වැඩි වෙහෙසක් නැතිවම ආහාර වල සෞඛ්‍යසම්පන්න බව වැඩිකරගත හැකි ක්‍රම 7 ක්

health tips

කාර්යබහුල ජීවන රටාවත් සමඟ දවසේ ආහාර වේල් ගැනවත් හරියට හිතන්න ඉඩකඩක් ලැබෙන්නේ නැති තරම්. කාලය නොමැති කම වගේම අධික මහන්සිය නිසාම ආහාර පිසින්නේ නැතිවම ක්ෂණික ආහාර අනුභව කිරීමට බොහෝ දෙනෙක් යොමු වී සිටිනවා.නමුත්, කොතරම් කාර්යබහුල වුණත් ඔබ පරිභෝජනය කරන ආහාර වර්ග වල නීරෝගි බව ගැන සුලුකොට තැකිය නොහැකියි. ඒ නිසාම අද අපි ඔබට කියන්න සූදානම් වන්නේ දැඩි මහන්සියක් නොවී ඔබේ සිරුරට උපරිම සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙන ආකාරයෙන් ආහාර පාන සකසන අප්‍රකට ක්‍රම කිහිපයක් ගැනයි.

  1. ඔබ පානය කරන ස්මූති වලට සුදු බෝංචි ඇට ටිකක් මිශ්‍ර කරගන්න.

මෙය සාමාන්‍යයෙන් ස්මූති වලට භාවිතා නොවන අමුද්‍රව්‍යයක්. කෙසේවෙතත් මේ අප්‍රකට අමුද්‍රව්‍ය නිසා ඔබේ පානයට හොඳ රසයක් වගේම ගුණයක් ද එකතුවෙනවා. සුදු බෝංචි වල ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත වේ.

  1. ධාන්‍ය වර්ග සමඟ පීනට් බටර් මිශ්‍රකරමින් ආහාරයට ගන්න.

උදෑසන ආහාරයක් සඳහා මෙය වඩාත් සුදුසුයි. ඒවායේ පෝෂණීය සංඝටක වන විටමින් සහ ප්‍රෝටීන් ඉහළ ප්‍රමාණයක් ඇති නිසාවිවිධ ඇට වර්ග සමඟ පීනට් බටර් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් බඩ පිරුණු ස්වභාවය ඇතිවි දවස පුරා හොඳ ශක්තියකින් හා ප්‍රබෝධයකින් ගත කල හැකි වෙනවා.

  1. හර්බල් ටී පානය තැම්බෙන තුරු මූඩියකින් වසාතබන්න.

හර්බල් ටී වල අඩංගු එසෙන්ෂියල් ඔයිල් වර්ග නිසා ඒවා තම්බාගැනීමේදී පියනකින් වසාගැනීම ඉතා වැදගත්. එසේ නොකල විට එසෙන්ෂියල් ඔයිල් ඉක්මනින් වාෂ්ප වි යයි. එහිදි ඔබේ පානයේ අඩංගු සිරුරට හිතකර පෝෂණ ගුණයන් ‍රැසක් විනාශ වී යයි.

  1. පැණි කොමඩු ඇට ද ආහාරයට ගන්න.

පැණි කොමඩු ආහාරයට ගන්නා විට එහි ඇට විසිකිරීම කවුරුත් කරන දෙයක්. නමුත්,  කොමඩු ඇට යනු ඉතා ඉහළ මට්ටමේ ප්‍රෝටීන් පෝෂක මූලාශ්‍රයකි. පැණි කොමඩු ඇට කෝප්ප එකක ප්‍රෝටීන් ග්‍රෑම් 30කට වඩා වැඩියෙන් අඩංගු වන අතර ඒවා තත්තු පෝෂක වලින් ද සමන්විත වේ. ඒවා ආහාරයට ගැනීම හෝ ස්මූති වැනි පාන වර්ග වලට මිශ්‍ර කර පානය කිරීම හරහා එහි පෝෂණය සිරුරට ලබාගත හැකියි

  1. කැරට් අලය පිටින්ම පිසගන්න.

කැරට් වල බිටා-කැරොටීන්, තන්තු පෝෂක, විටමින් K 1, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වේ. ඒවා ඉතා රසවත් මෙන්ම ඉහළ පෝෂණ ගුණ වලින් යුතු එළවළුවකි. එහි අඩංගු කැරොටින් ප්‍රතිඔක්සිකාරක මඟින් පිළිකා ඇතිවීමේ අවදානම අවම කරන බව මතයක් ඇත. කැරට් අලය සම්පූර්ණයෙන් පිසගැනීමෙන්, කැරට් කැබලි කල විට අඩංගු වන ෆැල්කැරිනෝල් (falcarinol) හෙවත්  පිළිකා නසන සංඝටක ප්‍රමාණය 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් ආරක්ෂා කරගත හැකියි.

  1. ධාන්‍ය වර්ග ග්‍රීන් ටී වලින් තම්බාගන්න.

සහල් සහ වෙනත් ධාන්‍ය වර්ග සාමාන්‍යයෙන් පිසගන්නේ ජලයේය. නමුත්, ඒවායේ ගුණය මෙන්ම රසය ඉහළ නංවාගත හැකි සෞඛ්‍යාරක්ෂිත නව ක්‍රමයක් ලෙස ඒවා ග්‍රීන් ටී භාවිතා කර පිසගත හැකියි. ග්‍රීන් ටී හෙවත් හරිත තේ වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා ඉහළ මට්ටමකින් අන්තර්ගත වන නිසා එහි පෝෂණයෙන් මානසික ඒකාග්‍රතාව වර්ධනය වීම,  ආහාර ජිර්ණ පද්ධතිය ආශ්‍රීත ගැටලු සහ පීඩාකාරී ස්වභාවයන් සමනය කිරීම සහ දුරු කිරීම මෙන්ම සිරුරේ මේදය ඉවත්කරමින් අනවශ්‍ය බර අඩුකිරීම වගේ ප්‍රතිලාභ ලැබෙයි.

  1. සුදුලූණු කැබලි කර මිනිත්තු කිහිපයක් තිබෙන්නට හරින්න.

සුදුලූණු යනු ආහාර වල රසය වැඩිකරවන කුළුබඩුවකි.සූදුලූණු වල ඇති ඉහළ ගුණ මඟින් සිරුර වෛරස ඇතුලු රෝග කාරක විෂබීජ වලින් ආරක්ෂා කිරීම මෙන්ම උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළඳීමෙන් ආරක්ෂා කරයි. සුදුලූණු පෙති කැපිමේදී ඒවා කැපීමෙන් පසු මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හරින්න. මෙමඟින් සුදුලූණු වල අඩංගු ප්‍රබල ඖෂධීය ගුණාංග වන පිළිකා නාශක සංඝටක, ප්‍රතිඔක්සිකාරක ගුණ සහ විටමින් C වැනි පෝෂක ගුණ උපරිමයට පත්වේ.