දියවැඩියාවට ගුණදායක කරවිල සතු විශ්මිත ගුණ 12 ක්

health tips

අපි හැමෝම වගේ ආහාරයට එකතු කර ගත යුතු ගුණයෙන් ඉතා ඉහළ ආහාරයක් තමයි කරිවිල. බොහෝ අය ආසාවෙන් ආහාරයට ගන්නා ආහාරයක් වුණත් තවත් අය එහි තිත්ත රසය නිසාම ආහාරයට ගන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. වස විස භාවිතයකින් තොරව වගා කර ගන්නට හැකියාව ඇති  කරවිල කියන්නේ කාබනිකව වගා කර ආහාරයට ගන්නට හැකි පෝෂණ ගුණය සහිත එළවළුවක් .ඉතින් කොතරම් තිත්ත රස වුණත් මෙහි ගුණය දන්නා රස හඳුනන අයගේ නම්  ප්‍රියතම ආහාරයක්. අපි බලමු කරිවිල  ආහාරයට එකතු කර ගැනීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද කියලා.

රුධිර සීනි මට්ටම පාලනය කරනවා දියවැඩියා රෝගයට සුදුසු යැයි සැලකෙන ආහාර ලැයිස්තුවේ ඉහලින්ම තියෙන ආහාරයක් තමයි අපේ ශරීරයෙන් සීනි  මට්ටම පාලනය කරන්නට උදව් වීම. කරිවිලවල රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හා සමාන සංඝටකයක් අන්තර්ගත වෙනවා. ඒ නිසා කරිවිලවල පොලිපෙප්ටයිඩ් පී එහෙමත් නැත්නම්  පී ඉන්සියුලින්  කියන සංඝටකය කරිවිලවල අන්තර්ගත වෙන නිසා එමගින් අපේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරනවා .

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා  අපේ ශරීරය විවිධ වෛරස බැක්ටීරියා දිලීර හා ක්ෂුද්‍රජීවී ආදී හේතු මත විවිධ ලෙඩරෝගවලට ගොදුරු වෙනවා. අපිව  විවිධ වෛරස ආසාදනවලින් ආරක්ෂා කරගෙන නිරෝගීව තබා ගන්නට ක්‍රියාකරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් හේතු කාරණා නිසා අඩපන වීමක් වුනොත් එය යථා තත්ත්වයට පත් කර ගන්නට හැකි ඉතාම හොඳ එළවළුවක් තමයි කරිවිල. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක අපේ ශරීරයට ඇතිවන රෝග බොහොමයකින් ආරක්ෂා කරන්නට උපකාරී වෙනවා. 

පිළිකා සෛල විනාශ කරනවා.කරිවිල සතුව පිළිකා නැසීමේ හැකියාව සහ අනවශ්‍ය ලෙස සෛල වර්ධනය වීමේ හැකියාව මර්දනය කිරීමේ විශේෂ හැකියාවක් පවතිනවා. මේ නිසා අද බහුලවම අසන්නට ලැබෙන පිළිකා විශේෂ වන ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින්  ආරක්ෂා වෙන්නට කරිවිල පරිභෝජනය වැදගත්. 

සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.දියවැඩියාව වගේම කොලෙස්ටරෝල් නිසා පීඩා විඳින අයට හිතකර ආහාරයක් තමයි කරිවිල . ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටමහළ යාම වළක්වා ගැනීම සඳහා උපකාරී වන විශේෂ සංඝටක කරිවිලවල අන්තර්ගතයි. එය ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම හොඳින් පාලනය කිරීමටත්  හදවත් සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම සඳහාත් උපකාරී වෙනවා.

  • හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා.
  • ආඝාතය ඇති වීමේ අවදානම අඩු කරනවා.
  • අධි රුධිර පීඩනය පාලනය කරනවා. 
  • රුධිර සංසරණය වැඩිදියුණු කරනවා. 
  • ඇස් පෙනීම වර්ධනය කරනවා.  

ඇස් ආශ්‍රිත විවිධ රෝගාබාධවලින් ආරක්ෂා වෙන්නට කරවිල උදව් වෙනවා. ඇසේ සුද ඇතිවීම වැලැක්වීමට හැකියාව ඇති බීටා කැරොටීන් කියන සංයෝගය සහ විටමින් A  කරිවිලවල බහුලවම අඩංගු වෙනවා. එය ඇස් පෙනීම  වර්ධනයට  දායක වෙනවා.ඒ වගේම ඇස්වල අඳුරු ලප ඉවත් කිරීමටත් උදව් වෙනවා.  

අක්මාවේ  ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා.ශරීරයේ එකතු වන  විශවලින් ශරීරයට හානි වීම වළක්වා විෂහරණය කිරීමත් ආහාර මාර්ගය ඔස්සේ පැමිණෙන  රුධිරය පිරිසිදු කිරීමත් අක්මාවේ මූලික කාර්යයන් අතරට ගැනෙනවා. කරිවිල ආහාරයට ගැනීමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත කරන්නට දායක වෙනවා.  කරිවිලවල  අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක මගින් අක්මාවට  සිදු වන හානි වලක්වා අක්මාව ශක්තිමත් කරනවා.

ශරීර බර අඩු කරනවා. කරිවිලවල ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් සහ ඉතාමත් අඩු මේද ප්‍රමාණයක් අඩු  කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වන එළවළුවක් නිසා මෙය ශරීර බර අඩුකර ගන්නට උනන්දු වෙන අයකුට හොඳම ආහාරයක්. ඒ  වගේම කරිවිල පානය කිරීමත් මේ සඳහා සුදුසු වෙනවා. කරවිල මගින් ශරීරයේ ඇති අනවශ්‍ය මේද සෛල විනාශ කරනවා වගේම අලුත් මේද සෛල ඇතිවීම වළක්වන නිසා දේහය තරබාරු වීම වලක්වාගන්නට කරිවිල කියන්නේ හොඳ ආහාරයක්. 

  • ආමාශයේ නීරෝගී පැවැත්මට උදව් වෙනවා.
  • කිරිපණු රෝගය සුව කරනවා .මේ සඳහා කරිවිල යුෂ  තේ හැදි 2 ක් පානයට ලබාදීම තමයි වඩාත් සුදුසු.

සම සහ හිසකෙස් නිරෝගී කරනවා .කාන්තා පිරිමි භේදයකින් තොරව හැමෝම තමන්ගේ සම සහ හිස කෙස්වල නිරෝගී බව වෙනුවෙන් උනන්දු වෙනවා. අධික ලෙස මුදල් වියදම් කර ඒ සඳහා විවිධ නිෂ්පාදන භාවිතා කරනවාට වඩා ස්වභාවිකව කරිවිල යුෂ භාවිතයෙන් ඔබට මේ වාසි ලබා ගන්නට පුළුවන්. මොකද කරිවිලවල ප්‍රතිඔක්සිකාරක බහුලයි වගේම විටමින් ඒ සහ ඩී වලින් ද අනූනයි. එය පහත සඳහන් වාසි අපිට ලබා දෙනවා.

  • සම රැලි වැටීම වළක්වනවා.
  • සමය අවපැහැ ගැන්වීම් නැති කරනවා.
  • කුරුලෑ ආදී ආසාදන ඇතිවීම වළක්වනවා.
  • අහිතකර හිරු කිරනින් සම ආරක්ෂා කරනවා. 
  • හිසකෙස් ගැලවී යාම සහ අකලට සුදු වී යාම වළක්වනවා.
  • හිසකෙස් අග  පැලීම වළක්වනවා.
  • හිස්සොරි නැති කරනවා.

අපි හැමෝම දන්නවා බොහෝ එළවලු වඩාත්  ගුණදායක වෙන්නේ අඩුවෙන් පිස ආහාරයට ගැනීමෙන් නැත්නම් අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් බව. කරිවිල කියන්නෙත් පිසීමෙන් තොරව අමුවෙන් ආහාරයට ගැනීමෙන්ම ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි එළවලුවක්. ඒ  සඳහා අමු කරිවිල සම්බෝලය වගේම කරිවිල පානයත් වැදගත්.

කරිවිල පානයක් සාදා ගන්නා ආකාරය 

අවශ්‍ය  ද්‍රව්‍ය  

  • කරිවිල ග්‍රෑම් 100 
  • ලෙමන් ගෙඩියකින් භාගයක් 
  •  වතුර කෝප්ප භාගයක් 

මුලින්ම කරිවිල කෑල්ලේ  ඇට ඉවත් කරගෙන කුඩාවට කපා ගන්න. එසේ  කපාගත් කරිවිල කෑලි ටික ලුණු  එකතු කළ වතුර බදුනක දමා විනාඩි 5 ක් කාලයක් තබා ගන්න.  විනාඩි 5 කට පසුව කරිවිල ටික තුන් වරක් පමණ හොදින් සෝදා ගෙන වතුර කෝප්ප භාගයක් සමඟ බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසුව එහි යුෂ ටික හොඳින් පෙරා ගන්න. ඒ යුෂවලට ලෙමන් භාගයක් යුෂ  එකතු කර හොඳින්ම කලවම් කර පානයට ගන්න. දිනපතාම මේ පානය ගන්නේ නම් සමාන ප්‍රමාණවලින් එය සකසා  ගත යුතු වෙනවා.