බොහෝ රටවල පිළිකා වලින් බේරෙන්න කිරි වෙනුවට පානය කරන වදමල් තේ සතු ගුණ 9 ක්

health tips

අලංකාර රතු පැහැති මල් පිපෙන වදමල් එහෙමත් නැතිනම් සපත්තු මල් බොහෝ නිවෙස් වල දක්නට ලැබෙන අලංකාර ශාකයක්. මෙම සපුෂ්ප ශාකය මූලික වශයෙන් නිවර්තන සහ උණුසුම් කලාපවල වර්ධනය වේ. බොහෝ දෙනෙක් නොදන්නවා වුවත් නැවුම් හා වියළි වද මල් පරිභෝජනයට ද ගැනේ.බොහෝ විට මේවා හර්බල් ටී සැකසිමට භාවිතා කරයි. මෙම තේ වල විටමින් C සහ A, සින්ක් සහ තඹ, සින්ක්, මැංගනීස් වැනි ඛනිජ වර්ග කිහිපයක් අඩංගු වේ. එහි පොලිසැකරයිඩ සහ ෆ්ලේවනොයිඩ් ද අඩංගු වේ.  

මේ ක්‍රම වලට අමතරව වදමල් කොළ හා මල් වල ඖෂධීය භාවිතාවන් ද බොහෝ තිබේ. ආයුර්වේදයේ සහ චීන වෛද්‍ය විද්‍යාවේ, ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වදමල් ඖෂධයක්  ලෙස භාවිතා කර තිබේ.

වදමල් තේ සකසන ආකාරය

වියළි වදමල් පෙති තේ හැඳි 2-3 ක් වතුර කෝප්ප 4 ක ප්‍රමාණයකට දමා මදගින්නේ මිනිත්තු 15 ක් තම්බාගන්න. ඕනෑවට වඩා තැම්බීමෙන් තිත්ත රසක් ඇතිවිය හැකියි

මෙය කෝප්පයකට පෙරා අමු මී පැණි හා ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර නිතිපතා පානය කරන්න. දිනකට කෝප්ප 2-3 ක් පානය කරන්න. මෙසේ පිළියල කරගත් තේ ශීතකරණයේ තබා සිසිල් කර හෝ අයිස් කැට කිහිපයක් දමා අයිස් තේ එකක් ලෙස ද රසවිඳිය හැකියි.

වදමල් තේ පානය සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි.

අධි රුධිර පීඩනය වළකයි මේද සහ සීනි සංතෘප්ත ආහාර පාන රටාවක් අනුගමනය කරන කෙනෙක්ට මෙම වදමල් පානය බොහෝ ගුණදායක වෙනු ඇත.ධමනි අවහිරතා දුරුකිරීම හා රුධිර පීඩනය අවම කිරීම හරහා හදවත නීරෝගිකරයි.වදමල් තේ අධි රුධිර පීඩනයට ගුණදායී බව බොහෝ අධ්‍යයන මඟින් ද පෙන්වාදී ඇත.අධි රුධිර පීඩනයට ඖෂධ ගනිමින් ඉන්නවා නම් ඒ සමඟ මෙම තේ පානය නොකරන්න. එය අවදානම් විය හැකියි.නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් පසු මෙම තේ පානයට යොමුවීම වඩාත් සුදුසුයි.

සිරුර සජලනය කරයි සිරුරේ පැවැත්ම සඳහා දිනකට හොඳින් වතුර පානය කිරීම වැදගත්. වදමල් තේ වීදුරුවක් පානය කිරීම සිරුරට වතුර ලබාගත හැකි තවත් රසවත් මෙන්ම ගුණවත් විකල්පයක්.කෝපි, තේ, සෝඩා බීම, මත්පැන් වැනි සිරුර විජලනය කරවන පානය් වර්ග වලට වඩා මෙය වඩාත් හිතකරයි.

සම නීරෝගී කරයි වදමල් තේ වල ඇන්තොසයනින් නම්  ප්‍රතිඔක්සිකාරක පෝෂක බහුලයි.සම වියපත් කරවන සාධක වල බලපෑම් වලට එරෙහිව ක්‍රියාකර සමට හොඳ දීප්තියක් ලබාදෙයි.ඔක්සිකාරක ආතතිය අඩුකරමින් සම ඇතුළතින්ම පෝෂණය කරයි.මයිරිසිටින් නම් සංඝටක මඟින් වයසට යාමේදී කොලැජන් සහ ඉලාස්ටින් බිඳීයාමේ තත්වය මන්දගාමී කරවයි.විටමින් C ද බහුලව අඩංගු නිසා සමේ සෛල වඩාත් නීරෝගී කරයි.බණ්ඩක්කා,කොකෝවා,දූරියන් වගේ මැල්වැසී ශාක කුළයේ ආහාර වලට ආසාත්මික අය බොහෝ විට වදමල් වලට ද ආසාත්මික විය හැකියි. වදමල් තේ අධිකව පානය කිරීම හිසරදය, කන් තුළ අපහසුතා, බඩේ අපහසුතා, ගෑස් සහ චර්මදාහයට තුඬු දිය හැකියි.දිනකට මිලිලීටර් 720කට වඩා පානය නොකරන්න.

අක්මාව නීරෝගි කරයි ඔබේ හදවත පමණක් නොව, වදමල් ඔබේ අක්මාවේ සෞඛ්‍යයටද ප්‍රයෝජනවත් වේ.එහි ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ පටක හා සෛලවල පවතින හානිකර මුක්තකණ්ඩ උදාසීන කිරීම මගින් අක්මාවට හානි වීම වළක්වා ගැනීමට උපකාරී වේ.වදමල් වල ඇති ඇන්තොසයනින් සංයෝග අක්මා ගැටළු ඇති කළ හැකි ඔක්සිකාරක අක්මා හානි සහ ප්‍රදාහක අක්මා තුවාල අඩු කරයි. නිතිපතා වදමල් තේ පානය කිරීමෙන් මෙම හානි ඇතිවීම් බොහෝ දුරට වළක්වාගත හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.

බර අඩුකරමින් සිරුර හැඩ කරයි පෝෂ්‍ය පදාර්ථ, ෆ්ලේවනොයිඩ් සහ විවිධ ඛනිජ ලවණ වලින් පිරුණු වදමල් ශරීරයේ මේද හා කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය අඩු කරයි. මෙය අනෙක් අතට බර අඩු කර ගැනීමට උපකාරී වේ.එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ සාන්ද්‍රණයක් අඩංගු වන නිසා පරිවෘත්තීය ක්‍රියාවලීන් වැඩි දියුණු වී බර අඩු කර ගැනීමට උපකාර කරයි. එසේම, මෙම ඔසු ස්වභාවයෙන් මූත්‍රාවර්ධක ගුණයෙන් යුක්තවීම නිසා සිරුරේ ජල බර අඩු කිරීමට උපකාරී වේ. ඇතැම් අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ වදමල් තේ නරක කොලෙස්ටරෝල් අඩු කර හොඳ කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ ලිපිඩ මට්ටම් ඉහළ දමන බවයි.ව්‍යායාම වල යෙදීමෙන් පසු මෙම තේ කෝප්පයක් පානය කරන්න. ගැබිණි හෝ කිරිදෙන මවක් නම් මෙම තේ පානයෙන් වළකින්න.

පිළිකා අවදානම් බොහෝ දුරට අවම කරයි වදමල් වල පොලිෆෙනෝල් ශාක සාර බහුලයි. අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට අනුව පිළිකාකාරක මුක්තකණ්ඩ වලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව ඒවා සතුයි.සෞඛ්‍ය සම්පන්න නොමැති ආහාර පාන රටාවන් නිසා ආමාශයේ ආශ්‍රිත පිළිකා පවා වර්ධනය විය හැකියි. වදමල් තේ වලට ආමාශයේ හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා මතුවීමේ අවදානම බොහෝදුරට වැළැක්වීමේ හැකියාව ඇති බව පෙන්වාදෙයි.වෙළඳපොලේ ඇති බෝතල් කළ වදමල් තේ කොළ භාවිත නොකරන්න. ඒවායේ වර්ණක, රසකාරක , සීනි බහුලය.

ඔසප් වේදනා සමනය කරයි ඔසප් සමයේදී උදරයේ පේශී පෙරළීම් නිසා ඇතිවන කැක්කුම් අපහසුතා සමනය වීමට වදමල් තේ ගුණදායි පානයක් බව පෙන්වාදෙයි.උදරය, උකුල, කොන්ද වේදනා ඇතිවේ නම් මෙම උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබට යම් සුවයක් ලැබේවි.මූත්‍රා වර්ධක ගුණ ඇති නිසා බඩ පිපුම වළක්වමින් සිරුරේ ජලය ඉවත්වීමට සලස්වයි. දොඩම්, දෙහි,ලෙමන් වැනි පැඟිරි යුෂ ටිකක් ඊට එකතු කරගන්න.එමඟින් ඔක්කාරය වැනි අපහසුතා සමනය වෙයි.වදමල් තේ මඟින් මූත්‍රා මාර්ගය හා මූත්‍රාශය සැහැල්ලු කරමින් වේදනාව සමනය කරයි. දිනකට කෝප්ප 2ක් පමණ පානය කරන්න.

දියවැඩියා රෝගීන්ට හිතකරයි සීනි බහුල පාන වර්ග දියවැඩියා රෝගීන්ට නිර්දේශ නොකරයි. වදමල් තේ රුධිර සීනි මට්ටම් අඩුකිරීමට සහය වෙයි.දියවැඩියාව වැඩිවීම වළක්වයි. මෙම පානය සැකසීමේදි සීනි හෝ පැණි රසකාරක භාවිතයෙන් වැළකී සිටීමට උත්සහ කළ යුතුයි.ඒ වෙනුවට කුරුඳු කුඩු ස්වල්පයක් එක්කරගන්න. ඒවා රුධිරයේ ග්ලූකෝස් මට්ටම් පාලනය කරයි.නැත්නම් ඉඟුරු ස්වල්පයක් වුව එක්කරගත හැකියි.

ප්‍රතිශක්තිය වඩවයි සිරුරේ අප්‍රාණිකබව දුරුකරයි. ඇන්තොසයනින් අඩංගු නිසා සිරුරට ප්‍රතිප්‍රදාහක ගුණාංග ලැබෙයි. ප්‍රතිශක්තිය ශක්තිමත් කෙරෙයි.මූත්‍රා ආසාදන, ශ්වසන මාර්ගයේ ආසාදන වලට එරෙහිව සිරුරට හොඳ ගුණයක් ලබාදෙයි.බැක්ටීරියා නාශක ගුණයෙන් ද යුක්ත නිසා E.coli බැක්ටීරියා ආසාදන ඇතිවීම් වලින් ආරක්ෂා කරයි.