වර්තමානය වන විට බොහෝ දෙනෙකු ගොදුරුවී ඇති රෝග තත්ත්වයක් ලෙස රුධිර නාලවල රුධිර කැට ගැසීම හෙවත් Deep Vein Thrombosis නම් රෝග තත්ත්වය හඳුනාගත හැකිය. මෙම තත්ත්වය ඉතා භයානක රෝගී තත්ත්වයකි. එනම් මෙම රෝග තත්ත්වය ඇති වූ පුද්ගලයකු මිය යාමේ සම්භාවිතාව ඉතා ඉහළ බව වෛද්‍ය මතයයි. එනම් එසේ රුධිර නාළවල රුධිර කැටි සිරවීමෙන් එම ස්ථානවලට රුධිරය ගමන් කිරීම අඩාල වීම සිදුවේ. මෙම තත්ත්වය හෘදයට, පෙනහලු වලට වැඩි බලපෑමක් එල්ල කරනු ලැබේ.
රුධිර නාල වල රුධිර කැටි ඇති වීමට බොහෝ හේතු බලපානු ලබයි. එනම් ඒ අතරින් රුධිරයේ ඝණකම වැඩි වීම ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. රුධිර පට්ටිකා අනවශ්‍ය ලෙස ක්‍රියාකාරී වීම හේතුවෙන් රුධිර කැටි ගැසීම සිදුවේ.රුධිරය කැටි ගැසීම සිදු වන විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පවතී.

- අතක හෝ පාදයක රුධිර කැටි ගැසෙන විට රතු පැහැති වීම.
- කෙන්ඩ පෙරලීම.
- උණුසුමක් ඇතිවීම.
- හෘදයාබාධ, කැස්ස වැනි රෝග තත්වයන් ඇති වීම.
පාදයක ලේ කැටියක් සිර වී එය පරිවහණය වන රුධිරය ඔස්සේ හෘදයට යාම ඉතා භයානක තත්වයකි. එනම් ඉන් හෘදයේ සියුම් නාල වලට රුධිරය ගමන් කිරීම අඩාල වි හෘදයාබාධ ඇතිවිය හැකිය.මෙසේ රුධිරය කැටි ගැසීමට විවිධ හේතු බලපානු ලැබේ. එනම්
- ශරීර බර වැඩි වීම
- දුම්පානය කිරීම
- ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ද්විත්වයම ඇති උපත් පාලන පෙති භාවිතාකිරීම.
- ඔත්පල වූ පුද්ගලයින් ආදී පුද්ගලයින් වැඩි වශයෙන් මෙම තත්වයට ගොදුරුවේ.
මෙවැනි රෝග ලක්ෂණ ඇති විටෙක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුය. ඊට අමතරව මේ සඳහා සුදුසු ආහාර පාන පරිභෝජනය කිරීමෙන් ද රුධිර කැටි ගැසීම වළක්වා ගත හැකිය.
අන්නාසි පලතුරක් ලෙස අන්නාසි ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් අන්නාසි ආහාරයට ගැනීමෙන් අන්නාසිවල අඩංගු Bromgnyl රසායනික සංයෝගය රුධිර ඝන වීම අවම කර රුධිර කැටි ගැසීම වලක්වනු ලබයි. මේ නිසා රුධිර කැටි ගැසීම වළක්වා ගැනීමට අන්නාසි ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.
ජලය රුධිරය කැටි ගැසීම වලක්වා ගැනීමට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. එනම් රුධිරයේ 83% අඩංගු වන්නේ ජලයයි. මේ නිසා ජලය පානය කිරීම අවම වූ විට රුධිරය ඝන වීම සිදුවේ. ලේ කැටිගැසීම වළක්වා ගැනීමට වතුර වීදුරු 8 ක් පමණ පානය කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතයයි. මේ නිසා ශරීරය විජලනයට පත් වීමට ඉඩ නොදී ශරීර සජලනය පවත්වාගැනීමට හා රුධිරය ඝන වීම වළක්වා ගැනීමට නිතර ජලය පානය කිරීම වඩාත් සුදුසු වේ.
ඉඟුරු අනවශ්‍ය ලෙස රුධිරය ඝන වීම හේතුවෙන් ඇතිවන රුධිර කැටි ගැසීම වළක්වා ගැනීමට ඉගුරු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ඉඟුරුවල අඩංගු SaliCylic acid මගින් රුධිරය තුනී කිරීම සිදු කරනු ලැබේ. එනම් රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීමට ඉඟුරු නැවුමිව භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.
සුදු ළුනු සුදු ළුනු යනු දිව්‍යම ඖෂධයකි. එනම් බොහෝ රෝග සමනය කිරීමට මෙන්ම රුධිර කැටි ගැසීම වැළැක්වීමට ද සුදුලූනු වල ඖෂධීය ගුණය උපකාරී වේ. මේ නිසා රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීමට සුදුලූනු ආහාර පිසීමේදී එක් කර ගැනීමට වඩාත් යෝග්‍ය වේ.
කහ කහ යනු කුළුබඩු අතර ඖෂධීය ගුණයෙන් අනූන කුළු බඩුවකි. එනම් කහ වල අඩංගු කර්කියුමින් අනවශ්‍ය රුධිර කැටි ගැසීම් වලක්වනු ලබයි. මේ නිසා ආහාර පිසීමේ දී කහ භාවිතා කිරීමෙන් මෙවැනි රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.

කිවි කිවි පලතුර ආහාරයට ගැනීමෙන් රුධිර කැටි ගැසීම වළක්වා ගත හැකිය. එනම් කිවි ආහාරයට ගැනීමෙන් රුධිර පට්ටිකාවල ක්‍රියාකාරිත්වය අවම කර රුධිර ඝන වීම වළක්වනු ලැබේ. මෙය වර්තමානය වන විට කරන ලද පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.
ඔමේගා ත්‍රී මේදය අඩංගු මාලු වර්ග ඔමේගා ත්‍රී මේදය අඩංගු ආහාර භාවිතා කිරීමෙන් ශරීරය තුළ රුධිර ගමනාගමනය ක්‍රමවත් කර ගත හැකිය. එනම් ලින්නන්, සැමන් මැකරල්, කෙලවල්ලා වැනි මාළු වර්ග වල ඔමේගා 3 මේද අම්ලය අඩංගුවේ. ඊට අමතරව හණ ඇට, සූරියකාන්ත ඇට ආදියෙහි ද ඔමේගා ත්‍රී මේද අම්ලය අඩංගු වේ.
මිදි යුෂ මිදි යුෂ ආහාරයට ගැනීමෙන් ලේ කැටි ගැසීම වළක්වා ගත හැකිය. එනම් මිදි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ සහ ඛනිජ ලවණ රුධිර කැටි ගැසීම වලක්වනු ලබයි.
ඔලිව් තෙල් ඔලිව් තෙල්වල අඩංගු පිනොල් මගින් රුධිර කැටි ගැසීම වලක්වනු ලබයි. එනම් ආහාර පිසින විට ඔලිව් තෙල් භාවිතා කිරීමෙන් ලේ කැටිගැසීම වළක්වා ගත හැකිය.
බීජ වර්ග සහ ඇට වර්ග බීජ වර්ග වල සහ ඇට වර්ග වල විටමින් E වැඩි වශයෙන් අඩංගු වන හෙයින් රුධිර කැටි ගැසීම වළක්වා ගත හැකිය. එනම් ඇට වර්ග නිතර ආහාරයට ගන්නේ නම් කැටි ගැසී ඇති රුධිරය දිය කර ගත හැකි බව නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මෙවැනි ආහාර නිතර භාවිතා කිරීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වා ගත හැකිය. ඊට අමතරව
- මේදය ලුණු සහිත ආහාර, සන්තෘප්ත හා ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටීම.
- ක්‍රියාශීලීව කටයුතු කිරීම.
- නිතර ජලය පානය කිරීම.
- දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පානය අවම කිරීම
මේ ආදී වූ කරුණු සැලකිල්ලට ගනිමින් යහපත් ජීවන පුරුදු හා ආහාර පුරුදු වලට යොමු වීමෙන් මෙවැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වා ගත හැකිය.