අපි හැමෝම මල් වර්ගවලට හරිම ආසයි නේ. අපේ ගෙවත්ත අලංකාර කරගන්න නොයෙකුත් වර්ගයේ මල් අපි වගා කරනවා. නමුත් අපි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ වගේ බොහොමයක් මල් වර්ග තියෙනවා අලංකාරය හැරුණාම විවිධ ලෙඩ රෝග සඳහා භාවිතා කළ හැකි ඖෂධීය වටිනාකමක් සහිත ශාක. ඉතින් අපි අද කතා කරන්නේ පූජා කිරීමට ගෙවත්ත අලංකාර කර ගැනීම හැරුණාම අපේ ශරීරය නිරෝගීව තියාගන්න උදව් වෙන ඔබ එතරම් නොසිතන හරි අපූරු මල් වර්ගයක ඖෂධීය ගුණ ගැන ඔයාට කියන්න. ඒ තමයි දාස් පෙතියා මල්.

අපි සාමාන්‍යයෙන් හැමදාම බොන තේකට වඩා මේ දාස්පෙතියාවලින් සකසා ගත්තු එකක් පානය කිරීම මගින් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන් ප්‍රතිලාභ බොහොමයි. ශරීර අභ්‍යන්තරයේ නිරෝගී බවට වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නට බාහිරින් ආලේපනයක් විදිහටත් මේ දාස් පෙතියා මල් භාවිතා කරන්නට පුළුවන්. ඔන්න ඒ නිසා අපි අද කතා කරන්නේ දාස්පෙතියා මල් අපේ නිරෝගී බවට සහ අපේ සුන්දර බවට කොහොමද බලපාන්නේ කියලා කාරණාව පිළිබඳව.

marigold හෙවත් දාස්පෙතියා මල් අපේ රටේ ඉතා සුලභව දැකිය හැකි මල් වර්ගයක්. දීප්තිමත් කහ මල් ඉතා සුබ මල් විදිහටයි සැලකෙන්නේ. යාච්ඤාවලදී වගේම විවිධ ආගමික උත්සවවලදී මේ දාස් මල් නිරන්තරයෙන් භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු ජන සමාජයේ විවිධ උත්සව සමයන්වලදී නිවෙස් අලංකාරය සඳහාත් මේ දීප්තිමත් කහ හෝ තැඹිලි වර්ණයෙන් යුක්ත දාස් පෙතියා මල් භාවිතයට ගන්නවා.
මේ දාස්පෙතියා මල්වල විශේෂයෙන්ම glycoprotein සහ නියුක්ලියර් ප්‍රොටීන් අඩංගු වෙනවා. ඒ නිසාවෙන් ශරීර අභ්‍යන්තරයේ විවිධ රෝග තත්ත්වයන් සඳහා වගේම සමේ ඇතිවන විවිධ ගැටලු සඳහාත් ඉතාම හිතකර මල් වර්ගයක් විදිහට වැදගත් වෙනවා.
දාස් මල් සතු සුවිශේෂී ගුණ
දාස්පෙතියා මල් විසබීජ නාශක ගුණයෙන් සමන්විතයි.
සමේ ගැටිති රාශියකටම ගුණදායකයි.
කුරුලෑ ලප කැලැල් සහ වෙනත් ලප ඉවත් කරන්නට උපකාරී වෙයි.
කෘමීන් දෂ්ඨ කිරීම නිසා සම මත ඇතිවන ඉදිමුම් ආදිය සුව කරයි.
මේ සඳහා දාස් පෙතියා තෙල් භාවිතා කෙරෙනවා.
සම පැහැපත් කරයි.
දාස් පෙතියා මල් රූපලාවන්‍ය කටයුතු බොහොමයකටම භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම සම සුවපත් කිරීමේ හැකියාවක් ඒවා සතු වෙනවා.
ශරීරයේ විෂ ඉවත් කරයි.
සමයේ ඇති පැල්ලම් ඉවත් කරයි.
දද කුෂ්ඨ ඇතුළු සමේ රෝග සුව කරයි.
අහිතකර හිරු කිරණ නිසා අවපැහැ ගැන්වුනු හානි වූ සම යථා තත්ත්වයට පත් කරයි.
වයසට යාමේ ලක්ෂණ වළක්වයි.
මල බද්ධය දුරු කරයි.
ඉදිමුම් සහ වේදනාවන් අඩු කරයි.
ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටලු සමනය කරයි.
උදරයේ ආම්ලික බව අඩු කරයි.
පියයුරු පිළිකා, මහ බඩවැලේ පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, සමේ ඇතිවන පිලිකා සහ ලියුකේමියාව ආදී රෝග තත්ත්වයන් මර්දනය කරයි.
අඳුරු සහ එල්ලා වැටෙන සමට පුනර්ජීවනය ලබාදෙයි.
තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවකින් යුක්තයි.
වියලි සමට සහ වඩාත් සංවේදී සමට හිතකරයි.
දාස් පෙතියා මලේ ඖෂධීය භාවිතයන්
දාස්පෙතියා face cream
දාස්පෙතියා මල් පෙති කෝප්පයක් ගෙන හොඳින් සෝදා එයට රෝස වතුර තේ හැඳි තුනක් පමණ දමා බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු එය පෙරා මල් යුෂ ටික වෙන්කර ගන්න. ඉන්පසු පිරිසිදු භාජනයකට කෝමාරිකා ජෙල් මේස හැදි තුනක් පමණ දමා විටමින් ඊ කරලක තෙල් ද එකතු කර එයට දාස්පෙතියා මල් යුෂ තේ හැඳි කිහිපයක් අවශ්‍ය පමණට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න. මෙය පිරිසිදු කප් එකක ගබඩා කර තබාගෙන රාත්‍රියට භාවිතා කරන්න.
සම පැහැපත් කරන merigold මල් තෙල්
ආමන්ඩ් තෙල් 80 ml ක් සහ විශාල මැරි ගෝල්ඩ් මලක් ගෙන දින 15ක් භාජනයක දමා තබා ගන්න. ඉන්පසු පෙරා රාත්‍රියේදී මේ තෙල් භාවිතයට ගන්න.
වයස්ගත වීමේ ලක්ෂණ වැළැක්වීම සඳහා
merigold පෙති කෝප්ප භාගයක් කැට වශයෙන් කපාගත් ඇපල් කෝප්ප භාගයක්, පැපොල්, මී පැණි මේස හැඳි දෙකක් සහ රෝස වතුර මේස හැදි දෙකක් ආදී සියල්ල එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන පේස්ට් එකක් ලෙස සකසා මුහුණේ ආලේපකරන්න.
දාස් පෙතියා පේස්ට් තේ හැඳි 1 ක් , කහ කුඩු තේ හැඳි එකක් , මී පැපැණි තේ හැඳි එකක්, නැවුම් කිරි තේ හැන්දක් ගෙන සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න.
අඳුරු පැල්ලම් සඳහා
merigold මල් පේස්ට් මේස හැඳි එකක්, සහල් පිටි මේස හැඳි එකක් සහ ලෙමන් යුෂ තේ හැඳි බාගයක් ගෙන සියල්ල හොඳින් මිශ්‍රකර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. වියැළුණු පසුව රවුම් චලිතයකින් ස්ක්‍රබ් කරමින් ඉවත් කරගන්න.
තෙල් සහිත සමක් සඳහා
merigold මල් පේස්ට් තේ හැදි එකක්, යෝගට් තේ හැඳි බාගයක්, ලෙමන් යුෂ තේ හැඳි භාගයක්, රෝස වතුර තේ හැඳි එකක් කියන සියලුම අමු ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර වියළෙන්නට තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
සම පැහැපත් කර ගැනීම සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය
දාස් මල් දෙකක පෙති
නැවුම් කිරි මේස හැඳි 4ක්
වැල්මී කුඩු තේ හැඳි දෙකක්
අඟලක පමණ ඝනකම ඇති පිපිඤ්ඤා පෙත්තක්
දොඩම් ගෙඩියක ලෙල්ල
කෝමාරිකා යුෂ මේස හැඳි දෙකක්
මේ ද්‍රව්‍ය සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කර ක්‍රීම් එකක් ලෙස සකසා ගන්න. හොඳින් සෝදා පිරිසිදු කරගත් මුහුණේ මේ මිශ්‍රණය ආලේප කර විනාඩි 25ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෙමෙන් අතුල්ලමින් සෝදා හරින්න.
වියැළුණු පසුව අයිස් ජලයෙන් පෙඟවූ පුළුන් කැබැල්ලකින් මුහුණ පිස දමමින් ටෝනර් කරගන්න.
මුහුනෙහි ඇති ඉන්නන් ඉවත් කර ගැනීම සඳහා
දාස්පෙතියා මල් අඹරා තලපයක් මෙන් සාදා ගෙන ඉන්නන් ඇති ස්ථානයේ ආලේප කර මද වේලාවක් තබා සෝදා හරින්න. දින පහළොවක් පමණ සිදු කිරීමෙන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්.
රැලි සහ පැල්ලම් ඉවත් කර ගැනීම සඳහා
දාස් මල් පෙති කිහිපයක් උණුසුම් ජලය කෝප්පයක විනාඩි දහයක් පමණ තබා පෙරා එයින් මුහුණ දිනපතා පිරිසිදු කරගන්න. මේ ජලය සමේ ඇති අධික තෙල් ස්වභාවය ඉවත් කරන්නටත් සමේ වර්ණය වැඩි කරන්නටත්, රැළි සහ පැල්ලම් ඉවත් කරන්නට බෙහෙවින් උපකාරී වෙනවා.
දාස්පෙතියා මල් තේ සාදා ගන්නා ආකාරය
දාස්පෙතියා මල් කිහිපයක් අරගෙන එහි පෙති එකින් එක ගලවා ගන්න. ඉන්පසු මේ පෙති හොඳින් පිරිසිදු කරගෙන වීදුරුවකට දමා ගන්න. නටන උණු වතුර එයට එකතු කර විනාඩි 5ක් පමණ වසා තබා ඉන් පසුව පෙරා පානයට ගන්න.

දාස්පෙතියා මල් නිකන් හැදිල පරවෙලා යන්නට දෙන්නේ නැතිව ඔබේ රූපලාවණ්‍ය කටයුතු සඳහා වගේම නිරෝගී බව සඳහාත් මේ විදිහට ඔබට භාවිතයට ගන්නට පුළුවන්.