රනිල කුලයට අයත් ගුණයෙන් අනූන දඹල
Psophocarpus tetragonolo busk නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. වැලක් ලෙස වැඩෙන දඹල ශාකයේ පත්‍ර විශාල ත්‍රී පත්‍ර වන අතර කොළ පැහැයෙන් යුක්ත වේ. ද්වීලිංගික මල් දම් පැහැති වන අතර ඵලය කරලක් ලෙස හට ගනී මෙහි මල් කරල් අලකොල යන ආදි සියල්ල ආහාරයට එක්කර ගත හැකිය. ඒවායෙහි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ.

විටමින් A,B,C,D,E
යකඩ
කැල්සියම්
මැග්නීසියම්
පොටෑසියම්
සිලේනියම්
තන්තු
කෝපර්
මැංගනීස්
පොස්පරස්
මේ නිසාම දඹල කරල් ව්‍යාංජනයක් , සලාදයක් ලෙස හෝ, කොළ පළා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
දඹල සලාදය සකස් කර ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය ළපටි දඹල
ඉදුණු තක්කාලි ගෙඩියක්
අමු මිරිස් කරල් දෙකක්
රතු ලූනු ගෙඩි හතරක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
උම්බලකඩ ස්වල්පයක්.
ලුණු ස්වල්පයක්
දෙහි ඇඹුල් ස්වල්පයක්
දඹල කරල් හොඳින් සෝදා සිහින්ව ලියලා ගෙන ඊට උම්බලකඩ ස්වල්පයක් සිහින්ව කපා ගත් අමු මිරිස් ,රතුළූණු, තක්කාලි, ලූනු, එක්කර
රස පදමට ලුනු, ගම්මිරිස්, එකතු කර කෑමට පෙර දෙහි යුෂ ස්වල්පයක් එක් කර ගන්න.
දඹල ආහාරයට ගැනීමෙන් අත් කර ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.
ශරීරය ශක්තිමත් කිරීමට උපකාරී වේ.
හීන වූ ශරීර ශක්තිය නැවත වර්ධනය කර ගැනීමට බාල මහලු සෑම දෙනාටම පාහේ දඹල ව්‍යංජනයක් , සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායක වේ. එනම් දඹලවල අඩංගු සුක්‍රෝස්, ලැක්ටොස්, ග්ලූකෝස්, මෝල්ටෝස් ,ආදී විවිධ සීනි වර්ග ශරීරය ශක්තිමත් කිරීමට හේතු වන අතර මාංශපේෂි ශක්තිමත් කිරීම සිදුකරනු ලබයි.
දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.
දියවැඩියාව පාලනය කිරීම සඳහා දඹල ආහාරයට ගැනීම ගුණදායකය. දඹලවල අඩංගු විටමින් D සහ කැල්සියම් ඉන්සියුලින් ශ්‍රාවය කර රුධිරගත සීනි මට්ටම යාමනය කරයි. මේ සඳහා දඹල සලාදයක්, ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය.
අස්ථි සහ දත් ශක්තිමත් කිරීමට උපකාරී වේ.
දඹල ව්‍යාංජනයක්, සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් අස්ථි සහ දත් ශක්තිමත් කර ගත හැකිය. එනම් දඹල වල අඩංගු කැල්සියම්, විටමින් D මගින් අස්ථි ශක්තිමත් කර අස්ථි දිරායාමෙන් ඇතිවන ඔස්ටියෝපොරෝසිස් ආතරයිටීස් වැනි රෝග ඇති වීම වළක්වයි. ඊට අමතරව දන්ත රෝග ඇතිවීම වැළැක්වීමට දත් ශක්තිමත් කිරීමට දඹලවල අඩංගු කැල්සියම් උපකාරී වේ.
ශරීරගත ඉදමුම් සමනයට උපකාරීවේ.
බොහෝවිට ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග හේතුවෙන් ඇතිවන ශරීරගත විදමින් වේදනා සුව කර ගැනීමට දඹල ව්‍යංජනය හෝ සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඊට හේතුව ලබන වැඩි ප්‍රමාණයක් මැංගනීස් අඩංගු වීමයි.
රක්තහීනතාවය සමනය කිරීමට උපකාරී වේ.
දඹළ යනු යකඩ අඩංගු තවත් එක් රනිල කුලයට අයත් ශාක විශේෂයකි. දඹල ආහාරයට ගැනීමෙන් දඹලවල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිශ්පාදනය වැඩි කර යකඩ අවම වීමෙන් ඇතිවන රක්තහීනතාවය සමනය කරයි. මේ නිසා රුධිරය වර්ධනය කර ගැනීමට දඹල ව්‍යාංජනයක්, සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
මලබද්ධය, අර්ශස් සමනය කිරීමට උපකාරී වේ.
වර්තමානය වන විට බොහෝ දෙනෙකු මලබද්ධය හෙවත් නිසි අයුරින් මලපහ පිට නොවීම හේතුවෙන් බොහෝ පීඩා විඳි. මෙවැනි අවස්ථාවක දඹල සලාදයක් ලෙස හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර දෙතුන් වරක් ආහාරයට එක්කර ගැනීමෙන් මළ බද්ධය හෙවත් පහ පිට කිරීම පහසු කරගත හැකිය.
හිසකෙස් සහ සමට හිතකර වේ.
බාල මහලු සැමදෙනාම සෑම දෙනාගේම හිසකෙස් සම නිරෝගීව පවත්වා ගැනීමට දඹල ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. දඹල වල අඩංගු විටමින් A සහ E හිසකෙස් නීරෝගී කිරීමටත් දඹල වල අඩංගු විටමින් C, බීටා කැරොටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ සම පැහැපත් කිරීමටත් උපකාරී වේ.
එමෙන්ම
ඇදුම
හිසරදය
ඉරුවාරදය සඳහා
ශරීර දාහය සඳහා
පෝෂණ ඌනතා සඳහා
අක්ෂි රෝග සඳහා
හෘද රෝග සඳහා
ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට
ආහාර ජීරණය පහසු කිරීම සඳහා
යන ආදී රෝග සමනය කිරීමට පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු දඹල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.