දවල්ට නිදිමත ඇතිවීමට බලපාන වෙනත් රෝග තත්ව 16 ක්

health tips

නින්ද කියන්නේ අපිට අත්‍යවශ්‍යම ශාරීරීක අවශ්‍යතාවයක්. දවස පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන අපේ සිරුරට අවශ්‍ය විවේකය නින්ද මගින් ලබාදෙනවා. වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට නීරෝගීව ජීවත් වෙන්න නම් අවම පැය 8 ක තරම් සුවදායි නින්දක් අපි ලබාගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් අපි නිදා ගන්නේ රාත්‍රීයට වුණත් බොහෝදෙනා දහවල් කාලයේදී පුරුද්දක් ලෙස නිදා ගන්නවා. ඇතැම්විට මේ ලිපිය කියවන ඔබටත් එවැනි පුරුද්දක් තිබෙන්නට පුළුවන්. ඒ පුරුද්ද නිසාම දහවල් නිදාගැනීමෙන් අත් මිදෙන්නටත් ඔබට නොහැකි වෙලා ඇති. දහවල් කාලයේ ඇතිවන නිදිමත ඔබේ දෛනික කටයුතු අඩාල කරන්නට හේතුවෙනවා වගේම ලොව පුරා සිදුවන මාර්ග අනතුරු සඳහා බලපාන මූලික හේතුව වන්නෙත් මේ දහවල් නිදිමත.ඉතින් ඇයි දහවල් නිදිමත ඇති වන්නේ. ඒ වගේම දහවල් නිදාගැනීමෙන් අපේ ශරීරයට යම් අහිතකර බලපෑමක් වනවාද?  අද අපි කතා කරන්නේ ඒ කාරණාවන් පිළිබඳවයි.

දිවා කාලයේ අධික ලෙස නිදිමතක් ලෙස සලකනු ලබන්නේ එය කිසිවිටෙක වළක්වා ගන්නට අපහසු නිදිමතක් වීම හෝ කෙටි නින්දකින් පසුවත් නැවත අවදි වීමට නොහැකි වීම හෝ කෙටි නින්දකින් පසුව අවදි වුණත් නිදිමත පහව නොයාම යන අවස්ථා. මේ ආකාරයට දහවල් කාලයේ අධික නිදිමතක් ඇති වෙන්නත් හේතු ගණනාවක්ම බලපානවා.

දහවල් නිදිමතක් ඇති වෙන්නට බලපෑ හැකි හේතු 

  • රාත්‍රීය පුරා නිදි වැරීම 
  • රාත්‍රී  1 පසුවී නින්දට යාම 
  • මානසික ආතතිය 
  • දෛනික විටමින් ඌණතාවය 
  • යකඩ ඌණතාවය 
  • හෘදය ආශ්‍රිත රෝග
  • හුස්ම ගැනීමේ අපහසුතා කැස්ස, හිසරදය නිසාවෙන් රාත්‍රී  කාලයේදී සුවදායි නින්දක් ලබා ගන්නට නොහැකිවීම ඔබ්ස්ට්‍රක්ටිව්ස්ලීප් ඇප්නියා රෝගය මෙය අධික ස්ථුලතාවයක් ඇති අය අතර බහුලවම දකින්නට පුළුවන්.හුස්ම ගැනීම අපහසුවීම ගෙරවීම නිසා රාත්‍රී  නින්දට සඳහා ඇතිවී දහවල් කාලයේදී අධික නිදිමතක් ඇතිවෙනවා. 
  • අධික වෙහෙසකර කටයුතුවල නිරතවීම 
  • අක්මාවේ මේදය තැන්පත්වීම 
  • දියවැඩියාව 
  • සිරෝසීස් වැනි තත්ත්ව 
  • දීර්ඝකාලීන වකුගඩු අකර්ණ්‍යවීම 
  • මොළයේ ආසාදන හා පිළිකා තත්ත්ව 
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු 
  • තරබාරුව
  • වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ
  • දහවල් නිදා ගැනීමෙන් ඇතිවිය හැකි  අහිතකර බලපෑම් මේ කරුණු කාරණාවලින් එකක් හෝ කිහිපයක බලපෑම නිසා දහවල් නින්දට ඔබ හුරුව ඇතත් එය ඔබේ ශරීර සෞඛ්‍යයට නම් එතරම් හිතකර වන්නේ නැහැ.
  • රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම 
  • ශරීරය තරබාරු වීම 

දහවල් නින්ද වළක්වා ගන්නා ආකාරය 

  • කෙටි නින්දකට හුරුවීමදහවල කාලයේදී දීර්ඝ වේලාවක් නිදා ගන්නට හුරු වුණු අයෙක් නම් ඒ සඳහා විකල්පයක් ලෙස කෙටි නින්දකට හුරුවිය හැකියි. එය විනාඩි 10 හෝ 20 ක තරම් කෙටි නින්දක් වීම වැදගත්. 
  • එළිමහනේ ඇවිදීම නිදිමත ඇතිවන වේලාවේදී නිදිමත නැති කරගන්නට එළිමහනේ ඇවිදීම ආදී කටයුත්තක නියැලෙන්නට පුළුවන්.
  • පලතුරු යුෂ පානය කිරීම 
  • යකඩ අඩංගු ආහාර ලබා ගැනීම 
  • රාත්‍රී  සුව නින්දක් ලබා ගැනීම 
  • දහවල් නිදිමත ඇතිවීම වළක්වා ගන්නට සිදු කළ හැකි හොඳම ක්‍රමය වන්නේ රාත්‍රී කාලයේදී සුව නින්දක් ලබා  ගැනීම. රාත්‍රී කාලයේ සුවදායි නින්දකට බාධා ඇති කරන හේතු අතර ශාරීරික වේදනාව, කැස්ස, නිතර මුත්‍ර පිටවීම , මත්පැන් භාවිතය නින්ද ලබන පරිසරය සුවපහසු නොවීම, මානසික ආතතිය, දිවා කාලයේ අධික් වෙහෙස ප්‍රධාන වෙනවා. මේ හේතු සාධක පාලනය කිරීම මගින් සුවදායි නින්දක් රාත්‍රියේදී ලබා ගන්නට ඔබට පුළුවන්.
  • නින්දට පෙර තේ හෝ කෝපි පානය නොකරන්න.
  • නින්දට පෙර උණුසුම් ජලයෙන් ඇඟ සෝදා ගන්න. 
  • ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ආදිය පිරිසිදුව තබා ගන්න.
  • නින්දට සුවපහසු පරිසරයක් සකසා ගන්න. නිදිමත වූ සැණින් ඇඳට යන්න. 
  • ජංගම දුරකථනය ඈත් කරන්න 
  • සෑමදිනකම එකම වේලාවකට නින්දට යන්න.
  • ශාරීරික අපහසුතා ඇත්නම් ඒවාට වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගන්න.
  • මානසික සැහැල්ලුව ඇති කර ගැනීමට දිවා කාලයේ විනෝදාංශයක යෙදීම හෝ භාවනා කරන්න.

දහවල් ආහාර ගැනීමෙන් පසුව ඇතිවන සාමාන්‍ය නිදිමත හැර නිතරම දිවා කාලයේදී නිදිමත ඇතිවීම, සාමාන්‍ය කටයුතුවල යෙදී සිටියදී අනපේක්ෂිත ලෙස නින්දයාම, රිය පැදවීම ආදී අවදානම් අවස්ථාවලදීත් අධික ලෙස නිදිමත ඇත්නම්, උදෑසන හිසරදය හා තෙහෙට්ටුව ආදී ලක්ෂණ ඇත්නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. එය ඉහත සඳහන් කළ යම් රෝගී තත්ත්වයක් නිසාවෙන් ඇතිවිය හැකි ලක්ෂණයක් වන්නට පුළුවන්.එබැවින් අධික නිදිමත සහ නින්ද මේ ලක්ෂණ සමඟ  ඇතිවන්නේ නම් එය වෛද්‍ය උපදෙස් ලබගත යුතුම තත්ත්වයක්.

ඒ වගේම අධික ලෙස නිදිමත දහවල් කාලයේදී ඇතිවන වැඩිහිටි අයෙකු නම් ඔබ ඔබේ රුධිරයේ සීනි මට්ටම කොලෙස්ටරෝල් මට්ටමත් පරීක්ෂා කරවා ගත යුතුයි. ඒ වගේම නිදිමත සමඟ අලස බව, ශරීරයට සීතල බව දැනෙන්නේ නම් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පරීක්ෂාවන් සිදුකර ගන්නත් අමතක කරන්නට එපා. ඒ හැරුණාම අධික නිදිමත සමඟ ඇස් සම සුදුමැලිවීම ශරීරය දුර්වලවීම අලස බව ඇති නම් හිමොග්ලොබින් පරීක්ෂාවක් ද කරවා ගන්න. එය සෞඛ්‍යයමත් ජිවිතයක් ගත කිරීම උදෙසා ඔබට අතිශයින්ම වැදගත් වේවි.