අද වෙද්දි තරුණ තරුණියන් සමේ පැහැය ගැන වැඩිපුර හිතනවා. ඒ වගේම ශරීරයට අහිතකර වන ආකාරයේ විවිධ ආලේපන වර්ග බෙහෙත් වර්ග හෝ එන්නත් වර්ග අධික මිල ගණන්වලට ලබා ගන්නවා. ඒවායේ අන්තර්ගත ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා සමේ නොයෙකුත් ආසාදන වගේම පිළිකා ඇති වෙනවා.අද බොහෝදෙනා නීරෝගි පැහැපත් සමකට වඩා උනන්දු වෙන්නේ සුදු පැහැයක් ලබා ගන්නට. ඉතින් ඒ නිසා මේ කෘතීම ආලේපන වර්ගවලට ඔවුන් යොමු වෙනවා. නමුත් අපේ පරිසරයේ තියෙන ස්වාභාවික දේවල් අපේ සමේ පැහැය වැඩි කරන්නට හිසකෙස් වර්ධනය කර ගන්නට භාවිතා කරන්නට පුළුවන්. බොහෝදෙනා ඒවාට යොමුවීමේ උනන්දුව අවම නිසා අද අපි සිතුවා වඩා පැහැපත් සමක් ලබා ගන්නට නිවසේදී කරන්නට හැකි ඉතා සරල පිළියමක් පිළිබඳව ඔබට කියන්නට. ඉතින් සුදු වෙන්නට කැමති ඔබට මෙය කිසිම අතුරු ආබාධයක් නැතිව බය නැතුව භාවිතා කරන්නට පුළුවන්.
නිවිති කියන්නේ අපි හැමෝම සාමාන්‍යයෙන් ව්‍යංජනයක් විදියටත්, තෙම්පරාදුවක් විදියටත්, පරිප්පු හෝ කොස් ඇට සමඟ කලවමටත් පිස ඉතා රසවත්ව ආහාරයට ගන්නා පලාවක්. වාෂ්පයෙන් තම්බා සලාදයක් විදියට ආහාරයට ගන්නටත් පුළුවන්. සුප් එකක් විදියට වගේම නිවිති පානයත් ඉතාම ගුණදායක පානයක්. ඒ විතරක් නෙවෙයි නිවිති සැලඩ් කියන්නේ රසම රස ආහාරයක්. අපි නිවිති කොළයෙන් පමණක් ප්‍රයෝජන ගත්තාට ස්වභාවික වර්ණකාරකයක් විදියට තලා ගත් නිවිති ඇට යොදා ගන්නටත් පුළුවන්. රසකැවිලි වර්ණ කරන්නට දම්පාට නිවිති ඇට තලා එයට දෙහි යුෂ ස්වල්පයකුත් මිශ්‍ර කළාම ඒ පැහැය තවත් වැඩිකර ගන්නටත් පුළුවන්. ඉතින් උගත් නූගත් හැමෝම දන්නවා නිවිතිවල යකඩ බහුලවම අඩංගු වෙනවා කියලා. යකඩ හැරුණාම විටමින් A,K,B1 B2, B6, C, E , මැන්ගනීස්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, සින්ක්, ඔමේගා 3 , අඩංගු නිවිති ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතා ඉහළයි.
නිවිති ආහාරයට ගන්නා සාම්ප්‍රදායික ක්‍රම හැරුණාම නිවිතිවලින් රසවත් ගුණවත් තේ පානයක් සකසා ගන්නට පුළුවන්. මේ නිවිති තේ දිනපතා සතියක කාලයක් පානය කිරීමෙන් සම ඉතා වේගයෙන් පැහැපත් කර ගන්නට ඔබට පුළුවන්.
නිවිති තේ කෝප්පයක් සකස් කර ගන්නා ආකාරය

1 ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- වැල් නිවිති දඬු කිහිපයක්
- අමු උළුහාල් ඇට 10-12 ක්
- උණු වතුර
සාදා ගන්නා ආකාරය හොඳින් සෝදාගත් නිවිති දඬු කිහිපයක් කුඩා කැබලිවලට කඩා සාමාන්‍ය ප්‍රමාණයට තලා ගන්න. වීදුරුවකට උළුහාල් ඇට ටික දමා එයට මේ තලාගත් නිවිති දඩු කැබලි එකතුකර උණු වතුර එකතු කරන්න. ඉන්පසුව වසා විනාඩි 15 ක් පමණ තබා පෙරා පානය කරන්න.
2 ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- වැල් නිවිති දඬු කිහිපයක්
- හරිත් තේ හෝ තේ කොළ තේ හැදි 1 ක්
- උණු වතුර
සාදා ගන්නා ආකාරය සෝදා ගත් නිවිති දඬු තරමක් කුඩා කැබලිවලට කඩා ගන්න. වීදුරුවකට හරිත තේ හෝ තේ කොළ තේ හැදි 1ක් එකතු කර එයට නිවිති දඩු එකතු කර උණු වතුර එකතු කරන්න. ඉන්පසුව විනාඩි 10 ක් වසා තබා පානය කරන්න.
3 ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- වැල් නිවිති කොළ 5-6
- මී පැණි තේ හැදි 1 ක් හෝ සීනි තේ හැදි 1 ක්
- උණු වතුර කෝප්ප 1 ක්
සාදා ගන්නා ආකාරය සෝදාගත් නිවිති කොළ තරමක් කුඩා කැබලිවලට කපා වීදුරුවකට දමා එයට නටන උණු ජලය එකතු කර විනාඩි 5-10 ක කාලයක් පීරිසියකින් වසා තබා පානය කරන්න.
නිවිති තේ පානයෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ

- සම පැහැපත් කරයි
- සම සිනිදු කරයි
- සම අහිතකර පාරජම්බූල කිරණින් ආරක්ෂා කරයි
- තරුණ පෙනුම රැකදෙයි
- ස්ථුලතාවය අඩු කරයි
- හිසකෙස් වර්ධනය කරයි
- ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කරයි
- අස්ථි ශක්තිමත් කරයි
- ශරීරයට ශක්තියක් ලබාදෙයි
- ඇස් පෙනීම වැඩි කරයි
- වයස්ගතවීමත් සමඟ මොළයට ඇතිවන දුර්වලතා අවම කරයි
- ඇසේ සුද ඇතිවීම ඇතුළු අක්ෂි රෝග වළක්වයි
- ඔස්ටියෝ ආතරයිටීස් රූමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන් නිසා හට ගන්නා රෝගවලින් ආරක්ෂා කරයි
- හදවත් සෞඛ්‍යයට ඉතාම හිතකරයි
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි
- ප්‍රතිශක්තිය ඉහළ නංවයි
- පිළිකා ඇතිවීමේ අවදානම් අඩු කරයි.
නිවිති සතුව පිළිකා නාශක 13 කට වැඩි ප්‍රමාණයක් ඇති බව සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම පියයුරු පිළිකා හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීම වළකයි.
- මුත්‍රා රෝග නසයි
- මොළයේ සෛල වේගයෙන් වර්ධනය කරයි. එය මතක ශක්තිය වැඩි කරන්නට හේතුවෙනවා .
ස්වාභාවිකවම ලස්සන වෙන්න සුදු වෙන්නට වෙනස් තේ පානයක් ඔබට සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම සකස් කර ගන්නට පුළුවන්. එය ඔබේ සමේ දීප්තිය හා පැහැපත් බව වැඩි කරමින් ලෙඩ රෝග බොහොමයකින් ඔබව ආරක්ෂා කරනු ලබනවා. ඒ නිසා මේ පානය ඔබටත් ඔබේ රුව ලස්සන කර ගන්නට භාවිතා කරන්න පුළුවන් .