වර්තමානය වන විට බොහෝ දෙනෙකු ඇස්වටා අඳුරු වීම හේතුවෙන් පීඩා විඳී. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඇස්වටා අඳුරු පැහැය ඇති වීමෙන් මුහුණෙහි ඇති සුන්දරත්වය වියැකී යන අතර බොහෝ දෙනෙකු මෙය ඉවත් කර ගැනීමට විවිධ සත්කාර සිදු කරනු ලබයි. නමුත් ඒවාගෙන් ප්‍රතිඵල ලබා ගත හැක්කේ ඉතාම අල්ප වශයෙනි. මේ සඳහා ස්වභාවික සත්කාර බොහොමයක් පවතින අතර ඒවාගෙන් වඩාත් යහපත් ප්‍රතිඵල අත් කර ගත හැකිය.
ඇස්වටා අඳුරු වීම සමනය කර ගැනීම සඳහා විවිධ සත්කාර සිදු කිරීමට පෙර ඇස්වටා අඳුරු පැහැය ඇති වීමට බලපාන හේතු හඳුනාගත යුතුය.

- පරිඝනක හා ජංගම දුරකථනය භාවිතය
- මානසික ආතතිය
- ඇස් වටා වියළීම හා හානි වූ සෛල එක්රැස් වීම.
- විවිධ ආලේපන වර්ග භාවිතා කිරීම.
- ප්‍රමාණවත් නින්දක් නොලැබීම.
- පුද්ගලයාගේ වයස හා ජාන බලපෑම
- හිරු රශ්මියට නිරාවරණය වීම.
- එදිනෙදා භාවිතා කරන ආහාර රටාවන්
- මේ ආදී විවිධාකාර හේතූන් ඇස්වටා අඳුරු පැහැය ඇති වීමට බලපානු ලැබේ.
ඇස්වටා අඳුරු පැහැය ඉවත් කරන ස්වභාවික සත්කාර
ලෙමන් යුෂ සත්කාරය-ලෙමන් යුෂ භාවිතා කිරීම මගින් ද ඇස්වට කළුවීම වළක්වාගත හැකිය. ලෙමන් යුෂ ගෙන පුළුන් බෝලයක් උපකාරයෙන් ඇස් වටා ආලේප කරන්න. (මෙය සිදුකරන විට දෙහි යුෂ ඇස් තුළට ඇතුළු නොවීමට වග බලා ගත යුතුය. එසේ වුවහොත් ඇස් මත දැවිල්ලක් ඇතිවිය හැකිය.) ආලේපනය විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. මෙමගින් ද ඇස් වටා අඳුරු පැහැය සමනය කර ගත හැකිය.
අර්තාපල් සත්කාරය-අර්තාපල් වල අඩංගු විටමින් ඊ වැනි පෝෂ්‍ය පදාර්ථ ඇස්වටා ඇති වූ අඳුරු පැහැය වළක්වා ගැනීමට උපකාරීවේ. එනම් ඇස් වටා අඳුරු පැහැ වූ විට මෙන්ම ඇස් වටා අඳුරු වීම වලක්වා ගැනීමටද අර්තාපල් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා අර්තාපල් ගෙඩියක් ගෙන හොඳින් සෝදා සිහින්ව පෙති වලට කපා ශීතකරණය තුළ විනාඩි දහයක් පමණ තබා පසුව ඇස් මත විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා හැරීම මගින් ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කරගත හැකිය. එනම් මෙම සත්කාරය දිනපතා දවසට දෙවතාවක් සිදුකිරීම මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.
කොමාරිකා සත්කාරය.ස්වභාවික කොමාරිකා සත්කාරය භාවිතා කිරීම මගින් ද අත් යට අඳුරු පැහැය සමනය කර ගත හැකිය. එනම් කොමාරිකා කැබැල්ලක් ගෙන පොතු ඉවත් කර මදය පමණක් සූරාගෙන අඳුරු වූ අත් යට ආලේප කර විනාඩි 15 ක් පමණ තබා සෝදා හැරීම මගින් ද අත්යට අඳුරු පැහැය සමනය කර ගත හැකිය.

සීතල වෙළුම්-ඇස් වටා සීතල වෙළුම් තැබීමෙන් රුධිර නහර සංකෝචනය කර ඇස් වටා ඇති අවපැහැවීම් නැති කරයි.
පිරිසිදු රෙදි කැබැල්ලක් සීතල වතුරෙන් හෝ කිරිවලින් පොඟවා ගන්න. ඉන්පසු ඒවා දෑස් මත තබා මිනිත්තු කිහිපයක් හිඳ ඉවත් කරන්න.
එමෙන් ම අයිස් කියුබ් දෙකක් පිරිසුදු රෙදි කඩක ඔතා ඇස් යට මිනිත්තු කිහිපයක් තබාගෙන සිටීමට ද හැකිය.
ආමන්ඩ් ඔයිල් සත්කාරය-ඇස් යට අඳුරු පැහැය සමනය කර ගැනීමට භාවිතා කළ හැකි ඖෂධීය තෙල් වර්ගයක් ලෙස ආමන්ඩ් ඔයිල් හැඳින්විය හැකිය. එනම් ආමන්ඩ් ඔයිල් වල අඩංගු විටමින් ඊ ඇස් යට ඇති අඳුරු පැහැය සමනය කිරීමට ඉවහල්වේ. එනම් රාත්‍රීයේ නින්දට යාමට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇස් වටා ආලේප කර මෘදුව සම්භාහනය කර උදෑසන සිතල ජලයෙන් සෝදා හැරීම මගින් ඇස්වටා ඇති වූ අඳුරු පැහැය වළක්වා ගත හැකිය.
තේ බෑග් සත්කාරය-බොහෝ දෙනෙකු මෙම සත්කාරයද ඇස් වටා වු අඳුරු පැහැය සමනය කර ගැනීමට භාවිතා කරන තවත් එක් ක්‍රමවේදයක් වේ. පැය භාගයක් පමණ ශීතකරණය තුළ තැබූ තේ බෑගයක් විනාඩි 10 ක් පමණ ඇස් මත තබාගෙන සිට පසුව සෝදා හරින්න. මෙම ප්‍රතිකාරයද දිනපතා දෙවරක් සිදු කිරීම මගින් ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙමගින් ඇස්වට කළුවීමට හා ඇස් වටා ඉදිමීමටද මෙය භාවිතා කළ හැකිය. එමෙන්ම මෙය උණුසුම් වතුර වීදුරුවකට දමා පසුව මද රස්නයෙන් යුතුවද ඇස් මත තබාගෙන සිටීම සිදුකරයි.
කෝපි කුඩු සත්කාරය-ඇස්වටා ඇති වූ අඳුරු පැහැය ඉවත් කර ගැනීමට කෝපි කුඩු සහ කහ කුඩු මිශ්‍ර කර සකස් කර ගන්නා ආලේපය භාවිතා කිරීම ගුණදායකය. එනම් මේ සඳහා කෝපි කුඩු හැඳි දෙකක් සහ අමු කහ කුඩු තේ හැන්දක් මිශ්‍රකර අඳුරු වු ඇස් වටා ගල්වා විනාඩි දහයක් පමණ තබා මෘදුව සෝදා හැරීම මගින් ඇස් වටා ඇති වූ අඳුරු පැහැය සමනය කරගත හැකිය.
ඔලිව් තෙල් සත්කාරය-ඇස්වටා ඇති අඳුරු පැහැය ඉවත් කර ගැනීම සඳහා ඔලිව් තෙල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා රාත්‍රීයේ ඔලිව් තෙල් ස්වල්පයක් සහ ඊ විටමින් ස්වල්පයක් මිශ්‍රකර අඳුරු වූ ඇස් වටා ආලේප කර පසුදා උදෑසන සෝදා හැරීමෙන් ඇස්වටා ඇති වූ අඳුරු පැහැය ඉවත් කරගත හැකිය. වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දිනපතා සතියක් පමණ භාවිතා කිරීම යෝග්‍ය වේ.
පොල් තෙල් සත්කාරය-පොල්තෙල් යනු සමට හිතකර පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු තෙල් වර්ගයකි. එනම් ඇස්වටා ඇති වූ අඳුරු පැහැය වැළැක්වීම සඳහාද පොල් තෙල් භාවිතා කිරීම ගුණදායකය. මේ සඳහා පිරිසිදු පොල්තෙල් භාවිතා කළ යුතු අතර පොල්තෙල් ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වල තවරා ඇසෙහි අඳුරු වූ ස්ථානය පහල සිට ඉහලට සම්බාහනය කළ යුතුය. එනම් එසේ සම්බාහනය කර විනාඩි විස්සක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හැරීම මගින් ඇස් යට අඳුරු පැහැය සමනය කරගත හැකිය.
පිපිඤ්ඤා-පිපිඤ්ඤා කියන්නේ සම පැහැපත් කිරීමටත් බහුලව යොදාගන්නා ඉතා පෝෂ්‍යදායී එළවළුවකි. මෙයින් දෑස්වල ඇති විඩාබර පෙනුම නැති කරයි. එමෙන්ම මෙයින් ඇස් වටා සම සිනිඳු කර නැවුම් පෙනුමක් ලබා දෙයි.
පිපිඤ්ඤා ගෙඩියක් ගෙන තරමක් සිහින් පෙති කපා ඒවා මිනිත්තු 30ක් ශීතකරණයේ දමා සිසිල් කර ගන්න. ඉන්පසු එම පෙති මිනිත්තු 10ක් පමණ ඇස් මත තබාගෙන හිඳ ඉවත් කර ජලයෙන් සෝදා හරින්න. දවසට දෙපාරක් සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය සිදු කරන්න.
පිපිඤ්ඤා යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර එය ඇස් වටා තවරා මිනිත්තු 15 පමණ තබා ජලයෙන් සෝදා හරින්න. සතියක් පමණ මෙසේ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.
මේ ආදී වූ විවිධ සත්කාර දිනපතා සතියක් පමණ සිදු කිරීමෙන් ඇස්වටා අඳුරු පැහැය ඉවත් කර ගත හැකිය.
මීට අමතරව
- ඇස් සඳහා සුදුසු වූ ව්‍යායාම සිදු කිරීම
- පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබා ගැනීම.
- ජලය පානය කිරීම
- ඩයොක්සයිඩ් පමණක් පවතින සන් ක්‍රීම් භාවිතා කිරීම.
- හිරු එළියට නිරාවරණය වන විට UV400 සහිත අව් කණ්ණාඩි පැලඳීම යන ආදී වශයෙන් කටයුතු කිරීමෙන් ඇස්වටා අඳුරු පැහැය ඉවත් කර ගත හැකිය.