සති දෙකෙන් දත් මුල් දියවී යාම සුව කරන ස්වභාවික සත්කාර 8 ක්

health tips

දන්ත  සෞඛ්‍ය යහපත්ව  පවත්වා  ගැනීම  අපි ගොඩක්  දෙනෙක්ට  මතක්  වෙන්නේ ඒ ආශ්‍රිතව  යම්  ගැටළුවක්  ඇති වුණාම . මොකද අපේ  නොසැලකිලිමත්කම හේතුකරගෙන  සුළු මට්ටමේ  දන්ත  රෝගයක්  වුණත් ඉතා  බරපතල  ගණයේ  ගැටළුවක්  බවට  පත්වෙන නිසා.එනිසා   මුව  ලස්සන  කරන  සුන්දර  සිනහවකට  නම් අපේ  මුඛ  සෞඛ්‍යයත් යහපත් මට්ටමේ  තියෙන්නට  ඕන . 

අද  අපි කතා  කරන්නේ  ගොඩක් අයට  තියෙන ගැටළුවක්  වෙන  විදුරුමස්  දියවීම  ගැන. විදුරුමස්වලින්  ලේ  ගැලීම , සැරව  ගැලීම , විදුරුමස්  තුවාල වීම , ඉදිමීම  වගේ  ගොඩක්  විදුරුමස්  රෝග තියෙනවා.  මේ තත්ත්වයන්  ඇති  වෙන්නේ දත් විදුරුමස් අතර මැලියම් රැඳීමෙන් එකතු වෙන බැක්ටීරියා සහ විෂබීජ විදුරුමස් ආශ්‍රිත පටක ආසාදනයකට ලක්කිරීම  නිසා. මේ  වගේ විදුරුමස් රෝග ඇති විට ඒවා ගණන් නොගෙන ප්‍රතිකාර ලබා නොගැනීමෙන් වෙනත් අතුරු ආබාධයන් පවා ඇති  වෙනවා. 

විදුරුමස් රෝග ඇති අවස්ථාවලදී ඉතා පහසුවෙන් විෂබීජ වර්ධනය වෙන නිසා මුඛ පිළිකා, ඉරුවාරදය, ඇස් පෙනීම දුර්වල වීමක් වුණත්  වෙන්නට පුළුවන්. එනිසා  විදුරුමස්වල  ගැටළු  තියෙනවා නම් ඒවා  නොසලකා  නොහැර  මේ පිළියම්වලට  යොමු වෙන්න.

විදුරුමස්  දියවීම  ඇතුළු  විදුරුමස්  රෝග  සඳහා විවිධ හේතු  බලපානවා.

  • ජානමය බලපෑම 
  • ඇතැම් ඖෂධ වර්ග 
  • කාන්තාවන්ගේ හෝර්මෝනවල ඇතිවන බලපෑම් 
  • දිනපතා දත් නොමැදීම 
  • දුම්පානය 
  • දියවැඩියාව 
  • ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන රෝග

විදුරුමස්  දියවීමකදී  දැකගත  හැකි ලක්ෂණ 

  • විදුරුමස් ඉදිමීම 
  • මුඛයෙන් දුගඳක් හැමීම
  • දත් හා විදුරුමස වෙන් කරන දාරය රතු  පැහැ ගැන්වී තිබීම 
  • දත් මුල්වල වේදනාව 
  • විදුරුමසෙන් ලේ ගැලීම 
  • ආහාර සැපීමේදී දත්වල ඇතිවන වේදනාව 
  • දත් දෙකක් අතර විදුරුමස කොටසේ උල් ගතිය නැතිව යාම 
  • විදුරුමස් කසන සුළු ගතියක් ඇතිවීම 
  • දත් බුරුල්වීම 
  • විදුරුමස් පටක දිය වී විනාශ වී යාම 
  • දත් සවි වී ඇති අස්ථි දියවෙමින් පහළට ගමන් කිරීම නිසා දතේ මුල ක්‍රමයෙන් නිරාවරණය වීමට පටන් ගැනීම 
  • දත මුල වටා සුදු පැහැති ඝන ද්‍රව්‍යයක් බැඳීම 

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ දත සෙලවී වැටීයාම. ඒ නිසා මේ තත්ත්වය හඳුනා ගත් වහාම ඒ සඳහා පිළියම් සිදු කළ යුතුයි.

 විදුරුමස්  දියවීමට නිවෙස්  පිළියම් 

  • පේර පොතු හා කරාබු නැටි 5 ක් පමණ තම්බා ගත් ජලයෙන් දිනපතාම මුඛය සෝදා දමන්න.
  • මී පැණි ටිකක්  ඇඟිලි තුඩුවලට  ගෙන  විදුරුමස්  පිරිමදින්න . එයින් බැක්ටීරියා  විනාශ වී  ප්‍රදාහයන්  වළක්වනවා.
  • පොල් තෙල්  සහ  තල  තෙල්වලින්  උගුර  සහ  විදුරුමස්  සෝදන්න.
  • කහ කුඩුවලට අබ  තෙල්  මිශ්ර් කර  සෙමෙන්  විදුරුමස්වල  ගල්වන්න.
  • පාස්ලි  කොළ මේස  හැදි  2 ක්  සහ මින්චි කොළ මේස  හැදි  2 ක් ජලය  කෝප්පයකට  මිශ්‍රකර  පෙරා  මුඛය  සෝදන්න .
  • දිනකට  පේර කොළ  කිහිපයක්  මිනිත්තු 2-3 ක්  සපා මුඛය  සෝදා  දමන්න. එසේ නැත්නම්  පේර  කොළ 4-5 ක්  වතුර  කෝප්පයක  තම්බා ලුණු  ස්වල්පයක් ද  එකතු කර  මුඛය  සෝදා  දමන්න.
  • ජලය කොප්ප 1 කට  කුරුඳු තෙල් බින්දු 10-15 ක් සහ  කරාබු නැටි  තෙල්  බින්දු 10-15 ක් එකතු කර ඒ ජලයෙන්  කට  සෝදන්න. මෙය දත්  කුහර  සෑදීමත්  වළක්වනවා.
  • අරළු බුළු, නෙල්ලි  තැම්බූ  ජලයෙන් මුඛය  සෝදන්න.

මේ පිළියම් සිදු කරන අතරේ  දිනපතා දවසට දෙවරක් දත් මැදීම, නරක් වු දත් ගලවා ඉවත් කර ගැනීම, අවම වසරකට දෙතුන් වතාවක් දන්ත වෛද්‍යවරයෙකු හමුවී දත් පරීක්ෂා කරවා ගැනීම මුඛය ආශ්‍රිත මේ ආසාදන තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නට  උදව් වෙනවා.