දිනකට රට ඉඳි ගෙඩි අටක් ආහාරයට ගන්නේ නම් ඔහුගේ ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකි බව බොහෝ දෙනෙකු පිලිගෙන තිබේ. එනම් රට ඉඳි යනු බොහෝ ඖෂධීය ගුණයන් අඩංගු රසවත් පලතුරකි. එනම් රටඉඳි ආහාරයට ගැනීමෙන් ශරීරගත බොහෝ රෝග සමනය කරගත හැකිය. එනම් මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් රට ඉඳි වල අඩංගුවේ. එනම් විටමින් B1, B2, B3 සහ B5 ,A1 සහ C වැනි විටමින් වර්ග යකඩ , පොස්පරස්, කොපර් ,පොටෑසියම්, කැල්සියම්, වැනි බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් රට ඉඳිවල අඩංගුවේ.
වර්තමානය වන විට රට ඉඳි මගින් විවිධ පුඩින් වර්ග,කේක් වර්ග,සලාද වර්ග, බිස්කට් වර්ග නිශ්පාදනය කර තිබේ. නමුදු රෝග නිවාරණය කර ගැනීමට රට ඉඳි පමණක් ආහාරයට ගැනීම යෝග්‍යවේ.
රට ඉඳි ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.

අස්ථි ශක්තිමත් කරයි.වයස් ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතාවයන් මත ඇතිවන අස්ථි දුර්වල තාවයන් මගහරවා අස්ථි ශක්තිමත් කර ගැනීමට රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය. එනම් රට ඉඳි ආහාරයට ගැනීමෙන් රට ඉඳිවල අඩංගු කැල්සියම්, යකඩ …ආදී පෝෂ්‍ය පදාර්ථ අස්ථි ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීමෙන් ද ආරක්ෂාව සලසනු ලබයි.
සත්ව දෂ්ටනයකදී ඇති වන විෂ ඉවත් කරයි. එනම් මී මැසි,දෙබර,බඹ වැනි සතුන් දෂ්ට කළ විට එම විෂ ඉවත් කර ගැනීමට රට ඉඳි ඇට කුඩු කර දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීම ගුණදායකය. මීට අමතරව රට ඉඳි ඇට වියළා කබලේ බැද කුඩු කර ගෙන තේ පානයක් ලෙස භාවිතා කිරීම ද යෝග්‍ය වේ.
මල බද්ධය ඇතිවීම වලක්වයි.වයස් භේදයකින් තොරව බාල මහළු සෑම දෙනාටම පාහේ ඇතිවන මල පිට කිරීමට අපහසු වීමේ තත්ත්වය මලබද්ධය ලෙස සරලව හැඳින්විය හැකිය. එනම් මෙය වේදනා ගෙන දෙන පීඩාකාරී රෝග තත්ත්වයක් වන අතර මෙම රෝගය සමනය කර ගැනීම සඳහා රටඉඳි ආහාරයට ගත හැකිය. එනම් රටඉඳි ආහාරයට ගැනීමෙන් රට ඉදි වල අඩංගු තන්තු මල බද්ධය සමනය කිරීම සිදු කර මලපිට කිරීම පහසු කරවයි.

ආමාශගත රෝග නිවාරණය කරයි. බොහෝ දෙනෙකුට ඇතිවන ආමාශගත රෝග සමනය කිරීම සඳහා රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය. එනම් රටඉඳි ආහාරයට ගැනීමෙන් රටඉඳිවල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා වැනි රෝග වලින් ද ආරක්ෂා කරනු ලබයි. මේ නිසා ආමාශයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය.
ශරීර ශක්තිය වර්ධනය කරයි.රෝගී වූ පුද්ගලයින්ට නැවත ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට ආහාරයට එක්කර ගැනීමට සුදුසු පලතුරක් ලෙස රට ඉඳි හැඳින්විය හැකිය. එනම් රට ඉඳිවල අඩංගු විටමින් ,යකඩ, කැල්සියම්… වැනි පෝෂ්‍ය පදාර්ථ හීන වී ගිය ශරීර ශක්තිය වර්ධනය කිරීම සිදුකරයි. මේ නිසා රෝගී වූ බාල මහළු සෑම දෙනාම පාහේ රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය.
ශරීරයේ බර වැඩි කරයි.ශරීරයේ බර මහත් කර ගැනීමට ආහාරයට ගත හැකි පලතුරක් ලෙස රට ඉඳි හැඳින්විය හැකිය. එනම් ශරීරය මහත් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට එලඟිතෙල් සමග රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මේ සඳහා දිනපතා උදෑසන හිස් බඩට රට ඉඳි ගෙඩි අටක් පමණ ආහාරයට ගැනීම යෝග්‍යවේ.
විජලනය සමනය කරයි. ශරීරයේ විජලනය සමනය කර තෙතමනය පවත්වා ගැනීමට රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මේ සඳහා රට ඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගෙන වතුර වීදුරුවක් පානය කිරීම වඩාත් සුදුසු වේ.
වමනය හිසරදය, පාචනය සමනය කරයි.වමනය, හිසරදය පවතින අවස්ථාවක එම තත්ත්වය සමනය කර ගැනීමට රට ඉඳි මදුළු කිහිපයක් ගෙන ඇට ඉවත් කර බදුනකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර පත එකට සිඳුවා පෙරා එම වතුර පානය කිරීම මගින් මෙම රෝග සමනය කර ගත හැකිය.
ශරීර ගත විෂ ඉවත් කරයි.ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ ශරීරගත විෂ ඉවත් කිරීමට ඖෂධයක් ලෙස රට ඉඳි භාවිතා කර තිබේ. එනම් විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් තැන්පත් වන අක්මාවේ විෂ ඉවත් කිරීමට මෙන්ම පුද්ගලයන්ගේ මත් බව නැති කිරීමට ද රට ඉඳි ආහාරයට ගැනීම කදිම ඖෂධයකි.
සම පැහැපත් කරයි.බොහෝ දෙනෙකු නොදන්නවා වුවද රට ඉඳි ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කර ගත හැකිය. එනම් රට ඉඳි වල අඩංගු විටමින් සී, බී,ඒ, යකඩ , පොටෑසියම්, ආදී වූ පෝෂ්‍ය පදාර්ථ මගින් සම පැහැපත් කරයි. මේ සඳහා රාත්‍රියේ දී සීතල වතුර වීදුරුවකට රට ඉඳි මදුළු දහයක් පමණ දමා දිනපතා උදෑසන ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කර ගත හැකිය.

හෘද රෝග ඇතිවීම වලක්වයි. හෘද රෝග ඇති වීම පාලනය කර ගැනීමට රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකය. එනම් රට ඉඳි ආහාරයට එක් කර ගැනීමෙන් රටඉඳි වල අඩංගු පොටෑසියම් මගින් රුධිර නාල විස්තාරණය කර හෘදයට ක්‍රමවත්ව රුධිරය සැපයීම සිදුකරයි. මේ නිසා හෘදයාබාධ ඇති වීම ද පාලනයවේ.
ආහාර රුචිය වර්ධනය කරයි.බොහෝ දෙනෙකුට ආහාර අරුචිය පවතින විටක එම තත්ත්වය සමනය කර ආහාර රුචිය වර්ධනය කරගැනීම සඳහා රට ඉඳි ආහාරයට ගත හැකිය. එනම් රට ඉඳි ඇට කිහිපයක් ආහාරයට ගැනීම මේ සඳහා යෝග්‍යවේ.
මුත්‍ර රෝග සුව කරයි.මුත්‍ර දැවිල්ල මුත්‍රා පිට නොවීම, මුත්‍ර ගල් … ආදී මූත්‍ර රෝග සමනය කිරීම සඳහා ආහාරයට ගත හැකි ඖෂධීය පලතුරක් ලෙස රට ඉඳි නම් කළ හැකිය. එනම් රට ඉඳි ආහාරයට ගැනීමට අමතරව රට ඉඳි මදුළු කිහිපයක් ගෙන උණුසුම් වතුර වීදුරුවකට දමා විනාඩි දහයක් පමණ තබා පසුව එය පානය කිරීම මගින් මෙම රෝග සුවකර ගත හැකිය.මේ ආදී වූ බොහෝ රෝග සුව කිරීමට රට ඉඳි ආහාරයට ගැනීම සුදුසුවේ. නමුදු දියවැඩියා රෝගීන් රට ඉඳි ආහාරයට ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.