වැඩි සීනි ඉක්මනින් අඩු කරන දියවැඩියාව පාලනය කරන විශේෂ පාන වර්ග හතරක්

health tips

 අද අපේ රටේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි දියවැඩියාව කියලා කියන්නේ. මේ රෝග තත්ත්වය වැළදුණාම සුවපත් කරගන්නට අපහසු නිසා හැකිතාක් ඒවායින් ආරක්ෂා වෙලා ඉන්න එක ඉතාම සුදුසුයි. අද අපේ වැරදි ආහාර පුරුදු සහ චර්‍යා රටා හේතු කර ‌ෙගන  වයස් බේදයක් නැතිවම බොහෝ දෙනෙක් මේ රෝගවලින් පීඩා විදිනවා. විශේෂයෙන්ම දියවැඩියාව හේතු කරගෙන  රුධිරයේ සීනි මට්ටම අධිකව ඉහළ යාම ඔබේ වකුගඩුවලට හානි ඇති කරන්නට මූලික වශයෙන් හේතු වෙන බව ඔබ දන්නවා ඇති.  ඒ නිසා ශරීරයේ සීනි මට්ටම නිසිපරිදි  පවත්වා ගෙන යාම හරිම වැදගත්. අපි ඔබට කියන්නේ රුධිරයේ සීනි මට්ටම  ඉතා ඉක්මනින් අඩු කර ගන්නට  භාවිතා කළ හැකි ස්වභාවික පාන වර්ග හතරක් පිළිබඳව.

1.අමු කරවිල පානය

අපි හැමෝම දන්නා ගුණයෙන් ඉහළ එළවලුවක් තමයි කරිවිල කියන්නේ. ඉතින් සිරුරේ සීනි මට්ටම ඉක්මනින් අඩු කර ගන්නට මේ පානය ඔබට භාවිතා කරන්නට පුළුවන්.

  අවශ්‍ය ද්‍රව්‍ය

 කුඩාවට කපා ගත් අමු කරිවිල මේස හැදි 1 ½ 

 පිරිසුදු වතුර වීදුරුවක්

 සිහින්ව කපා ගත් කරවිල ටිකට් පිරිසිදු වතුර වීදුරුවක් එකතු කර හොඳින් බ්ලෙන්ඩර්  කරගන්න. මෙය පානයට පෙර ඔබට අවශ්‍ය නම් මේ සඳහා ලුණු ස්වල්පයක් සහ ලෙමන් යුෂ  ස්වල්පයක් එකතු කිරීමේ හැකියාවත් තියෙනවා . 

බොහෝ දෙනෙක් කරිවිලවල ඇති තිත්ත රසයට අකමැත්තක් දැක්වූවත් මේ පානයෙන් ඔබට එවැනි තිත්ත රසයක් දැනෙන්නෙ නැහැ. ඒ නිසා අපහසුවක් නැතිව පානය කරන්නට පුළුවන්. මෙය උදෑසන හිස්බඩ පානය කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. මේ කරවිල පානයෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කරගැනීම හැරුණාම වෙනත් බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නත් හැකියාව තියෙනවා 

•    කොලෙස්ටරෝල් පාලනය කරනවා.

•    අධි රුධිර පීඩනය අඩු කරනවා.

•    අක්මාවේ තෙල් ඉවත් කරනවා.

•    රුධිරය පිරිසිදු කරනවා.

•    හෙම්බිරිස්සාව ආදී වෛරස රෝගවලින්  ආරක්ෂාව සලසනවා. 

•    ආමාශයේ නීරෝගී පැවැත්මට උදව් වෙනවා.

•    රුධිර සංසරණය හොඳින් සිදු කරන්නට උදව් වෙන නිසා සම පැහැපත් කරනවා.

•    අජීර්ණ රෝගවලට සහනයක් ලබාදෙනවා.

•    දේහ බර අඩු කරනවා.

•    කිරිපණු රෝගය සුව කරනවා . 

සම නිරෝගී කරනවා. 

  1. සියඹලා පානය

සියඹලා අප ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලබාදෙන වටිනා ශාකයක්.සියඹලා  කරල් වගේම කොල සහ මල් අපිට නිරෝගීව ඉන්නට බෙහෙවින් උදව් කරනවා. සියඹලා පානයක් වශයෙන් භාවිතා කිරීමෙන්  රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්නට පුළුවන් .

සියඹලා පානය සඳහා සියඹලා කරලක් අරගෙන එය වතුර වීදුරුවක දිය කරගන්න . ඉන්පසුව පසුව මෙය පෙරාගෙන කිතුල් හකුරු හෝ කිතුල් පැණි සමඟ පානය කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර ගන්නටත් පුළුවන්.

මේ සියඹලා පානය ඔබ භාවිතා කළ යුත්තේ අමතර ආහාර වේලකින් විනාඩි 10 කින් පමණ පසුව. මේ පානයෙන් රුධිරගත සීනි මට්ටම අඩු කරනවා වගේම වෙනත් අමතර වාසි බොහොමයක් ලබා ගන්නට පුළුවන්.

වයසට යාම ප්‍රමාද කරනවා.

 •    හදවත් රෝග නසා හදවත නීරෝගී කරනවා.

•    පිපාසය සන්සිදවනවා.

•    අතීසාරය සමනය කරනවා.

•    ආමාශය සහ අන්ත්‍රවලට ගුණදෙනවා.

•    වකුගඩු රෝගවලින් ආරක්ෂාව සලසනවා.

•    දේහයේ දැවිලි ගතිය දුරු කරනවා.

•    කොලෙස්ටරෝල් පාලනය කරනවා.

•    ආහාර රුචිය වඩවනවා.

•    මධ්‍යාසාර විෂ හා අත්තන විෂ සමනය සඳහා සුදුසු වෙනවා. 

•    මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කරනවා.

•    ආහාර ජීර්ණය පහසු කරනවා.

3.මුරුංගා  පානය

මේ සඳහා මුරුංගා කොළ මේස හැන්දක පමණ ප්‍රමාණයක් වතුර වීදුරුවකට දමා බ්ලෙන්ඩර් කරගෙන පෙරා පානයට ලබාගත යුතුයි. මේ පානය උදෑසන හිස්බඩ ලබා ගැනීම තමයි ඉතාම සුදුසු වෙන්නේ. මුරුංගා පානයෙන් මේ අමතර වාසි ලබා ගන්න පුළුවන්.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. 

සාර්ථකව ආහාර ජීර්ණය කරනවා.

කාය ශක්තිය වර්ධනය කරනවා.

පණු රෝගවලට ගුණදායකයි.

මුත්‍රාශයේ ගල් ඇතිවීම සුව කරනවා. 

හෘද රෝග සුවපත් කරනවා.

අස්ථි රෝග සඳහා සහනය සලසනවා . 

ආහාරවල ඇති වස විස ඉවත් කරනවා. 

ගෑස්ට්‍රයිටීස් රෝගයට හිතකරයි. 

අධික තරබාරුව මට්ටු කරනවා.

පිළිකා හට ගැනීමේ අවදානම පාලනය කරනවා.

ඇඟේ සීනි ප්‍රමාණය හා  කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. 

අධි රුධිර පීඩනයට ගුණදෙනවා. 

  1. නෙල්ලි පානය 

මේ පානය සාදා ගැනීමට නෙල්ලි ගෙඩි තුනක් පමණ අරගන්න. එහි ඇට ඉවත්කර ගෙන වතුර වීදුරුවක් තමා බ්ලෙන්ඩර් කරගෙන අවශ්‍ය නම් පෙරාගෙන පානය කරන්න පුළුවන්. නැත්නම් පෙරන්නේ නැතුව පානය කරන්නත් පුළුවන්. 

මේ පානයත් උදෑසන හිස්බඩ හෝ අමතර ආහාර වේලකින් පසුව ගන්න පුළුවන් නම් වඩාත් සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.මේ ප්‍රතිලාභවලට අමතරව  තවත් බොහෝ සෞඛ්‍යමය වාසි ලබා ගන්නත් මේ  පානය උදව් වෙනවා. හිසකෙස් ආශ්‍රිත ගැටළුවලටත් ශරීර අභ්‍යන්තරයේ ලෙඩ රෝග බොහොමයකටමත් මේ නෙල්ලි පානය ඉතාම වැදගත්. 

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනු ලබනවා . 

ධමනි සිහින්වීම, හෘදයාබාධ,, අංශභාගය ආදී රෝග ඇතිවීමේ අවදානම අවම කරනවා.  

විදුරුමස් දියවීම, ලේ ගැලීම්, දත් බුරුල්වීම, මුඛයේ ඇතිවන තුවාල හා ආසාදන සුව කරනවා. 

පිළිකා ඇතිවීමේ අවදානම අවම කරනවා .

සිරුරේ අස්ථි සහ රුධිර සංසරණයට හිතකරයි. 

ශරීර උෂ්ණත්වය අවම කරමින් ශරීරයේ අභ්‍යන්තර හා බාහිර දැවිල්ල සමනය කරනවා. 

දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් අක්මාවේ ඇතිවන විෂබීජ පාලනය හා අසාත්මිකතා වළක්වනවා.

දියවැඩියා රෝගය හොඳින් පාලනය කරගන්නට මේ පානයන් හතරම ඔබට භාවිතා කරන්නච පුළුවන්. අවම වියදමකින් නිවසේදීම සකසාගෙන භාවිතයට ගන්නට පුළුවන් නිසා එය ඔබට ඉතා පහසු වේවි.