ඔබේ දත්වල ඇතිවෙන සියලුම රෝග සුව කරන හොඳම ආහාර 7ක්

health tips

 ඔබේ සිනහව සුන්දර එකක් වන්නට නම් ඔබේ දන්ත සෞඛ්‍ය ගැන ඔබට වැඩිපුර සිතන්නට වෙනවා.  දන්ත සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙනවා නම් එය ඔබේ සිනහවට විතරක් නෙවෙයි ඔබේ සෞඛ්‍යයටත්  විවිධ ගැටලු ඇති කරන්නට හේතුවක් වෙනවා. අපේ ශරීරයට ඇතිවන විවිධ ලෙඩ රෝගවලට මූලිකවම බලපාන්නේ අපි ගන්නා ආහාර පාන.

 ලාංකීය අපිට උරුම වුණු සුවිශේෂී වූ ආහාර රටාවක් තිබුණත් අද වෙද්දි අපි ඒ රටාවෙන් බැහැර වෙලා. ඉතින් ඒ නිසාම නොයෙකුත් ලෙඩ රෝග අපි පසුපස එනවා. අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ දන්ත සෞඛ්‍ය යහපත්ව තියාගන්නට අපිට ආහාරයට එකතු කරගන්නට හැකියාව තියෙන ආහාර කිහිපයක් ගැන.  මේ ආහාර ඔබ නිතරම ආහාරයට එකතු කරගත්තත් දත්වල සෞඛ්‍ය සඳහා මේවා  එතරම් වැදගත් දයැයි ඔබ කිසි විටෙක නොසිතන්නට ඇති. ඉතින් අපි අද කතා කරමු ඒ ආහාර මොනවද කියලා.

කරාබු නැටි -අහාර රස ගන්වන විශේෂ කුළුබඩුවක් ලෙස වගේම වටිනා ඖෂධයක් විදිහටත් භාවිතයට ගැනෙන කරාබු නැටි සතු සුවිශේෂ ගුණ පිළිබඳව නම් වැඩි දෙනෙක් දැනුවත් නැහැ. කරාබු නැටිවල ඇති සුවිශේෂී ගුණ අතරින් එක් ගුණයක් තමයි දන්ත සෞඛ්‍ය ආරක්ෂා කරන්නට දක්වන සුවිශේෂී දායකත්වය. දත්වල සෞඛ්‍යයට කරාබු නැටි තරම් ඔසුවක් නැහැ. මොකද ඒ තරම් සුවිශේෂීතා බොහොමයක් කරාබු නැටිවල අඩංගු වෙනවා.

 දත් කැක්කුමෙන් ක්ෂණික සහනයක්  ලබා ගන්නට බොහෝදෙනෙක් භාවිතයට ගන්නෙත්  ඒ නිසාමයි. විෂබීජ නාශක ගුණයෙන් යුක්ත සාමාන්‍ය ප්‍රතිබැක්ටීරියා නාශකයන්ට එරෙහිව  සටන් කරන්නට නොහැකි බැක්ටීරියා වර්ග විදියට සැලකෙන Escherichia coli , Pseuidomonas  aeruginosa ආදී බැක්ටීරියා විනාශ කරන්නට මේ කරාබුනැටි වලට හැකියාව තියෙනවා.

 මේ කරාබුනැටි මුඛය තුළ සිදුවන අහිතකර බැක්ටීරියාවල බලපෑම් අවම කරමින් දත් දිරායාම, දත් කුහර ඇතිවීම අවම කර දත්වල මැලියම් ඇතිවීමත් වළක්වනවා. දත් ශක්තිමත් කරමින් මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නත් කරාබු නැටි අපිට උදව් වෙනවා. දිනකට කරාබු  නැටි 2 ක් පමණ ආහාරයට එකතු කර ගන්නට පුළුවන් නම්  දත්  ආශ්‍රිත  ගැටලු ඉතා පහසුවෙන් විසඳා ගන්නට පුළුවන්. 

ළූණු – අපේ ආහාර රටාව තුළ සෑම ආහාර පානයකටම නැතුවම බැරි දෙයක් තමයි ළූණු  කියලා කියන්නේ. රතු ළූණු  බී ළූණු ආදී වශයෙන් ළූණු වර්ග අපි නිතරම ආහාරයට එකතු කරගන්නවා විවිධ ආකාරවලට.  මේ ළූණු කියන්නේ දත්ත සෞඛ්‍යයට ඉතාමත් හිතකර ප්‍රතිලාභ ලබාදෙන දෙයක්. විශේෂයෙන්ම අමු ළූණු දත්වලට  බුරුසුවක් වගේ ක්‍රියා කරමින් දත් අතර රැඳිලා තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්නට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි විෂබීජ සහ බැක්ටීරියා නාශක ගුණයෙන් සමන්විතයි. ළූණු ආහාරයට එකතු කර ගැනීමෙන්  දත් පිරිසුදු වෙනවා විතරක් නෙවෙයි දන්ත සෞඛ්‍යයට අහිතකර විදිහට බලපෑම් ඇති කරන බැක්ටීරියාවන් එකතුවීමත් වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා.

සුදු ළූණු රතු ළූණු බී ලූනු විතරක් නෙවෙයි අපට වඩාත් හිතකර ප්‍රතිලාභ ලබා දෙන්නට සුදුළූණු වලටත් සුවිශේෂී හැකියාවක් තියෙනවා. ආහාර රස ගන්වන්නට ගුණය වැඩි කරගන්නට භාවිතා කරන  ඖෂධයක් විදිහටත් මෙය වැදගත්. සුදුළූණුවල අන්තර්ගත වෙන සැර ගන්ධය  නිසා ඇතැම් අය  සුදුළූණු  ආහාරයට ගන්නට මැලි බවක් දක්වනවා. නමුත් මුඛයේ සැර ගන්ධයක් ඇති කළත් සුදුළූණු  කියලා කියන්නේ මුඛ සෞඛ්‍ය යහපත්ව තියාගන්නට බොහොමයක් වාසි සලසන ගුණදායී ආහාරයක්. බැක්ටීරියා විනාශ කරන්නට මූලිකව ක්‍රියා කිරීම වගේම දත්වල ඇතිවෙන වේදනාවන් කැක්කුම් ක්ෂණිකව නැති කරන්නටත් සුදුළූණු  හොඳම විසඳුමක් . ඒ විතරක්ම නෙවෙයි විදුරුමස්වල ඇතිවන විවිධ ආසාදන සඳහාත්  මේ සුදු ළූණු අපිට භාවිතයට ගන්නට පුළුවන්. 

කහ ආහාර පිසීමේදී ආහාරවල රසය, වර්ණය, ගුණය වැඩි කරගන්නට අනිවාර්යෙන් භාවිතා  කරන කුළුබඩුවක් තමයි කහ කියලා කියන්නේ. කහවලින් ලැබෙන වාසි අතරෙ මුඛ සෞඛ්‍ය ඉතා යහපත්ව  තියාගන්න ලැබෙන දායකත්වය ඉතාමත් ඉහළයි. මුඛය තුළ ඇති බැක්ටීරියා විනාශ කරමින් විදුරුමස් ආසාදන දුරුකරන්නට කහ  සමත් වෙන්නේ මේ නිසාමයි. 

ඉඟුරු ලාංකීය අපිට ඉතාමත් හුරු පුරුදු තවත් වටිනා ඔසුවක් තමයි ඉඟුරු කියලා කියන්නේ. ආහාර රස ගන්වන්නට වගේම ඖෂධයක් විදියටත් නිරන්තරයෙන්ම භාවිතයට ගැනෙන ඉඟුරුවල ඖෂධීය ගුණ ඉතාම ඉහළයි. දත්  ආශ්‍රිත ගැටලු බොහොමයක්  දුරුකර ගන්නට උපකාරී වෙන ඉඟුරු දත් කැක්කුම ක්ෂණිකව සුවපත් කරගන්නට දත්වල කුහර ඇතිවීම වළක්වා ගන්නටත් උදව් වෙනවා. 

එළවළු සහ පලතුරු එළවළු සහ නැවුම් පළතුරු ප්ර්මාණවත් තරම් තන්තුවලින් පරිපූර්ණ නිසා ඒ අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය ලබාගන්නට වගේම දත් දෙපළ සෞඛ්‍ය සම්පන්නව තියා ගන්නත් උපකාරී වෙනවා. තන්තු බහුල මේ ආහාර හොඳින් සැපීමට අවශ්‍ය වෙන නිසා එය දත් සහ විදුරුමස්වල ශක්තිමත් බව වැඩි කරන්නටයි උපකාරී වෙන්නේ. ඒ හැරුණාම දත්වල සෞඛ්‍යයට අවශ්‍ය කරන විටමින්, ඛනිජ ලවණ ආදිය අපිට සපුරා ගන්නටත්  හැකියාව ලැබෙනවා.

කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන කිරි රි සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල කැල්සියම් බහුලවම අඩංගු වෙනවා.  එය අස්ථි සහ දත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වෙනවා. විශේෂයෙන්ම මුඛයේ අමිල මට්ටම උදාසීන කරන කැසීන්  පවා කිරිවල අඩංගු වෙනවා. ඒ වගේම චීස් කියන්නෙත් කිරිවල තවත් විශිෂ්ට ප්‍රභවයක්. එය අපේ දත් සහ මුඛය පිරිසුදු කරනු ලවන ශ්‍රාවය කරනවා. ඒ විතරක් නෙමෙයි යෝගට් ආහාරයට ගැනීමෙන් යෝගට්වල අඩංගු වන ප්‍රෝබයෝටික්   දත්වල සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්නටත් උපකාරී වෙනවා.

ඉතින් දත් නිරෝගී බව හැමදාටම පවත්වා ගෙන යන්නට මේ ආහාරපාන ටිකක් වැඩිපුර එකතු කර ගත්තට කමක්  නැහැ.