කරාබු ශාකයේ නොපිපුණු මල් පොහොට්‍ටු කරාබු නැටි ලෙස හඳුන්වන අතර මෙය ඉන්දුනීසියාවට ආවේණික වූ ශාකයකි.ලොව ඇති ජනප්‍රියම කුළුබඩුවර්ගයක් වන කරාබු නැටි ආහාර රසවත් කිරීමේ කාර්ය සඳහා පමණක්ම භාවිතා නොවන්නකි. එහි ඇති ඖෂධීය ගුණය නිසා මිනිසාගේ සෞඛ්‍යට බොහෝ හිතකර ප්‍රතිලාභ රැසක් කරාබු නැටි භාවිතය නිසා හිමිවෙනවා.දිනකට කරාබු නැටි දෙකක් අනුභව කිරීමෙන් අපේ සිරුරට ලැබෙන විශ්මිත ප්‍රතිඵල මොනවාද කියා අපි බලමු.
- ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

ආහාර වලට කරාබු නැටි එක් කරගැනීමෙන් සිරුර නීරෝගිකරන ප්‍රතිඵල රැසක් හිමිවන අතර ඉන් එකක් වන්නේ මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරවීමයි.කරාබු නැටි වල ගුණය නිසා රුධිරයේ සුදු රුධිරාණු ප්‍රමාණය ඉහළ නංවන අතර එමඟින් ආසාදනයන් ඇතිවීම් වළක්වමින් ප්‍රතිශතිකරණ පද්ධතිය ආරක්ෂා වේ. කරාබුවල අඩංගු විටමින් C ගුණය මේ කාර්ය සඳහා බොහෝ ඉවහල් වේ.
- ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති පුද්ගලයින්ට කරාබු නැටි ඉතා ගුණදායි ඖෂධයකි.කරාබු නැටි වලින් ජීර්ණයට අවශ්‍යය එන්සයිම වැඩියෙන් ශ්‍රාවය කරවයි. එමෙන්ම බඩදැඟලීම හෝ ඔක්කාරය ඇති වීම වැළැක්වීමටත් භාවිතා කල හැකියි.කරාබු වල කෙඳි බහුලව පවතින නිසා ආහාර ජීර්ණ සෞඛ්‍ය ක්‍රමවත් කරමින් මලබද්ධය ඇතිවීම වළක්වයි.කරාබු නැටි කුඩු ලෙස හො නැටි පුළුස්සා මීපැණි සමඟ ආහාරයට ගැනීම ප්‍රචලිත ක්‍රම අතර වේ. උදරාබාධ වලට හොඳ ප්‍රතිකාරයකි.
- දත් කැක්කුම් නැතිකරගැනීමට

කරාබු වල නිර්වින්දන ගුණය පවතියි. ඔබට දත් කැක්කුම හට ගෙන ඇති දතේ කරාබු නැට්ටක් තබා ගන්න. එමඟින් දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමුවන තුරු දතේ වේදනාව අවම කරගත හැකියි.
- අක්මාව නිරෝගි කරයි

අක්මාව මඟින් සිරුරේ විෂහරණ ක්‍රියාවලිය සහා අප ලබාගන්නා ඖෂධ සම්බන්ධ පරිවෘත්තීය ක්‍රියාවලින් සම්බන්ධව මූලික වී කටයුතු කරයි.කරාබු නැටි තෙල් වල අඩංගු ඉයුජෙනෝල් මඟින් අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරවයි.
- වේදනාවන් සමනය කරමින් සිරුරේ ප්‍රදාහය අවම කරයි.

ඉයුජෙනෝල් වල නිර්වේදනික සහා ප්‍රති-ප්‍රදාහක ගුණයන් අඩංගු වේ. හිසරදය සඳහා ප්‍රතිකර්මයක් ලෙස ක්‍රම දෙකකින් භාවිතා කල හැකියි. පළමු ක්‍රමය,කරාබු නැටි කුඩු ලුණු කැට කිහිපයක් සමඟ කිරි වීදුරුවක දියකර පානය කිරීමෙන් හිසරදය සමනය කරගත හැකියි. දෙවන ක්‍රමය, ආලේපයක් ලෙස භාවිතා කිරීම සඳහා කරාබු නැටි පොල් තෙල් වල පොඟවා නළලේ ආලේප කරමින් සම්බාහනය කිරීමෙන් හිසේ වේදනා දුරුකරගත හැකියි.
- ඔබේ අස්ථි සහා සන්ධි නීරෝගී කරයි.

කරාබු නැටි වල අඩංගු ෆ්ලැවනොයිඩ,මැංගනීස් සහා ඉයුජෙනෝල් වැනි ගුණදායි සංඝටක මඟින් අස්ථි සහා සන්ධි වල නීරෝගී බව වැඩිකරවයි. ඒවා අස්ථි වල ඝනත්වය වැඩි කරමින් අස්ථි පටක නිෂ්පාදනයට දායක වේ.මෙම සංඝටක හරහා අස්ථි වලට නීරෝගි ඛනිජ පෝෂණයක් ලබාදේ.
- කරාබු වල ප්‍රති-බැක්ටීරිය ගුණය බහුලයි

බුවෝනෝ අයර්ස් විශ්වවිද්‍යාලයේ සිදුකල අධ්‍යනයකින් හෙලි වී තිබුණේ කරාබු නැටි මඟින් ‘ඊ.කෝලි සහා ස්ටැෆිලොකෝකස්’ වැනි අහිතකර බැක්ටීරියා මර්ධනය කරන බවයි.ටී ට්‍රී ඔයිල්,කරාබු නැටි සහා බැසිල් කොල යෙදූ විශේෂ් මුව සේදුම් කාරකයක් හඳුන්වා දී ඇත. බෙල්ජියමේ කේ යූ ලුවේන් විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය අධ්‍යනාංශය පවසන පරිදි මෙම දියරය භාවිතයෙන් දින 21 ක් ගත වන විට විදුරුමස් වල නිරෝගි බව වැඩි වී ඒවායේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සහා වෙනත් ආසාදනයන් ඇති වීම අවම වී යන බවයි.
- කරාබු නැටි වල ප්‍රති-ඔක්සිකාරක බහුලයි

ශාක ආහාරවලින් අපේ සිරුරට උරාගන්නා ක්ෂුද්‍ර පෝෂක පොලිෆෙනෝල් ලෙස හඳුන්වන අතර කරාබු නැටි වල ඒවා බහුලව අඩංගු වේ.ඒවා අපේ සිරුරට හිතකර ප්‍රතිලාභ රැසක් හිමිකරදීමට සමත් වේ: කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීම ,රුධිර පීඩනය පහළ මට්ටමක පවත්වාගැනිම,ධමනි වල ක්‍රියාකාරීත්වය සහා නම්‍යශීලීත්වය වැඩිකිරීම වගේම දීර්ඝායුෂ ඇති කිරීම යන ප්‍රතිලාභ ඉන් ප්‍රධානයි.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාර කරයි

දියවැඩියා රෝගින් සඳහා කරාබු නැටි ඉතා ගුණදායි වේ. කරාබු නැටි ශරීරය තුලදී ඉන්සියුලින් ලෙස කටයුතු කරයි. ඔබේ රුධිරයේ ඇති අතිරේක සීනි ප්‍රමාණය සිරුරේ සෛල වලට ගමන් කරවමින්, රුධිරයේ ඇති සීනි මට්ටම සමබර කරමින් යම් පාලනයකින් පවත්වාගැනීමට කරාබු පරිභෝජනය මඟින් හැකියාව ලැබේ.
- ලේ කැටි ගැසීම මන්දගාමි කරවයි

කරාබු වල අඩංගු ඉයුජෙනෝල් මඟින් ලේ කැටි ගැසිමේ වේගය අවම කරවයි.රුධිරය සම්බන්ධ ප්‍රතිකාර ගන්නා පුද්ගලයෙකු කරාබු අධිකව ආහාරයට ගැනීම ගැටලු මතුකරවිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් අනුව ආහාර වලට කරාබු එක්කරගැනීම සුදුසු වේවි.