අඳුරු වූ දෙතොල් පැහැපත් කර ගැනීමට කළ හැකි ස්වභාවික සත්කාර 8 ක්

health tips

භාහිර සුන්දරත්වය විදහාපාන සුන්දර දෙතොලකට සෑම දෙනාම පාහේ ආකර්ෂණය වේ. එනම් එය කාන්තාවකගේ සුන්දරත්වය විදහා දක්වන තවත් එක් ආභරණයකි. නමුත් බොහෝ දෙනෙකුගේ තොල් අඳුරු පැහැයෙන් යුක්තවන අතර යම් පුද්ගලයින්ට මෙය මානසිකව  පීඩා ගෙන දේ. මේ නිසා බොහෝ දෙනෙකු තොල් වල අවපැහැය ඉවත් කර ගැනීමට නොයෙක් ක්‍රීම් වර්ග මෙන්ම ස්වභාවික සත්කාර ද සිදුකරනු ලැබේ. එවැනි ස්භාවික ප්‍රතිකාර රාශියක් පවතින අතර පලමුව අවධානය යොමු කළ යුත්තේ තොල් වල අඳුරු පැහැය ඇතිවීමට හේතුවන කරුණු පිළිබඳවය. 

  • තොල් වල අඳුරු පැහැය ඇති වීමට බලපාන හේතු 
  • අවුවට පිලිස්සීම හා දේශගුණික විපර්යාස 
  • මානසික ආතතිය 
  • විවිධ ආලේපන වර්ග තොල් මත ගැලවීම. 
  • ගුණාත්මක බවින් අඩු තොල් ආලේපන භාවිතය. 
  • නිතර කැෆේන් අඩංගු පාන වර්ග භාවිතා කිරීම 
  • දුම් පානය කිරීම 
  • ජලය පානය අවම වීම. 
  • ආදී හේතූන් නිසා දෙතොල් අවපැහැ වීම සිදුවේ.
  • මේ ආදී හේතූන් නිසා අවපැහැ වූ දෙතොල් වලට හැකි ඉක්මනින් ස්භාවික ප්‍රතිකාර කිරීම තුළින් තොල්වල පැහැය නැවත වර්ධනය කර ගත හැකිය. 

ස්වභාවික සත්කාර 

මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවන්ය කටයුතු සඳහා මී පැණි යොදා ගෙන තිබේ. එනම් අවපැහැ වූ තොල්වල පැහැය නැවත වර්ධනය කර ගැනීමට මී පැණි යනු කදිම ඖෂධයකි. එනම් මී පැණි වල  අඩංගු සිලිකන්, ජලය, සීනි මෙන්ම  මොයිස්චරයිසින් මගින් තොල් අවපැහැ වීමට හේතු වූ මැරුණු සෛල ඉවත් කර තොල්වල පැහැය වැඩි කිරීම සිදුකරයි. එනම් රාත්‍රියේදී මී පැණි ස්වල්පයක් ගෙන හොඳින් සම්බාහනය කර විනාඩි දහයක් පමණ තබා උණුවතුරෙන් සෝදා හැරීම  මගින් තොල්වල පැහැය වැඩි කර ගත හැකිය. 

දෙහි අඳුරු වූ දෙතොල් වල පැහැය නැවත ලබා ගැනීමට දෙහි යුෂ භාවිතා කළ හැකිය. එනම් දෙහිවල අඩංගු විටමින් සී මගින් තොල්වල මැරුණු සෛල ඉවත් කර ගත හැකිය. එනම් දෙහි ගෙඩියක් දෙකට කපා  පෙත්තක් ගෙන හොඳින් දෙතොල් සම්භාහනය කර අනතුරුව මී පැණි ස්වල්පයක් ආලේප කළ හැකිය. එනම් මෙම සත්කාරය දිනපතා සිදු කිරීම මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.

බීට් රූට් බීට් රූට් භාවිතා කිරීම මගින් අවපැහැ වූ දෙතොල් පැහැපත් කර ගත හැකිය. එනම් බීට්රූට් වල අඩංගු විටමින් සී,ඒ මගින් තොල් වල මැරුණු සෛල ඉවත් කර තොල් පැහැපත් කිරීම සිදුකරයි. බොහෝ දෙනෙකු බීට්රූට් භාවිතා කිරීම මගින් තොල් ආලේපනයක්ද සකස් කර ගනී. එනම් බීට් ගෙඩියක්  ගෙන පොතු ඉවත් කර කැබලිවලට කපා වතුර මිශ්‍ර නොකර බ්ලෙන්ඩර් කර හොඳින් මිරිකා යුෂ ගෙන වතුර බඳුනක් ලිප තබා උතුරන විට නැවත බඳුනක් ඒ මත නොගිලෙන සේ තබා ඊට අවශ්‍ය ප්‍රමාණයට වැස්ලින් සහ බීට් යුෂ , විටමින් ඊ යුෂ ස්වල්පයක් මිශ්‍ර කර දියවෙන තෙක් තබා හොඳින් මිශ්‍ර කර ඉවතට ගෙන ඩප්පියකට දමා අවශ්‍ය විට තොල් ආලේපනයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මෙමගින් පැහැපත් දෙතොලක් ලබා ගත හැකිය. එනම් මෙම ආලේපනය තොල්වල මැරුණු සෛල ඉවත් කර ගත් පසු ඕනෑම වෙලාවක ආලේප කළ හැකිය. 

ඔලිව් තෙල් ඔලිව් තෙල් තොල් මත ආලේප කිරීම මගින්  තොල්වල මැරුණු සම ඉවත් කර ගත හැකිය. එනම් ඔලිව් තෙල් වල අඩංගු විටමින් සී, ඊ  මගින් තොල්වල මැරුණු සම ඉවත් කරනු ලැබේ. මේ සඳහා රාත්‍රියේදී ඔලිවි තෙල් ස්වල්පයක් ගල්වා ඇගිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කර උදෑසන උණුවතුරින් සෝදා හැරීම යෝග්‍ය වේ. 

විටමින් ඊ තොල් වල පැහැය වර්ධනය කර ගැනීමට විටමින් ඊ භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් එමගින් ද තොල් වල මැරුණු සෛල ඉවත් කර තොල්වල පැහැය වැඩි කර ගත හැකිය. එනම් දෙහි හෝ ලෙමන් යුෂ භාවිතා කර සම්බාහනය කළ තොල් මත ඉන් පසුව විටමින් ඊ ස්වල්පයක් ආලේප කර සම්බාහනය කිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය. 

වැස්ලින් දේශගුණික විපර්යාස නිසා ඇතිවන තොල් පැලීම් හා ඒ හේතුවෙන් ඇතිවන අවපැහැය ඉවත් කර ගැනීමට වැස්ලින් තොල් මත ආලේප කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් එම තුවාල සුව වී තොල් වියලී යාමෙන් ආරක්ෂා වේ. එමෙන්ම තොල් වල අඳුරු පැහැය ඇති වීමද ඉන් වලක්වා ගත හැකිය. 

ආමන්ඩ් තෙල් ඔලිව් තෙල් මෙන්ම ඖෂධීය ගුණයෙන් අනූන තෙල් වර්ගයක් ලෙස ආමන්ඩ් තෙල් හඳුනාගත හැකිය. එනම් දෙහි යුෂ ගල්වා අනතුරුව මැරුණු සෛල ඉවත් කර ගත් දෙතොල් මත ආමන්ඩ් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කිරීම මගින් දෙතොල් වල පැහැය වර්ධනය කර ගත හැකිය. 

රෝස වතුර රූපලාවන්‍ය සත්කාර සඳහා යොදා ගන්නා රෝස වතුර දෙතොල් මත ආලේප කිරීම මගින් දෙතොල් වල අවපැහැය ඉවත් කර ගත හැකිය. මේ ආදී වූ ස්වභාවික සත්කාර සිදු කිරීම මගින් තොල්වල අඳුරු පැහැය ඉවත් කර ගත හැකිය.එනම් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් දිනපතා එක් සත්කාරයක් සිදු කළ යුතුය.