ආහාර පිසීම සඳහා රූපලාවන්‍ය කටයුතු සඳහා සබන් වර්ග තෙල් වර්ග නිෂ්පාදනය කිරීම සඳහා යන ආදී වශයෙන් බහු විධ කාර්යයන් ඉටු කිරීම සඳහා එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් ලෙස පොල් තෙල් හඳුනාගත හැකිය.
සුළු පිරිසක් ඔලිව් තෙල් සූරියකාන්ත තෙල් එලවලු තෙල් භාවිතා කළ ද තවමත් වැඩි පිරිසක් භාවිතා කරන්නේ පොල් මඟින් ලබා ගන්නා පොල්තෙල් ය. එනම් පිරිසිදු පොල්තෙල් වල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. පොල්තෙල්වල අඩංගු සංයෝග
- මේදය
- ලෝරික් අම්ලය
- විටමින් E
- සංතෘප්ත මේදය
මේ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් පොල් තෙල් වල අඩංගු වේ. එමෙන්ම සිරුරට අවශ්‍ය විටමින් A , D , E , K අවශෝෂණය කර ගැනීමට ද පොල්තෙල්වල අඩංගු මේදය උපකාරී වේ. ඊට අමතරව පොල් තෙල් වල අඩංගු මේදය මගින් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. මේ නිසා පිරිසිදු පොල්තෙල් ආහාරයට ගැනීම ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ගුණදායක වේ.
පොල්තෙල්වල ඖෂධීය ගුණ ගුණ

මොළයට හා අක්මාවට යෝග්‍ය වේ.මොළය අශිත ඇතිවන රෝග වළක්වා ගැනීමට පොල් තෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් පොල්තෙල් වල මොළයට හිතකර මේද අම්ල අඩංගු වන අතර එම මේද අම්ල ඇල්සයිමර් වැනි රෝග ඇති වීම වළක්වනු ලබයි. මේ නිසා මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගැනීමට පොල්තෙල් ආහාරයට ගැනීම ගුණදායක ය. ඊට අමතරව අක්මාවේ නිරෝගී භාවය වැඩිදියුණු කිරීමටද පොල් තෙල් වැඩි දායකත්වයක් සපයනු ලබයි.
හෘදයට හිතකර වේ.හෘද රෝග ඇතිවීමට හේතුවන කොලෙස්ට්‍රොල් පාලනය කිරීම සදහා පොල්තෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ නම් පිරිසිදු පොල්තෙල් ආහාරයට ගැනීමෙන් ශරීර ගත අහිතකර කොලෙස්ට්‍රෝල් හෙවත් ලිපොප්‍රෝටීන් (LDL) මට්ටම අඩු කර දේහ ගත යහපත් කොලෙස්ටරෝල් හෙවත් ලිපොප්‍රෝටීන් (HDL) කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනු ලබයි.එක්කෝ එමෙන්ම පොල්තෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ලිපිඩ සංසරණය ක්‍රමවත්ව සිදුවන අතර එමගින් හෘද රෝග ඇති වීම ද පාලනය වේ.
අජීර්ණය සඳහා පොල් තෙල් ආහාරයට ගැනීමෙන් පොල්තෙල්වල අඩංගු මධ්‍යම දාම මේද අම්ල ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරමින් ආමාශයේ පවතින නරක බැක්ටීරියා විනාශ කර ආමාශයේ බිත්ති හා අන්නස්‍රෝතය ප්‍රදේශවලට සිදු වූ හානි සුවපත් කර උදරාබාධ ඇති වීම වළක්වනු ලබයි.
ආහාර රුචිය අඩු කිරීම සඳහා ආහාර රුචිය අඩු කර ගැනීම සඳහා පොල් තෙල් භාවිතා කිරීම යෝග්‍ය වේ. විශේෂයෙන් ම කීටෝ ආහාර පාලනයේ දී (keto diet) ප්‍රධාන සංඝටකයක් ලෙස පොල්තෙල් භාවිතා කරයි. එනම් පොල් තෙල් වල අඩංගු ට්‍රයිග්ලිසරයිඩ කුසගිනි ඇතිවීම අඩු කර ශරීරයට කැලරි එකතු වීම වළක්වනු ලබයි. මේ හේතූන් නිසා පොල්තෙල් ආහාරයට ගැනීමෙන් ඉක්මනින් කුස පුරවා ගෙන ආහාර ගැනීම අවම කරගත හැකිය. එමෙන්ම මෙමගින් ශරීරයේ බර පාලනය කරගත හැකිය.
කාන්තාවන්ගේ සරුබව සඳහා පොල් තෙල් ආහාර පිසීමේදී භාවිතා කිරීමෙන් කාන්තාවන්ගේ සරු බව වර්ධනය කරගත හැකිය එමෙන්ම යෝනි ප්‍රදේශයේ නිරෝගී භාවයට හේතුවන pH අගය සමතුලිතව පවත්වා ගැනීමටද පොල් තෙල් වැඩි දායකත්වයක් සපයනු ලැබේ.

රූපලාවණ්‍ය කටයුතු සඳහා .හිසකෙස් සම දත්වල නිරෝගි භාවය වර්ධනය කර ගැනීම සඳහා පොල් තෙල් භාවිතා කිරීම යෝග්‍ය වේ හිසකෙස් සහ සම පෝෂණය කිරීමට පොල් තෙල් වල අඩංගු විටමින් ඒ වැඩි දායකත්වයක් සපයන අතර පිරිසිදු පොල් තෙල් සමෙහි ආලේප කිරීමෙන් හා පිරිසිදු පොල් තෙල් මගින් හිසකෙස් සම්බාහනය කිරීමෙන් හිසකෙස් සහ සම මත ඇතිවන ගැටළු සමනය කර ගත හැකිය. එනම් සම මත ඇතිවන රැලි වැටීම් වියලීම් සමනය කිරීමටත් හිසකෙස් කැඩීයාම ගැලවී යාම වලක්වා හිසකෙස් නීරෝගි කර ගැනීමටත් පොල් තෙල් වැඩි දායකත්වයක් සපයනු ලැබේ.යන ආදී සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර දීමට පොල් තෙල් උපකාරී වේ.
පොල්තෙල් භාවිතයේ අවාසි පොල් තෙල් බාහිරව සහ අභ්‍යන්තරව භාවිතා කිරීමේදී කොප්පරාවලින් සකස් කළ පිරිසිදු පොල්තෙල් භාවිතා කිරීමට වගබලා ගත යුතුය. නොමැතිනම් ලෙඩ රෝග බොහොමයක් ඇති විය හැකිය. එමෙන්ම පිරිසිදු පොල්තෙල් වුවද මාත්‍රාව ඉක්මවා භාවිතා නොකළ යුතුය.