බොහෝ කාන්තාවන් ඇස්යට අඳුරු වීම හා කළු වීම හේතුවෙන් පීඩාවට පත්ව තිබේ. එනම් එය සෑම දෙනෙකුගේම සුන්දරත්වයට බලපෑම් ඇති කරනු ලැබේ. එනම් අධ්‍යාපන කටයුතු වල යෙදෙන තරුණියන්ට මෙන්ම රැකියාවේ නිරතවන කාන්තාවන්ට මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවේ. එනම් ඇස්යට අඳුරු වීමට බොහෝ හේතු බලපානු ලබයි. එනම් ඒ අතර
- විවිධ ආලේපන වර්ග භාවිතා කිරීම.
- පරිඝනක හා ජංගම දුරකථනය භාවිතය වැඩි වීම
- හිරු රශ්මියට නිරාවරණය වීම.
- එදිනෙදා භාවිතා කරන ආහාර රටාවන්
- ඇස් වටා වියළීම හා හානි වූ සෛල එක්රැස් වීම.
- පුද්ගලයාගේ වයස හා ජාන බලපෑම
- ප්‍රමාණවත් නින්දක් නොලැබීම.
- මානසික ආතතිය මේ ආදී හේතූන් ඇස්වටා අඳුරු වීමට හේතුවනු ලැබේ. මෙසේ ඇස් යට අඳුරු වූ විට එය සමනය කර ගැනීමට ස්වභාවික සත්කාර භාවිතා කළ හැකිය. ඒ අතර

ආමන්ඩ් ඔයිල් සත්කාරය ඇස් යට අඳුරු පැහැය සමනය කර ගැනීමට භාවිතා කළ හැකි ඖෂධීය තෙල් වර්ගයක් ලෙස ආමන්ඩ් ඔයිල් හැඳින්විය හැකිය. එනම් ආමන්ඩ් ඔයිල් වල අඩංගු විටමින් ඊ ඇස් යට ඇති අඳුරු පැහැය සමනය කිරීමට ඉවහල්වේ. එනම් රාත්‍රීයේ නින්දට යාමට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇස් වටා ආලේප කර මෘදුව සම්භාහනය කර උදෑසන සිතල ජලයෙන් සෝදා හැරීම මගින් ඇස්වටා ඇති වූ අඳුරු පැහැය වළක්වා ගත හැකිය.
පොල් තෙල් සත්කාරය පොල්තෙල් යනු සමට හිතකර පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු තෙල් වර්ගයකි. එනම් ඇස්වටා ඇති වූ අඳුරු පැහැය වැළැක්වීම සඳහාද පොල් තෙල් භාවිතා කිරීම ගුණදායකය. මේ සඳහා පිරිසිදු පොල්තෙල් භාවිතා කළ යුතු අතර පොල්තෙල් ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වල තවරා ඇසෙහි අඳුරු වූ ස්ථානය පහල සිට ඉහලට සම්බාහනය කළ යුතුය. එනම් එසේ සම්බාහනය කර විනාඩි විස්සක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හැරීම මගින් ඇස් යට අඳුරු පැහැය සමනය කරගත හැකිය.
පිපිඤ්ඤා සත්කාරය ඇස් යට අඳුරු වීම වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ස්වභාවික සත්කාරයක් ලෙස පිපිඤ්ඤා සත්කාරය හැඳින්විය හැකිය. එනම් අධික අව්වට නිරාවරණය වීමෙන් සහ පරිගණක ජංගම දුරකථන වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් ඇස් යට අඳුරු පැහැ විය හැකිය. එවැනි අවස්ථාවක පිපිඤ්ඤා ගෙඩියක් ගෙන සියුම් ලෙස පෙති කපා ඇස් මත විනාඩි දහයක් පමණ තබා සෝදා හැරීම මගින් ඇස්වටා ඇති විය හැකි අඳුරු පැහැය වළක්වා ගත හැකිය.
අර්තාපල් සත්කාරය අර්තාපල් වල අඩංගු විටමින් ඊ වැනි පෝෂ්‍ය පදාර්ථ ඇස්වටා ඇති වූ අඳුරු පැහැය වළක්වා ගැනීමට උපකාරීවේ. එනම් ඇස් වටා අඳුරු පැහැ වූ විට මෙන්ම ඇස් වටා අඳුරු වීම වලක්වා ගැනීමටද අර්තාපල් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා අර්තාපල් ගෙඩියක් ගෙන හොඳින් සෝදා සිහින්ව පෙති වලට කපා ශීතකරණය තුළ විනාඩි දහයක් පමණ තබා පසුව ඇස් මත විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හැරීම මගින් ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කරගත හැකිය. එනම් මෙම සත්කාරය දිනපතා දවසට දෙවතාවක් සිදුකිරීම මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.
කෝමාරිකා සත්කාරය ඈත අතීතයේ සිටම කාන්තාවන්ගේ සුන්දරත්වය පවත්වා ගැනීමට භාවිතා කළ ඖෂධයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකිය. එනම් කෝමාරිකා මදය සූරා ගෙන ඊට විටමින් ඊ කරල් යුෂ එක් කර රාත්‍රියේ නින්දට ප්‍රථම අඳුරු වූ ඇස් වටා ආලේප කර මෘදුව සම්භාහනය කර උදෑසන සෝදා හැරීම මගින් ඇස් වටා ඇති වූ අඳුරු පැහැය වළක්වා ගත හැකිය.
කෝපි කුඩු සත්කාරය ඇස්වටා ඇති වූ අඳුරු පැහැය ඉවත් කර ගැනීමට කෝපි කුඩු සහ කහ කුඩු මිශ්‍ර කර සකස් කර ගන්නා ආලේපය භාවිතා කිරීම ගුණදායකය. එනම් මේ සඳහා කෝපි කුඩු හැඳි දෙකක් සහ අමු කහ කුඩු තේ හැන්දක් මිශ්‍රකර අඳුරු වු ඇස් වටා ගල්වා විනාඩි දහයක් පමණ තබා මෘදුව සෝදා හැරීම මගින් ඇස් වටා ඇති වූ අඳුරු පැහැය සමනය කරගත හැකිය.

ලෙමන් යුෂ සත්කාරය ඇස්වටා කළුවීම වළක්වා ගැනීමට ලෙමන් යුෂ ද ස්වභාවික සත්කාරයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා ලෙමන් යුෂ ස්වල්පයක් ගෙන පුළුන් බෝලයක් උපකාරයෙන් ඇස් වටා ආලේප කර (ඇස් තුළට ඇතුළු නොවීමට වග බලා ගන්න.) විනාඩි 10ක් පමණ තබා සෝදා හැරීම සුදුසුවේ. එනම් මෙමගින් ඇස් වටා ඇතිවූ අඳුරු පැහැය සමනය කරගත හැකිය.
තේ බෑග් සත්කාරය ඇස්වටා ඇති වූ අඳුරු පැහැය සමනය කර ගැනීමට බොහෝ දෙනෙකු භාවිතා කරන තවත් එක් සත්කාරයක් ලෙස තේ බෑග් සත්කාරය හැඳින්විය හැකිය. එනම් පැය භාගයක් පමණ ශීතකරණය තුළ තැබූ තේ බෑගයක් විනාඩි 10 ක් පමණ ඇස් මත තබා ඇල් ජලයෙන් සෝදා හැරීම මගින් ඇස් වටා ඇති වූ අඳුරු පැහැය සමනය කරගත හැකිය.
මේ ආදී වූ ස්වභාවික සත්කාරයක් දිනපතා සති තුනක් පමණ භාවිතා කිරීම මගින් ඇස් වටා ඇති වූ අඳුරු පැහැය රැලි වැටීම සමනය කරගත හැකිය. ඊට අමතරව නිතර ජලය පානය කිරීම , පරිගණක, ජංගම දුරකථන භාවිතා කිරීම අවම කිරීම,ඇස් වලට වෙන් වූ ව්‍යායාම සිදු කිරීම හා ඩයොක්සයිඩ් පමණක් පවතින සන් ක්‍රීම් භාවිතා කිරීම, හිරු එළියට නිරාවරණය වන විට UV400 සහිත අව් කණ්ණාඩි පැලඳීම මගින් ඇස් වටා ඇති විය හැකි අඳුරු පැහැය සමනය කරගත හැකිය.