කනේ කලාදුරු ඉවත් කරන ස්වභාවික ක්‍රම 4 ක්

health tips

කන කියන්නේ අපේ ශරීරයේ තියෙන සංවේදීම අවයවයක්. ඒ වගේම අපේ ශරීරයේ ඇති අත්‍යවශ්‍ය අංගයක්. කන බිහිරි බවින් වලක්වා ගෙන කන ආශ්‍රිත ආබාධවලින් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවක්. කන ආශ්‍රිතව ඇතිවන කලාදුරු මහත් වධයක් විදියට සලකන අපේ උදවිය ඒවා ඉවත් කරන්නට විවිධාකාරයේ මෙවලම් භාවිතා කරනවා. අපේ කනේ ඇතිවන ලාදුරු කන බාහිර උපද්‍රවයන් බොහොමයකින් ආරක්ෂා කරන්නට සමත් වෙනවා. ඒ නිසා ඒවා ඉවත් කිරීමේදී කන අභ්‍යන්තරයට හානිදායක නොවන ආකාරයෙන් කටයුතු කරන්නට වගබලා ගත යුතු වෙනවා. 

කලාදුරු කියන්නේ ඇතුළත කනේ කන් බෙරය ආදී සංවේදී කොටස් ආරක්ෂා කිරීම සඳහා බාහිර කනේ ග්‍රන්ථි මගින් ශ්‍රාවය වන ද්‍රව්‍යයක්. කලාදුරු සෑදීම කනේ ආරක්ෂාව සඳහා ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියක්. මේ කලාදුරු මගින් කනට කෘමීන් ඇතුළු වීම  වළකනවා. දුවිලි කන තුලට ගමන් කිරීම අවහිර කරනවා. කනට වතුර ගියත් ඒ වතුර කලාදුරු මගින් උරා ගන්නවා.කලාදුරු නොමැති කනට සතෙක් ඇතුළු වුණාම ඒ සතාට කන් බෙරය දක්වාම ගමන් කරන්නට පුළුවන්.ඒ සතා කන් බෙරය සපමින් කන් බෙරය උඩ ඇවිදිනවා.

සාමාන්‍යයෙන් කන් කලාදුරු ඉවත් කිරීම කළ යුත්තක් නෙවෙයි. මොකද ස්වාභාවිකවම  කන විසින් කන සුද්ධ කරගන්නා නිසා. නමුත් අපි විසින් එය සිදු කිරීමට යාමෙන් කන් කලාදුරු සියල්ලම ඉවත්ව යනවා. කනේ නිසි සෞඛ්‍ය පවත්වා ගැනීමට සැලකිය යුතු ප්‍රමාණයක් කන තුළ පැවතිය යුතු වෙනවා.කන් කලාදුරු තුල ප්‍රති බැක්ටීරියා ගුණයක් අන්තර්ගත වන නිසා අනවශ්‍ය ලෙස ඒවා ඉවත් කිරීම කනේ සෞඛ්‍යයට අහිතකරයි.

කලාදුරු ගල්වීම සිදු වෙන්නෙත් අපි විසින්ම කරනු ලබන මේ හානිදායක කටයුතු නිසාවෙන්මයි. කනේ කලාදුරු ස්වාභාවිකවම කන් කුහරය ඔස්සේ පිටතට ඒම සිදුවෙනවා. නමුත් අපි සිදු කරන වැරදි ක්‍රියා නිසා කලාදුරු ඇතුලට තල්ලු වී ගල්වීමට ඇති ඉඩකඩ වැඩියි. කොට්න් බට්න්, යතුරු, කොන්ඩා කටු,ආයා කටු, කන් හැදි ආදිය භාවිතා කිරීම වගේම නිතරම හෙඩ් ෆෝන් භාවිතය නිසාත් බැහැරට නොපැමිණ ඒ කන් කලාදුරු අවහිරවී තැන්පත් වෙන්නට පුළුවන්. මේ නිසා කන තුළ ආසාදන තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. 

නමුත් මේ පිළිබඳව කොතරම් දැනුවත් කළත් ඒ පුරුදු ජනතාව අත්හැර නැහැ.මෙවැනි අනාරක්ෂිත යම් මෙවලම් කනට ඇතුල් කිරීමෙන් කන අභ්‍යන්තරය තුවාල වෙන්නට පුළුවන්. ඒ නිසා කන් කැක්කුම්, කන් ඇසීමේ දුර්වලතා ආදී පීඩාකාරී තත්ත්වයන් වුණත් ඇතිවෙනවා. මව්වරුන් තම කුඩා සිඟිති දරුවාගේ කනට පවා කොට්න් බට්න් දමා කන් ශුද්ධ කරනවා. එයින් කනට විෂබීජ ගමන් කර කන් කුහරයේ සැරව පිරීමෙන් හානි සිදු වෙනවා.

 ඒ නිසා අද ඔබව දැනුවත් කරන්නේ කනට හානිදායක නොවන ආකාරයෙන් කනේ කලාදුරු ඝනවී ඇත්නම් හෝ අධිකව කනේ කලාදුරු වර්ධනය වී ඇත්නම් පමණක් ඒවා ස්වාභාවිකව ඉවත් කරගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

  • කනේ කලාදුරු ගල්වී ඇතිවිට ඔලිව් තෙල් හෝ ග්ලිසරින් භාවිතා කිරීම සුදුසුයි.
  • උණු ජලය 

සාමාන්‍ය රස්නය සහිත උණු ජලය පුළුන් බෝලයක් එහි ගිල්වා කන ඇලකර කන තුලට ජල බිංදු කිහිපයක් දමා විනාඩි 3-5 ක කාලයක් තබා ගන්න.ඉන්පසු ජලය ඉවත්ව යාමට කන අනෙක් පස හරවන්න. එවිට කනෙන් එලියට එන කන් කලාදුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.

පොල් තෙල් පොල්තෙල් සතු ක්ෂුද්‍ර ජීවී නාශක හැකියාව නිසා කන් කලාදුරු අධික ලෙස කන තුළ ගොඩගැසෙන්නට හේතුවන බැක්ටීරියා හා දිලීර ආසාදන විනාශ වීම සිදු වෙනවා.ඒ නිසා කන් කලාදුරු ඉවත් කරන්නට මද උණුසුම් පොල් තෙල් මේස හැන්දක් පමණ ආසාදිත කනට දමා විනාඩි 10 ක් පමණ පොල් තෙල් කන තුළ තිබෙන්නට හැර මෙලෙක්භාවයට පත්වුණාට පසුව කලාදුරු ඉවත් කරගන්න.

ලුණු ලුණු මගින් බැක්ටීරියා හා දිලීර විනාශ කරනු ලබනවා. මේ නිසා කන් කලාදුරු ඉවත් කරන්නට ලුණු මේස හැදි 1 ක ප්‍රමාණයක් මද උණුසුම් ජලය කෝප්ප භාගයකට මිශ්‍රකර කපු පුළුන් කැබැල්ලක් භාවිතයෙන් ආසාදිත කනට දමන්න. මෙයින් ඝන වූ කලාදුරු ගුලිය ඉවත්ව යයි.

හයිඩ්රජන් පෙරොක්සයිඩ් මෙහි නාමය රසායනික වුණාට සැබැවින්ම මෙය ස්වාභාවික දෙයක්. ඒ නිසා කනට හානිදායක වෙන්නේ නැහැ. වෙළදපොලේ තියෙන හයිඩ්රජන් පෙරොක්සයිඩ් අපේ ශරීරයේ නිපදවෙන හයිඩ්රජන් පෙරොක්සයිඩ්වලට සමානයි. 

ජලය සහ හයිඩ්රජන් පෙරොක්සයිඩ් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රණයක් ලෙස සකස් කරගන්න. පසුව පුළුන් කැබැල්ලක් එහි පොගවා ආසාදිත කන ඇල කර එයින් බිංදු කිහිපයක් කනට වත්කරන්න. විනාඩි කිහිපයක් ඒ ඉරියව්වෙන් සිට නැවත කන  අනෙක් පස හරවන්න. එහිදී කලාදුරු ගුලිය කනෙන් පිටතට පැමිණෙයි. 

සැලකිය යුතුයි.මෙය එක වරකට වඩා කිරීම හානිදායක බැවින් එක් වරක් පමණක් මෙය සිදු කරන්න.  

බේබි ඔයිල් ඩ්රොපර් එකක් ආධාරයෙන් බේබි ඔයිල් බින්දු කිහිපයක් කනට වත්කර පුළුන් කැබැල්ලකින් කන් කුහරය ආවරණය කරගෙන මද වේලාවක් සිටින්න. පසුව කන ආවරණය කරගෙන සිට පුළුන් ගුලිය ඉවත් කරලා කන පොළව දෙසට හරවන්න.කන් කලාදුරු පහසුවෙන් එලියට ගන්නවා. මෙය නිතර නිතර කිරීම සුදුසු නැහැ.