බොහෝ දෙනෙකු නොදැනුවත් වුවද ශරීරය තුළට නොයෙක් විෂ ද්‍රව්‍ය ඇතුළු වනු ලැබේ. එනම් ශරීරයට විෂ ඇතුළු වන ආකාර කිහිපයක් පවතී.
- ආශ්වාසය කරන විට වාතයේ පවතින විෂ ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීම.
- කාබනික සංයෝග හා රසායනික පොහොර යෙදූ ආහාර භාවිතා කිරීම මගින් ශරීරයට විෂ එකතු වීම.
- පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් නොගැනීම හේතුවෙන් ශරීරය තුළ විෂ නිශ්පාදනය වීම.
මේ ආකාරයට ශරීරයේ විවිධ විෂ වර්ග තැන්පත් වීම සිදුවේ. මෙසේ තැන්පත් වූ විෂ කිහිපාකාරයකට ශරීරයෙන් බැහැර වේ.
- දහදිය මගින්
- මලපහ සහ මුත්‍රා මගින්
- හුස්ම පිට කිරීම මගින්
- ඔසප්වීම මගින්
- මේ ආකාරයට ශරීරයට ඇතුළු වන විෂ ඉවත් කිරීම සිදුවේ. එනම් මේ සඳහා ශරීරයේ වකුගඩු සහ අක්මාව වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
නමුත් නිතර නිතර විෂ සහිත ආහාර භාවිතා කිරීම වැඩි වූ විට වකුගඩු වල සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාල වේ. මේ නිසා ශරීරයේ තැන්පත් වූ විෂ පහසුවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුය. එනම් මේ සඳහා ගුණදායක ආහාර භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව විෂ ඉවත් කර ගැනීමට අනුගමනය කළ යුතු නොකළ යුතු කරුණු කාරණා කිහිපයක් පවතී.

ප්‍රෝබයෝටික් අඩංගු ආහාරප්‍රෝබයෝටික් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ විෂ තැන්පත් වීම වළක්වා ගත හැකිය. එනම් කෙසෙල්,තක්කාලි,ලූණු, සුදුලූනු, තන්තු බහුල ප්‍රෝබයෝටික් ආහාර බහුලව ආහාරයට ගැනීමෙන් බඩවැල් වල විෂ ඉවත් කරන සෛල ක්‍රමවත්ව ක්‍රියාත්මක වී ශරීරයෙන් ක්‍රමවත්ව විෂ ඉවත් කිරීම සිදුකරයි. මේ නිසා ප්‍රෝබයෝටික් අඩංගු ආහාර භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර භාවිතා කිරීම. ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර බහුලව භාවිතා කිරීම මගින් ශරීරයේ විෂ තැන්පත් වීම වළක්වා ගත හැකිය. එනම් ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීමෙන් ෆ්‍රී රැඩිකල්ස් නම් අණු මගින් සෛලවලට සිදුවන හානිය වලක්වා ගත හැකිය. එනම් ඉන් ඩිමෙන්ෂියාව හෘද රෝග, අක්මා රෝග, ඇදුම, පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් මේ සඳහා , පලතුරු, ඇට වර්ග ,කොකෝවා,බෙරි, එළවලු, කුළු බඩු, කෝපි සහ හරිත තේ වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර භාවිතා කිරීම යෝග්‍ය වේ.
වැඩි පුර ජලය පානය කිරීම ශරීරයේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. එනම් ශරීරයේ තැන්පත් වූ විෂ ඉවත් කර ගැනීමට ජලය පානය කිරීම වඩාත් වැදගත් වේ. එනම් ශරීරයේ විෂ වැඩි වශයෙන් පිටවන්නේ බහිස්‍රාවීය ද්‍රව්‍ය ලෙසය. එනම් මුත්‍ර,දහඩිය හරහා ශරීර විෂ පිටවීමට නම් වැඩිපුර ජලය පානය කළ යුතුය. එනම් රුධිරය කැටි ගැසීම වලක්වා ගැනීමට, රුධිරය පිරිසිදු කර ගැනීමට ,ශරීර විජලනය වලක්වා ගැනීමට අක්මාවට සහ වකුගඩු වලට විෂ ඉවත් කිරීම පහසු කිරීමට ජලය ශරීරය තුළ පැවතීම අතවශ්‍යවේ. එනම් ජලය නිසි ප්‍රමාණයට පානය කිරීමෙන් මුත්‍ර පිට කිරීම, හුස්ම ගැනීම, දහදිය දැමීම ක්‍රමවත්ව සිදුකර විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරයි. එනම් දිනකට අවමව වතුර වීදුරු 08 ක් පමණ පානය කළ යුතුය. එනම් ඉන් ශරීරයේ විෂ තැන්පත් වීම වළක්වා ගත හැකිය.
මත්පැන් පානයෙන් වැළකීම.මත්පැන් පානය කිරීම මගින් ශරීරයට වැඩි විෂ ප්‍රමාණයක් එකතුවේ. එනම් එම විෂ ඉවත් කිරීමට අක්මාවට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් අක්මාවේ එන්සයිම මගින් පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍යයක් වන ඇසිටන්ලිහයිඩ් වෙත ඇල්කොහොල් පරිවෘත්තීය කිරීමත් එවිට ඇසිටන්ලිහයිඩ් විෂ ද්‍රව්‍යක් ලෙස අක්මාව මගින් හඳුනා ගැනීමත් පසුව එය ඇසිටේට් නම් හානිකර ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කර ශරීරයෙන් ඉවත් කිරීමත් සිදුකරයි. එනම් මෙම ක්‍රියාවලිය නිතර නිතර සිදුකිරීමට සිදු වුවහොත් අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකිය. එවිට පෙර මෙන් අක්මාවේ විෂ ඉවත් වීම සිදු නොවී විෂ තැන්පත් වීම සිදුවේ. එවිට නොයෙක් රෝගාබාධ ඇති වනු ලැබේ. මේ නිසා අධික ලෙස මත්පැන් පානය නොකළ යුතුය.

පැය 06-08 කාලයක නින්දක් ලබා ගැනීම.සෑම දෙනාටම පාහේ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට නින්ද අතවශ්‍යවේ. එනම් මේ සඳහා පැය 06-08 ක කාලයක් නිදා ගැනීම සඳහා වෙන් කර ගත යුතුය. එනම් රාත්‍රියේ නින්දට ගිය විට මොළය ප්‍රතිසංවිධානය කිරීම හා නැවත ආරෝපණය වීමට සහය ලබා දීම සිදු කරනු ලැබේ. එමෙන්ම නිදා ගත් පසු අක්මාවේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුවේ. එනම් නිදාගත් පසු අලුයම 03 වන තුරු අක්මාවේ විෂ ඉවත් කිරීම සිදුකෙරේ. මේ නිසා ශරීර විෂ ක්‍රමවත්ව ඉවත් කර ගැනීමට සුවබර නින්දක් ලබා ගැනීම අතවශ්‍යවේ. එනම් මෙසේ සුවබර නින්දක් ලබා ගැනීමෙන් ඇල්සයිමර් වැනි රෝග ඇතිවීම ද වලක්වාගත හැකිය. මීට අමතරව
- එප්සම් ලුණු ස්වල්පයක් උණුසුම් වතුරට දමා ඉන් පාද පොගවා විනාඩි විස්සක් පමණ සිටීම.
- මගින් සිරුරේ සියලුම විෂ ඉවත් කර ගත හැකිය.
- ආහාර පිසින විට ලුණු භාවිතා කිරීම අවම කිරීම.
- කෘතිම ආහාර ගැනීමෙන් වැලකීම.
- ව්‍යායාම වල හා යෝගා වල නිරත වීම
- රාත්‍රි නින්දට පෙර දත් මැදීම.
මේ ආදී වශයෙන් කටයුතු කිරීමෙන් ශරීරයේ විෂ තැන්පත් වීම වළක්වා ගත හැකිය. එනම් පවතින විෂ පහසුවෙන් ඉවත් කරගෙන බොහෝ රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.