වයස්ගත වීමත් සමඟ ඇතිවන අමතක වී යාමේ රෝගී තත්වයක් ලෙස ඩිමෙන්ෂියාව හඳුන්වයි. මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමත් සමඟ මෙම රෝග අවදානම ඇතිවෙයි.ලෝක ජනගහනයෙන් මිලියන 55ක් පමණ මෙම රෝගයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. ඩිමෙන්ෂියා ප්‍රභේද සිය ගණනක් ඇතත් වඩාත් බහුල තත්වය ඇල්සයිමර්ස් රෝගයයි. ජානමය බලපෑම් මෙන්ම එදිනෙදා ජීවිතයේ අප අනුගමනය කරන ඇතැම් පුරුදු ද මෙම රෝගය වර්ධනය වීමේ අවදානම ඉහළ දමන බව සඳහන් වෙනවා.මේ ඉන් කිහිපයකි.

මොළයට අභ්‍යාස නොදීම ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුවීමට පටන්ගත් පසු එය පාලනයට කළ හැකි දේවල් ඉතා අල්ප බව විද්‍යාඥයින් පෙන්වාදෙනවා.ඒ අනුව වඩාත් වැදගත් වන්නේ මේ රෝගය ඇතිවීමට නොදී වළක්වාගැනීමයි.මොළයේ ක්‍රියාකාරීබව සක්‍රීයව පවත්වාගැනීම මෙහිදි වඩාත් උපකාරී වෙයි.
ප්‍රෙහේළිකා,ක්‍රොස්වර්ඩ්ස් (crosswords), සුඩොකු (sudoku),මයින්ඩ් ගේම්ස්(mind games),කාඩ් ක්‍රීඩා වැනි ක්‍රීඩා වල යෙදීමෙන් මොළයට හොඳින් අභ්‍යාස ලැබෙයි.රූබික් කැට විසඳීම ක්‍රමයෙන් එම වේගය වැඩිකරගැනීමට උත්සහ කිරීම ද තවත් හොඳ ක්‍රමයකි.පොත් පත් කියවන්න. කණ්ඩායක් ක්‍රියාකාරකම් වල යෙදෙන්න.අලුත් දේවල් ගැන ඉගෙන ගන්න. වැඩිහිටි වයස් වලදී යම් විෂයක් ඉගෙනීමට යොමුවීම පුද්ගලයාගේ ප්‍රජානන හැකියා ශක්තිමත් කරවන බව සොයාගෙන තිබෙයි.
දුර්වල ආහාර පාන රටාව ඩිමෙන්ෂියා තත්වය ඔබේ තීරණ ගැනීමේ,සිතීමේ සහ සමාජයීය කුසලතාවන් වැනි හැකියාවට බාධා ඇතිකරවයි.එමෙන්ම පුද්ගලයා තුළ නිතර ව්‍යාකූලබව,මනෝභාවය (mood) වෙනස්වීම,පෞරුෂත්වය වෙනස්වීම සහ ආවේගශීලි කැළඹිලි ස්වභාවයක් ඇතිවිය හැකියි.විටමින් B12 වැනි ප්‍රබල පෝෂක අඩංගු නීරෝගී ආහාර පාන පරිභෝජනය කිරීම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය යහපැවැත්මට බොහෝ සෙයින් උපකාරී වේ. පලතුරු, එලවළු , හිතකර මේද සහ ධාන්‍ය පරිභෝජනය වැඩි මධ්‍යධරණී ආහාර පාලනය (Mediterranean diet) සහ ‘ඩෑෂ් ඩයට්’ (dash diet) වැනි ආහාර පාලන ක්‍රම ද මොළයේ නීරෝගී පැවැත්මට හිතකරයි. මස් වර්ග (කුකුල් මස්, හරක් මස්) ,මාලු,පෝෂණ ගුණ එක්කළ සීරියල්,චීස්, යෝගට්, අඩු මේද කිරි සහ බිත්තර වල විටමින් B12 බහුලයි (කෙසේවෙතත් මෙවැනි ආහාර අධිකව ගැනීම ද අහිතකර විය හැකියි.) සංතෘප්ත මේද අඩංගු චිප්ස්, කුකීස්,පේස්ට්‍රි,පෙර සැකසූ මස් නිෂ්පාදන ආහාරයට ගැනීම සිරුරේ ප්‍රදාහය ඇතිකරවයි.මෙය හෘදයට, ධමනි වලට පමණක් නොව ඔබේ මොළයේ නීරෝගි බවට ද හානි ඇතිකරවයි. ප්‍රතිඔක්සිකාරක මෙන්ම A,D,E,K වැනි විටමින් වර්ග ද මොළයේ පැවැත්මට හිතකර පෝෂක වෙයි.
ප්‍රමාණවත් නින්දක් නොලැබීම දිනකට පැය 8-9ක නින්දක් ලැබීම සිරුරේ නීරෝගී බවට ඉතා වැදගත්.එහෙත් ඇතැම් අයට එවැනි සුවදායි නින්දක් නොලැබෙන තරම්.ගැඹුරු නින්ද ඔබේ මනසේ වියවුල් දුරුකර ඔබේ මොළයේ නීරෝගී බව වැඩිකරවයි.හොඳ නින්දක් නොලැබීම ඩිමෙන්ෂියා රෝග අවදානම වැඩිවීමට බලපෑ හැකි සාධකයක්. මෙය දිගින් දිගටම වීමෙන් සිරුර ඩිමෙන්ෂියා තත්වය හා සම්බන්ධ ප්‍රෝටීන වහා වැඩිවී මොළයේ සිට පැමිණෙන රුධිර ප්‍රවාහයට මිශ්‍ර වෙයි.වකුගඩු,අක්මාව වගේ විෂහරණ අවයව වගේම මොළයේද ද එය පවිත්‍ර කරවන ඒකකයක් පිහිටයි.එමඟින් ඩිමෙන්ෂියා රෝග මූලික ප්‍රෝටීන බැහැර කරවයි.එය ක්‍රියාත්මක වන්නේ ගැඹුරු නින්දේදීය. ආතතිය අඩුකරගන්න. සැහැල්ලුවෙන් නින්දට යන්න.

ක්‍රියාශීලී නොමැති ජීවන රටාව දවසේ වැඩි වෙලාවක් එකම තැනක වාඩි වී වැඩ කිරීම, කම්මැලිකමින් ඇඳට වෙලා සිටීම, සිරුර වෙහෙසවා වැඩක් නොකිරීම ඔබේ නීරෝගි බව පිරිහීමට මූලික වෙන පුරුද්දක් විය හැකියි.ක්‍රියාශීලි නොමැතිකම ඩිමෙන්ෂියා ලක්ෂණ වර්ධනය වීමට හේතුවිය හැකියි.ඔබේ යතුරු කැරැල්ල තැබූ තැන වැනි සුලු දේවල් පවා අමතක වීමට පටන්ගත හැකියි.කල් ගත වෙද්දී අන් අයව හඳුනාගැනීමට පවා නොහැකි මට්ටමට මෙම තත්වය බරපතල විය හැකියි.ඩිමෙන්ෂියා තත්වයත් සමඟ සෛල අඩු වී ගොස් මොළයේ හැකිළෙයි.ව්‍යායාම වල යෙදීම ඔබේ සමස්ත සිරුරේම නීරෝගීබවට ඉතා වැදගත් වෙයි. ඇවිදීම,උඩ පැනීම,ජොගිං, පිහිනීම, බර එසවීම, යෝගා වැනි අභ්‍යාස වඩාත් උචිතයි.
හිසට සිදුවූ අනතුරු නොසලකාහැරීම හිසට සිදුවන ඕනෑම අනතුරකදී නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්න. එය ඉදිරියේදී අහිතකර අතුරුබලපෑම් ඇතිවීමට තිබෙන අවදානම අඩුකරගැනීමට උපකාරී වෙයි.නිවසේ අනතුරුදායක තැන් (විශේෂයෙන්ම හිසට අනතුරු විය හැකි) ආවරණය කරන්න.නාන කාමරය තුළ ලිස්සා යන තැන් ආවරණය කරමින් රබර් මැට් සහ කෝනර් ගාර්ඩ්ස් යොදන්න.රිය පදවන විට ආසන පටි සහ හෙල්මට් පැලඳගන්න. පඩිපෙල් නැගීමේදී වරකට එක් පියවරක් තබමින් අවධානයෙන් නගින්න. මොළයට හානි වන තරමට ප්‍රජානන හැකියා පරිහාණියට ලක්වීම සහ ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ වර්ධනය වීමේ අවදානම වැඩිය. තරුණ කාලයේදී සිදුවූ අනතුරක බලපෑම් වසර 40-50කට පසුව පවා මතුවීමට ඉඩ තිබෙයි.
අධික ලෙස මත්පැන් පානය කිරීම අධික මත්පැන් පානය මොළයට අහිතකරයි.ඇබ්බැහි නොවී සිටිය ද මෙම පුරුද්ද නිසා මොළයේ සෛල හැකිළීම මෙන්ම අකලට මතකය අහිමිව යාමට පටන්ගත හැකියි.මද්‍යසාර වර්ග භාවිතය ඔබේ හෘදය, අක්මාව ඇතුළු සිරුරේ නොයෙකුත් අවයව වලට හානිකරය.
හුදකලාව සිටීම මිනිසා යනු සමාජයීය සත්වයෙක්.තනිව නොව කාණ්ඩ වශයෙන් ජීවත්වෙයි.හුදකලාව ජීවත්වීම කායික මෙන්ම මානසික සෞඛ්‍යයට ද බොහෝ සෙයින් බලපෑම් ඇතිකරයි.සාමූහික කාර්යන් වල යෙදිමේදි නව මිතුරන් හඳුනාගැනීමට ලැබීම, විනෝදය, දැනුම ලැබීම මෙන්ම මනෝභාවය ද වැඩිදියුණු වෙයි.මෙය පුද්ගලයාගේ මොළයේ නීරෝගීබවට ඉතා වැදගත් ය.අන් අයට උදවු කිරීම ස්වෙච්ඡා සේවයකට බැඳීම, සමිති සමාගම් වලට සම්බන්ධ වීම, පවුලේ අය සමඟ කාලය ගත කිරීම,මිතුරන් ඇසුරු කිරීම වගේ ක්‍රියාකාරකම් යොමුවීම වඩාත් සුදුසුයි. තදබල තනිකමක් දැනීම ඩිමෙන්ෂියා ඇතුළු මානසික ආබාධ වලට මූලික වන අවදානම් සාධකයක් බව හඳුනාගැනේ.
ශරීර සෞඛ්‍ය ගැන සැලකිල්ලක් නොමැතිකම කායික මෙන්ම මානසික සෞඛ්‍ය ගැන ද හොඳ අවධානයක් යොමුකිරීම ඉතා වැදගත්. ඔබ කල සිට යම් යම් රෝග ලක්ෂණ වලින් පීඩා විඳින බව සිතේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න. ඒ හැර එවැනි තත්වයන් නොසලකා හැර සිටින්න එපා.ඔබ අධි රුධිර පීඩනය,දියවැඩියාව,ස්ථූලතාව හෝ හෘද රෝගයකින් පෙළෙන්නේ නම් ඔබේ මොළය රෝගී වීමේ අවදානම ඉතා ඉහළයි.එම නිසා ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම එලෙසින්ම අනුගමනය කරන්න.නීරෝගී ආහාර පාන ලබාගන්න. මනස සැහැල්ලුවෙන් තබාගන්න.