කාන්තිමත් ඇස් දෙකක් කියන්නේ ඔබේ මුහුණේ සුන්දරත්වය වැඩි කරන්නට බෙහෙවින් බලපාන කාරණයක්. නමුත් මුහුණේ සුන්දර බව අඩු කරන්නට ඇස් ආශ්‍රිතව ඇතිවන යම් යම් ගැටළු හේතු වෙනවා. ඒ අතරින් වැඩිදෙනෙක් පීඩා විදින තත්ත්වයක් තමයි ඇස් යට කළුවීම සහ ඇස් වටා සම රැළි වැටීම කියන්නේ. මේ තත්ත්වය නිසා මුහුණට විඩාබර පෙනුමක් ලැබෙනවා.ඒ වගේම මුහුණේ සුන්දරත්වයටත් එය බාධාවක්. ඇස් වටා කළු වෙන්නට බලපාන හේතුවලින් ඈත්ව සිටීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරකට පාලනය කර ගන්නට හැකියාව ලැබුණත් ඒ සඳහා පහසුවෙන් නිවසේදි කළ හැකි ස්වාභාවික ප්‍රතිකාරත් බොහොමයක්ම පවතිනවා. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ ඇස් වටා කළුවීමක් ඇතිවිට කළ යුතු සත්කාර කිහිපයක් පිළිබඳව.
මුලින් සඳහන් කළා වගේ ඇස් අපේ මුහුණට අපූරු සුන්දරත්වයක් එකතු කරනවා. නමුත් මේ ඇස් වටා අවපැහැ ගැන්වී ඇත්නම් එය ඔබට මානසිකව මහත් පීඩාවක් හා කනස්සල්ලක් ඇති කරනවා. ඒ නිසා වළකාගත හැකි කාරණාවලින් වැළකීම මගින් ඔබට ඔබේ ඇස් පියකරුව තබා ගන්නට පුළුවන්. ඒ නිසා ඇස් වටා අවපැහැවන්නට බලපාන මේ හේතු පිළිබඳව සැලකිලිමත් වන්න.
ඇස් වටා කළු වීමට බලපාන හේතු
- ජානමය සාධක
- වයස්ගත වීම
- පෝෂ්‍යදායි ආහාර නොගැනීම
- රාත්‍රියට නිදිවැරීම
- සමේ වියළි බව
- දිගු වේලාවක් පරිගණකය භාවිතය
- නිතර නිතර මේකප් දැමීම
- මානසික පීඩනය
- විවේකය අඩුවීම
- දීර්ඝකාලීනව ඇති පීනස
ඇස් වටා කලු වීමට නිවසේදී කළ හැකි සත්කාර

- පිපිඤ්ඤා -පිපිඤ්ඤා ඇසට සහ සමට සිසිලසක් ලබාදෙන අතර එය ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කරගන්නට උපකාරී වෙනවා. පැය භාගයක් පමණ ශීතකළ පිපිඤ්ඤා පෙති ඇස් මත හා අවට ප්‍රදේශයේ මිනිත්තු 10 පමණ තබා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙය දිනකට දෙවරක් සිදු කරන්න.
- අර්තාපල් -සමේ පැහැය ඇති කරන්නට සමත් අර්තාපල් ඇස් වටා ඇති කළු පැහැය ඉවත් කරන්නටත් කදිමයි. ඝනකම ඇති අර්තාපල් පෙති කීපයක් ගෙන පොඩිකරගත් යුෂ පුළුන් කැබැලිවල පොගවා ඇස් වටා මිනිත්තු 10-15 අතර කාලයක් තබා ගන්න. දිනකට දෙවරක් මෙය සිදු කිරීම ප්‍රමාණවත් .
- පොල්තෙල් -පොල්තෙල් ඇස් වටා ඇති කළුපැල්ලම් ඉවත් කර ඉතා හොඳ මොයිස්චරයිසර් එකක් ලෙසත් ක්‍රියා කරනවා.එය සම සුමුදු කර සමේ රැළි හා ඉරි ඇතිවීම වළක්වනවා.වර්ජින් පොල්තෙල්වල ඇඟිලි ගිල්වා ඇස් යට ඉතා මෘදු ලෙස සම්බාහනය කරන්න.පැයකට පමණ පසුව මෙය සෝදා හරින්න.මේ සත්කාරයත් දිනකට දෙවරක් කිරීම සුදුසුයි.
- තේ බෑග් ඇස් වටා කළුවීම හා ඉදීමීම නැති කරන්නට තේවල ඇති කැෆේන් හා ඇන්ටිඔක්සිඩ්න්ට් උදව් වෙනවා.පැය 10 ක් පමණ ශීතකරණයේ තැබූ තේ බෑග් ඇස් මත මිනිත්තු 10-15 තරම් වේලාවක් තබා ගන්න. මෙය දිනකට වරක් සිදු කරන්න.

- ලෙමන් යුෂ -ලෙමන්වල ඇති ස්වාභාවික බ්ලීචින් ගුණය සහ ඉතා මෘදු ඇස්ට්‍රජන්ට් ඇති නිසා සමට හිතකර වෙනවා.පුළුන් කැබැල්ලක් ගෙන ලෙමන් යුශවල පොගවා ඇස් වටා ඉතා පරෙස්සමින් ආලේප කර මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න.එය දිනකට වරක් කිරීම ප්‍රමාණවත්.
- යෝගට්, කහ ආලේපය -යෝගට් තේ හැදි 2 ක් පිරිසිදු බදුනකට එකතු කර එයට කහ කුඩු ස්වල්පයක් ද එකතු කරන්න. මේ ආලේපනය ඇස්වල නොතැවරෙන සේ ආලේප කර විනාඩි 15 ක් තබා සෝදා හරින්න.
- අර්තාපල් හා කෝමාරිකා සත්කාරය – පොතු ඉවත් කරගත් අර්තාපල් ගෙඩියක් සහ පොතු ඉවත් කරගත් පිපිඤ්ඤා ගෙඩියත් ග්‍රේට් කරගන්න.ඉන්පසු මේවායෙන් යුෂ පෙරා ගන්න.පසුව පෙරාගත් යුෂවලට විටමින් E කරලක් එකතු කරගන්න. මේ මිශ්‍රණය නින්දට යාමට පෙර ඇස් වටා හොඳින් ආලේප කර මිනිත්තු 3 ක් පමණ සම්බාහනය කර පසුදා උදෑසන සෝදා හරින්න.
- රෝස වතුර – සමට ඉතා හොඳ ටෝනර් එකක් ලෙස ක්‍රියා කරන රෝස වතුර සමට ඉතාම හොඳ සත්කාරයක්.මෙය ඇස්වල ඇති වයසින් වැඩි පෙනුම වගේම ඇස් වටා ඇති අවපැහැවීම් පවා වළක්වනවා. කපු පුළුන් ගෙන රෝස වතුරේ මිනිත්තු කිහිපයක් හොඳින් පොගවා ගෙන ඒවා ඇස් වටේ තබා මිනිත්තු 15 ක් පමණ තබන්න. ඉන්පසු මෙය ඉවත් කරන්න. දිනකට දෙවරක් මෙය සිදු කරන්න.
- පිරිසිදු රෙදි කැබැල්ලක් සීතල වතුරෙන් පොගවා ගෙන දෑස් මත තබා මිනිත්තු කිහිපයක් තබා ඉවත් කරන්න.
- අයිස් කියුබ් දෙකක් පිරිසිදු රෙදි කඩක ඔතා ඇස් යට මිනිත්තු කිහිපයක් තබාගන්න.
- ආමන්ඩ් ඔයිල්
ඉතා ඉක්මනින් ඇස් යට අඳුරු පැහැය නැතිකර ගන්නට ආමන්ඩ් ඔයිල් ඉතා සුදුසුයි.ආමන්ඩ් තෙල් සමඟ විටමින් E කරලක තෙල් මිශ්‍රකර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න.පසුදා උදෑසන සීතල වතුරෙන් සෝදා හරින්න. දිනපතා මෙය සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.
මේ සත්කාරයන් ස්වාභාවික ඒවා නිසා ඒවායින් අහිතකර ප්‍රතිඵල ඇතිවීමේ ඉඩකඩ ඉතා අඩුයි. ඒ නිසාවෙන් මේ සත්කාරයන් සිදු කරන අතරේ ප්‍රමාණවත් විවේකයක් ඇස්වලට ලබාදීමටත්, සුවදායි නින්දක් ලබා ගැනීමටත් අමතක නොකරන්න. ඒ වගේම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත් සමබල ආහාරවේලක් ලබා ගැනීමත් ඉතා වැදගත්.