මේකෙන් දවසට මිලිලීටර් 240 ක් පානය කර හිසකෙස් පැසීම සදහටම නතර කරගන්න

health tips

හිසකෙස් සුදුවීම සිදුවන්නේ කෙස්කලඹේ කලු පැහැය ඇති කරවන මෙලනින් වර්ණක නිපදවන සෛල වල එම හැකියාව නැතිවීයාම නිසාය. හිසකෙස් අකලට සුදුවීමට විවිධ හේතුසාධක බලපෑ හැකියි. බොහෝ විට ජානමය බලපෑම්, විටමින් B12, E සහ සින්ක් පෝෂක ඌනතා,දුම්පානය කිරීම, දිගුකල්පවත්නා පීනස තත්වය,තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු, දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්වය හා ස්ථීරව ඔප්පු කර නැතත් දිගුකලක් තිස්සේ පවතින මානසික අවපීඩනයත් හිසකෙස් පැසීමට බලපාන බව පැවසෙනවා. 

ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරන විට ජානමය තත්ව මත ඇතිවන අකලට හිසකෙස් පැසීමට නම් තවමත් ස්ථීර ප්‍රතිකාරයක් සොයාගෙන නැත.නමුත්, මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතින නිසා අනාගතයේදී ඊට ප්‍රතිකාරයක් සොයාගනිවි කියා බලාපොරොත්තු විය හැකියි. ඇතැම් පර්යේෂණ මඟින් හිසකෙස් පැසීම වළකා පෙර තිබූ තත්වයට කෙස්කලඹ පත්කල හැකියිදැයි සොයා බලා ඇත. ඒවායේ සඳහන් වන ඇතැම් කරුණු කිහිපයක් ගැනයි මේ.

වෙනත් පුද්ගලයින්ට සාපේක්ෂව ඇතැම් අයගේ හිසකෙස් අකලට පැසෙන්නේ ඇයි?

පෙර සඳහන් කලාක් මෙන් ඔබේ සමේ පැහැය මෙන්ම ඔබේ හිසකෙස් වර්ණය තීරණය කරනු ලබන්නේ මෙලනින් නම් රසායනයයි.කාලයත් සමඟ හිසකෙස් වල ඇති මෙම වර්ණක සෛල මියයාමට පටන්ගැනීමත් සමඟ හිසකෙස් සුදු පැහැයට හැරෙයි. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ චර්මවිද්‍යා අධ්‍යන අංශය විසින් සිදුකල එක්තරා අධ්‍යයනයකින් හෙලි වූයේ යුරෝපීය (කොකේසියානු) සම්භවයක් ඇති පුද්ගලයින් හට වයස අවුරුදු 30′ ගණන් වල මැද බාගයේදී මෙම ක්‍රියාවලිය ඇතිවීමට පටන්ගන්නා බවයි. ආසියානු ජනතාව සඳහා මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ තිස් ගණන් වල අග භාගයේදී වන අතර අප්‍රිකානු ජාතිකයින් හට මෙම තත්වය සාමාන්‍යයෙන් ඇතිවන්නේ වයස අවුරුදු හතලිස් ගණන් වන විට බව එහි සඳහන් වේ.කෙසේවෙතත් ඔබේ හිසකෙස් සුදුවීම අකලට හෝ වයස් ගත වි හෝ ඇතිවිය හැකිය.එය ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ ඔබේ ජාන තත්වයන් මතයි. විශේෂයෙන්ම මෙලනින් නිෂ්පාදනය සහ ඒවා ගබඩාකිරීම නියාමනය කරන හෝර්මෝනය වන IRF4 මතයි.

විද්‍යාඥයින්ගේ නවතම සොයාගැනීම්

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ අර්වින් වෛද්‍ය මධ්‍යස්ථානය විසින් සිදුකල එක් අධ්‍යයනයකින් පෙන්වාදෙන්නේ මානසික ආතතිය පුද්ගලයින්ගේ අකලට හිසකෙස් පැසීමට හේතුවන බවයි.විද්‍යාඥයින් ස්වේච්ඡාවෙන් ඊට සහභාගි වූ පිරිසගේ හිසකෙස් වල ප්‍රෝටීන් මට්ටම මැන බැලූ අතර මානසික ආතතිය මයිටකොන්ඩ්‍රියා වලට බලපාන බව සොයා ගත්හ (ඒවා සෛල තුළ ශක්තිය නිපදවයි). නිර්මාංශික වීම, විටමින් බී 12 ඌනතාවය සහ විටිලිගො වැනි වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් ආදි වෙනත් සාධක ඒ කෙරෙහි සමාන බලපෑම් ඇති කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.

හිසකෙස් සුදුවීම යථා තත්වයට පත්කල හැකියි?

හිසකෙස් සුදුවීම මානසික ආතතිය සමඟ සම්බන්ධ කරමින් අධ්‍යයනය කරන ලද ඉහත පර්යේෂණය මඟින් සොයාගෙන ඇත්තේ පුද්ගලයින් ආතතිය අඩුකරගතහොත් ඔවුන්ගේ හිසකෙස් වර්ණය යළි ලබාගත හැකිවනු ඇති බවයි.අධ්‍යයනයට ස්වේච්ඡාවෙන් සහභාගී වු එක් පුද්ගලයෙකු නිවාඩුවක් ගත කිරීමට යාමෙන් සිය අකලට පැසුණු හිසකෙස් වල මුල් වර්ණය අර්ධ වශයෙන් යථා තත්වයට පත්කරගැනීමට සමත් වී තිබූ බව එහි ප්‍රතිඵල වල දැක්වේ. ආතතිය අඩු කරගැනීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යයි.කෙසේවෙතත්, මෙම ක්‍රමයට යම් සීමාවන් තිබේ.වසර ගණනාවක් තිස්සේ හිසකෙස් සුදු වී ඇති පුද්ගලයින් හට මෙය ක්‍රියා නොකරනු ඇත.

ඔබට උත්සහ කළ හැකි ස්වභාවික නිවෙස් පිළියම් කිහිපයක්:

හිසකෙස් වර්ණ නොගන්වා (ඩයි කිරීම) ඔබේ හිසකෙස් වල ස්වභාවික වර්ණය ආරක්ෂා කරගැනීමට ඔබට අවශ්‍යයි නම්  නිතිපතා ප්‍රමාණවත් විටමින් (ප්‍රධාන වශයෙන් විටමින් බී 12, විටමින් ඊ, විටමින් ඩී හා විටමින් ඒ ) සහ ඛනිජ ලවණ (සින්ක්, යකඩ..) පෝෂණයක් සිරුරට ලබාගන්න.හිසකෙස් සෘජු හිරුකිරණට නිරාවරණය වීමෙන් වළක්වාගන්න, රළු ෂැම්පු හා කන්ඩිෂනර් වර්ග භාවිතයෙන් වළකින්න. හිසකෙස් වලට ස්වභාවික සත්කාර ලබාදෙන්න. තෙල් භාවිතා කරන්න.

ස්වභාවික නිවෙස් පිළියම් කිහිපයක්:

  • ස්නානය කිරීමට පෙර දින රාත්‍රියේ පොල් තෙල් ස්වල්පයක් හිසකෙස් මුල්වලට හොඳින් කාවදින සේ, කෙස්කලඹේ දිග ප්‍රමාණය තාක්ම ගල්වාගන්න.
  • නැවුම් ඉඟුරු තේ හැඳි 1 ක් සහ මී පැණි මේස හැඳි 1 ක් මිශ්‍ර කර දිනපතා ආහාරයට ගන්න.
  • දිනපතා කැරට් යුෂ අවුන්ස 8 ක් (මිලිලීටර් 240 ක් පමණ) පානය කරන්න.
  • ලෙමන් යුෂ, නෙල්ලි යුෂ සහ ආමන්ඩ් තෙල් සම  සමව ගෙන හොඳින් කළවම් කරන්න. මාස තුනක් යන තුරු දිනකට දෙවරක් බැගින් මෙම සත්කාරය ඔබේ හිස්කබලේ ගල්වන්න.

හිසකෙස් සුදුවීම කියන තරම්ම නරක දෙයක් නොවෙයි

මිනිස් සිරුර සර්ව සම්පූර්ණ නොවන බව අප හොඳින් දන්නෙමු. එම නිසා සිරුරේ අඩුපාඩුකම් ඇතිවීම එහි ස්වභාවය ලෙසින් පිළිගැනීමට කවුරුත් උගත යුතුයි. වයස්ගත වන විට හිසකෙස් සුදුවිම වැළැක්විය නොහැකි දෙයකි.කෙසේවෙතත් ඔබට මෙය ගැටලුවක් ලෙස හැ‍ඟෙයි නම් නිසි වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

අකලට හිසකෙස් සුදුවීම වර්තමානයේදි ඇතැම් අය විලාසිතාවක් බවට පත්කරගෙන තිබෙන බව දැකිය හැකියි. ප්‍රසිද්ධ තරු පවා සුදුහිසකෙස් සහිත වීම තම අනන්‍යතාවයේම කොටසක් බවට පත්කරගෙන තිබෙනවා.