බර අඩු කරන පීනට් බටර් සතු ගුණ 9 ක්

health tips

රටකජු වලින් සාදනු ලබන පීනට් බටර් කියන්නේ රසවත් ආහාරයක් කියලා විතරයි බොහෝ දෙනෙක් දන්නේ. නමුත්, මේ ආහාරය මගින් ඔබේ සිරුරේ බර අඩු කරගැනීමට, පියයුරු පිළිකා අවදානම අවම කිරීමට වගේම නිදිමත අඩුගතිය නැති කිරීමටත් උපකාරී වෙනවා. පීනට් බටර් වල ඉතා ගුණදායී විටමින්,ඛනිජ ලවණ, හිතකර මේද අඩංගු වෙනවා. ඉතින් පීනට් බටර් වල තියෙන වාසි කිහිපයක් ගැන දැන් අපි බලමු.

  1. පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩුකිරීමට උපකාරීවේ.

රටකජු වල ස්වභාවික ප්‍රෝටීන් සහා ස්වභාවික මේද අඩංගු වේ. ඒවාට පියයුරු පිළිකා වැනි රෝග ඇති වීමේ අවදානම මැඩලිය හැකි බව ඇමෙරිකාවේ Breast Cancer Research Foundation සහා US National Institute of Health යන ආයතන මඟින් සිදුකල පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා. දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවේවී. ඔබට ආසාත්මිකතා ඇති නොවේ නම් ඔබේ ආහාර වේලට පීනට් බටර් එක් කරගන්න අමතක කරන්න එපා!

  1. බර අඩු කරයි

පීනට් බටර් වල අධික මේද අඩංගු වේ යැයි සිතමින් බොහෝ දෙනා එය ආහාරයට ගැනීම නවතා තිබෙනවා. නමුත් පීනට් බටර් කියන්නේ ප්‍රෝටීන්,කෙඳි සහා පෝෂණය බෙහෙවින්ම අන්තර්ගතව ඇති හොඳ ආහාරයක්. එමඟින් ඔබේ රුධිරයේ සීනී මට්ටම වෙනස් කරන අතර සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ පමණක් ලබාදේ. සතියකට දෙවරක් මේස හැඳි 2 ක් පමණ ආහාරයට ගැනීමෙන් ඔබට බර අඩු කරගන්නත් හැකි වේවි.

  1. ආතතිය අඩු කරයි

එහි අඩංගු බිටාසිටොස්ටෙරෝල් නම් රසායනය මඟින් කෝර්ටිසෝල් නම් ආතතිය ඇති කරන හෝර්මෝන මට්ටම පාලනයකට ලක් කරයි. පීනට් බටර් වල අඩංගු හිතකර මේද, ප්‍රතිඔක්සිකාරක ගුණ, යකඩ, මැග්නීසියම්, කැල්සියම් සහා විටමින් සී ගුණයන් මඟින් ඔබේ සිරුරට අත්‍යවශ්‍යය පෝෂක ‍රැසක් ලබා දීම සිදු කරනවා. එමඟින් ඔබේ අභ්‍යයන්තරික නීරෝගීබව වැඩිවෙනවා. ඉතින් පීනට් බටර් කියන්නේ ඔබේ ආතතීන් අවම කරවමින් ඔබව ප්‍රබෝධයෙන් තියෙන ශක්තිජනක ආහාරයක්.

  1. මොලයේ ක්‍රියාකාරීත්වයට සහා මතක ශක්තිය වර්ධනයට ගුණදෙයි

එහි ඇති විටමින් ඊ, සින්ක්,මැග්නීසියම් සහා නියැසින් මඟින් මොලයේ ක්‍රියාකාරීත්වය වැඩිකරවනවා. විටමින් ඊ මඟින් විශේෂයෙන්ම වැඩිහිටි ඔබේ මතකය වැඩිකිරීමට උපකාරී වෙනවා.ඇල්සයිමර්ස් රෝග සමනයටත් එය දායක වන බව සොයාගෙන තිබෙනවා. ඉතින් පීනට් බටර් කියන්නේ ඔබේ නිවසේ වැඩිහිටි ආච්චිලා සීයලාටත් ඉතා ගුණදායී ආහාරයක්.

  1. ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් යථාතත්වයට පත්කිරීම සිදුකරයි.

ව්‍යායාම කිරීමට පෙරත් පසුත් උපකාරී වන ආහාරයක් ලෙසත් පීනට් බටර් හැඳින්විය හැකියි. එහි පොටෑසියම් අඩංගු නිසා ඔබේ මාංශ පේශීන් යථාතත්වයට ගැනීමට පීනට් බටර් උපකාරී වෙනවා. කෙණ්ඩා පෙරලීම හෝ මාංශ පේශී වේදනා හට ගැනීමත් ඉන් වළක්වනු ලබනවා.

  1. රුධිර පීඩනය පාලනය කරයි

පොටෑසියම් වල තවත් වැදගත් ගුණයක් වන්නේ එහි ඇති ඔබේ රුධිර පීඩනය අඩු කිරීමට හැකි ගුණයයි. මේ ගුණය වඩාත් බලගැන්වෙන්නේ රටකජු වල අඩංගු වන මැග්නීසියම් නිසයි.වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නම් ලුණු නොදමූ පීනට් බටර් භාවිතා කරන්න.

  1. දියවැඩියාව ඇති වීම පාලනය කරයි

මෙයත් පීනට් බටර් වල ඇති සුවිශේෂී ගුණයක්. එහි මේද අඩංගු වුණත් ඒවා අසංතෘප්ත මේද නිසා ඔබට අහිතකර වෙන්නේ නැහැ.මේ මේද වලට හැකියි ඉන්සියුලින් සහා ග්ලූකෝස් මට්ටම සමබර කරන්න. හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කල පරීක්ෂණයකින් හෙලිවී තිබුනේ  දිනපතා පීනට් බටර් ආහාරයට ගන්නා කාන්තාවන්ට දියවැඩියාව වැලඳීමේ අවදානම පීනට් බටර් කිසිදා ආහාරයට නොගත් කන්තාවන්ට වඩා 21% කින් අඩු බවයි.

  1. සුව නින්දක් ලබාදෙයි

රටකජු වල ඇති ඇමයිනෝ අම්ලයක් වන ට්‍රිප්ටොෆන් මඟින් මෙලටොනින් සහා සෙරටොනින් නම් හෝර්මෝන (සතුට සහා නින්ද ඇතිකිරීම සම්බන්ධ හෝර්මෝන) ප්‍රබෝධමත් කරමින් වර්ධනය කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබව සැහැල්ලු කරමින් සිරුරේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කර ඔබට සුව නින්දක් ලබා දෙනවා. සුව නින්දක් වෙනුවෙන් පීනට් බටර් ගොඩක් ආහාරයට ගැනීමට අවශ්‍යය නැහැ. තේ හැඳි දෙකක් පමණ ගැනීම හොඳටම ප්‍රමාණවත්.

  1. ගැබිනි මවුවරුන්ට ඉතා හිතකරයි

පීනට් බටර් ගර්භනී කාලයේදී කලලය කෙරෙහි ධනාත්මක බලපෑම් ඇතිකිරීමට සමත් වේ.කලලයේ දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරමින් ආසාත්මිකතාවලින් ආරක්ෂා කරයි. ඒ වගේම පීනට් බටර් වල බොහෝ පෝෂක ගුණයන් පැවතීම නිසා එය මවගේ සෞඛ්‍යයට ඉතාමත් ප්‍රයෝජනවත් ආහාරයක් වේ.