ගය අවහිර වීම සිදු වෙනවා.මේ ගල් වකුගඩුවල, මුත්‍ර වාහිනීවල සහ මුත්‍රාශය යන ස්ථානවල ඇති වෙන්නට හැකියාව පවතිනවා.

  • ජලය නිසි පරිදි පානය නොකිරීම
  •  ජානමය  සාධක 
  • වකුගඩුවල ව්‍යුහයේ වෙනස්කම් 
  • කිවුල් ජලය පානය කිරීම 
  • බඩවැල් සහ වකුගඩු ආශ්‍රිත රෝග 
  • ඔක්සලේට් බහුල ආහාර වර්ග  අධික පරිබෝජනය (රාබු, පිපිඤ්ඤා, තේ, කැකිරි, අනෝදා, ආටා පිටි, රතු සහල් ,තේ, රතු පැහැ මෑ, සෝයා, රතු අල, බණ්ඩක්කා, රාබු, මුරුංගා , නෙලුම් අල, කෙසෙල් මුව , නිවිති, මුරුංගා කොළ, පාස්ලි, දෙලුම් ,අලි පේර, කජු, ආමන්ඩ්, චොක්ලට්) 

ආදී විවිධ හේතු මත මුත්‍රා ගල් ඇතිවෙන්නේ කැල්සියම් ඔක්සලේට්, කැල්සියම් , පොස්පේට්, යූරික් ඇසිඩ් ආදී සංඝටකවල සාන්ද්‍රණය වැඩි වී ඒවා ඝනවී හටගන්නා ගල් වැනි සංඝටකයකින්.

රෝගය හඳුනා ගත හැකි ලක්ෂණ 

අතිශය වේදනාකාරී බඩේ කැක්කුම මේ වේදනාව යටිබඩ දෙසට විහිදී යමින් විටින් විට ඇතිවන තදබල වේදනාවක්. මුත්‍ර ගමන අඩාල වීමෙන් වකුගඩු තුළ ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරන ඇදීමකට ලක්වී වේදනාව ඇති කරනවා.

  • ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම 
  • බඩේ දැවිල්ල පැය කිහිපයක් පැවතීම ,ක්ෂණිකව ඇතිවීම 
  • වේදනාව ශිෂ්ණය හෝ කෝශ වෙත ගමන් කිරීම ආදී ලක්ෂණ මගින් මේ රෝගය හඳුනා ගන්නට උපකාරී වෙනවා.
  • වමනය 
  • කොන්දේ වේදනාව ගල් ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම පිට කොන්දේ වේදනාව ඇතිවිට පිට අතින් තද කළ විට වේදනාව තවත් වැඩිවීමක් දකින්නට පුළුවන්.
  • දහදිය දැමීම සාමාන්‍යයෙන් මුත්‍ර වාහිනී නිතරම උත්සාහ කරන්නේ ගල් තල්ලු කර දැමීමට. ඒ නිසා ගලක් ගමන් කරද්දි දැඩි වේදනාව සමඟ දහදිය දැමීම, ඔක්කාරය, ක්ලාන්තය දුඹුරු පැහැයෙන් මුත්‍රා පිටවීම ආදී ලක්ෂණත් ඇති වෙනවා. මේ වේදනාව සමඟ පිට කෙරෙන මුත්‍රා  ගල් මිලිමීටර්  15 ට වඩා කුඩා ප්‍රමාණයේ ඒවා.
  • නිතර මුත්‍රා  පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම 
  • මුත්‍රා සමඟ ලේ හෝ සැරව  පිටවීම 
  • මුත්‍රා  පිට කිරීමේදී වේදනාවක් සහ දැවිල්ලක් ඇතිවීම 
  • කඩින් කඩ මුත්‍රා  පිටවීම 
  • මුත්‍රා  පිටවීම අඩුවීම  
  • දුර්ගන්ධයක් සහිතව මුත්‍රා  පිටවීම 

මුත්‍රා ගල් ඇති රෝගීන්ට සුදුසු ආහාර 

  • කටු අනෝදා 
  • බාර්ලි 
  • මෙනේරි 
  • කූර තම්පලා 
  • කිතුල් හකුරු 
  • පුහුල් 
  • ගොං කැකිරි 
  • කොල්ලු 
  • මුං ඇට 
  • පොල් වතුර 
  • ජලය බහුල එළවලු 
  • සාරණ

මුත්‍රා ගල් ඇති රෝගීන්ට නුසුදුසු දේවල්  

  • කැල්සියම්  බහුල ආහාර අධිකව ගැනීම (කුඩා මාළු, සාලයෝ, හාල් මැස්සන්, කතුරු මුරුංගා , වැල් පෙනෙල  )
  • පොටෑසියම් බහුල ආහාර අධිකව ගැනීම (කෙසෙල්, දොඩම්,රතු සහල්, තක්කාලි , තක්කාලි දැමූ හාල්මැස්සන්)
  • අල 
  • බතල 
  • අඹ
  • කාමරංගා 
  • ලුණු දෙහි 
  • නිවිති 
  • බිලිං 
  • චොක්ලට් 
  • රට කජු 
  • ඇඹරැල්ලා 
  • අච්චාරු වර්ග 

මේ ආහාර වර්ගවලින් සම්පූර්ණ වැළකීමක් මෙයින් අදහස් කරන්නේ නැහැ. ඒවා අධිකව නිතර නිතර ගැනීමෙන් වැළකීම මෙවැනි රෝගීන්ට වඩාත් හිතකරයි.

මුත්‍රා ගල් සඳහා පිළියම් 

නීරමුල්ලිය නීරමුල්ලිය තම්බා හෝ සම්බෝලයක් වශයෙන් සතියකට වරක් භාවිතයට ගන්න.

පොල්පලා පොල්පලා , නෙරෙංචි, නීරමුල්ලියවල යුෂ සතියකට වරක් පානයට ගන්න .

අක්කපාන අක්කපාන සම්බෝලය සතියකට වරක්  ආහාරයට ගන්න. එහෙමත් නැත්නම් අක්කපාන කොළ යුෂ ස්වල්පයක් පානයට ගන්න.

එඩරු තෙල්, තල තෙල් අධික වේදනාවක් ඇති අවස්ථවේදී එඩරු තෙල් තල තෙල් සමඟ මිශ්‍ර කර යටිබඩේ ආලේප කරන්න.

මෙනේරි කැඳ සතියකට දින කිහිපයක් මෙනේරි කැඳ පානය කරන්න.

කැකිරි පානය කැකිරි පානය සතියකට දින කිහිපයක් පානයට ගන්න.

මුත්‍රා ගල් කියන්නෙ සුළුවට ගතයුතු රෝග තත්ත්වයක් නෙවෙයි.මොකද මෙවැනි රෝගියෙකුට අත්විදින්නට සිදුවෙන අතිශය වේදනාකාරී පීඩාව වගේම මේ ඇතිවන සංකූලතා ඉතා බරපතලයි. ඒ නිසා  මේ තත්ත්වය ඇති නොවෙන්නට වග බලා ගැනීම අතිශයින්ම වැදගත් වගේම දැනටමත් මේ රෝගයට ඔබ ගොදුරු වෙලා නම් ඉක්මනින් නිසි ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. විශේෂයෙන්ම අක්කපාන නීරමුල්ලිය කියන්නේ මුත්‍රා ගල් ඉතා පහසුවෙන් සාර්ථකව දියකර හරින්නට උදව් වෙන වටිනා හෙළ ඔසු. ඔබට ආයුර්වේද වෙද මහතෙකුගේ උපදෙස් මත මේ පිළියම්වලට යොමුවීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔබට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් පුළුවන්.

වකුගඩු ඉදිමීම වගේ වඩාත් බරපතල ගැටළු ඇති කරන මේ මුත්‍රා ගල් කියන රෝගය කිසිවිටෙක සුළුවට ගන්නට එපා. ඔබට දීර්ඝායු.