ඇටකිචි කොල්ලෝ මාසෙන් මහත් කරපු ගිතෙල් තැවරූ රට ඉදි ප්‍රතිකාරය

health tips

පැහැපත් වෙන්නට ලස්සන වෙන්න වගේම නිරෝගී වෙන්නත් අපි නොයෙකුත් ඖෂධ වර්ගම සප්ලිමන්ට් වර්ග වගේම බාහිරින් ආලේප කරන ආලේපන ආදියත් භාවිතා කරනවා. ඒ හැරුණාම නොයෙකුත් ආහාර තෝරා බේරා ගෙන ආහාරයට ගන්නත් අමතක කරන්නේ නැහැ. නමුත් මේ ආහාර අතරේ ගුණාත්මක බවින් ඉහළ ආහාර වෙනුවට අපි වැඩිපුර ගන්නේ දිව පිනවන රසයෙන් යුත් දේහයට එතරම් හිතකර නොවන ආහාර. නමුත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නටත්, රුව ලස්සන කර ගන්නත් එකම ආහාරයක් අපිට අනුභව කරන්නට පුළුවන්. ඒ තමයි ගිතෙල්. ඔන්න අපි අද කතා  කරන්නේ දේහය මහත් කරගන්නට සම පැහැපත් කර ගන්නට නිවැරදිව ගිතෙල් ආහාරයට ගන්නා ආකාරය ගැන ඔබට කියන්නට.

අපේ දේහය අධික ලෙස මහත් වීම වගේම අධික ලෙස කෙට්ටුවීමත් සෞඛ්‍ය සම්පන්න බවට හානිදායක වගේම  එය අපේ දේහයේ හැඩය පවත්වා ගන්නත් බාධාවක්. ඒ නිසා  කෙට්ටු අය  මහත් වෙන්නට උත්සාහ දරන අතරේ මහත අය දේහ බර අඩු කරගන්නටත් උනන්දු වෙනවා. ඉතින් කෙට්ටු ශරීර මහත් කරගන්නට අපිට මේ ගිතෙල් ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම  දේහ බර නිසි ලෙස පවත්ව ගන්නා අයෙකුට තවදුරටත් දේහ බර වැඩිකර ගන්නේ නැතුව පැහැපත් වෙන්නත් ගිතෙල් අපිට භාවිතා කරන්නට පුළුවන්. 

ගිතෙල් කියන්නේ ආයුර්වේදයේදී නැතිවම බැරි දෙයක්. ඒ වගේම ඉන්දියාවේ ප්‍රධාන රූපලාවන්‍ය  අමුද්‍රව්‍ය ලෙසත් ගිතෙල් සහ කහ භාවිතා වෙනවා. ගිතෙල්වල  විටමින් A, විටමින් E,  විටමින් D හා විටමින් K බහුලව අඩංගු වෙනවා. ගිතෙල්වල හමුවෙන්නේ අසංතෘප්ත මේදය හෙවත් හිතකර මේදය වන ඔමේගා 3 . ඒ වගේමයි ගිතෙල්වල ප්‍රතිඔක්සිකාරක බොහොමයක්ම අන්තර්ගත වෙනවා. එය ශක්තිජනක ආහාරයක්. ඒ වගේමයි කිසිම භයක් නැතුව ඉවුම් පිහුම් කටයුතුවලටත් මේ ගිතෙල් භාවිතා කරන්නට හැකියාව තියෙනවා.එමගින් ආහාරවල ගුණය නැසීමක් හෝ විෂ වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ශීතකරණයේ තැබීමකින් තොරව ගිතෙල් බොහෝ  කාලයක් කල්තබා ගැනීමට හැකිවීම මේ ගිතෙල් භාවිතා කිරීමේ වාසියක් ලෙස දක්වන්නට පුළුවන්.

බත් හෝ වෙනත් ආහාර වර්ග පිසීමේදී එයට ගිතෙල් හැන්දක් එකතු කිරීමෙන් දිනපතාම අපේ ශරීරයට ඉතා පහසුවෙන් ගිතෙල් එකතු කර ගන්නට පුළුවන්. ඒ හැරුණම මහත් වෙන්නට කැමැත්තක් දක්වන අයෙක් නම් ගිතෙල් ටිකකට රට ඉදි දමා වසා සතියක පමණ කාලයක් තිබෙන්නට හැර දිනපතාම උදේ හිස්බඩ එක් රටඉදි ගෙඩිය බැගින් ආහාරයට ගන්න. මෙය මාස දෙක තුනක කාලයක් ආහාරයට ගත්තොත් ශරීරයේ බර වැඩිකර ගන්නට හැකියාව ලැබෙනවා.ඒ වගේම මහත් වෙන්න කැමැත්තෙන් ඉන්නා අයෙක්ට දිනපතාම වගේ ආහාරයට ගන්නා රොටී, චපාති ආදියත් ගිතෙල් සමඟ ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම බටර් වෙනුවට සහ  පොල්තෙල් වෙනුවටත් ගිතෙල් භාවිතා කරන්නට පුළුවන්.

ගිතෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන වාසි 

  • කොලෙස්ටරෝල් මට්ටම  අඩු කරනවා.බටර් වෙනුවට භාවිතා  කළ හැකි සෞඛ්‍යාරක්ෂිත ආදේශකයක් තමයි ගිතෙල් කියන්නේ. එමගින් දේහයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීමක් සිදු වෙන්නේ  නැහැ.  
  • සම පැහැපත් කරනවා.මේ සඳහා ගිතෙල් සහ කිරි එක සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන  කඩල පිටි සමඟ මිශ්‍රකර එය මුහුණේ ආලේප කර විනාඩි 20 ක් තබා ගන්න.  පසුව සීතල ජලයෙන් සෝදා හරින්න. ඒ වගේම ඇස් යට කළුවීම දුරු කර ගන්නටත් දිනපතාම රාත්‍රී  නින්දට පෙර ඇස් වටා ගිතෙල් ආලේප කිරීම කළ හැකියි.
  • සමේ සහ දෙතොල්වල වියළි බව දුරුකර  තෙතමනය ආරක්ෂා කරනවා. සමේ අධික වියළි බව සහ කොරල සමක් ඇති අයෙකුට දිනපතාම ස්නානයට පෙර ගිතෙල් ආලේප  කර් සම්බාහනය කර සෝදා හරින්නට පුළුවන්.
  • ශරීරයේ විෂහරණය කරනවා.
  • ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා.
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා වගේම මතක ශක්තිය වර්ධනය කරනවා.
  • අස්ථි සහ  මාංශ පේශීන් ශක්තිමත් කරනවා.
  • ආහාර ජීර්ණය හොඳින් සිදු කරනවා.
  • දියවැඩියා රෝගීන්ට සහ ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
  • දේහය පෘෂ්ටිමත් කරනවා.
  • හිසකෙස් අග පැලීම හා  වියළීම වළක්වනවා. 
  • සමේ තරුණ බව ආරක්ෂා කරනවා.
  • හිරු එළියෙන් සමට වුණු අවපැහැවීම අඩු කරනවා.
  • අඳුරු ලප කැලැල් අඩු කරනවා.

පිරිසිදු සහ හොඳ ගිතෙල් හඳුනා ගත හැකි ආකාරය  වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ ගිතෙල් මිලට ගන්නට හැකි වුණත් ඒවා නියම ගිතෙල් ද  නැත්නම් තත්ත්වයෙන් බාල ඒවාද යන්න හඳුනා ගැනීම වැදගත්.මොකද වෙනත් ද්‍රව්‍ය එකතු කළ ගිතෙල් ආහාරයට ගැනීමෙන් ඉහත සඳහන් කළ ප්‍රතිලාභ ලබා ගන්නට හැකියාවක් නැති නිසා. 

ගිතෙල් ස්වල්පයක් අත්ලේ තබා විනාඩි 2-3 ක් ඇතුළත හොඳින්ම දියවීම සහ ගිතෙල් ටිකක් පෑන් එකක දමා රත්කරද්දි එය දුඹුරු පැහැයක් ගැනීම කියන පරීක්ෂාවන් මගින් ඒවා  හොඳ තත්ත්වයේ ගිතෙල් ද යන්න ඔබට තහවුරු කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳ ප්‍රතිලාභ ගන්නට නම නියම ගිතෙල් භාවිතයට ගැනීමට මතක තබා ගන්න.