හදවතට හිතකර උක් ශාකයේ රෝග පාලනය කරන ගුණ 23ක්

health tips

ඈත අතීතයේ සිටම ආහාරයට ගනු ලබන උක් යනු පැණි රසයෙන් අනූන බහුවාර්ෂික ශාකයකි. එනම් පුරුක් සහිත දිගු දණ්ඩක් ආකාරයට වැඩෙන උක් වියළි දේශගුණයක් සහිත තෙතමනය පවතින ප්‍රදේශ වල හොඳින් වැඩේ. විශාල මුල් සංඛ්‍යාවක් දරණ මෙම ශාකයේ පත්‍ර  කොපුවලින් වටවී පවතී. මල් පිහාටුවක හැඩයෙන් යුතු වන අතර යම් යම් කාලවලදී ගෙඩිද දැකගත හැකිය. වර්තමානය වන විට උක් ලොව පුරා වගා කරනු ලබන ප්‍රචලිත ශාකයක් බවට පත්ව තිබේ. එනම් එලෙස වගා කරනු ලබන උක් වර්ග කිහිපයකි. 

  • කරංග උක්
  • කලු උක්
  • සීක උක්
  • රතු උක් 
  • පුංඩ උක් මේ ආදී වශයෙන් උක් වර්ග ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය. 

බාල , මහළු සෑම දෙනාම පාහේ උක් යුෂ පානය කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතරම එහිදී ඝණකම් පොත්ත ඉවත් කර කැබලි වලට කපා ආහාරයට ගත හැකිය. ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ ද උක් යුෂ ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් නොයෙක් රෝග සමනය කිරීමට ඖෂධ ලෙස උක් යුෂ භාවිතා කිරීම ගුණදායකය. ඊට අමතරව යුනානි වෛද්‍ය ක්‍රමය තුළද උක් ඖෂධ ලෙස භාවිතා කර තිබේ. 

එනම් ආයුර්වේද ප්‍රතිකර්ම කිරීම සඳහා උක් ශාකයේ මුල්,පත්‍ර ,යුෂ බහුලව භාවිතා කරනු ලැබේ. එපමණක් නොව උක් යුෂ වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක්  අඩංගුවේ. මේ නිසා ම උක් යුෂ පානය කිරීම ගුණදායකය. 

  • ප්‍රොටීන්,විටමින් බී,පොලිපිනෝල්,ඇස්කෝබික් අම්ලය,මේද අම්ල,කාබනික අම්ල,ඇමයිනෝ අම්ල,කැල්සියම්,කොපර්,කැරොටීනොයිඩ්,තන්තු
  • ග්ලුකෝස්,සුක්‍රෝස්,පෘක්ටෝස්,මැංගනීස්,
  • පොස්පරස්,සින්ක්,යකඩ,පොටෑසියම් මේ ආදී වූ වඩාත් ගුණදායක පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් උක්වල අඩංගුවේ. එනම් උක් ප්‍රතිශක්තිකරණ, ප්‍රතිඔක්සිකාරක,ප්‍රතිදාහ යන ගුණයන්ගෙන් ද අනූන වේ. 

උක් වල ඖෂධීය භාවිතය. 

මුත්‍රා රෝගවලට සහනය සලසයි.පීඩාකාරී මූත්‍ර රෝග එනම් මුත්‍රා අඩස්සිය ,මුත්‍රා දැවිල්ල, නිතර නිතර මුත්‍රා පිට කිරීමට සිදුවීම,මුත්‍ර ගල් ආදී රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා උක් යුෂ භාවිතා කිරීම ගුණදායකය. එනම් උක් යුෂ පානය කිරීම මෙන්ම උක් හකුරු ආහාරයට ගැනීම මෙහිදී වඩාත් යෝග්‍යවේ. එමෙන්ම මුත්‍ර දැවිල්ල සමනය කිරීමට උක් යුෂ සමඟ පොල්කිරි දෙකට එක අනුපාතයට මිශ්‍රකර පානය කිරීම මගින් සහනය සලසා ගත හැකිය. 

මුඛ රෝග සුව කරයි.බොහෝ දෙනෙකුට පවතින මුඛ රෝග එනම් මුඛ දුර්ගන්ධය, විදුරුමස් රෝග, දන්ත රෝග සමනය කිරීම සඳහා උක් යුෂ භාවිතා කිරීම ගුණදායකවේ. එනම් උක් යුෂවල පවතින කැලිසියම් ,රයිබොප්ලෙවින් ,විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරකයන් මුඛ රෝග සමනය කරයි. මේ නිසා එවැනි රෝග පවතින විටෙක උක් යුෂ පානය කිරීම ගුණදායකය. 

පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.උක් යුෂ පානය කිරීමෙන් ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගත හැකිය. එනම් උක්වල අඩංගු තන්තු ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම සිදුකරයි. එමෙන්ම ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුවන නිසා  මේදය දහනය වීමද සිදුවේ. මේ නිසා ශරීර බර පාලනය කර ගත හැකිය. 

මලබද්ධය ඇතිවීම වලක්වයි.වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට ඇතිවන මල බද්ධය හෙවත් මලපිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා උක් යුෂ භාවිතා කිරීම ගුණදායකය. එනම් උක් යුෂ පානය කිරීම මගින් එහි අඩංගු තන්තු ආහාර ජීර්ණය ක්‍රමවත් කර මළ බද්ධය ඇති වීම වළක්වනු ලැබේ. එමෙන්ම ආහාර රුචිය වර්ධනය කිරීමටද උක් යුෂ භාවිතා කිරීම ගුණදායකවේ. ඊට අමතරව ආහාර ජීර්ණය නොවීමේ ගැටලු සමනය කිරීම සඳහා ද ආයුර්වේදය තුළ  උක් යුෂ ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ. එනම් ඒ සඳහා උක් දඬු යුෂ, රට ඉදි සහ මිදි යුෂ සමව ගෙන මිශ්‍ර කර සතියක් පමණ තිබෙන්නට හැර පානය කිරීම ගුණදායකය. 

හෘද රෝග ඇතිවීම වලක්වනු ලබයි.වර්තමානය වන විට බොහෝ දෙනෙකු හෘද රෝග ඇතිවීම නිසා පීඩාවට පත්ව තිබේ. එනම් හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට උක් යුෂ භාවිතා කිරීම යෝග්‍යවේ. එනම් උක් යුෂ වල අඩංගු පොටෑසියම් ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදුකරන නිසා හෘද රෝග ඇතිවීම පාලනයවේ. 

ගැස්ට්‍රයිටිස්  සමනය කරයි. ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීම පාලනය කර ගැනීමට උක් යුෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් උක් ශීත ගුණයෙන් අනූන නිසා ආමාශයේ ඇතිවන දැවිල්ල හා වේදනාව උක් යුෂ පානය කිරීම මගින් සමනය කර ගත හැකිය. 

පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාම පාහේ ගොදුරු වී ඇති මාරාන්තික පිළිකා රෝගය ඇතිවීම වලක්වාගැනීමට උක් යුෂ පානය කිරීම ගුණදායකය. එනම් උක් යුෂ පානය කිරීම මගින් එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි. මීට අමතරව 

  • උගුරේ ආබාධ සුව කිරීමට
  • කුරුලෑ ඇතිවීම වැළැක්වීමට
  • නාසයෙන් ලේ ගැලීම සමනය කිරීමට
  • දියවැඩියාව ඇතිවීම පාලනය කිරීමට
  • සම පැහැපත් කර සම පිරිසුදු කිරීමට
  • මව් කිරි වර්ධනය කිරීමට
  • රක්තහීනතාවය පාලනය කිරීමට
  • හිසකෙස් වර්ධනය කිරීමට
  • පණු රෝග හා පාචන රෝග සුව කිරීමට
  • විසබීජ නාශනයට
  • උණ සමනයට 
  • ශරීර ශක්තිය වර්ධනය කිරීමට
  • රුධිරය පිරිසිදු කිරීමට
  • දද හා කුෂ්ට රෝග සමනය කිරීමට
  • ගැබිනි මව්වරුන්ට 
  • මාංශ පේශීන් හා අස්ථි ශක්තිමත් කර ගැනීමට 

මේ ආදී වූ රෝග සුව කිරීම සඳහා උක් යුෂ භාවිතා කිරීම ගුණදායකවේ. නමුත් දියවැඩියාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් උක් යුෂ භාවිතා කිරීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබාගන්නේ නම් එය වඩාත් සුදුසුවේ.