හාට් ඇටෑක් පාවා සුව කර හැකි නිවැරදිව ජලය පානය කිරීමේ වාසි 14ක්

health tips

ජලය යනු මිනිසාගේ ජීවයයි. ජලය නොමැතිව ඕනෑම අයෙකුට ජීවත් විය නොහැකිය. මිනිස් ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම නිසි අයුරින් ක්‍රියාත්මක වීම සදහා ජලය අවශ්‍ය වේ. දිනපතා හොඳින් ජලය පානය කරන පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පන්න දිවියක් උරුම වේ. නිසි අයුරින් ජලය පානය නොකරන පුද්ගලයන් බෝහෝ රෝගවලට ගොදුරු වේ. අප ජලය පානය කිරීමේදී දිනපතා හිස්බඩ වතුර වීදුරුවක් පානය කර පසුව විටින් විට ජලය පානය කීරීම කළ යුතුය. දිනකට ප්‍රමාණවත් ලෙස ජලය පානය කීරීම මගින් බොහොමයක් රෝග ඇතිවීම අපට වළක්වා ගත හැකිය.

ජලය නිසි අයුරින් පානය කීරීම මගින් වළක්වා ගත හැකි රෝග 

හදවත් රෝග ඇති වීම වළක්වයි.ජලය නිසි අයුරින් පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු වේ. එවිට ශරීර ශක්තිය වැය වීම සිදු වේ. එහිදී හෘද රෝග වැනි රෝග තත්වයන් ඇති කරන කොලෙස්ටරෝල් ආදිය පාලනය වීමේන් අධි රුධිර පීඩන තත්වයන් සමනය වේ. එමෙන්ම රුධිරය කැටි ගැසීම වැළකී හෘදයට රුධිරය සැපයීම ක්‍රමවත්ව සිදු වේ. මේ නිසා හදවත් රෝග ඇති වීමේ අවධානම අඩු වේ.

ඊට්ස් ආසාදන සමනය කරයි.මෙම රෝගය නිසා වැඩි වශයෙන් පීඩා විදින්නේ කාන්තාවන් ය. යෝනී මාර්ගය වියළීමට ලක් වී එම ස්ථානයෙහි බැක්ටීරියා ඇති වීමේන් මෙම රෝග තත්වය ඇති වේ. යෝනී මාර්ගය තෙත්ව පවතී නම් බැක්ටීරියා ආසාදන සිදු නොවේ. එනිසා කාන්තාවන්ට මෙම රෝගයෙන් මිදීමට වැඩිපුර ජලය පානය කීරීම වඩාත් උපකාරී වේ.

මලබද්ධය සමනය කරයි.අප ගනු ලබන ආහාර ජීර්ණය වීමේදී ඒවායේ අඩංගු ජලය උරා ගනී. එහීදී පසුව මල පිට කිරීමේදී මල වියළීමට ලක් වේ. මෙලෙස මල වියළි නිසා පිටකිරීමට අපහසු වීමෙන් මලබද්ධය ඇති වේ. නමුත් නිතර නිතර ජලය පානය කිරීමෙන් මෙම තත්වය මගහරවා ගත හැක. ජලය පානය කිරීමෙන් මල බද්ධය වැනි රෝග ඇති වීම පහසුවෙන් වළක්වා ගත හැකිය.

කොදු ඇටපෙළ ආශ්‍රිතව රෝග ඇති වීම වළක්වයි.

මූත්‍රා ගල් දියකර හරී.මූත්‍ර ගල් යනු මූත්‍ර රෝග අතර බොහොමයක් දෙනා පීඩා විදින රෝග තත්ත්වයක් වේ. මෙම රෝගය ඇති වීම සදහා බලපානු ලබන එක් ප්‍රධාන හේතූවක් වන්නේ ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි නොලැබීමයි. එබැවින් ඇති වී තිබෙන මූත්‍ර ගල් දිය කිරීමට මෙන්ම මූත්‍ර ගල් ඇතිවීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කීරීම උපකාරී වේ.

වකුගඩු රෝගය පාලනය කරයි.

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය මැනවින් සිදු වේ.

රුධිරය කැටි ගැසීම වළක්වා ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇති වීම අවම කරයි.

හිස ආශ්‍රිතව ඇති වන ඉරුවරාදය වැනි රෝග සමනය කරයි.

ආතරයිටීස් රෝගය යම්තාක් දුරකට සුවපත් කර ගැනීමට උපකාරී වේ. 

වයස් ගතවන විට බොහොමයක් දෙනෙකු මෙම රෝගය නිසා පීඩා විදින අතර එය නිට්ටාවටම සුවපත් කළ නොහැකි රෝගයකි. නමුත් වැඩිපුර ජලය පානය කිරීම මගින් එමගින් ඇතිවන සංකූලතා පාලනය කර ගත හැකිය. එනිසා නිතර නිතර ජලය පානය කිරීමට යොමු වීම වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියකට උපකාරී වේ.

මොළය වර්ධනය හා මතක ශක්තිය වර්ධනය කරයි.

සමෙහි රෝග සමනය කර සම පැහැපත් කර සමෙහි තෙතමනය රදා පවත්වා ගනී.

ගැස්ට්‍රයිටීස් සුවපත් කරයි.වයස් භේදයකින් තොරව බොහොමයක් දෙනා පීඩා විදින රෝග තත්ත්වයක් ලෙස මෙය හදුනා ගත හැකිය. උදරයේ ඇතිවන ආම්ලිකතාව නිසා ආමාශ බිත්ති තුවාල වීම මෙහිදී සිදු වේ. උදෑසන ආහාරය නොගෙන සිටීම, අධික උෂ්ණ ආහාර වැඩිපුර ගැනීම මෙම රෝගය වර්ධනය වීමට හේතු වේ. මේ සදහා ඖෂධ භාවිත කරන අතර උදෑසන හිස්බඩ වතුර වීදුරුවක් සහ විටින් විට ජලය වැඩි වශයෙන් පානය කිරීමෙන් ගැස්ට්‍රයිටීස් නිසා ඇතිවන බඩේ දැවිල්ල වැනි සංකූලතා අවම කර ගත හැකිය.

මේ ආදී වූ රෝග සදහා මෙන්ම ඒවා ඇති වීම වළක්වා ගැනීම සදහා ජලය පානය කීරීම වඩාත් වැදගත් වේ. ප්‍රමාණවත් පරිදි ජලය පානය වඩාත් හොඳ යහපත් සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් වේ. වැඩිපුර ජලය පානය කීරීම සෞඛ්‍ය සම්පන්න යහපත් දිවියකට මග පෙන්වනු ලැබේ.