නොයෙක් රෝග සමනය කිරීමට භාවිතා කරන ඖෂධයක් වූ දෙහි පැඟිරි කුලයට අයත් සිහින් ව අතු විහිදී ගිය තරමක් උස ශාකයකි. එනම් රුටේසි නම් උද්භිද කුලයට අයත් දෙහි ශාකය පුරාවට කටු දැකගත හැකිය. ඵල හටගැනීමට පෙර පිපෙන මල් සුදු පැහැති වේ. අමු ඵලය ලා කොළ පැහැති වන අතර ඉදුණු පසු කහ පැහැයක් දැකගත හැකිය. එනම් දෙහි ඈත අතීතයේ සිටම උතුරු ඉන්දියාව, දකුණු මධ්‍යම චීනය , උතුරු වියට්නාමය… ආදී රටවලින් හඳුනාගෙන තිබේ. නමුත් වර්තමානය වන විට බොහෝ රටවල දැකගත හැකිය.
ශ්‍රී ලංකාවේද ඕනෑම ප්‍රදේශයක දෙහි ශාකය දැකගත හැකිය. ඈත අතීතයේ සිටම දෙහි පානයක් ලෙස, ව්‍යංජන, සම්බෝල පිසින විට , ලුණු දෙහි ආදිය සකස් කිරීමේදී බහුලව භාවිතා කරයි. එනම් මේ කුමන ආකාරයකට හෝ දෙහි ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් දෙහිවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර විටමින් ඒ, බී6, සී, කැල්සියම්,සින්ක්, යකඩ,මැග්නීසියම්,කොපර්,පොටෑසියම්,නියසීන්,පොස්පරස්,තයමින්,පෝලේට්,මැලික් අම්ලය, සිට්‍රික් අම්ලය, පැන්ටොතෙනික් අම්ලය, රයිබොප්ලෙවින්… ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගුවේ.
දෙහිවල ඖෂධීය භාවිතය.

ආහාර ජීරණය ක්‍රමවත් කරයි.ආහාර ජීර්ණය පහසු කර ගැනීමට දෙහි ආහාරයට එක් කර ගැනීම ගුණදායකවේ. එනම් දෙහි වල අඩංගු ආම්ලිකතාවය ආහාර ජීරණය පහසු කරයි. එමෙන්ම දෙහි කෑම රුචිය වඩන බැවින් ආහාර පිසින විට දෙහි එකතු කර ගැනීම සිදුකරයි. නමුත් ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඇත්නම් දෙහි භාවිතා නොකළ යුතුය.
සන්ධි ආශ්‍රිත රෝග සමනය කරයි.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු සන්ධි ආශ්‍රිත රෝග නිසා පීඩාවට පත්ව තිබේ. එනම් සන්ධි ආශ්‍රිත රෝග සමනය කිරීමට දෙහි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් දෙහිවල යූරික් අම්ලය හා කැල්සියම් සන්ධි වේදනා, ඉදමුම් සුව කර සන්ධි ආශ්‍රිතව ඇති විය හැකි රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව සලසනු ලැබේ.
ශරීර බර පාලනය කරයි.අධික ස්ථුලතාවය නොයෙක් රෝග තත්ත්වයන් ඇතිවීමට වැඩි වශයෙන් හේතු පාදකවේ. එමෙන්ම බාහිර සුන්දරත්වයට ද එයින් ඇතිවන්නෙ අවලස්සනකි. එනම් ශරීරයේ බර පාලනය කර ගැනීමට දෙහි යුෂ පානය කිරීම ගුණදායකවේ. එනම් දෙහි වල අඩංගු සිට්‍රික් අම්ලය අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේ බර පාලනය කිරීම සිදුකරනු ලැබේ.
පිළිකා ඇතිවීම වළක්වයි. වර්තමානය වන විට කරන ලද පරීක්ෂණ වලට අනුව තහවුරු වී ඇත්තේ පිළිකා සෛල මර්දනය කිරීමට දෙහි ඖෂධයක් ලෙස යොදා ගත හැකි බවයි. එනම් දෙහි ගෙඩි ගෙන ශීතකරණ තුළ තබා පොතු සමඟ කුඩු කර ආහාර පිසින විට එක් කර ගැනීමෙන් එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වන බවයි. එනම් පියයුරු පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට මෙසේ දෙහි භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. වෛද්‍ය වරු ප්‍රකාශ කරන්නේ මෙසේ දෙහි ආහාරයට ගැනීම ඖෂධ වලට වඩා වේගයෙන් ප්‍රතිඵලදායී වන බවය. මේ නිසා පිළිකා ඇතිවීම වැළැක්වීමට මෙන්ම ඇතිවූ පිළිකා සෛල විනාශ කිරීමට දෙහි භාවිතා කිරීම යෝග්‍ය වේ.
පණු රෝග සමනය කරයි.පණු රෝග මෙන්ම , බැක්ටීරියා ඇතිවීම වලක්වා ගැනීමට දෙහි ඖෂධයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් දෙහිවල අඩංගු ආම්ලිකතාවයේ පී එච් අගය දෙකක් වන අතර ශරීරගත වූ සැණින් ප්‍රතික්‍රියා දක්වයි. ඉන් ශරීරගත පරපෝෂිතයන් ඉක්මනින් විනාශවේ. මේ නිසා උදරගත රෝග ඇති විටක බොහෝ දෙනෙකු දෙහි යුෂ සමඟ ලුණු මිශ්‍ර කර පානය කරයි.

සමට ,හිසකෙස් වලට හිතකර වේ.දෙහි සමට හිතකර වේ. එනම් දෙහිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය සමෙහි ඇතිවන පැල්ලම්,රැලිවැටීම්, අඳුරු වීම් දුරු කර සම පැහැපත් කරනු ලබයි. එනම් දෙහි යුෂ ස්වල්පයකට මී පැණි හැන්දක් පමණ එකතු කර සමෙහි ආලේප කිරීම යෝග්‍යය වේ.
එමෙන්ම හිසකෙස් සම්බන්ධ ගැටලු සමනය කිරීමට ද දෙහි යුෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් දෙහිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් ගැලවී යාම, හිස්සොරි සමනය කර හිසකෙස් වර්ධනය කිරීමට ඉවහල් වේ. එනම් මේ සඳහා දෙහි,උළුහාල් තම්බා, හිසෙහි ආලේප කර සම්බාහනය කර සෝදා හැරීම සුදුසුවේ.
- සෙම් රෝග සදහා
- අධි රුධිර පීඩනය සමනය කිරීමට
- දියවැඩියාව පාලනය කිරීමට
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
- විසබීජ විනාශ කිරීමට
- මුත්‍රා ගල් දියකර හැරීම සදහා
- තුවාල, දද හා කුශ්ට රෝග සඳහා
- අජීර්ණ හා බඩේ අමාරු සදහා මේ ආදී රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස දෙහි භාවිතා කළ හැකිය.