සිරුරේ සියලු විෂ මිනිත්තු 30ක් ඇතුළත යටි පතුල්වලින් ඉවත් කරගන්න ක්‍රමයක්

health tips

තත්පරයෙන් තත්පරය දවසින් දවස අපේ දේහය තුළ විවිධ හේතු නිසා විෂ එකතු වෙනවා. ඒවා අපි ගන්නා ආහාර හරහා හෝ පානය කරන ජලය හරහා හෝ ආශ්වාස කරන වාතය හරහා වෙන්නටත් පුළුවන්. එසේ නැත්නම් දේහයේ අභ්‍යන්තර ක්‍රියාවලීන්වල ප්‍රතිඵලයක් ලෙස වන්නටත් පුළුවන්. අපේ දේහයේ විෂ ද්‍රව්‍ය බැහැර කරන්නට වකුගඩු සහ අක්මාව විශාල මෙහෙයක් ඉටු කළත් ඒ ඉන්ද්‍රියන්ට එහි ධාරිතාවය වැඩි වූ විට හෝ ඒ ඉන්ද්‍රියන්ට ඒ විෂහරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරගන්නට අවකාශ නොමැති වුණොත් ඒවා කාලයත් සමඟ අපේ දේහයේ තැන්පත්වෙලා විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. විශේෂයෙන්ම අපි දෛනිකව නිසි පරිදි සුවදායි නින්දක් ලබා නොගැනීම මේ විෂ ද්‍රව්‍ය දේහයේ වැඩි වශයෙන් තැන්පත් වෙන්න හේතුවක් වෙනවා. මෙසේ විෂ  ද්‍රව්‍ය දේහයේ එකතු වීම අපේ ශරීරයේ කායික වගේම මානසික සැහැල්ලුවත් නැති කරනවා. ඒ නිසා අපි ගන්නා ආහාර මගින් වගේම අපේ දේහයේ විෂ යටි පතුල්වලින් ඉවත් කර ගන්නත් ක්‍රම පවතිනවා. අද  කතා කරන්නේ ඔබේ ශරීරයට සැහැල්ලුවක් ලබාදෙන ශරීරයේ විෂ යටි පතුලෙන් ඉවත් කර ගන්නා  ආකාරය පිළිබඳවයි.

පාදය කියන්නේ අපේ ශරීරයේ ස්නායු වගේම අස්ථි වැඩි ප්‍රමාණයක් එකතු වී තිබෙන ස්ථානයක්. මේ නිසා පාද දෙකට  විවේකයක් සහ සැහැල්ලුවක් ලබාදීම මුළු දේහයටම  සැහැල්ලුවක් දෙන්නටත් හේතු වෙනවා. එමගින් දේහයේ විෂ වර්ග ඉවත් වන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නටත් මහත් උපකාරයක් වෙනවා. ශරීරයේ අනිත් ස්ථානවලට සිදු කරන සම්බාහනයට වඩා පාදවලට සිදු කරන සම්බාහනයත් විශේෂ වෙන්නෙත් මේ නිසාමයි.

එප්සම් ලුණු  එප්සම් ලුණු කියන්නේ මැග්නීසියම් ලෝහයත් සල්ෆේට් ලවණයත්  එකතු වී සැකසුණු  ලුණු වර්ගයක්. මේ එප්සම් ලුණු පහසු මිලකට සුපිරි වෙළදසැල්වලින් සහ  ඖෂධ අලෙවිසැල්වලින් මිලට ගන්නට පුළුවන්. සාමාන්‍ය  ලුණුවලට බොහෝදුරට සමාන එප්සම් ලුණු තිත්ත රසයක් ගන්නවා. මේ තිත්ත රසය නිසා ආහාර රසවත් කිරීම ආදිය සඳහා භාවිතා කරන්නට නොහැකි වුණත් එය භාවිතයෙන් අහිතකර බලපෑමක් අපේ දේහයට සිදු වන්නේ නැහැ. නමුත් අපේ ශරීරයේ එකතු වෙලා තියෙන විෂ ඇදගැනීමේ අපූරු හැකියාවක් මේ එප්සම් ලුණු සතු වෙනවා.

මේ එප්සම් ලුණු ජලයේ දියකරන විට ජලයේ ඝනත්වය වේගයෙන් ඉහළ යනවා. මෙහි අඩංගු මැග්නීසියම් ජලයේ ඉතා හොඳින් දියවෙන නිසා එප්සම් ලුණු විශාල ප්‍රමාණයක් සීතල ජලයේ වුණත් දිය කිරීමේ හැකියාවක් පවතිනවා. මේ එප්සම් ලුණු අපේ දේහයේ සියලුම පේශී විවේක ගන්වන්නට උපකාරී වෙනවා වගේම  පුද්ගලයාට නොගිලී සිටීමට හැකි තටාක නිර්මාණයටත් මේ  එප්සම් ලුණු භාවිතා වෙනවා. බොහෝ දියුණු රටවල නාන තටාක සඳහා  මේ එප්සම් ලුණු භාවිතයට ගැනෙනවා. 

එතරම් විශාල නාන තටාක නැතත් ජලයේ දියකරගත් එප්සම් ලුණු බේසමකින් අපට අපේ දේහයේ විෂ ඉතා  පහසුවෙන් ඉවත් කරගෙන දේහයට සැහැල්ලුවක් ලබා දෙන්නට පුළුවන්. එප්සම්  ලවණ ද්‍රාවණයකට පාද  දමා ගෙන සිටීමෙන්  අපේ දේහයේ ඇතුළතට වඩා  එහි ලවණ ගතිය ඉහළ නිසා  සිරුරේ තිබෙන දහදිය ඇතුළු  සජල ද්‍රාවණ පිටතට ඇදී එන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම යටි පතුල් වගේ රෝම කූප රහිත ප්‍රදේශ දහදිය වඩාත් හොඳින් පිටතට ඇද ගන්නට උදව් වෙනවා. තිබෙන විෂ වර්ග දහදියත් සමඟ ඉවත්වීමත් සමඟ  රුධිරයේ ඇති අනෙක්  විෂ රසායනිකත්  ඒ ස්ථානයට ගමන් කර  දිගටම පිටතට ඒමට පටන් ගන්නවා. පර්යේෂණවලින් සොයා ගෙන ඇති ආකාරයට එප්සම් ලුණු ද්‍රාවණයක පාද පමණක් බහා සිටින විට ඇති කාර්යක්ෂමතාව සම්පූර්ණ බාත් ටබ් එකක බහා සිටිනවාට වඩා වැඩියි.

එප්සම් ලුණු ද්‍රාවණයක පාද බහා තබා ගැනීමෙන් ලැබෙන වාසි 

  • නිතර සපත්තු සහ මේස් පැළදීම නිසා පාදය අවහිරවී තිබීම නිසා මේ වගේ අවස්ථාවක පාදයට දහදිය පිට කරන්නට අමතර ඉඩකඩක් ලැබෙනවා.
  • ස්වභාවිකව ඉපිලීමට ලක්වෙන නිසා  පාදයේ අස්ථි සන්ධි  පේශී සහ පටක සියල්ලට සැහැල්ලුවක් සහ විවේකයක් ලැබීම. 
  • අපහසු පාවහන් පැළදීම, ඇවිදීම සහ වැඩිවේලාවක් සිටගෙන සිටීම නිසා වෙහෙසට පත් පේශී පටක සැහැල්ලු වීම හා  සන්ධි වේදනා ඉවත් වීම. 
  • පාදයේ එකරැස් වුණු  ජලය ඉවත් වන නිසා පාදයේ ඉදිමීම  සහ වතුර පිරීම ආදී ගැටළු මගහැරීම. 
  • නියපොතු හා ඇඟිලිකරුවල ඇති දිලීර සුව වීම.
  • යටි පතුල් පැලීම, ගල් තැලුම් හා  ගැටිති සුව කිරීම. 
  • පාදයේ තුවාල හෝ පාදයේ දුර්ගන්ධය ඉවත් කිරීම. 
  • වෙනත් දීර්ඝකාලීන රෝග සහ වේදනාවන් සමනය කිරීම.

මේ සඳහා  පාද නිදහසේ දැමිය හැකි තරමක විශාල බේසමක් ගෙන එයට පාදයේ වළලුකර වැසෙන මට්ටමට  (ජලය ලීටර් 120 ක් පමණ ) ජලය එකතු කරන්න. 

එප්සම් ලුණු කෝප්ප භාගයක් ( 150 g )ගෙන එයට  දමා හොඳින් දියකර ගන්න. මෙයට අවශ්‍ය නම් බේකින් සෝඩා මේස හැන්දක්  ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි 2ක් එකතු කරන්න. 

ඉන්පසුව වාඩි වී මේ ද්‍රාවණයේ පාද ගිල්වා ගෙන තවත් එප්සම් ලුණු කෝප්ප භාගයක් ගෙන ගිලී ඇති පාදවලට ඉසින්න. ඒ ලුණු  කැට ඉබේම දියවෙන්නට ඉඩ හරින්න.

 මෙසේ විනාඩි 15 ක කාලයක් සැහැල්ලුවෙන් පාදය ගිල්වා ගෙන සිටින්න.  

මෙය සතියකට වරක් හෝ දෙවරක් සිදු කිරීම මගින් කායිකව වගේම මානසිකවත් විශාල සුවයක් සහනයක් ඔබට ලබා ගන්නට හැකිවෙනවා.

ඒ හැරුණාම පොල්, අළු පුහුල්, අහු ගෙඩි, පේර කොළ සහ ගෙඩි ඩිටොක්ස් පානයන් ආදිය මගින් ද අපේ දේහයේ තැන්පත් වන විෂ ඉතා  පහසුවෙන් ඉවත් කර ගන්නට හැකියාව පවතිනවා.