ලොකු කුඩා සෑම දෙනාම පාහේ පීඩා විඳින රෝග තත්ත්වයක් වන සයනසයීටීස් රෝගය හිස්කබලේ සෙම තැන්පත් වීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි. එනම් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස තුල ඇතිවන ආසාදනයකදී නිපදවන සෙම හිස්කබලේ කුහරවල තැන්පත් වීම මගින් සයනසයීටීස් හෙවත් හිස්කබලේ සෙම පිරීමේ රෝගය හටගනු ලැබේ. මෙම රෝගය ඇතිවූ විට දැඩි හිසරදයක් ඇති වීම ප්‍රධාන රෝග ලක්ෂණයයි.
- එනම් නාසයට සම්බන්ධ කුහර තුනක් හිස්කබලේ පවතින අතර ඒවා සයින්ස් කුහර ලෙස හඳුන්වනු ලැබේ.
- එත්මොයිඩල් සයින්ස් – නාසය ඇතුළතින් පිහිටා ඇති කුහරය
- ෆ්‍රන්ටල් සයින්ස් -ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ පිහිටා ඇති කුහරය
- මැක්සිලරි සයින්ස්- නාසයට පහලින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් පිහිටා ඇති කුහරය
- ලෙස සයින්ස් කුහර වර්ග තුනකි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වැනි සෙම් රෝග ඇති වීම හා එම සොටු සෙම් මෙම කුහර වල තැන්පත් වී වැසීයාම සිදුවේ. එනම් එය සයනසයීටීස් රෝගයයි.
සයිනසයිටීස් රෝගය ඇතිවීමට බලපාන හේතු

- පීනසයට ගොදුරු වීම.
- නාසයේ මස් දළු ලෑම.
- ශීත ගුණයෙන් යුතු ආහාර බහුලව භාවිතා කිරීම.
- දුම් සහ දූවිලි අග්‍රාහණය වීම.
- සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස පැවතීම.
- රාත්‍රි කාලයේ ඇල් ජලය ස්නානය කිරීම.
මේ ආදී වූ හේතූන් සයනසයීටීස් රෝගය ඇති වීමට බලපාන අතර සෙම් ,සොටු පවතීනම් ඒවා එළියට සූරා ඉවත් කර හැරීම සිදු කළ යුතුය. නොමැතිනම් එම සෙම සයනසයීටීස් කුහර තුළ තැන්පත් වී කාලයක් යාමෙන් බැක්ටීරියා ආසාදනය වී සෙම පැසවා සයනසයීටීස් රෝගය ඇති විය හැකිය.
සයනසයිටීස් රෝගය ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ
- හිසෙහි හා නළල ආශ්‍රිතව වේදනාවක් ඇතිවීම හා හිස බරින් යුක්ත වීම.
- නිතර හිසරදය ඇතිවීම.
- සවස් කාලය වන විට උණ රෝගය ඇති වීම.
- සිටගෙන සිටින විට කලන්තය හෝ කැරකිල්ල ඇතිවීම.
- නොරුස්සන ස්වභාවය
- ආලෝකය තුළ එනම් දහවල් කාලයේදී ඇස් ඇරගෙන සිටින විට අපහසු වීම.
- හඳුනාගත නොහැකි වේදනාවක් පැවතීම හා තද නිදිමතක් ඇතිවීම.
- මේ ආදී රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
සයනසයීටීස් රෝගයට කළ හැකි ප්‍රතිකාර මෙම රෝගය ඇති වූ විගස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ඉක්මනින් රෝගය සුව කර ගත හැකිය.
හුමාලය ආග්‍රාහණය කිරීම එකතු වී ඇති සෙම් කොටස් ඉවත් කර ගැනීම සඳහා සිදු කළ යුතු වඩාත්ම සුදුසු ප්‍රතිකාරය නම් හුමාලය ආග්‍රාහණය කිරීමයි. එනම් එය දිනකට දෙවතාවක් පමණ සිදු කිරීම වඩාත් සුදුසුවේ. එනම් හුමාලය ඇල්ලීම මගින් සෙම බුරුල් වී සෙම ඉවත්ව යනු ලැබේ.
ශීතල ආහාර පාන භාවිතා නොකිරීම.සෙම් රෝග පවතින විට ශීත ගුණයෙන් යුතු හෝ ශීත කළ ආහාර පාන ගැනීමෙන් වැලකී සිටිය යුතුය.
උණුසුම් වතුර පානය කිරීම සෙම් රෝග පවතින විට ඇල් ජලය පානය කිරීමෙන් වැලකී සිටිය යුතුය. එනම් ඉන් තවත් එම තත්ත්වය උග්‍ර විය හැකිය. ඒ නිසා සෙම් රෝග පවතින පුද්ගලයින් උණුසුම් ජලය පානය කිරීම කළ යුතුය.
විටමින් සී අඩංගු ආහාර භාවිතා කිරීම එනම් විටමින් සී අඩංගු එළවළු, පළතුරු ආහාරයට එක් කර ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගත හැකිය. එනම් ඉන් ඉක්මනින් ආසාදනය වී ඇති සෙම් රෝග සමනය කර ගත හැකිය. එමෙන්ම සෙම් රෝග ඇති වීම වළක්වා ගැනීමට ද විටමින් සී භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. මීට අමතරව ස්භාවික පාන වර්ග භාවිතා කිරීම ද සිදු කළ හැකිය.
- කොත්තමල්ලි පානය භාවිතා කිරීම.
- සෙම් රෝග පවතින විටක එනම්
කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සමනය කිරීම සඳහා කොත්තමල්ලි පානය ඖෂයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කබලේ බැදගත් කොත්තමල්ලි හොඳින් කොටා ඉන් හැන්දක් පමණ ගෙන උණුසුම් වතුර වීදුරුවකට දමා පානය කිරීම මගින් සෙම් රෝග සුව කර ගත හැකිය.
එමෙන්ම කුඩා දරුවන්ට පාවට්ටා, කටුවැල්බටු, වෙනිවැල්ගැට, වැල්මී කුඩු කර පානය කිරීමට ලබා දීම යෝග්‍ය වේ.
ඉඟුරු ඈත අතීතයේ සිටම හිසෙහි බර ගතිය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ඇති වූ විට එම රෝග සමනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කර තිබේ. එනම් එකතු වූ සෙම ඉවත් කර ගැනීමට ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කළ හැකිය. එනම් ඉඟරු යුෂ තේ පානයට එක් කර හෝ ඉඟරු යුෂ උණුසුම් වතුරට දමා ඊට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

මීට අමතරව මෙම රෝගය හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා සමනය කිරීමට ද ආයුර්වේදයේ නොයෙක් ඖෂධ වර්ග භාවිතා කරනු ලැබේ. එනම්
තිප්පිලි,පත්පාඩගම්, කොත්තමල්ලි,
තම්බා පෙරා පානය කිරීම මගින් උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවට සහනය සලසා ගත හැකිය.
හිසරදය ඇඟපත වේදනාව ඇති විටක
කොත්තමල්ලි, තිප්පිලි, පත්පාඩගම්, වෙනිවල් ගැට ,ඉඟුරු යන පස් පංගුව භාවිතා කර තම්බා පානය කිරීම ගුණ එම රෝග සමනයට උපකාරීවේ.
මේ ආදී වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ස්භාවික ප්‍රතිකාර සිදු කිරීම මගින් සයනසයීටීස් හෙවත් හිස්කබලේ සෙම පිරීමේ රෝගය සමනය කර ගත හැකිය.