බෙල් පෙපර් ඔබේ ආහාර වේලට එක්කර ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 8 ක්

health tips

කහ, කොළ සහ රතු වර්ණ වලින් ඇති ඇසට ප්‍රිය එළවළු වර්ගයක් ලෙස බෙල්පෙපර් හැඳින්විය හැකියි. ඒවගේම තමයි බෙල්පෙපර් වල අප හිතනවාට වඩා ඉහළ පෝෂණ ගුණ අන්තර්ගතව පවතිනවා. බෙල්පෙපර් ග්‍රෑම් 100 ක කෙඳි ග්‍රෑම් 2.1 ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 30 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 99 ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6.3 ක් අඩංගු වේ. එමෙන්ම විටමින් C, E,   සහ K පෝෂණය ද අන්තර්ගතය. මිට අමතරව පොටෑසියම්, තඹ, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෙලේනියම්, සින්ක් වැනි ඉහළ ඛනිජ පෝෂක ද අන්තර්ගත වේ.

ප්‍රති-ඔක්සිකාරක බහුල නිසා නිදහස් මුක්තකණ්ඩ වලින් සිරුරට ඇතිවන හානි වළකයි. මෙම පෝෂක සියල්ල යහමින් සිරුරට ලබාගැනීමට නම් අමුවෙන් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. පිසිමින් ආහාරයට ගන්නේ නම් අඩු උෂ්ණත්වයකින් කෙටි කාලයක් තුල ආහාරය සකසාගැනීම සුදුසුවේ. බෙල්පෙපර් ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට බොහෝ සෞඛ්‍යය ප්‍රතිලාභ ලැබෙන බව සඳහන් වේ. සමේ තරුණ බව සහ තානය (සවිමත්බව) වැඩිකිරීම ඉන් ප්‍රධානයි. සිරුරේ පීඩාකාරි ලෙඩරෝග ‍රැසක් ඇතිවීම වළක්වාගැනීමට බෙල්පෙපර් පරිභෝජනය උපකාර කරයි. නිතිපතා ආහාර වේලට  එක්කරගැනීමෙන් ඔබේ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ මොනවාද කියා අපි බලමු.

  1. යකඩ ඌනතාව ඇතිවිම පාලනය කරයි

බෙල්පෙපර් වල අඩංගු ඉහළ මට්ටමේ යකඩ පෝෂක එහි අඩංගු  විටමින් C පෝෂක හරහා හොඳින් සිරුරට අවශෝෂණය වීමට උපකාර කරයි. ඇනීමියාව හෙවත් රක්තහීනතාව (ලේ අඩුකම) හටගැනීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සිරුරේ යකඩ ඌනතාවයි. මෙම තත්වයෙන් පෙළෙන්නට් හට බොහෝ විට සිරුරේ අධික තෙහෙට්‍ටුව, අප්‍රාණිකබව සහ හුස්ම හිරවන ස්වබාවය නිතර නිතර දැනේ. යකඩ මට්ටම අඩු විම restless leg syndrome තත්වය ඇතිවීම කෙරෙහි බලපාන අවධානම් සාධකයකි. බෙල්පෙපර් ආහාරයට ගැනීමෙන් මෙවැනි පීඩාකාරි ගැටලු මතුවීමට ඉඩ නොතබා වළක්වාගත හැකි ඉඩකඩ වැඩිය. යකඩ බහුල ආහාර වන මස්, නිවිති ආදි ආහාර සමඟ මුසු කරමින් ආහාරයට ගන්න.

  1. අක්ෂි රෝග හටගැනීම වළකයි

බෙල්පෙපර් වල විටමින් A පදාර්ථ පෝෂණය හොඳින් අඩංගු වේ. එමෙන්ම ලුටෙයින් (lutein) සහ සිඇක්ස්සන්තින් (zeaxanthin) කැරටෙනොයිඩ (carotenoids) අඩංගුය. එම පෝෂක ඔබේ ඇස් වල නීරෝගිකම වඩවයි. ඇසේ දෘෂ්ටිවිතානය හෙවත් රෙටිනාව ඔක්සිකාරක හානිවීම් වලින් ආරක්ෂා කිරීම, වයස්ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි රෝග, ඇසේ පටල ඇතිවීම (cataract), සහ අන්ධතාවය ඇතිවීම වැනි තත්වයන්ගෙන් ආරක්ෂා කරයි.

  1. හානිවී ඇති සමට හොඳ පෝෂණයක් ලබාදේ

සමේ කොලැජන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විටමින් C පෝෂණය ද වැදගත් කාර්යබාරයක් ඉ‍ටුකරයි. ඒවා සමේ තරුණ පෙනුම සහ නීරෝගිබව ආරක්ෂාවීමට සහය දේ. මෙම විටමින් පෝෂණය සිරුරට ප්‍රමාණවත් ලෙස නොලැබෙන විට සම වියළී ගොස් ‍රැළි වැටීමට පටන්ගැනීමේ ප්‍රවණතාව ඉහළය.විටමින් C ඌනතාවය ඇතිවිට සම ඉක්මනින් තුවාල වන ස්වභාවය වැඩිවන අතර තුවාල සුව වීමට දිගු කලක් ගත විය හැකිය.

  1. හෘද රෝග වළකයි

බෙල්පෙපර් වල ඇති තවත් කැරටෙනොයිඩ පෝෂකයක් වන්නේ ලයිසෝපීන් ය (lisopene). මෙම සංඝටක මඟින් හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරවමින් ආඝාත තත්වයන් (strokes) ඇතිවීම වළකයි. රුධිර පීඩනය පාලනය කිරීම සහ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කිරීම හරහා එම සංඝටක මඟින් හෘදය නීරෝගීව තබයි.

  1. නහර ඉලිප්පීම වළකයි

බෙල්පෙපර් වල අඩංගු තවත් සක්‍රීය සංඝටක විශේෂයක් ලෙස කැප්සයිසින් (capsaicin) හැඳින්විය හැකියි. ඒවායේ ප්‍රති-ඔක්සිකාරක , ප්‍රති-විපර්යාසකාරක, පිළිකා නාශක ආදි හිතකර ගුණ පවතියි. එමෙන්ම ඒවා මඟින් පාද වල නහර ඉලිප්පීම හෙවත් වෙරිකෝස් නහර හටගැනීම වළක්වයි. නිතිපතා ආහාරයට ගැනීමෙන් මේ ප්‍රතිලාභය ඔබට අත්කරගත හැකිවේවි.

  1. අස්ථි දුර්වල වීම වළකයි

මධ්‍යම ප්‍රමාණයේ බෙල්පෙපර් ගෙඩියක දිනකට ලබාගත යුතු යැයි නිර්දේෂිත මැංගනීස් පෝෂක ප්‍රමාණයෙන් 6% ක් අන්තර්ගතය. මැංගනීස්, සින්ක් සහ තඹ පෝෂක අස්ථි සෞඛ්‍යය කෙරෙහි අත්‍යාවශ්‍ය වන මූලද්‍රව්‍ය වේ. විටමින් C  සහ K පදාර්ථ වල ප්‍රති-ප්‍රදාහක ගුණ පවතින නිසා ඔස්ටියෝපොරෝසිස් වැනි පීඩාකාරි තත්වයන් හටගැනීමට වළක්වාගැනීමට බොහෝ සෙයින් උපකාරි වේ.

  1. ආහාර ජීර්ණ ගැටලු සමනය කරයි

බෙල්පෙපර් වල තන්තු පෝෂක බහුලය. ඒවා මඟින් බඩවැල් වල නීරෝගී බව පවත්වගැනීමට සහ ආමාශයික -ආන්ත්‍රික රෝග පීඩා ආදිය ඇතිවීම වැළැක්වීමට සහය දේ.  බෙල්පෙපර් වල 90% ක් ම ඇත්තේ ජලය බැවින්  බර අඩුකරගැනීමේදි ආහාර පාලනය කරන කාටත් හොඳ ප්‍රතිඵල දෙන එළවළුවකි.

  1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය  ශක්තිමත් කරයි.

බෙල්පෙපර් ග්‍රෑම් 100 ක දිනකට ලබාගත යුතු විටමින් B6 පෝෂණයෙන් 17% ක් පමණ අන්තර්ගත වේ.  මෙම විටමින් පෝෂක අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නීරෝගී වීමට ආධාර කරයි. සිරුරට එම පෝෂණය යහමින් නොලැබෙන විට විවිධ ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් ප්‍රතිදේහ සිරුරේ නිපදවීම වැළැක්වී යයි.