නිරෝගී ජීවිතයක් ගත කරන්නට නම් අපි ගන්නා ආහාර පාන වගේම ඒවා ආහාරයට ගන්නට වඩාත් සුදුසු වේලාවන් ගැනත් හොඳ දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම උදෑසන හිස්බඩ අපි ගන්නා ආහාරය අපේ ශරීරයට අපහසුතා ගෙන නොදෙන දෛනික වැඩකටයුතුවලට බාධාවක් නොවන ආහාර විය යුතු වෙනවා. දීර්ඝ වෙලාවක් කුසගින්නේ සිට උදේ හිස්බඩ ලබා ගන්නා ආහාරය අපිට ලෙඩ රෝග ඇති කරන්නට හෝ නොයෙක් අපහසුතා ඇති කරන්නට හේතු වෙනවද කියලා අපි දැනුවත්ව සිටිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා උදේ හිස්බඩ ලබා ගන්නා ආහාරය ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්නට ඕන .අපි බලමු උදෑසන හිස්බඩ ලබා ගන්නට වඩාත් සුදුසු ආහාර මොනවද කියලා.

බිත්තර ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ඇතුළු පෝෂක බොහොමයක්ම අපේ ශරීරයට ඉතා පහසුවෙන් ලබාගන්නට හැකියාව ඇති ආහාරයක් තමයි බිත්තර. මේ බිත්තර කහමදයේ විටමින් A, කැල්සියම්, යකඩ, පොස්පරස්, තෙල්, ආදි ඛනිජ ලවණ බහුලවම අඩංගු වෙනවා. මෙහි අඩංගු බීටා කැරොටීන් නැමැති සංඝටකය මගින් තමයි බිත්තරයේ ඇතුළු කොටසේ කහ පාට ඇති කරන්නේ. ඉතින් බිත්තර ලොකු කුඩා හැමෝටම උදෑසන හිස්බඩ ආහාරයටයට ගැනීමට සුදුසු වෙනවා.
පැණි කොමඩු පැණි කොමඩු කියන්නේ ශරීරය සිසිල් කරන, ශරීරය දාහය නැති කරන රසවත් ගුණදායි පළතුරක්. උදෑසන හිස්බඩ පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් උදෑසනම ඔබේ ශරීරය සිසිල් බවට පත් කරනවා. මෙය බෙහෙවින්ම ඇස්වලට සහ හදවතේ යහපැවැත්මටත් ඉතාම වැදගත්. ඒ විතරක් නෙවෙයි ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය, ආසාත්මිකතා නැසීමේ හැකියාව වගේම අමිල පිත්ත රෝගය කොලෙස්රෝල්, උණ ඉරුවාරදය ආදී රෝගවලින් පෙලෙන අයටත් ඉත සුදුසුයි.
මී පැණි මී පැණි සොබාදහමෙන් අපට ලැබුණු ඉතාම වටිනා දායාදයක්. මී පැණිවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ප්‍රෝටීන් නිශ්පාදනයේදී අත්‍යාවශ්‍යය ප්‍රෝලීන් නම් ඇමයිනෝ අම්ලය විශාල වශයෙන් මෙහි අඩංගු වෙනවා. ඒ වගේම විටමින් B2, B4, B5, B11 සහ විටමින් සී ආදියත් කැල්සියම්, යකඩ, සින්ක්, පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම්, සෙලනියම්, ක්‍රෝමියම් ආදී ඛනිජ ලවණත් අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මී පැණිවල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන නිසා වයසට යාම පාලනය කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙහි විශේෂ කාරණය තමයි මී පැණිවල කොලෙස්ටරෝල් අඩංගු නොවීම. ඉතින් ඒ නිසා මී පැණි උදේ හිස්බඩ පානය කරන්නට හැකි නම් එයින් අපේ ශරීරයේ නිරෝගී බවට ලැබෙන ප්‍රතිලාභ ඉතාමත් ඉහළයි.
උදේ හිස්බඩ මී පැණි ලබා ගැනීම ශරීරය ප්‍රබෝධමත් කිරීමට වගේම ශරීර ශක්තිය වර්ධනයටත් උපකාරී වෙනවා. ඒ වගේම යහපත් හෝමෝන ක්‍රියාත්මක වීම උත්තේජනයය කරනු ලබනවා. ආහාර ජීරණය වීමේ හැකියාව වර්ධනය කිරීම, රුධිරය පිරිසිදු කිරීම, මානසික ආතතිය දුරු කිරීම ආදී ප්‍රයෝජන බොහොමයක් මේ මී පැණි භාවිතයෙන් අපට ලබාගන්නට පුළුවන්.
පරලු පාන් පරළු පාන් කියන්නේ අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා පාන් වර්ගය නෙමෙයි. brown bread ලෙසත් හඳුන්වන පරලු පාන් අපේ ශරීරයට ඉතා ඉහළ පෝෂණයක් ලබාදෙනව.. ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණත් මේ පාන්වල අඩංගු වෙලා තියෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කරන නිසා හෘද රෝග ආදී රෝගාබාධවලින් මිදෙන්නටත් මේ පාන් අපිට වැදගත්. ඒ නිසා මේ පාන් උදේ හිස්බඩට ටෝස්ට් කර ආහාරයට එකතු කර ගැනීමේ වරදක් නැහැ.
ධාන්‍ය වර්ග අපි හැමෝම දන්නවා උදෑසන ආහාර වේලට ධාන්‍ය වර්ගයක් එකතු කරගන්නවා නම් එය කොතරම් අපේ ශරීරයට වැදගත් ද කියලා.මුළු දවසම ජවයකින් ශක්තියකින් ආරම්භ කරන්නට හොඳ ප්‍රබෝධයකින් ගත කරන්නට මේ ධාන්‍ය වර්ග අපිට ඉතා ඉහළ දායකත්වයක් ලබා දෙනවා. එය දවස පුරාම ආහාර ජීර්ණ පද්ධතිය නිසි ක්‍රියාකාරිත්වයේ පවත්වා ගන්නට උදව්වක් වෙනවා. ධාන්‍ය තේ හැඳි දෙකක් ගැනීමෙන් ඔබ දවසකට පරිභෝජනය කළ යුතු විටමින් E වලින් 15% ක් ද ෆෝලික් අම්ලය 10%ක් ද අඩංගු වෙනවා.
ඕට්ස් ඕට්ස් කියන්නේ ලෙඩරෝග බොහොමයකටම ගුණදායක සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක්ම අත්කර ගන්නට හැකි ධාන්‍ය වර්ගයක්. මේ ඕට්ස් සතු උසස් පෝෂණ ගුණය නිසාම සෞඛ්‍යයමය ආහාර නිෂ්පාදනයේදීත් බහුලව යොදා ගැනෙනවා. ඕට්ස්වල ඔමේගා 3 මේද අම්ල බහුලව අඩංගු වෙනවා. ඒ වගේම එහි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය ෆෝලේට් වගේම කැල්සියම් අන්තර්ගත වෙනවා. ඒ හැරුණාම විටමින් වර්ග සහ ඛනිජ ද්‍රව්‍ය බොහොමයක්ම අඩංගු වෙනවා.

ප්‍රධාන වශයෙන්ම ඕට්ස්වල අඩංගු වෙන්නේ කාබෝහයිඩ්රේට්. ඊට අමතරව ප්‍රෝටීන සහ සුළු වශයෙන් මේදයත් අඩංගු වෙනවා. ඒ වගේම ඕට්ස්වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා
ඒ නිසා උදෑසන හිස්බඩ ආහාරයට ගත හැකි ධාන්‍ය වර්ගයක් විදියට ඕට්ස් සඳහන් කරන්නට පුළුවන්.
- ආමන්ඩ් ආදී ඇට වර්ග
- බෙරි වර්ග
බෙරි වර්ග උදෑසන ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කරන විටමින් ඉතා පහසුවෙන් ලබාගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ස්නායුවලට හිතකර තත්ත්වයක් එයින් නිර්මාණය වෙනවා වගේම රුධිරයේ සීනි මට්ටමත් පාලනය වෙනවා.
බොහෝ වේලාවක් නිරාහාරව ඉඳලා හිස්බඩ ලබා ගත යුතු ආහාර ගැන වගේම ඔබ උදෑසන හිස්බඩ නොගත යුතු ආහාරපාන ගැනත් දැනුවත් වෙන්න.