සමේ ලප කැලැල් මතුවීම බොහෝ දෙනෙක් මුහුණපාන සම අවලස්සන කරවන ගැටලුවක්. සම අධිකව හිරු කිරණට නිරාවරණය වීම නිසා සිදුවන හානි, ජානමය බලපෑම් ආදි හේතු සාධක වල බලපෑමින් මෙම ගැටලුව හටගනියි. සමේ හටගන්නා අඳුරු කැලැල් ඉවත්කරගන්න මොන තරම් ප්‍රතිකාර කලත් ඒවා හටගැනීමට බලපාන හේතු සාධක වළක්වාගන්න අපි සැලකිලිමත්වෙනවා අඩුයි නේද? රෝගයට වඩා රෝග මූලයට ප්‍රතිකාර කිරීමෙන් තමයි සාර්ථකව ගැටලුවට විසඳුම් ලැබෙන්නේ. සමේ හටගන්නා අඳුරු ලප කැලැල් ගැටලුවත් එසේමයි.
ඔබේ සුන්දරත්වයට හානි කරමින් සමේ අඳුරු කැලැල් මතුවීමට බලපාන සාධක සහ ඒවා වළක්වාගන්නා ආකාරය පිලිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.
- නිවස ඇතුලත පවතින ආලෝක තත්වයන්

බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් නැහැ. නිවස ඇතුලත ආලෝකයට සම නිරාවරණය වීමෙන් ද අඳුරු කැලැල් (ඩාක් ස්පොට්ස්) මතුවිය හැකියි.ෆ්ලුරොසන්ට් අලෝකය (fluorescent light ) සමේ හයිපර්පිග්මන්ටේෂන් තත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි. පරිගණක තිරයෙන්, රූපවාහිනි තිරයෙන් සහ ස්මාර්ට් දුරකථන තිර හරහා නිකුත් වන්නේ මෙවැනි ආලෝකයකි. මෙම ආලෝකයේ බලපැමින් ඔබේ සමට ඇතිවිය හැකි හානිය අවම කරගැනීමට නම් හොඳ සන් ස්ක්‍රීන් නිෂ්පාදනයක් දිනාපතා භාවිතා කරන්න.
- මුහුණේ ඇති කුරුලෑ ඇල්ලීම/කැඩීම

මුහුණේ කුරුලෑ මතුවි තිබෙන විට නියපොතු වලින් ඒවා ඇල්ලීම හෝ කඩාදැමීම බොහෝ දෙනා සිදුකරන දෙයක්,.නමුත්, මෙසේ කුරුලෑව පුපුරුවා හැරීම ඔබ සිදුනොකල යුතුයි. කුරුලෑ කැඩූ විට සම ප්‍රදාහයට ලක්විය හැකි අතර එහි බලපෑමින් සමේ මෙලටොනින් නිෂ්පාදනය වීම සක්‍රීය විය හැකි අතර සමේ අඳුරු ලප මතුවීම මෙන්ම මුහුණ අවලස්සන කරමින් කැලැල් ඉතිරි විය හැකියි.
- සන්ක්‍රීම් භාවිතා නොකිරීම

නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම සන්ක්‍රීම් සමේ ගල්වාගැනීමට අමතක නොකල යුතුයි. පිටතදී පමණක් නොව නිවස තුලදී ද සන්ක්‍රීම් නිෂ්පාදනයක් භාවිතා කිරීම වඩාත් උචිතයි. සාමාන්‍යයෙන් සන්ක්‍රීම් නිෂ්පාදනයක් සෑම පැය 2 කට වරක්ම සම මත ආලේප කරගත යුතුයි. සමේ කලු පැහැති ලප කැලැල් මතුවීමට හිරු කිරණින් සම හානි වීම ප්‍රධාන වශයෙන් බලපාන හේතුවක් නිසා ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරගැනීමට ගුණාත්මක සන්ක්‍රීම් නිෂ්පාදනයක් උදැසන පටන්ම සමේ ආලේප කරන්න.
- සම මත ගල්වන සත්කාර හොඳින් ඉවත්කර නොගැනීම

සමේ කැලැල් සඳහා ප්‍රතිකාර ලබාගන්නා විට චර්ම රෝග විශේෂඥයින් විසින් සම සඳහා රාත්‍රියේ ගැල්විය යුතු ඖෂධ නියම කරයි. මෙම නිෂ්පාදන අතරේ ආම්ලික ද්‍රව්‍ය අඩංගු ආලේපන මඟින් සමේ රතු පැල්ලම් ස්වභාවය දුරු කිරීම සිදුකල ද ඇතැම් අයගේ සමට කැසිල්ල දැවිල්ල වැනි අපහසුතා මතුකරයි. මෙය සම මත අඳුරු කැලැල් ඇතිවීමට හේතුවකි.රාත්‍රී ආලේපන වල ඔබේ සමට අපහසුතාවක් ඇතිකරවිය හැකි අම්ල අඩංගු වන බව සඳහන් වේ නම් භාවිතයෙන් පසුදා උදෑසනම අවදිවි මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගනිමින් සන්ක්‍රීම් නිෂ්පාදනයක් මුහුණේ ගල්වාගන්න.
- සත්කාරයක් ලෙස භාවිතා කරන ලෙමන් හිරු කිරණ සමඟ ප්‍රතික්‍රියා කිරීම

සම මත ඇති අඳුරු කැලැල් ස්වභාවය දුරු කරගැනීම සඳහා ලෙමන් යුෂ භාවිතා කරමින් බොහෝ ස්වභාවික සත්කාර ක්‍රම භාවිතා වේ. නමුත්. ලෙමන් යුෂ යනු හිරු කිරණට නිරාවරණය වීමේදී සම මත හානිකර ලෙස ක්‍රියාකල හැකි අමුද්‍රව්‍යක් බව බොහෝ දෙනා නොදනිති. ඉන් සිදුවන්නේ මුහුණේ ඇති අඳුරු කැලැල් ස්වභාවය තවත් උත්සන්න වීමයි. මෙය ෆයිටෝෆොටොඩර්මටිටිස් ( phytophotodermatitis) නම් චර්මදාහ තත්වය ලෙස හැඳින්වේ. මෙසේ සිදුවන්නේ ලෙමන් වල ඇති furanocoumarins සහ psoralens වැනි සංඝටක හිරු කිරණට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙසේ සිදුවීම වළක්වාගැනීමට එවැනි ස්වභාවික සත්කාර ක්‍රම භාවිතා කල පසු හොඳින් මුහුණේ සම පිරිසිදු කරගන්න.
- රෙටිනොයිඩ් අම්ල සහ හයිඩ්‍රෝක්විනෝන් අධි භාවිතය

සමේ ඇති අඳුරු ලපකැලැල් දුරුකිරීම සඳහා ඇති රූපලාවන්‍ය නිෂ්පාදන වල රෙටිනොයිඩ් අම්ල (retino acid) සහ හයිඩ්‍රොක්විනෝන් (hydroquinone) අන්තර්ගත වේ. මේවා සමට හිතකර ප්‍රතිලාභ ලබාදෙන අමුද්‍රව්‍ය වුවද ගැටලුව ඇත්තේ මේව ඉහළ මාත්‍රාවකින් අඩංගු වී ඇති නිෂ්පාදන දිගු කලක් තිස්සේ භාවිතා කිරීමෙන් සමේ හටගෙන ඇති ලප කැලැල් ස්වභාවය දුරුවීයාම කෙසේවෙතත් තවත් බරපතල ලෙස වැඩිවිය හැකිවීමයි. සම සඳහා භාවිතා කල යුතු ප්‍රතිකාර ආලේපන ගැන නිවැරදිව දැනගැනීමට වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් නුවණට හුරුයි.
- ගර්භණි සමයේදී ඇතිවන හෝර්මෝන වෙනස්කම්

ගර්භනි සමයේ සිරුරේ හෝර්මෝන මට්ටම් ඉහළ පහළ යාම අතිශය ස්වභාවික දෙයකි. මෙසේ හෝර්මෝන වෙනස්කම් ඇතිවීම නිසා සම මත ක්ලෝස්මා (chloasma) නම් කැලැල් ස්වභාවයක් මතුවීමට පටන්ගත හැකියි. මෙම අඳුරු ලප කැලැල් ගර්භණී සමය අවසන් වීමත් සමඟ ක්‍රමයෙන් නොපෙනී යාම සිදුවේ. මෙම කැලැල් තත්වය බරපතල අතට හැරීම වළක්වාගැනීමට නිතරම හොඳ සන්ක්‍රීම් වර්ගයක් සම මත ආලේප කරගන්න.