ඈත අතීතයේ සිටි අපේ මුතුන් ම්ත්තන් වඩාත් ශක්ති සම්පන්න පුද්ගලයින් බව නොරහසකි. එනම් ඔවුන් නිතර ආහාරයට ගනු ලැබූවේ වඩාත් පෝෂණ ගුණයෙන් අනූන ආහාර වර්ගයන්ය. ඒ අතර ධාන්‍ය වර්ග වලට හිමි වන්නේ වැඩි වටිනාකමකි. ධාන්‍ය වර්ග අතරින් කුරක්කන් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනම් Eleusine coracana නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Poaceae කුලයට අයත් කුරහන් වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. දේශීයව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ද විදේශීයව ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව වැනි රටවලද කුරක්කන් වගා කරනු ලැබේ. කුරක්කන් විවිධ අයුරින් ආහාරයට ගත හැකිය.
- කුරක්කන් තලප
- කුරක්කන් කැඳ
- කුරක්කන් රොටී
- කුරක්කන් පිට්ටු
- කුරක්කන් හැලප
මේ ආදී වශයෙන් කුරක්කන් විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය. එනම් මෙය බොහෝ ශක්ති සම්පන්න ආහාරයක් වන අතර ශරීර ශක්තිය වර්ධනය කිරීම සිදු කරනු ලැබේ. ඊට හේතුව කුරක්කන් වල වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. එනම් ප්‍රෝටීන්, තයමින්, යකඩ කාබෝහයිඩ්‍රේට්, නියසීන්, රයිබොප්ලෙවින් මේදය,කැල්සියම්,පොස්පරස්, , කැරොටීන්, කැලරි , … ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර වේ.
කුරක්කන් තලප සකස් කර ගන්නා ආකාරය.

- කුරක්කන් පිටි කෝප්ප එකක්
- වතුර කෝප්ප දෙකක්
මැටි මුට්ටියකට ඇල් වතුර කෝප්ප එකක් පමණ දමා එය උතුරන විට කුරක්කන් පිටි එකතු කල යුතුය. එනම් විටින් විට එය හැඳි ගාමින් තලපයක් වනසේ හැඳි ගා ගත යුතුය. එනම් කුරක්කන් තැම්බෙන විට තද පැහැයක් ගනු ලැබේ. එවිට ලිපෙන් බා ගත යුතුය.
පසුව මෙය ඔබට අවැසි ආකාරයට ව්‍යංජනයක් සමග ආහාරයට ගත හැකිය. බොහෝ දෙනෙකු කොල්ලු ව්‍යංජනය මේ සඳහා පිළියෙල කර ගනී. එමෙන්ම තවත් බොහෝ දෙනෙකු කොල්ලු ව්‍යංජනයට ධාන්‍ය වර්ග ද එකතු කර ගනී. මෙය ඉතා රසවත් මෙන්ම ගුණදායක ආහාරයකි.
කුරක්කන් ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගයන්ට සුවය සලසා ගත හැකිය.පීඩාකාරී රෝග තත්ත්වයක් වන තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් ඇතිවීම වලක්වාගැනීමට කුරක්කන් වලින් සකස් කරනු ලබන කුරක්කන් රොටී,කැඳ,තලප ආහාරයට ගැනීම ගුණදායකය. එනම් ඉන් තයිරොයිඩ් හෝමෝන වර්ධනය කර තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝග ඇතිවීම වලක්වනු ලබයි. මේ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝග ඇති පුද්ගලයින් කුරක්කන් ආහාරයට එක් කර ගන්නේ නම් ඉන් එම රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.
රක්තහීනතාවය සමනය කර ගත හැකිය.ගුණයෙන් මෙන්ම රසයෙන් අනූන කුරක්කන් ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය සමනය කර ගත හැකිය. එනම් රක්තහීනතාවය යනු රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඇතිවන රෝගයකි. මෙම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව ශරීරයට අත්‍යවශ්‍ය යකඩ අවම වී යාමයි. මෙවැනි අවස්ථාවක යකඩ වැඩි ප්‍රමාණයක් අඩංගු කුරක්කන් ආහාරයට ගැනීමෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කර ගත හැකිය.
ශරීරයේ අනවශ්‍ය බර පාලනය කර ගත හැකිය.වර්තමානයේ ගැහැනු පිරිමි දෙපාර්ශවයම අධික ස්ථුලතාවය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ. එමෙන්ම මෙම තත්ත්වය නොයෙක් රෝගාබාධ ඇතිවීමට ද වැඩි වශයෙන් හේතු පාදක වේ. මේ නිසා ශරීර බර පාලනය කර ගැනීමට තම ආහාර රටාව ඊට සරිලන පරිදි සකස් කර ගත යුතුය. එනම් අධික බර පවතින පුද්ගලයින්ට ආහාරයට ගැනීමට සුදුසු ආහාරයක් ලෙස කුරක්කන් හැඳින්විය හැකිය. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ඉක්මනින් කුස පුරවා නැවත නැවත කුසගිනි ඇතිවීම හා ආහාර ගැනීමේ අවශ්‍යතාවය වලක්වනු ලබයි. මේ නිසා කුරක්කන් ආහාරයට ගැනීමෙන් ශරීර බර පාලනය කරගත හැකිය.

දියවැඩියාව ඇතිවීම වළක්වා ගත හැකිය.නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයක් වන දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා කුරක්කන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් කුරක්කන්වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලැබේ. මේ නිසා දියවැඩියා රෝගීන්ට උචිත ආහාරයක් ලෙස කුරක්කන් හැඳින්විය හැකිය. නමුත් කුරක්කන් ආහාරයට ගැනීමේදී දියවැඩියා රෝගීන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.
මලබද්දය අර්ශස් සුව කර ගත හැකිය.බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සුව කර ගැනීම සඳහා කුරක්කන් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු මලබද්ධය ඇතිවීම වළක්වා මල පිටකිරීම පහසු කරවනු ලබයි. එමෙන්ම මලබද්දය උත්සන්න වීමෙන් ඇති වන අර්ශස් රෝගීන්ට ද කුරක්කන් ආහාරයට එක්කර ගැනීම වඩාත් ගුණදායකය.
මාංශපේශී වර්ධනය කර ගත හැකිය.මාංශ පේශි වර්ධනය කර ගැනීමට කුරක්කන් ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින්, ප්‍රෝටීන්, ඛනිජ ලවණ ආදී පෝෂ්‍ය පදාර්ථ මාංශපේෂි වර්ධනය කර ශරීරය ශක්තිමත් කිරීම සිදුකරයි.
මීට අමතරව අස්ථි ශක්තිමත් කර ගත හැකිය.සම පෝෂණය කර පැහැපත් කර ගත හැකිය ගර්භනී මව්වරුන්ට ගුණදායකය. මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට කුරක්කන් ආහාරයට ගැනීම ගුණදායක නමුත් දියවැඩියා රෝගීන් කුරක්කන් ආහාරයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.