සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කායික නිරෝගී බව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මනස ලෙඩ වුණොත් එය කායික රෝග තත්ත්වයන් වගේම ඉතාම භයානකයි. ඉතින් පුද්ගලයෙක් නිරෝගී වෙනවා කියලා කියන්නේ කායික වගේම මනසිකවත් නිරෝගී වීම. ඔබේ මනස ලෙඩ වෙලා නම් එය ඔබව කායික වශයෙනුත් ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න පාර කපන බව දැනගත යුතුමයි.
මානසික අවපීඩනය එහෙම නැත්නම් විශාදය කියන රෝගය අද සුලභව අසන්නට ලැබෙන එක්තරා මානසික රෝගයක්. විශාදය (Depression) ලංකාවේ වගේම ලෝකයේ රටවල් බොහොමයකම බහුලව දකින්නට ලැබෙන සමාජය තුළ ඉතා වේගයෙන් පැතිරී යන රෝගයක්. ඒ නිසාම “විසි එක්වන ශතවර්ෂයේ මහාමාරිය ” යන නමින් පවා මෙය හඳුන්වනවා. විශේෂයෙන්ම දියුණු යැයි සැලකෙන බොහෝ රටවල මේ රෝගය අතිශයින් බහුලයි.
සෑම මානසික අවපීඩනයට ගොදුරුවන පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙක් සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන බව සොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපේ කාර්යබහුල අවිවේකී ජීවන රටාවත් එක්ක මනසට දැනෙන ආතතිය වැඩියි. ඒ නිසා එය මගහැර ගන්නට මානසික සහනය සඳහා අපි විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙනවා.

නමුත් විශාදය සාමාන්‍යයෙන් ඇතිවන ඒ මානසික ආතතියට වඩා වෙනස්. විශාදය කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිතේ පවතින ශෝකී බව. මෙය සතියක් මාසයක් හෝ ඊට වැඩි කාලයක් පවතින්නට පුළුවන්.නමුත් මානසික ආතතිය සහ විශාදය වෙන්කර හඳුනා ගැනීම ඉතා අපහසුයි. ඒ නිසාම විශාදය ඇති බොහෝදෙනෙක් තමන් විශාදයෙන් පෙළෙන බව නොදැනීම නිසා ගැටළු බොහොමයකට මුහුණ දෙනවා. .
ඉතින් ඒ නිසා ඔබට හෝ ඔබේ සමීපතමයන්ට මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් උපදේශන සේවයකට හරි මානසික වෛද්‍යවරයෙකු වෙතට හෝ යොමු කරවන්නට කටයුතු කරන්න. ඒ සඳහා ඔබ මේ කරුණු ගැන දැනුවත් වෙන්න.
විෂාදය ඇති වෙන්නට බලපාන හේතු
- ජානමය බලපෑම්
- පරිගණක ක්‍රීඩාවල යෙදෙමින් අධික ලෙස නිකරුණේ නිදි වැරීම
- මනසට වධ දෙන පීඩාකාරී දේවල්
- ජීවිතයේ කඩාවැටීම් ( රැකියා අහිමි වීම්, ආදර සම්බන්ධතා බිඳ වැටීම්)
- යම් යම් දේවල් පිළිබඳ අධික ලෙස සිතීම
- පශ්චාත් ගර්භනී අවධියේදී කාන්තාවන්ගේ ශරීරයේ ඇති වන හෝමෝන වෙනස්කම්
- දිගුකාලීන කායික රෝග ( දියවැඩියාව, අංශභාගය, ආතරයිටීස් සහ පිළිකා)
- කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ සිදුවන වෙනස්කම්
- මාසික ඔසප්වීම නිසා සිදුවන හෝර්මෝනවල වෙනස්වීම
- අන්තරාසර්ග පද්ධතිය සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු
- ආඝාත තත්වත්වයන්
- ස්නායු රෝග
- සින්ක් අඩුවීම ආදී පෝෂණය ගැටළු
රෝග ලක්ෂණ
නින්දේ දී ඇතිවන වෙනස්කම් විෂාදයේ මූලික පහර මනසට එල්ල වෙන නිසා මනස ව්‍යාකූල වෙද්දි මොළය අඩපණ වෙනවා. එහි බලපෑමක් විදිහට නින්ද අහිමි වෙන්නට පුළුවන් .ඒ වාගේම අධ්‍යාපනික වැඩ කටයුතු රැකියාවේ කටයුතු ආදිය මඟහැරෙන ආකාරයට සෑහෙන්න නිදා ගන්නට පෙළඹෙනවා නම් එයත් මානසික අවපීඩනයේ ලක්ෂණයක්.
ශරීර බර වෙනස් වීම එකවරම ආහාර රුචිය සම්පූර්ණයෙන්ම නැතිව ආහාර ලබා ගන්නේ නොකර බැරිකමට වගේ නම් එයත් මානසික පීඩනයේ ලක්ෂණයක්. ඒ වගේම බොහෝ දරුණු ආකාරයකට කෑම බීම ගන්නවා නම් එයත් මානසික අවපීඩනයට අයිති ලක්ෂණයක්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
ජීවත් වීමේ කැමැත්ත නැතිවීම ජීවිත් වෙන්නට ආසාවක් නෑ කියන්නේ මරණයට බයක් නැහැ කියන කාරණාව. අද ලෝකයේ සිදුවෙලා තියෙන මරණවලින් වැඩි ප්‍රමාණයක් විශාදයේ බලපෑම නිසා සිදුවුණ මරණ. ඒ නිසා කෙනෙකුට තමන්ව කිසිවෙකුට වටින්නේ නැහැ ජීවිතේ එපා වෙලා වගේ හැඟෙනවා නම් එය ඇතැම් විට විශාදය ඇති බව පෙන්වන ලක්ෂණයක් වෙන්නට පුළුවන්.
මනස නිතරම අවුල් වීම විශාදය ඇතිවිට හේතුවක් නොමැතිව තරහ යාම සහ දුක ඇති වෙනවා.

ශරීර සෞඛ්‍යය පිරිහීම මනස ලෙඩ වෙද්දි කයත් රෝගී වෙනවා. විශේෂයෙන්ම සෑමවිටම ශරීරයේ තැන් තැන්වල වේදනාවන් සාධාරණ හේතුවක් නොමැතිව ඇතිවීම විශාදයේ රෝග ලක්ෂණයක් වෙන්නට පුළුවන්.
- මතකය අඩුවීම
- කලන්තය
- සාංකාව
- වෙනදා විඳපු දේවල් ගැන ඇල්මක් ඇති නොවීම
- ශරීරයට අධික වෙහෙසක් දැනීම
- දීර්ඝ කාලීනව පවතින අධික දුක හෝ සතුට
- කිසිදු දෙයකට අවධානය යොමු කිරීමට නොහැකි වීම
- ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය බිඳ වැටීම
- නිතරම අසුබවාදී ලෙස සිතීම
- ආහාර අරුචිය
- නිතරම සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම
- මල බද්ධය
- බලාගත් අත බලා සිටීම
- හිසකෙස් නොපීරා රැවුල නොකපා තමන්ගේ පිරිසිදුකම පිළිවෙල ගැන නොසිතීම
- ලිංගික ආශාව අඩුවීම
- ඔසප් චක්‍රය වෙනස් වීම
- හිසේ කැක්කුම
- අපේක්ෂාභංගත්වය
- මළගිය පුද්ගලයන් කතා කරන බව ඇසීම
- නිවසේ කිසිවෙක් නොමැතිවිට අඩි ශබ්ද ඇසීම
- තමාට වැරදි පවරා ගැනීම
- තමන්ට බොහෝ රෝග ඇතිවී ඇති බව සිතීම
- අනාගතය දෙස අශුභවාදීව බැලීම
මේ විෂාදයෙන් පෙළෙන පුද්ගලයෙකුට හදවත් රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ රෝගාබාධ වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සිය දෙනෙක් ගත්විට උපතේ සිට මරණය දක්වා කාලය තුළ කාන්තාවන්ට 20% සහ පිරිමින්ට සියයට 10% විෂාදය වැළඳීමේ ප්‍රවණතාවක් තියෙනවා.මේ විශාදය ඕනෑම වයසක පසුවන කෙනෙකුට ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ට සහ මහලු වයසේ පසුවන අයටත් හැදෙන්නට පුළුවන් අවදානමක් තියෙනවා. විශාදය ඇති පුද්ගලයකුගේ රෝග තත්ත්වය වයස අවුරුදු 24 – 25, 30ගණන්වලදී උච්චතම තත්වයට පත්වෙන්න පුළුවන්. එය අවුරුදු 50 වෙන විට ක්‍රමයෙන් අවම වී යනවා.
මේ විශාදය මාස 6 සිට අවුරුදු කිහිපයක් පුරා තිබෙන්නට පුළුවන්. මේ රෝගය ඉතා දරුණු මානසික රෝගයක්. එහි අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම නිසා මුල් අවදියේදී රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්.