රෝග පාලනය කිරීමට නිවැරදි ප්‍රමාණයෙන් ආහාරයට ගත යුතු විටමින් වර්ග 8 ක්

health tips

විටමින් යනු අපගේ ශරීරයේ නීරෝගිබව සහ යහපැවැත්ම කෙරෙහි අතිශයින්ම වැදගත් වන පෝෂකයක්.  දිනපතා ආහාර වේලට විටමින් අඩංගු එළවළු සහ පලතුරු එක්කරගැනීම සිදුකල යුතු බව සෞඛ්‍යය නිර්දේශ වල දැක්වෙනවා. විටමින් ගුණ යහමින් අඩංගු එළවළු සහ පලතුරු අනුභව කිරීමෙන් අපගේ සිරුරට ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළයි. නමුත්, සිරුරට අත්‍යාවශ්‍ය විටමින් සපුරාගැනීමට නම් කොපමණ ප්‍රමාණයකින් ආහාර අනුභව කල යුතු ද යන්න පිලිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනා හට නැහැ. සිරුරට අවශ්‍ය කරන ඇතැම් විටමින් පදාර්ථ එළවලු සහ පලතුරු පරිභෝජනයෙන් පමණක් පහසුවෙන් ලබාගත නොහැකියි.

අද දවසේ ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ අපගේ සිරුරට අවැසිම විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ මොනවාද? ,ඒවා අඩංගු ආහාර නිෂ්පාදන මොනවාද? පුද්ගලයෙකුගේ දෛනික විටමින් පෝෂක අවශ්‍යතාව සපුරාගැනීමට ඔහු/ඇය විසින් අනුභව කල යුතු ආහාර ප්‍රමාණය කොපමණද ?.. යනාදි කරුණු පිලිබඳවයි.

  1. විටමින් A

රෙටිනෝල් යනු විටමින් A හඳුන්වන තවත් ආකාරයක්. විටමින් A පෝෂක මඟින් සිරුර වියපත් වීමේ ක්‍රියාවලිය මන්දගාමි කිරීම, සමේ නම්‍යතාව ආරක්ෂා කිරීම් සහ අඳුරේ සිටින විට අවට පෙනීමේ හැකියාව ඇතිකිරීම සඳහා දායක වෙනවා. සිරුරේ විටමින් A ඌනතාව හටගෙන ඇති බව හිසකෙස් අග පැලීම් ඇතිවීම සහ නියපොතු පළුදුවීම-පහසුවෙන් කැඩී බිඳී යාම වැනි ලක්ෂණ මතුවීම හරහා ඉඟි කෙරේ. දිනකට ආහාරයට ගත යුතු විටමින් A ප්‍රමාණය මිලිග්‍රෑම් 1 කි.

  1. විටමින් B2

විටමින් B2 පදාර්ථ මඟින් අපේ සම මෘදු සුමුදු කිරීම සහ නිරෝගී කරවීම මෙන්ම ශක්තිමත් සහ සුසිනිදු හිසකෙස් වර්ධනය කිරීම සිදුකරයි. මෙම විටමිනය සිරුරේ ඌන වු විට නිරක්තිය (ලේ අඩුකම) , සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී යාම, සහ මුඛය වටා වේදනාකාරී පැළුම් තුවාල හටගැනීම ආදි ගැටලු පීඩා සිරුරේ මතු විය හැකියි. දිනකට ලබාගත යුතු විටමින් B2 පෝෂණය මිලිග්‍රෑම් 1.8 කි.

  1. විටමින් C

විටමින් C යනු අපගේ අස්ථි වල  නීරෝගීබව සහ සමේ නම්‍යතාව ආරක්ෂා වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂකයකි. පුද්ගලයෙකුගේ සිරුරේ විටමින් C ඌනතාවක් ඇති බව ඔහුගේ/ඇයගේ දත් වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් පහසුවෙන්ම හඳුනාගත හැකියි. පළමුව, විදුරුමස් වලින් ලේ ගැලීමට පටන්ගැනීම සිදුවිය හැකි අතර, ක්‍රමක්‍රමයෙන් දත් වැටීමට පටන්ගත හැකියි. දිනකට ලබාගත යුතු යැයි නිර්දේෂිත විටමින් C පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය දැක්වෙන්නේ මිලිග්‍රෑම් 80 ක් ලෙසයි.

  1. විටමින් D

අපගේ සිරුරේ අස්ථි සැකිල්ල නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම වැදගත් කාර්යක් ඉ‍ටුකරන පෝෂකයක් ලෙස විටමින් D පදාර්ථ හැඳින්විය හැකියි. එමෙන්ම විටමින් D මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ සහ ලිංගික ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අතට පත්කිරීමේ කාර්යය ද සිදුකරයි. හෘදයේ මෙන්ම සම්පුර්ණ ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා විටමින් D පෝෂණය ලැබීම අත්‍යාවශ්‍ය වෙනවා.විටමින් D ඌනතාව කුඩා ළමුන් අතර මාන්දම වැනි තත්වයන් ඇතිවීමට බලපායි. දිනකට පරිභෝජනය කල යුතු විටමින් D පෝෂක මාත්‍රාව දැක්වෙන්නේ මයික්‍රෝග්‍රෑම් 2.5 ක් ලෙසයි.

  1. පොටෑසියම්

හෘද ක්‍රියකාරීත්වය සඳහා ඉතා වැදගත් දායකත්වයක් ලබාදෙන පෝෂකයක් තමයි පොටෑසියම්. සිරුරේ ජලය තැන්පත් වීම අවම කිරීම සඳහා ක්‍රියාකරයි. මෙම විටමිනය ඌන වීම අහේතුවෙන් සිරුර ඉදිමුම් ඇති වීම් සහ හෘද්වාහිනි රෝග වර්ධනය විය හැක. දිනකට පරිභෝජනය කිරීමට සුදුසු පොටෑසියම් මාත්‍රාව මිලිග්‍රෑම් 2500 කි.

  1. කැල්සියම්

සිරුරේ අස්ථි සහ දත් නිර්මාණය වීම සඳහා ප්‍රධාන වශයෙන්ම් අත්‍යාවශ්‍ය අත්තිවාරම් සංඝටක වන්නේ කැල්සියම් ය. කැල්සියම් ඌනතාව හටගැනීම හේතුවෙන් ක්ෂණික අස්ථි බිඳි යාම ඇතිවීම, දත් වල කුහර නිර්මාණය වීම සහ දත් දිරාපත් වී විනාශ වී යාම වැනි ගැටලු හටගනියි. මැග්නීසියම්, විටමින් D සහ ප්‍රෝටීන් නොමැති විට සිරුරට කැල්සියම් අවශෝෂණය කරගැනීම සිදුකල නොහැකියි. දිනකට පරිභෝජනය කිරීමට සුදුසු කැල්සියම් පෝෂක මාත්‍රාව දැක්වෙන්නේ මිලිග්‍රෑම් 1250 ක් ලෙසයි.

  1. යකඩ

 යකඩ සහ ප්‍රෝටීන් අණු එකට එක්වී හිමොග්ලොබින් සාදනු ලබයි. ඒවා රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහය කිරීම හා සම්බන්ධ ප්‍රධාන කාරයක් ඉ‍ටු කරයි. රුධිරයේ යකඩ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඇනීමියාව වැනි රෝග තත්වයන් හටගත හැකියි. දිනකට පරිභෝජනයට සුදුසු යකඩ මාත්‍රාව මිලිග්‍රෑම් 15 කි.

  1. අයඩින්

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය සඳහා අයඩින් අත්‍යාවශ්‍යයයි. එමෙන්ම අයඩින් මඟින් සිරුරේ ඇති සමස්ත පද්ධති සියල්ලේම නිසි ක්‍රියාකාරීත්වය උදෙසා ඉතා ඉහළ සහයක් ලබාදෙයි. දිනකට පරිභෝජනය කිරීම සුදුසු යැයි නිර්දේශිත අයඩින් ප්‍රමාණය දැක්වෙන්නේ මයික්‍රෝග්‍රෑම් 150 ක් ලෙසයි.