බටහිර වෛද්‍ය ක්‍රමයේ ආගමනයත් සමඟ කෙමෙන් කෙමෙන් අපෙන් ඈත්ව ගිය අපේ වෙදකම තමයි ආයුර්වේදය කියන්නේ. කාලයක්ම ජනතාව මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ඈත්වෙලා සිටියා වුණත් මේ මෑත කාලයේදී නැවතත් බොහෝඅය ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි නැඹුරුවීමක් දකින්නට ලැබුණා. විශේෂම හේතුව තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වය. අදටත් මුළු ලෝකයක්ම මේ කොරෝනා වෛරසය හමුවේ දැඩි අවදානමක ඉන්නවා. ඒ නිසාම ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව වැඩිදෙනා අවදානය යොමුකළා. ඉතින් මේ කොරෝනා වසංගතයත් සමඟ නිරන්තරයෙන් අපිට ඇසෙන දෙයක් නේ ප්‍රතිශක්තිය කියන්නේ.මොකද තවමත් අපිට පරාජය කරගන්නට නොහැකි වුණු මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්නට අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගන්නට අවශ්‍යයි කියන කාරණය වෛද්‍ය අංශ විසින් නිරන්තරයෙන් අපව දැනුවත් කරනවා. ඉතින් මේ ප්‍රතිශක්තිය වර්ධනයට ආයුර්වේදය තුළ සඳහන් වෙන ආයුර්වේදමය ඖෂධ පිළිබඳව සංකීර්ණව කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ.
ජන්මයෙන් අපිට උරුම වෙන ප්‍රතිශක්තිය මගින් මුළු ජීවිත කාලය පුරාවටම අපේ ශරීරය විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්නට විශාල මෙහෙයක් සිදු කරනවා. මේ ප්‍රතිශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්නට අත්‍යවශ්‍ය සාධක කිහිපයක්ම පවතිනවා.
ප්‍රතිශක්තිය වැඩි වීමට සහ අඩුවීමට බලපාන සාධක

- අප ගනු ලබන ආහාර
- ඇවතුම් පැවතුම් (විහරණ )
- මානසික ඒකාග්‍රතාවය
- බාහිරින් ලබා ගන්නා ඖෂධ
මේ සාධක අතුරින් එක් සාධකයක් පමණක් නොවෙයි මේ කියන කාරණා සියල්ලම අපේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරගන්නට වගේම ප්‍රතිශක්තිය හීන ක්රන්නටත් බලපානවා.
ආහාර මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන්නට වගේම වැඩි කරන්නටත් යහපත්ව පවත්වාගෙන යන්නටත් මූලික වෙන සාධකයක් තමයි ආහාර.අපේ ප්‍රතිශක්තිය හීන කරන ආහාර විදියට කොත්තු, රයිස්, පැණි බීම, ටින් කරන ලද ආහාර , ක්ෂණික හා කෘතීම ආහාර හඳුනා ගෙන තියෙනවා. මේවායේ අඩංගු අහිතකර රසායනික සංඝටක ස්වාභාවිකව අපේ ශරීරය වෛරස විශබීජ රෝග ආදියෙන් ආරක්ෂා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා. ඒ නිසා හැකිතාක් මෙවැනි කෘතීම ආහාරවලින් දුරස්ව ස්වාභාවිකව හැදෙන ආහාර වගේම නිතර නිවසේ පිසින ලද ආහාර ලබා ගැනීම වැදගත්. ප්‍රතිශක්තිය ඉහළ දමන ආහාර විදියට විටමින් B, විටමින් C වගේම සින්ක් බහුලව පවතින ආහාර ලබා ගැනීම වැදගත්.ප්‍රතිශක්තිය වඩවන ඔසු විදියට ලුණුවිල, රසකිද,ඉරමුසු, වෙනිවැල්ගැට කොත්තමල්ලි,ඉඟුරු, කුරුඳු ,කළු දුරු ඉතා වැදගත්.
විහරණ – දවල් නිදා ගැනීම ,රාත්‍රී නිදි වැරීම, වැරදි ව්‍යායාම් රටාව ආදිය අපේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන්නට බලපාන අප තුළ තියෙන වැරදි ඇවතුම් පැවතුම්. විශේෂයෙන්ම ව්‍යායාම් නිවැරදි ලෙස සිදු කරන්නට ඕන. එය කයට වගේම මනසට ගැළපෙන්නට අවශ්‍යයි. එයින් බැහැරව ශාරීරික ව්‍යායාම්වල යෙදීම සිරුරේ ප්‍රතිශක්තිය හීන කරනු ලබනවා.
ඒ වගේම ආහාර ගන්නා වේලාව විශේෂයෙන්ම වැදගත්.උදෑසන ආහාරවේල මගහැරීම කුසගින්න වැඩි වුණත් ඒ කුසගින්න නිවා ගන්න කෙටි ආහාර ලබා ගැනීම, ආහාර ලබාගත යුතු පරතරය ආදී සියල්ලම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය සඳහා ඍජුව බලපෑම් කරනු ලබනවා.
ශරිරය වෙහෙස කරන ආකාරය,මළ පිට කිරීම, මුත්‍රා පිටකිරීම ආදිය පවා මේ සඳහා බලපානු ලබන විශේෂ කාරණාවන්. ඒ නිසා ප්‍රතිශක්තිකරණය වැඩිවීම හෝ අඩුවීමට අපගේ ඇවතුම් පැවතුම් ඍජුව බලපෑම් කරනු ලබනවා.
මානසික සුවය

මනස ඉතා ප්‍රබල ලෙස ප්‍රතිශක්තිය වැඩි කරන්නට වගේම අඩු කරන්නට බලපෑම් කරනු ලබනවා.
- මානසිකව පීඩනයෙන් සිටීම
- නිතරම ක්‍රෝධයෙන් සිටීම
- නිතරම බයෙන් සිටීම
බය කිරීම වගේම බයවීම ඉතාම අහිතකරයි.එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට තියෙන මානසිකත්වය වෙනස්. ඇතැම් අයට ඕනෑම බයක් ඕනෑම දෙයක් දරා ගන්නට හොද ශක්තියක් තිබුණත් ඇතැම් අයට පොඩි දෙයකට වුණත් කලබලවීම බයවීම ඇති වෙනවා. එවැනි අයගේ ප්‍රතිශක්තිය බයවීම නිසා ඉතා ඉක්මනින් පහළ බසිනවා. ඒ නිසා එවැනි අයට වැළදෙන පුංචි රෝග අවස්ථාවක් වුණත් ප්‍රබල වෙනවා.
ඖෂධ ප්‍රතිශක්තිය බොහෝසෙයින් අඩු කරන්නට හේතුවන ප්‍රබල සාධකයක් තමයි ඖෂධ. අද ජනතාව ආහාරවලට වඩා ලබා ගන්නේ ඖෂධ. ඒ අතරිනුත් රසායනිකව ලැබෙන බටහිර ඖෂධවලින් සිදුවන අහිතකර බලපෑම අති විශාලයි. නමුත් සාමාන්‍ය ජනතාව අතර මේ ඖෂධ පිළිබඳව ඇති අවබෝධය හරි අඩුයි. ඒ නිසාම මේ තත්ත්වය ඉතා දරුණු විදියට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරනවා. ඇතැම් ඖෂධවල ඖෂධ ලබාගැනීමෙන් ප්‍රතිශක්තිය අඩු කරන බව පවා සඳහන් කර තියෙනවා. නමුත් මේ පිළිබඳව බොහෝදුරට ජනතාව දැනුවත් නැහැ.
විශේෂයෙන්ම වකුගඩුවක් ආදී පිටතින් යමක් බද්ධ කළාම එය ශරීරය ප්‍රතික්ශේප කරන්නේ ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිතරම උත්සාහ කරන්නේ ශරීරය බාහිර උවදුරුවලින් ආරක්ෂා කරගන්නට. නමුත් මෙවැනි අවස්ථාවක ප්‍රතිශක්තිකරණ අඩපණ කරන්නට ඖෂධ ලබා දෙනවා. ඒ නිසා ප්‍රතිශක්තිය නැතිවීමෙන් බාහිරින් එන පුංචි රෝගයක් වුණත් ලොකු බලපෑමක් මිනිස් ශරීරයට කරනු ලබනවා. ඒ නිසා නියමිත මාත්‍රාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්.