දෙහි ගෙඩිය කවුරුත් කෑවට දෙහි පොත්තේ තියෙන ගුණ ගැන පුදුම හිතෙන කතාවක්

health tips

පැඟිරි කුලයට අයත් දෙහි යනු ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයකි. එනම් ඈත අතීතයේ සිටම දෙහි බොහෝ රෝග වලට ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් ඉන්දියාව නිජබිම කරගත් දෙහි ශාකය වර්තමානය වන විට ලංකාව මැලේසියාව ආදී බොහෝ රටවල භාවිතා කරනු ලැබේ. 

එනම් ආහාර රසගැන්වීමට මෙන්ම රසවත් පානයක් ලෙස ඖෂධයක් ලෙස දෙහි භාවිතා කළ හැකිය. එනම් එසේ දෙහි භාවිතා කිරීම මගින් ශරීරගත බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් දෙහිවල මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ.

විටමින් B6,C,E

ප්‍රෝටීන්

කොපර්

ෆෝලේට්

යකඩ

කැල්සියම්

මැග්නීසියම්

පැන්තොතෙනික් අම්ලය

නියාසින් 

පොස්පරස්

රය්බොෆ්ලේවින් 

තයමින්

සින්ක් 

වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් දෙහිවල අඩංගු වේ. 

දෙහි ශාකයේ ඖෂධීය ගුණ 

කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දෙහිවල අඩංගු බික් වලට වඩා දෙහි පොත්තෙහි බොහෝ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වන බවයි. එනම් එය පිළිකා මර්දනය කිරීම සඳහා ද ගුණදායක ඖෂධයක් බව වර්තමානය වන විට හඳුනාගෙන තිබේ. ඊට අමතරව දෙහි ඖෂධයක් පානයක් ලෙස භාවිතා කිරීම මගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් ඒ අතර 

පිළිකා මර්දනය කිරීම සඳහා

වර්තමානයේ කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ පිළිකා සෛල මර්දනය කිරීම සඳහා දෙහි පොතු භාවිතය වඩාත් යෝග්‍ය වන බවයි. එනම් දෙහි පොතු වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එම ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එනම් ඒ සඳහා ශීතකරණය තුළ තබා ගබඩා කර ගත්  දෙහි කුඩු කොට ආහාර පිසින විට එක් කර ගැනීම ගුණදායක වේ. එනම් මෙය ඖෂධ වර්ගවලට වඩා ප්‍රතිඵල දායක වන බව බොහෝ දෙනාගේ මතයයි. 

චර්ම රෝග සදහා 

දද ,කුෂ්ට හා වෙනත් චර්ම රෝග හා සමේ මැරුණු සෛල ඉවත් කිරීමට දෙහි සමඟ මී පැණි මිශ්‍ර කර ආලේප කිරීම යෝග්‍ය වේ. එනම් දෙහිවල අඩංගු විටමින් C  මෙම චර්ම රෝග සමනය කිරීමට උපකාරී වේ. 

ශරීර බර පාලනය කිරීම සඳහා

දිනපතා දෙහි පානයක් ලෙස භාවිතා කරන්නේ නම් එමගින් ශරීර බර පාලනය කරගත හැකිය. එනම් දෙහි යුෂ වල අඩංගු සිට්රික් අම්ලය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කර මේදය දහනය කිරීම සිදුකරයි. එමෙන්ම සිට්රික් අම්ලය ශරීරයේ මේදය තැන්පත් වීම අඩු කිරීමට ද හේතුවේ. 

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා

ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීම සඳහා විටමින් C ශරීරයට ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එනම් දිනපතා දෙහි පානයක් ලෙස භාවිතා කරන්නේනම් දෙහිවල අඩංගු විටමින් C  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන වසංගත රෝග,උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වලින්ද ආරක්ෂාව සලසනු ලැබේ. 

සමෙහි පැහැය වර්ධනය කිරීම සඳහා

දෙහි යනු විටමින් C බහුලව අඩංගු වන පලතුරකි. එනම් සමෙහි නීරෝගී භාවය පවත්වා ගැනීමට විටමින් C අතවශ්‍ය වේ. දෙහි පානයක් ලෙස දිනපතා භාවිතා කරන්නේ නම් එමගින් සමෙහි ඇතිවන අඳුරු පැහැය,ලප කැලැල් ,සම රැළි වැටීම් වැනි රෝග තත්ත්වයන් සමනය කර සමෙහි කොලජන් වර්ධනය කර ගෙන සම පැහැපත් කර ගත හැකිය. 

හෘද රෝග සඳහා

බොහෝ දෙනෙකුට පවතින හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙහි භාවිතය වඩා සුදුසු වේ. එනම් දෙහිවල අන්තර්ගත මැග්නීසියම් සහ පොටෑසියම් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි.  එමෙන්ම මෙමගින් රුධිර ප්‍රවාහය වැඩි කර රුධිර පීඩනය ද අඩු කරයි. එමෙන්ම දෙහි මගින් කොලෙස්ටරෝල් පාලනය වන නිසා හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. 

වකුගඩුවල ගල් සඳහා

වකුගඩු වල ඇති වූ ගල් දියකර හැරීම සඳහා මෙන්ම නැවත ගල් ඇතිවීම වලක්වාගැනීමට දෙහි පානය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

එනම් දෙහිවල අඩංගු සිට්රික් අම්ලය සහ විටමින් C වකුගඩුවල ඇති ගල් දියකර හැරීම සිදුකරයි. එනම් දිනපතා හෝ හැකි විටක දෙහි පානය කරන්නේ නම් ඉන් වකුගඩු ගල් ඇති වීම වලක්වා ගත හැකිය. 

ආහාර ජීරණය ක්‍රමවත් කිරීම සඳහා

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන නොයෙකුත් ගැටලු සමනය කරගෙන ආහාර හොඳින් ජීරණය කර ගැනීම සඳහා දෙහි යුෂ පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් දෙහි යුෂ පානය භාවිතා කිරීම මගින් ආමාශයේ ආහාර ජීරණය සදහා උපකාරී වන ශ්‍රාවය උත්තේජනය කිරීම සිදුකර හොඳින් ආහාර ජීර්ණය කිරීම සිදුකරනු ලැබේ. 

එමෙන්ම

බැක්ටීරියා වෛරස් විනාශ කිරීම සඳහා

පණු රෝග සඳහා

රූපලාවණ්‍යය කටයුතු සදහා 

සෙම් රෝග සඳහා

හිස්සොරි ඉවත් කිරීම සඳහා

සන්ධි ඉදිමුම් වේදනා සඳහා

අධිරුධිර පීඩනය පාලනය කිරීම සඳහා

දියවැඩියාව සඳහා

උදරගත රෝග සඳහා 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස දෙහි භාවිතා කළ හැකිය.