සතියකට වතාවක් ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝග පවා සුව කර හැකි දිය තිප්පිලි සම්බෝලය සතු ගුණ 15 ක්

health tips

අපිට ආහාරය පිණිස ලබාගත හැකි රෝග බොහොමයකට ගුණදායක ඉබේ හැදෙන වැඩෙන පැලෑටි බොහොමයක් අපි සලකන්නේ වල් පැලෑටි විදියට. මොකද නූතන පරපුරේ බොහෝදෙනෙක් මේ වටිනා ඔසු පැලෑටි නිසි පරිදි හඳුනා ගෙන නැති නිසා. ඒ වගේ වල්  පැලෑටියක් විදියට බහුතරයක් සලකන වටිනා  පැලෑටියක් තමයි දිය තිප්පිලි කියන්නේ. උණ රෝගයට සහ ප්‍රදාහයට අපි ලබා ගන්නා ඇස්ප්‍රින් ඖෂධය හා සමාන ක්‍රියාකාරිත්වයක් සහිත  ඔසු ගුණයක් සහිත පැලෑටියක් වන මේ දිය තිප්පිලි ඇස්ප්‍රින් පැල කියලත් හඳුන්වනු ලබනවා. ඉස්සර කාලේ කළු ලෑල්ලේ අකුරු මකන්නත් ඒ ශාකය භාවිතයට ගත් බවත්  සඳහන් වෙනවා. ඔන්න ඒ නිසා අපි අද මේ වටිනා ඔසු පැලෑටිය පිළිබඳව කතා කරමු.

දිය තිප්පිලි ශාකය සඳහා වතුර ගස්,  දිය නිල්ල, දිය බුලත්, ආදී  විවිධ නම් භාවිතා වෙනවා. ගෙවත්තේ තෙතමනයක් සහිත ස්ථානවල මේ පැලෑටිය වර්ධනය වෙනවා. ඒ වගේම මේ ශාකය අපට  හඳුන්වා දුන් ශාකයක් ලෙසටයි සලකනු ලබන්නේ. සෙන්ටිමීටර් 45 ක් තරම් උසට වැඩෙන මේ පැලෑටිය වියළි කලාපය තුළ දැක ගැනීම තරමක් අසීරුයි. මේ ශාකය පැලෑටියක් ලෙස වර්ධනය වෙන මාංසල ස්වභාවයක් සහිත පැලෑටියක්. කඳ විනිවිද පෙනෙන සුළු ස්වභාවයකින් යුක්තයි. වසර පුරාම මල් හට ගනු ලබනවා. කරලක් මෙන් දැකිය හැකි සිහින් දිගටි පුෂ්ප මංජරියෙන් කුඩා ඵල රාශියක් හට ගනු ලබනවා.මේ දිය තිප්පිලි එහි බීජ මගින් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම ඒ පැලෑටියේ කඳන් මගින් පවා දිය තිප්පිලි පැල ලබා ගන්නට පුළුවන්.

ඉහළ පොටෑසියම් ප්‍රතිශතයක් අන්තර්ගත වන මේ ශාකයේ කාබෝහයිඩ්රේට්, පොස්පරස් ,කැල්සියම් බීටා කැරොටීන් සහ ජලය ආදියත් මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ පැලෑටිය විශබීජ නාශක ගුණයෙන් ද සමන්විත වෙනවා.දිය තිප්පිලි වටිනා ඔසුවක් වගේම ගුණදායක ආහාරයක් ලෙසටත් වැදගත්කමක් උසුලනවා. මේ දිය තිප්පිලි ව්‍යංජනයක් ලෙස, සම්බෝලයක් ලෙස තෙලට මිරිසට ආදී විවිධ ආකාරවලට සකසා ආහාරය පිණිස ගන්නට පුළුවන්. අමිල පිත්ත රෝගියෙකුට නම් මේ දිය තිප්පිලි තම්බා ගෙන උදෑසන  හිස්බඩ පානය කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිය තිප්පිලි කැඳ  වශයෙන් පවා අපිට ආහාරයට ගන්නට පුළුවන්.

දිය තිප්පිලි පැලෑටියේ ඔසු ගුණ 

  • අමිල පිත්ත රෝගය සඳහා ගුණදෙනවා.මේ සඳහා දිය තිප්පිලිවලින් කැඳ පානය කිරීම වගේම දිය තිප්පිලි ශාකයේ යුෂ අඩු කෝප්පයක ප්‍රමාණයක් දින කිහිපයක් උදෑසන හිස්බඩ පානය කිරීමත් ඉතාම ගුණදායකයි.
  • කුරුලෑ ඇතිවීම පාලනය  කරනවා.මේ සඳහා දිය තිප්පිලි ශාකය ඇල් වතුර සමඟ අඹරා මිශ්‍රකර මුහුණේ ආලේප කර සෝදා හැර පසුව අයිස් කැට කිහිපයකින් තැවීම සුදුසුයි. එමගින් කුරුළෑ  හට ගැනීම වැළකෙන අතර  පවතින කුරුලෑ වගේම ඒ නිසා ඇතිවන අඳුරු ලප කැලැල් ද මකා දමනවා.
  • පාචනය  සහ අතීසාර රෝග සඳහා ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා.
  • මුඛයේ ඇතිවන ආසාදන සඳහා ගුණදෙනවා.
  • සමේ රෝග සුවපත් කරනවා.
  • මුත්‍රා කාරක ගුණ සහිතයි.
  • ආතරයිටීස් රෝගය සඳහා සුවය සලසනවා.
  • පිළිකා නැසීමේ හැකියාවෙන් සමන්විතයි.
  • සෙම් රෝග දුරු කරනවා. 
  • හිස කැක්කුමට සහනය ගෙන දෙනවා.
  • වකුගඩු රෝග සඳහා ගුණදායක වෙනවා.
  • අංශභාග රෝගය සඳහා ගුණදායකයි.
  • මී මැස්මොරය සඳහා ප්‍රතිකාර පිණිස භාවිතා කෙරෙනවා.
  • සැරව සහිත තුවාල සුව කර ගන්නට උපකාරී වෙනවා. 
  • පිළිස්සුම් තුවාල සඳහා ක්ෂණික සහනය සලසනවා.

ආහාරයට ගත හැකි ක්‍රම 

දිය තිප්පිලි සම්බෝලය 

  • දිය තිප්පිලි ගස සම්පූර්ණයෙන්ම ගෙන උඩින් ඇති රේණු වගේ කොටස් ඉවත් කර සෝදා ගන්න.
  • ජලය ඉවත් වූ පසු සිහින්ව ලියා ගන්න. 
  • එයට සිහින්ව ලියාගත් රතු ළූනු මිටක්, අමු මිරිස් කරල් 3 ක් පමණ, ලියාගත් තක්කාලි , උම්බලකඩ  ආදිය එකතු කර අවශ්‍ය පදමට ලුණු සහ පොල් දමා හොඳින් කලවම් කර ගන්න. තිත්ත රසයක් මේවායේ නොමැති නිසා ඇඹුල් එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

දිය තිප්පිලි තෙම්පරාදුව 

  • දිය තිප්පිලි ගස සම්පූර්ණයෙන්ම ගෙන  උඩින් ඇති රේණු වගේ කොටස්  (බීජ ) ඉවත් කර සෝදා ගෙන දිය ඉවත් වනතුරු තබන්න.
  • තෙල් ටිකක් මැටි ඇතිලියකට දමා එය රත් වුණු පසුව සුදු ළූනු  රන්වන් පැහැ වනතුරු බැදගෙන එයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්,  අමූ මිරිස් කරල් 3 ක් සහ රම්පේ කරපිංචා එකතු කර තෙම්පරාදුව සාදා ගන්න. 
  • ඒ සියල්ල  බැදීගෙන එද්දි රස අනුව ලුණු, කෑලි මිරිස් කුඩු ,කහ කුඩු, උම්බලකඩ සහ කපාගත් තක්කාලි එකතු කර කලවම් කර තෙම්පරාදු කර ගන්න. ඉන්පසුව තරමක කෑලිවලට කඩාගත් දිය බුලත් එකතු කර වැඩි ගින්දරේ විනාඩියක් 2 ක් පිස ගන්න. 
  • ලිපෙන් ඉවත් කරගත් දිය බුලත් තෙම්පරාදුවේ පැහැය වෙනස් නොවෙන්නට පෙර ඉක්මනින් දිය බුලත් තෙම්පරාදුව වෙනත් බදුනකට මාරු කර රස බලන්න.