දියවැඩියාව කොලෙස්ටරෝල් මාසයක් යන්න කලින් පාලය කරන කොළ කැඳ පානය

health tips

අපිට ඇතිවන විවිධ ලෙඩවලට අපි විවිධ ප්‍රතිකාර ගන්නවා. ඒ අතරින් අපි වැඩිදෙනෙක් යොමු වෙන්නේ බටහිර ප්‍රතිකාරවලට. එමගින් රෝගය සුව වුණත් තවත් රෝග ගණනාවකටම මංපෙත් විවර වෙනවා. ඒ නිසා ලෙඩකට ප්‍රතිකාරයක් ගනිද්දි අපිට ඒ ගැනත් හිතන්න සිද්ධ වෙනවා. කොහොමවුණත් ලෙඩ රෝග කිහිපයක්ම එක ඔසුවකින් සුවපත් කරගන්නට අපිට හැකියාවක් ලැබෙනවා නම් එය කොයිතරම් හොඳයි ද ? 

ඉතින් බටහිර ප්‍රතිකාර පැමිණෙන්නත් කලින් සිටම සෑම ලෙඩක් සඳහාම වඩාත් හිතකර සහ සාර්ථක පිළියම් අපේ හෙළ වෙදකමේ වගේම ආයුර්වේදයේත් පවතිනවා. විශේෂයෙන්ම ආයුර්වේදය තුළ ලෙඩ රෝග බොහොමයකටම ගුණදායක වෙන කැඳ වර්ග තියෙනවා. ඒවා ගැන මේ හෙළ වෙදකම තුළත්  වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා. ඒ නිසා අපි අද මේ ඔයාට කියන්නට යන්නේ ලෙඩ ගොඩකට ගුණදායක වන සුවිශේෂී වූ කැඳ වර්ගයක් පිළිබඳව. 

 අද බහුතරයක් දෙනා පීඩා විඳින දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා ආදී බෝ නොවන රෝග තරුණ තරුණියන්ට තියෙන සම පැහැපත් කර ගැනීමේ ගැටළු සහ  හිසකෙස් වර්ධනය නොවීම, හිසකෙස්  ගැලවී යාම කියන ගැටලුවලට  එකම ඔසුවකින් පිළියමක් ලබා ගන්න පුළුවන් නම් එය කොතරම් වටිනවද.  ඒ විතරක්ම නෙවෙයි බඩවැල්වල තුවාල සුවපත් කරගන්නට, ශරීරයට අමතර ශක්තියක් ලබා ගන්නට සහ ශරීරයේ ඇතිවන මලානික බව තෙහෙට්ටුව නැති කරන්නටත් උදව් වෙන සුපිරිම පානයක් ගැනයි මේ කියන්න යන්නේ. 

කොළ කැඳ කියන්නෙ අපිට නුහුරු නුපුරුදු ආහාරයක් නෙවෙයි. කොළ කැඳවල ගුණ ගැනත් අපි හැමෝම දැනුවත්. ඉතින් මේ කියන්න යන්නේ රෝග බොහොමයකටම එකවර ගුණ ලබාගන්නට හැකියාව තියෙන සුවිශේෂී කොළ කැඳක් හදා ගන්න විදිය ගැන.

 අවශ්‍ය ද්‍රව්‍ය

මින්චි කොළ කෝප්ප භාගයක් ඕනෑම ගෙදරක පහසුවෙන් වගා කරන්නට හැකියාව තියෙන ඉමිහිරි සුවඳක් වහනය වන මේ  ඖෂධීය ශාකය ආයුර්වේදයේ සුවිශේෂී තැනක් හිමි කරගෙන තියෙනවා. මොකද මේවා ලෙඩ රෝග බොහොමයක් සමනය කරන්නට අපිට යොදා ගන්නට පුළුවන් නිසා. යකඩ, පොස්පරස්, විටමින් ඒ, සී, පොටෑසියම් ආදී පෝෂක රැසක්ම අන්තර්ගත වෙන මින්චි කොළ  සූප ශාස්ත්‍රයේදීත්  බහුලව භාවිතයට ගැනෙනවා. ආමාශයේ රෝග සුව කිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, උදෑසන ඇතිවන අසනීප ඔක්කාර සුවකිරීම, ඇදුම ලක්ෂණ සමනය, කුරුලෑවලින් තොර සමක් ලබාදීම වගේම මුඛ සෞඛ්ය වැඩි දියුණු කිරීම, මානසික ආතතිය පාලනය ආදියටත් මේ මින්චි කොළ අපිට භාවිතා කරන්න  පුළුවන්. 

සුදු ළූණු බික් 20 ක් සුදුළූණුවල ඇති විශ්මිත ගුණ ගැන නම් ඔයා දන්නවා ඇති. දේශීය වෙදකමේදී ඖෂධයක් විදිහට භාවිතයට ගන්නෙත් ඒ නිසාමයි. වේදනා නාශක ගුණය, ආහාර ජීර්ණය පහසු කිරීම, මලබද්ධය වැලැක්වීම, කොලෙස්ටරෝල් පාලනය, තරුණකම රැක ගැනීම, හෘදයාබාධ ඇතිවීම වැළැක්වීම  ආදී ගුණ රාශියක් සුදු ළූණු භාවිතයෙන් අපිට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම හොඳ මට්ටමක පවත්වාගෙන යන්නටත්,  මහ බඩවැල, පෙනහළු සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාවලින් ආරක්ෂා වෙලා ඉන්නටත් ආමාශගත පණුවන් සඳහාත් , ලිංගික බෙලහීනතාවය නැති කරන්නටත් සුදුළූණු අපිට භාවිතා කරන්නට පුළුවන්.

කරපිංචා කොළ කෝප්ප භාගයක් කරපිංචාවල සුවිශේෂී ගුණ බොහොමයක්ම තියෙනවා. ඒ අතරින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හදවත් ආබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීම, දියවැඩියාව පාලනය, රුධිරය පිරිසිදු කිරීම, ශරීරයේ විෂ නැසීම, ස්නායු දුර්වල වීම, වායු ගෙඩි හටගැනීම බඩේ දැවිල්ල අර්ශස් රෝගය මළපහ කිරීමේ අපහසුතා ආදිය සමනය කිරීම ආදියටත් ඉතාම ගුණදායකයි. මේ කරපිංචාවල ආතතිය පාලනය කිරීම, ඇස්වල පෙනීම වර්ධනය, ස්නායු රෝගීන්ට හිතකර වීම, හිසකෙස් සම්බන්ධ ගැටළුවලට සුවය ලබාදීම ඇතුළු ගුණාංග රාශියක්ම අඩංගු වෙනවා. 

අඟල් දෙකක පමණ ඉඟුරු කැබැල්ලක් දේශීය වෙදකමේ දී සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීත් නිතරම භාවිතයට ගන්නා ඉඟුරු උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝගයන් සඳහාත්, ආහාරවල ඇති ආසාත්මිකතා නැති කරන්නටත්, ආහාර රස කරන්නටත් භාවිතා වෙනවා.  ඒ වගේම අධි රුධිර පීඩනය පාලනයට, හිසේ කැක්කුම් සුව කරන්නට සෙම නැති කරන්නට ,වේදනා නැති කරන්නට සමේ පැහැපත් බව සහ තරුණ බව පවත්වාගෙන යන්නටත්, සමේ රැලි වැටීම් සන්ධි රෝග වලින් සහනය ලබා ගන්නටත් මේ ඉඟුරු අපිට භාවිතා කරන්නට පුලුවන්. ඒ නිසාමයි කැඳ පිසින විටත් ඉඟුරු  ඉඟුරු එකතු කරන්නට අමතක නොකරන්නේ.

වැල් ගොටුකොළ මුල් සහ දඬු කෝප්ප භාගයක් මොළයට වඩාත් හිතකර පලාවක් විදිහට සැලකෙන ගොටුකොළ ප්ර්භේද අතරින් වැල් ගොටුකොළ ආහාරයට එකතු කර ගැනීමෙන් හදවත නිරෝගි කිරීම, මනා රුධිර සංසරණයක් ඇති කිරීම, අධි රුධිර පීඩනය පාලනය, රුධිරය පිරිසුදු කිරීම, නිරක්තිය දුරුකිරීම, මොළලේ සෛල නැවත වර්ධනය, තුවාල සුවවීම වේගවත් කිරීමටත් උදව් වෙනවා. ඒ වගේම  චර්ම රෝග වැළැක්වීමත්,  ශරීරයේ විෂ ඉවත් කිරීමත්, හිසකෙස් ගැටලු නිරාකරණය කිරීමත් ආදී මෙකී නොකී වාසි බොහොමයක්ම ගොටුකොළ මගින් ලබා ගන්න පුළුවන්.

නෙල්ලි ගෙඩි දහයක්  විටමින් සී ඉහළ  ප්‍රමාණයක් අඩංගු වෙන නෙල්ලි ප්‍රතිශක්තිය  වර්ධනය, සෙම් රෝග නැසීම, හිසකෙස්වල ගැටලු සහ හිස් කබලේ නිරෝගී බවටත් උදව්වෙන ඉතාම ගුණදායක ඔසුවක්. එසේම අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි  දියුණු කිරීම, කුසගින්න වර්ධනය, මලබද්ධය නැසීම, ගර්භාෂයට හදවතට හිතකර වීම, ඇස්වල රෝග නැසීම, දාහය දුරු කිරීම සහ දියවැඩියාව පාලනය ඇතුළු බොහොමයක් ප්‍රතිලාභ ලබා දෙන්නට සමත් අපූරු ඖෂධයක් තමයි මේ නෙල්ලි .

කොහොඹ කොළ දහයක් ආයුර්වේදයේ දී භාවිතා කරන මේ වටිනා ඖෂධය භාවිතයෙන් ප්‍රතිශක්තිකරණය වර්ධනය, ශරීර බඩ අඩු කර ගැනීමට උදව් වීම, අභ්‍යන්තර පද්ධති පිරිසිදු කිරීම, පිළිකා නැසීම, සමේ සහ හිසකෙස්වල  ගැටලු දුරු කිරීමත්  දියවැඩියාව සමනයර්ග්  ආදී ප්‍රතිලාභ රාශියක්ම ලබාගන්න පුළුවන්.

ලියාගත් නිවිති කොළ කෝප්ප භාගයක් -විටමින් වර්ග  බොහොමයක්, යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් ඇතුළු තවත් විවිධ පෝෂක ගණනාවක් සහ ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු නිවිති ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ අතිමහත්. පිළිකා ඇතිවීමේ අවදානම නැති කිරීම, රුධිරයේ සීනි පාලනය, අක්ෂි නිරෝගී කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය, ප්‍රතිශක්තිකරණ ඉහළ දැමීම සහ  නිරක්තියට ගුණදායක වීම ඇතුළු ප්‍රතිලාභ බොහොමයක් මෙයින් ලැබෙනවා.

තෙඹු කොල 5 දියවැඩියා රෝගයට බොහෝ දෙනෙක් ආහාරයට ගන්නා තෙඹු අපේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්නටත් උපකාරී වෙනවා. ඒ වගේම කුසගින්න වර්ධනය, සෙම පිත උණ කැස්ස ආදිය පාලනය, ඉරුවාරදය සමනයට පවා මේ ඔසුව අපිට භාවිතා කරන්නට පුළුවන්.

උලුහාල් කුඩු මේස හැදි දෙකක් දියවැඩියා රෝගය පාලනයටත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නටත්  මහඟු ඖෂධයක් විදිහට උලුහල් සැලකෙනවා. ඒ වගේම අධික තරබාරුව නැති කර ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ඇතිවීම වළක්වලා හිසකෙස් සම්බන්ධ  ගැටලුත්  නැති කරන්නට හැකි වටිනාම කුළුබඩුවක්.

මෙම කැඳ සඳහා උළුහාල් එකතු කිරීමේදී උලුහල් කබලේ බැද කුඩු වශයෙන් ලබාගැනීම වඩාත්ම හිතකරයි.

  • රතු කැකුළු සහල් කෝප්ප භාගයක්
  • ලුණු
  • බත් වතුර
  • පොල් කිරි කෝප්ප භාගයක් 

 සාදාගන්නා ආකාරය 

 සියලුම කොළ වර්ග සෝදාගෙන කුඩා කැබලිවලට කපා ගන්න.

 නෙල්ලි ගෙඩිවල ඇට ඉවත් කර ගෙන සෝදා පිරිසිදු කර ගන්න.

 සුදු ලූනු සහ ඉඟුරු කෑලිවලට කපා මේ සියල්ල සමඟ හොඳින් කොටා ගන්න. මේ සඳහා වංගෙඩියක් ආධාර කර ගන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. ඉන්පසුව මේ මිශ්‍රණය පිරිසිදු රෙදි කෑල්ලක් භාවිතයෙන් පෙරා යුෂ ඉවත් කරගන්න.

 සෝදාගත් රතු කැකුළු සහල් වතුර කෝප්ප එකහමාරක් පමණ දමා තම්බා ගන්න. හොඳින් තැම්බුණ පසුව බත් ඇට ටික හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු එයට කොළ යුෂ ටික එකතු කර හොඳින් රත් කරන්න. 

පසුව එයට පොල් කිරි, උළුහාල් කුඩු සහ ලුණු ස්වල්පයකුත් එකතු කරන්න. හොඳින් රත් වූ  පසුව මද ගින්නේ පිස ගෙන ළිපෙන් ඉවත් කරන්න. 

ඉතින් මේ කැඳ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දිගාසිරි සඳහා දිනපතාම හෝ සතියකට කිහිප වතාවක් හදාගෙන බොන්නට  පුළුවන්.