දරුවන්ට ලබා දෙන ආහාර පාන ගැන දෙමව්පියන් විදිහට ඔබ අතිශයින්ම සැලකිලිමත් නේ. එහිදී දරුවන් ආස කරන හැමදෙයක්ම ඔබ ලබා නොදෙන්නේ එහි හිතකර සහ අහිතකර බව ගැන විශේෂ සැලකිල්ලක් දක්වන නිසා. ඉතින් දරුවාගේ ශරීරයේ නිසි ක්රියාකාරීත්වය සඳහා ජලය හෝ දියර වර්ග පානය කරන එක හරිම වැදගත් . දරුවන් බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ පැණි රස අධික කෘතිම පානයන්වලට. ඉතින් ඒ නිසා දරුවන්ට ලබා දිය යුතු හොඳම පාන වර්ග සහ ලබාදිය යුතු නොවන අහිතකර පාන වර්ග මොනවාද කියන කාරණාව ගැන දෙමව්පියන් විදිහට ඔබ දැනුවත් වෙන එක කාලෝචිතයි. මේ කතා කරන්නේ පැංචන්ට හිතකර සහ අහිතකර පාන වර්ග පිළිබඳව.
දරුවන්ට ලබා දිය හැකි හිතකර පාන වර්ග

ජලය ලොකු කුඩා හැමෝටම කිසිම හානියක් නැති හොඳම පානය තමයි ජලය. කුඩා දරුවන් ඉතා ක්‍රියාශීලී නිසා නිතර ඔවුන්ගේ ශරීරයේ ජලය දහදිය,මල සහ මුත්‍රා මගින් පිට කරනවා. ඒ නිසා ඒ පිටවන ජලය වෙනුවට නිතරම පිරිසිදු පානීය ජලය දරුවන්ට ලබාදීම හරි වැදගත් .සාමාන්‍යයෙන් දරුවෙකුගේ දෛනික ජල අවශ්‍යතාවය ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස වගේ සාධක අනුව මෙසේ වෙනස් වෙනවා.
- වයස අවුරුදු 4-8 අතර ගැහැණු/ පිරිමි ජලය ලීටර්1.7
- වයස අවුරුදු 9-13 ත් අතර ගැහැනු ජලය ලීටර් 2.1
- පිරිමි ජලය ලීටර් 2.4
- වයස අවුරුදු 14- 18 ත් අතර ගැහැණු ජලය ලීටර් 2.3
- පිරිමි ජලය ලීටර්3.3
ඔබේ දරුවාගේ මුත්‍රා වර්ණය ලා පැහැති නම් නියමිත වාර ගණනක් මුත්‍රා පිට කරන්නේ නම් සහ මුත්‍රා පිට කිරීම අසීරු වන්නේ නැත්නම් එය දරුවාට හොඳින් ජලය ලැබෙන බව හඳුනාගන්නට හැකි ලක්ෂණ. ඒ වගේම දරුවාගේ අතේ මැණික් කටුව ආශ්‍රිත සම මෘදුව මිරිකා බැලීමෙන් සම නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙනවා නම් ප්‍රමාණවත් ලෙස ජලය ලැබී ඇති බව හඳුනා ගන්නට පුළුවන්. එසේ සම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙන්නේ නැත්නම් විජලන ලක්ෂණ ඇති බවට අනුමාන කරන්න පුළුවන්.
ඒ වගේම හඬන විට කඳුළු පිටනොවීම, මුඛය වියලීම, අසාමාන්‍ය ලෙස නිදා ගැනීම කියන ලක්ෂණත් දකින්නට ලැබෙනවා නම් එය දරුවාට ප්‍රමාණවත් තරම් ජලය නොලැබෙන බව පෙන්නුම් කෙරෙන ලක්ෂණ. ඉතින් දරුවන්ට ලබා දෙන්නට පුළුවන් හොඳම පානය විදිහට ජලය සඳහන් කරන්න පුළුවන්. ඒ සඳහා දරුවා හුරු කිරීම වැඩිහිටි ඔබේ වගකීමක්.
කිරි දරුවන් ජීවිතය ආරම්භ කරන්නේම මව්කිරි මගින්. එමගින් ඔවුන්ට ස්වාභාවිකවම ශරීරයට අවශ්‍ය කරන පෝෂණය සහ ප්‍රතිශක්තිකරණය ලැබෙනවා. ඒ නිසා කුඩා දරුවෙකුට අනිවාර්යෙන්ම නියමිත කාලය පුරාවට ලබාදිය යුතුම පානයක් තමයි මව්කිරි.
මාස හයක් යනතුරු මවුකිරි පමණක් ලබා දුන්නත් , මාස හයෙන් පසුව ක්‍රමයෙන් ඝන ආහාරවලට දරුවාව හුරු කරනවා. විශේෂයෙන්ම අවුරුදු 1 න් පසුව දරුවන්ට මව්කිරි හා සමාන ගුණ සහිත එළකිරි ලබා දෙන්නටත් පුළුවන්.
අවුරුදු 2 දක්වා දරුවන්ට සම්පූර්ණ යොදය සහිත කිරි ලබාදීම වඩා වැදගත්. මොකද කිරිවල ප්‍රධාන වශයෙන් දරුවාගේ පෝෂණයට අවශ්‍ය කරන කැල්සියම් සහ ප්‍රෝටීන් අඩංගු වෙන නිසා.
අවුරුදු 2 පෙර දරුවාට එළකිරි හැරුණාම පොල්කිරි, ආමන්ඩ් කිරි ආදිය ලබාදීමෙන් වැළකීම මෙහිදී වැදගත් කාරණාවක්. ඒ වගේම වෛද්‍ය නිර්දේශයක් නොමැතිව අවුරුදු දෙකට පෙර දරුවන්ට සෝයා කිරි ලබා දීමත් සුදුසු නැහැ.
දරුවන්ට අහිතකර පාන වර්ග
ශීත කරන ලද බීම වෙළඳපොලේ මිලට ගන්නට තියෙන බොහෝ ශීත කළ බීම වර්ගවලට දරුවන් වැඩි වශයෙන් ආසා කළත් ඒවායේ කිසිදු පෝෂණ ගුණයක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ සෑම බීම බෝතලයකම අඩුම වශයෙන් සීනි හැඳි නවයක් සහ වෙනත් රසකාරක බොහොමයක් අඩංගු වෙනවා. මේවායෙ අඩංගු සීනි සහ ඇසිඩ් වර්ග දරුවන්ගේ දත් නරක් කරනවා.ඒ වගේම කුඩා කාලයේ සිටම දියවැඩියාව ස්ථුලතාවය ආදී රෝග.කරන්නටත් එය හේතුවක් වෙනවා .
පළතුරු යුෂ ඉතා කුඩා වයසේ දරුවන්ට පළතුරු යුෂ ලබාදීම කොහෙත්ම සුදුසු නැහැ. එයින් ඔවුන්ගේ මවු කිරි සහ අතිරේක කිරි සඳහා වන රුචිය අඩු වෙනවා. ඒ නිසා නිවසේදී සකස් කර ගත් නැවුම් පලතුරු යුෂ හැරුණාම කෘතීම පලතුරු යුෂ ලබා නොදෙන්න. විශේෂයෙන්ම තරමට වයසින් වැඩුණු දරුවන් සඳහා සීනි එකතු නොකර නැවුම් පළතුරු යුෂ ලබාදෙන්න.
කැෆේන් අඩංගු පාන වර්ග තේ,කෝපි කෝලා සහ ඇතැම් ශක්තිජනක පානයන් වල කැෆේන් අඩංගු වෙනවා. වැඩිහිටියන් සමඟ සසඳද්දී මේ පාන වර්ගවල අඩංගු වෙන කැෆේන් මාත්‍රාව තරමක් ඉහළ නිසා එය දරුවන්ගේ නින්දට බාධා ඇති කරනවා. ඒ වගේම දරුවන් තුළින් අධි ක්‍රියාශීලී ලක්ෂණ පෙන්නුම් කරන්නත් මෙය හේතුවක් වෙනවා. ඒ නිසා මේ පානයන් දරුවන්ට එතරම් හිතකර නැහැ.
පැණි රස බීම සිසිල් බීම,විටමින් එකතු කරන ලද ජලය, ශක්තිජනක පාන ආදියේ අධික සීනි සංයුතියක් අඩංගු වෙන නිසා එය දරුවන්ට කුඩා කාලයේදීම දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළ නංවනවා.

සිසිල් බීමවල අන්තර්ගත සම්මත සීනි ප්‍රමාණය ග්‍රෑම් 40 සිට ග්‍රෑම් 45 දක්වා වෙනවා. එය සීනි හැඳි 10 – 11 අතර ප්‍රමාණයක්. ක්‍රීඩා කරන අතරේ පානය කරන පාන වර්ගවල තේ හැඳි 7 – 9 දක්වා සීනි අඩංගු වෙනවා. ඒ වගේම ඇසුරුම් කරන ලද පළතුරු යුෂ මිලි ලීටර් 250 ක සීනි තේ හැඳි 6.5 ක් පමණ සහ විටමින් එකතු කරන ලද ජලය මිලි ලීටර් 250 ක සීනි තේ හැඳි 3ක් පමණ අඩංගු වෙනවා.
ඉතින් ඒ නිසා මේ වගේ බීම වර්ගවල ඉතා ආම්ලික සහ අධික සීනි ප්‍රතිශතයක් අඩංගු වෙන නිසා සහ වෙනත් කෘතිම රසකාරක, වර්ණකාරක සහ කලෛකුත් වන ද්‍රව්‍ය බොහොමයකුත් අන්තර්ගත වෙන නිසා ඒවා දරුවන්ට කිසිසේත්ම හිතකර නැහැ. එය දරුවන්ගේ දත් දිරා යාමට සහ එනැමලයට හානි කරන්නට හේතු වෙනවා.
මිල්ක් ශේක් මිල්ක් ශේක්වලට ඉතා අධික ලෙස සීනි එකතු කරලා තියෙනවා. ශරීරයට අහිතකර මේද වර්ගත් අඩංගු වෙනවා. ඒ නිසා මේ milkshake වගේ දේවල් දරුවන්ට ලබා දෙනවා වෙනුවට නිවසේදී සාදාගත හැකි පලතුරු යුෂ සහ චොක්ලට් කිරි පානයන් අත්හදා බලන්න.
දරුවන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ළඟා කර දීම සඳහා දරුවාගේ දෛනික දියර අවශ්‍යතාවය ස්වභාවික දියරමය ආහාර මඟින් සහ පිරිසිදු ජලය ආදිය මගින් සපුරාලන්නට කටයුතු කරන්න. ඒ වගේම කෘතිම රසකාරක වර්ණකාරක සහ අධික සීනි අඩංගු පාන වර්ග කිසිසේත්ම දරුවන්ට ලබා දෙන්න එපා.